අර්බූදයෙන් ගොඩයාමට හැට එක් (61) වැදෑරුම් සමාජ ගිවිසුම පිළිගනිමු – පූජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමි; සියලු දේශපාලකයන් මහජනයාගේ කෝපය සමඟ සෙල්ලම් කරන්න නොයා යුතුයි – ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර

අර්බූදයෙන් ගොඩයාමට හැට එක් (61) වැදෑරුම් සමාජ ගිවිසුම පිළිගනිමු – පූජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමි; සියලු දේශපාලකයන් මහජනයාගේ කෝපය සමඟ සෙල්ලම් කරන්න නොයා යුතුයි – ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර

*********************************************

අර්බූදයෙන් ගොඩයාමට හැට එක් (61) වැදෑරුම් සමාජ ගිවිසුම පිළිගනිමු – පූජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමි; සියලු දේශපාලකයන් මහජනයාගේ කෝපය සමඟ සෙල්ලම් කරන්න නොයා යුතුයි – ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර

(08.07.2022 – 14:49 +0530 – lankaleadnews.com)

පසුගිය ජූනි 30 වනදා ජාතික මහජන සභාවේ මැදිහත් වීමෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එලි දැක්වුනු හැට එක් (61) වැදෑරුම් සමාජ ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ (07) බොරැල්ල එන් එම් පෙරේරා මධ්‍යයස්ථානයේ දී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් මහාචාර්ය පූජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් අදහස් දැක්වූහ. එහිදී උන් වහන්සේ පවසා සිටියේ මේ වනතෙක් කිසිදු දේශපාලන කණ්ඩායමක් හෝ පක්ෂයක් මෙම අර්බූදයෙන් ගොඩයාමට අවශ්‍යය වන උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කර නොමැති බවයි. ඒ අනුව කවුරු බලයට ආවත් අනුගමනය කළ යුතු රට ගොඩනැගිය හැකි ජාතික මහජන සභාව ඉදිරිපත් කළ හැට එක් වැදෑරුම් වැඩ පිළිවෙල පිළිගත යුතුව ඇති බවයි. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ මෙම වැඩ පිළිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යැවීමට කටයුතු කර ඇති බවත් ඉදිරියේදී දේශපාලන පක්ෂ නායකයින් ගෙන්වා මේ සම්බන්ධයෙන් විවෘතව සාකච්ඡා කර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. කෙසේ වුවද මෙම වැඩ පිළිවෙල තවදුරටත් සංවර්ධනය කිරිමට අවස්ථාව ඇති බවද උන්වහන්සේ පවසා සිටියහ.

මෙහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින්, “අර්බූදය උත්සන්න වී මාස හතරකට ආසන්න කාලයක් ගතවී තිබුණත් ආණ්ඩු පක්ෂය, විපක්ෂය හෝ ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම් මෙම අර්බූදයෙන් ගොඩ යාම සඳහා අඩුම තරමින් තනි පිටුවක ලියවිල්ලක් හෝ රටට ඉදිරිපත් කර නැහැ. ඒ වෙනුවට එක්තරා දේශපාලන පක්ෂයක නායකයෙක් කියනව එයාට දුන්නොත් කරල පෙන්වන්නම් කියල. තව පක්ෂයක නායකයෙක් කියනව අගමැතිකම භාර දුන්නොත් මාස හයෙන් කරල පෙන්වන්නම් කියල. මේ අයගෙන් අපට අහන්න සිද්ධ වෙනව අගමැති වෙන්න කලින් නැති මොලයක් අගමැති වුනායින් පස්සේ පහල වෙනවද කියල. කිසිදු වැඩපිලිවෙලක් නැතිව මේ හැමෝම ආණ්ඩු බලය ඉල්ලනව. මේ වන විට ජනාධිපති තුමා ‘සකබර්ග් සහ ජුලී චුන්ග්’ හදල දුන්න ‘බංකරයක’ සැඟවිලා ඉන්නව. එතුමා මුහුණු පොත හරහා පනවන මානසික බාධක වලටත් අමෙරිකානු තානාපතිනිය පනවන මානසික බාධක වලටත් බයවෙලා ඉන්නේ. ජනවරමක් නැතිව පස්ස දොරෙන් පත් වුණු අගමැතිවරයා අද අර්බූදය උත්සන්න වෙනකම් බලාගෙන ඉන්නව. එය තමයි ඔහුට පැවරුණු භූමිකාව. අනෙක් පැත්තෙන් සියලුම දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව ඇතුලෙ ‘ගොන් කතා’ කියමින් දෙපැත්ත වාද කරමින් ඉන්නව. මේ සියලු දෙනාටම අපි කියනව මහජනයාගේ කෝපය සමඟ සෙල්ලම් කරන්න එපා කියල. අනෙක් අතට අන්තර්කාලීන හෝ ජාතික ආණ්ඩු හෝ සර්ව පාක්ෂික හෝ ආණ්ඩු හැදුවත් අපට කමක් නැහැ; හැබැයි අපි අභියෝග කරනව සියලුම පක්ෂ නායකයන්ට මොන ආණ්ඩු හැදුවත් අර්බූදයෙන් ගොඩ යන වැඩපිළිවෙල වහාම රටට ඉදිරිපත් කරන්න කියා.”

මෙම අවස්ථාවට ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, යුක්තිය උදෙසා ජනතා හඬ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මධුමාලි අල්විස්, ගෝලීය ශ්‍රී ලාංකීය සංවිධානයේ විධායක සභික ප්‍රිමාල් ෆර්නෑන්ඩු, පනස් හයේ දරුවෝ සංවිධානයේ ජාතික සංවිධායක සේනාරත්න ද සිල්වා, මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් සහ වසන්ත පුංචිහේවා යන මහත්වරු සහභාගි වී සිටියහ.

