ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකානු භාරයට
ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකානු භාරයට
(21.04.2026 – hirunews.lk)
ඉරානයට පනවා ඇති සම්බාධක උල්ලංඝනය කරමින් කටයුතු කරන ජාලයන් මර්දනය කිරීමේ පියවරක් ලෙස, ‘M/T Tifani’ නමැති සම්බාධක පැනවූ තෙල් නැවක් ඉන්දු-පැසිෆික් කලාපයේදී තම භාරයට ගත් බව ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය (පෙන්ටගනය) නිවේදනය කරනවා.
ඊයේ (20) රාත්‍රියේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුම කිසිදු ගැටුමකින් තොරව සාර්ථකව අවසන් වූ බවයි පෙන්ටගනය සඳහන් කරන්නේ.
‘MarineTraffic’ නෞකා නිරීක්ෂණ දත්ත සහ බීබීසී (BBC) පුවත් සේවය තහවුරු කරන පරිදි, මෙම නෞකාව අත්අඩංගුවට ගැනීමට පෙර ගාල්ල වරාය ආසන්නයේ නතර කර තිබී ඇති බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු හමුදා මැදිහත් වී එය පාලනයට ගන්නා විට නෞකාව ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 700ක් පමණ දුරින් යාත්‍රා කරමින් සිට තිබෙනවා ෴
යාපනය තිස්ස විහාරය රැකි පලාලි හිටපු OIC රැකගන්න ඔබේ සහය අවශ්‍යයි (21.04.2026)
+
මාලිමා ආණ්ඩුව බලයට ආපු ගමන් බැලුවේ – කොහොමද හොරා කන්නේ කියලා – වගකීමෙන් කියන්නේ (21.04.2026)
+
හත් වසරකට පසු එලියට ගේන පාස්කුවේ දැවැන්තම හෙළිදරව්ව (21.04.2026)
+
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව (21.04.2026)
+
මැණික්හින්න ටවුමේ රෙදි කඩේක ගින්නක් |පාන්දර පත්තු වෙච්චි ගින්න සැරටම පැතිරිලා |බලාගෙන ඉද්දි ඇවිලෙනවා (22.04.2026)
+
අපිට ආරංචියි අනුර මැයි පළවෙනිදා කරන්න යන දේ |ජනපති අනුර කරන්න හදන වැඩක් ගැන මරික්කාර් රටටම ලීක් කරයි (22.04.2026)
+
ජනාධිපති කොමිසම කුමාරව සුදු කරාවි | ඇමතිගේ ඉල්ලා අස්වීම රංගනයක් | සජබෙන් කවුරුත් නොකළ හෙළිදරව්වක් (22.04.2026)
+
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදලක් පරිගණක හැකරෙකු අතට…?
(22.04.2026 – lankacnews.com)
‘ෆී ලෝයර්ස්’ සංවිධානය විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
2026 අප්‍රේල් 22
ගරු කතානානයකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,
කෝට්ටේ.
ගරු කතානායකතුමනි,
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේදැයි පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලීමයි.
ශ්‍රී ලංකා රජය 2025 සැප්තෑම්බර් මස අග වන විට ඩොලර් මිලියන 22.9 ක ණය මුදලක් ගෙවීමට තිබු රටකට, ණය පියවීමක් ලෙස ඉන් කොටසක් එනම්, ඩොලර් මිලියන 2.5 ක මුදලක්, මහා භාණ්ඩාගාරය විසින් 2005 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුල විසින් පියවා ඇත. එම මුදල් අදාළ ණයකරු (රට) වෙත නොව, පරිගණක හැකර් කෙනෙකු (හෝ තුන්වන පාර්ශවයකට) වෙත හෝ යොමු කර ඇති බව දැනගන්නට ඇත.
දැන්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ‘තාක්ෂණික විමර්ශන කමිටුවක්’ 2026.03.24 ක් හෝ ඒ ආසන්නයේ පත් කර ඇත. මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු හා පරිගණක අංශයේ ප්‍රධානියෙකු ගේ වැඩ තහනම් කර ඇත.
ඔබතුමන් දන්නා පරිදි, මෑතක් වන තුරුම විදේශ ණය, වාරික සහ පොලිය නැවත ගෙවීම් කටයුතු සිදු කරනු ලැබූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. නව මුදල් පනත සම්මත වීමෙන් පසුව එම වගකීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරුණි. ඒ අනුව මෙම ගෙවීම සම්බන්ධයෙන් ලේඛන සකස් කර ඇත්තේ ද, ගෙවීම් සිදු කර ඇත්තේ එම ආයතන විසිනි.
ඩොලර් මිලියන 2.5 ක ගෙවීම් සිදු කිරීමට නියෝජ්‍ය භාණ්ඩගාර ලේකම්වරයෙකුට, ගණකාධිකාරිවරියට හා පරිගණ අංශයේ නිලධාරියෙකුට පමණක් හැකියාව නැත. ඒ සඳහා අනිවාර්යයෙන්ම නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් (DST) සහ භාණ්ඩාගාර ලේකම්වරයා ද සම්බන්ධ විය යුතුය.
රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් අවසන් වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුව වෙත ය. දැනට මෙම විමර්ශනය සිදු කරමින් ඇත්තේ ණය ගෙවීම පිළිබඳ අවසන් වගකීම දරණ අතිරේක භාණ්ඩාගාර ලේකම්වරයෙකු යටතේය. ඔහු මෙම විමර්ශනය කරන අතරම තවදුරටත් අදාල දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු මෙහෙයවයි.
මහා භාණ්ඩාගාරය සම්බන්ධයෙන් වන වගකීම දරණ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ද වන බැවින් මේ පිළිබඳව වන විමර්ශනය මුදල් අමාත්‍යාංශ / භාණ්ඩාගාරයෙන් පරිබාහිර කණ්ඩායම් විසින් සිදු කළ යුතුව ඇති බව අපගේ විශ්වාසයයි.
එබැවින්, රාජ්‍ය මුල්‍ය වගකීම දරණ පාර්ලිමේන්තුව විසින් සුදුසු ක්‍රමවේදයක් හරහා මෙම සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට විශ්වාසී,
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
සභාපති / ෆී ලෝයර්ස් සංවිධානය
පිටපත් :
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ නායකවරුන්/මහලේකම්වරු
- පාර්ලිමේන්තු මුදල් කාරක සභාව
- විගණකාධිපති, ජාතික විගණන කොමිෂන් සභාව
- පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා – සභාපති, පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කමිටු
+++
මාලිමා ආණ්ඩුවේ මහබැංකු මංකොල්ලය (22.04.2026)
+++
ඩොලර් මිලියන 2.5 ට මොකද වුණේ? | මේ ගැන මට කළින්ම සැක හිතුනා | මේක එළියේ කියන්න වෙච්ච එක කණගාටුවක් – ආචාර්ය හර්ෂ ද සිල්වා (22.04.2026)
+++
+++
විදේශ මුදල් ගෙවීමකදී සිදුවූ සයිබර් සොරකම ගැන CIDය සහ මූල්‍ය බුද්ධි ඒකකය පරීක්ෂණ අරඹයි : අමාත්‍යංශයෙන් අදාල ආයතන වෙත පැමිණිල්ලක්
(22.04.2026 – hirunews.lk)
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් හැකරුන් ඇතුළු වී සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.
අදාළ සොරකම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ 2026 ජනවාරි මාසයේදී සිදුකළ විදේශ මුදල් ගෙවීමකදීයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් පවත්වා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශය කටයුතු කර ඇති බව එම නිවේදනයේ සඳහන්.
විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සියලු සහාය සහ තොරතුරු නීතිය බලාත්මක කරන ආයතන වෙත ලබා දී ඇති බවද අමාත්‍යාංශය අවධාරණය කරනවා.
ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර පවතින ගිවිසුම්වලට අනුකූලව, අදාළ ජාත්‍යන්තර සම්බන්ධීකරණයන් සහිතව ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
මේ අතර, මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් පාර්ශ්වයක් අතට පත් වී ඇද්දැයි පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය කථානායකවරයා වෙත ලිපියක් යොමු කරනු ලැබුවා.
එහි සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ අත්සනින් නිකුත් කළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය 2025 වසරේ සැප්තෑම්බර් මස අග වන විට ඩොලර් මිලියන 22.9 ක ණය මුදලක් ගෙවීමට තිබු රටකට, ණය පියවීමක් ලෙස ඉන් කොටසක් එනම්, ඩොලර් මිලියන 2.5 ක මුදලක්, මහා භාණ්ඩාගාරය විසින් 2005 වසරේ දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 වැනිදා දක්වා කාලය තුල පියවා ඇති බවයි.
නමුත් එම මුදල් අදාළ ණයහිමියා වෙත නොව, පරිගණක හැකරෙකු, එනම් තුන්වැනි පාර්ශවයකට යොමු කර ඇති බව දැනගන්නට ඇති බව එම ලිපියේ සඳහන්.
අදළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තාක්ෂණික විමර්ශන කමිටුවක් පත් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු (2), අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු (2) හා පරිගණක අංශයේ ප්‍රධානියෙකුගේ (1) වැඩ තහනම් කර ඇති බවත් ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය යොමු කළ ලිපියේ දැක්වෙනවා ෴
පොහොට්ටුවේ ප්‍රබලයෝ වහාම මාධ්‍ය කැඳවයි – මාලිමාවේ ගල් අඟුරු – ඩීසල් වංචාවේ අනාවරණ රැසක් මෙන්න (22.04.2026)
+
කෙහෙළියට නීතිය ක්‍රියාත්මක කළා වගේ මේකට ක්‍රියාත්මක වෙන්න කම්මැලි වෙලා|චමල් සංජීව අද පත්තුකළ සිද්ධිය (22.04.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