***************************************

අමෙරිකානු තානාපතිනිය අනුර කුමාරගේ ගුණ වයයි. ජවිපෙ පැරණි සාමාජිකයෙකුට අනුව ජවිපෙය දකුණු ආසියාවේ අමෙරිකානු සුරතලා බවට පත්වෙලා

අමෙරිකානු තානාපතිනිය අනුර කුමාරගේ ගුණ වයයි. ජවිපෙ පැරණි සාමාජිකයෙකුට අනුව ජවිපෙය දකුණු ආසියාවේ අමෙරිකානු සුරතලා බවට පත්වෙලා

*********************************************

අමෙරිකානු තානාපතිනිය අනුර කුමාරගේ ගුණ වයයි. ජවිපෙ පැරණි සාමාජිකයෙකුට අනුව ජවිපෙය දකුණු ආසියාවේ අමෙරිකානු සුරතලා බවට පත්වෙලා

(08.07.2022 – 11:23 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හමුවීම සම්බන්ධව අදහස් පළකර ඇතැයි වාර්තාවේ. ඇයට අනුව ඇමරිකානු ප්‍රතිපත්ති, ආයෝජන ව්‍යාපෘති, වැඩසටහන් හෝ වෙනත් ආධාර සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට කිසියම් ප්‍රශ්නකාරී තත්වයක් ඇති වූ විට ඇයව සම්බන්ධ කර ගැනීමට අවස්ථාව විවරව තිබේ. ඒ අනුව දෙපාර්ශ්වයම ඒ අනුව කටයුතු කීරීමෙන් වැරදි තොරතුරුවලින් ගැලවිය හැකි බව ඇය අවධාරණය කර ඇති බවද එම වාර්තා පවසයි.

ඇයට අනුව ජනතා විමුක්ති පෙරමුණ යනු විශාල පැවැත්මක් සහ වැඩිවන ජනප්‍රියත්වයක් ඇති පක්ෂයකි.

“මම මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මගේ කාර්යය මණ්ඩලයට කිව්වා මම සියලුම දේශපාලන පක්ෂ, සිවිල් සමාජ, ශිෂ්‍ය කණ්ඩායම් සහ ආගමික කණ්ඩායම් හමුවීමට වග බලා ගන්නවා කියලා. අපි එක කණ්ඩායමක් හෝ මුණ නොගැසීම, වෙනත් කිසිවකු දුරස් කිරීම වැදගත් වන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හොඳ අවබෝධයක් තිබෙන දේශපාලන පක්ෂයක්” යනුවෙන් ඇය පවසා ඇති බවද මාධ්‍යය වාර්තා පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජවිපෙ පැරණි ක්‍රියාකාරී සාමාජිකයෙකු ‘ලංකා ලීඩ්’ වෙත පවසා සිටියේ, “ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම අමෙරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යයවාදය දැඩිව ප්‍රතික්ෂේප කළා. අමෙරිකාව සතුරු කඳවුරේ නියමුවා ලෙසයි ජවිපෙය සැළකුවේ. එලෙසම එජාපය අමෙරිකාවේ සෘජු ඒජන්තයා ලෙස ජවිපෙය හඳුනා ගත්තා. අද ඒ සියල්ල කනපිට හැරිලා. අමෙරිකානු තානාපතිනිය ජවිපෙයට ඉහළම ලකුණු දෙන තැනට පත් වෙලා. මගේ දැනුමේ හැටියට ජවිපෙය අද දකුණු ආසියානු කළාපයේ අමෙරිකානු අභිලාශයන් ඉෂ්ඨ කරන කණ්ඩායම බවට පත්වෙලා. මෙය ඉතාම භයානක දේශපාලන පීලි පැනීමක්.”

++++++++++

හෙට (09) පැවැත්වෙන අරගලය මර්ධනය කිරීමට ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැහැ! අමෙරිකානු තානාපතිනියගෙන් අනුර කුමාරට සහතිකයක්

(08.07.2022 – 15:14 +0530 – lankaleadnews.com)

ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය වෙත වාර්තා වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට අමෙරිකානු තානාපතිනිය අවධාරණය කර ඇත්තේ හෙට (09) පැවැත්වෙන ජනතා අරගලය කිසිදු විදියකින් මර්දනය කිරීමට ආණ්ඩුවට ඉඩ නොලැබෙන ලෙස කටයුතු කරන බවයි.

ජුලී චුන්ග් සහ ඇගේ බලු කුක්කා

පසුගිය මාර්තු මාසයේ දී ජාතික ජනබලවේගය නුගේගොඩදී පැවැත්වූ රැලියකදී අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියේ ව්‍යවස්ථාවට පිටින් ආණ්ඩු පිහිටුවන විදිය ජනතා විමුක්ති පෙරමුණ දන්නා බවයි. කෙසේ වුවද අනුර කුමාර ඒ වන විට අරගලකරුවන් පාරට බස්සවා ගැනීමට උත්තේජනයක් ලෙස එසේ පැවසුවද ඊයේ (07) දිනයේදී අරගලකරුවන් සමඟ පැවැති හමුවේදී අනුර කුමාර පවසා සිටියේ තමා විශ්වාසය තබන්නේ ව්‍යවස්ථාමය ආණ්ඩු පෙරලියක් සම්බන්ධයෙන් පමණක් යැයි පැවසීම විශේෂත්වයකි ෴

***************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *