සර්ව ආගමික නායකයින් ජනපති හමුවෙයි

සර්ව ආගමික නායකයින් ජනපති හමුවෙයි

*********************************************

සර්ව ආගමික නායකයින් ජනපති හමුවෙයි

(10.05.2022 – 04:30 +0530 – facebook.com/NewsfirstSL)

***************************************

දිවයිනටම පැනවූ ඇදිරිනීතිය බදාදා (11) උදෑසන 7 දක්වා දීර්ඝ වෙයි

***************************************

අගමැති මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

(09.05.2022 – 23:38 +0530 – sinhala.adaderana.lk)

***************************************

10-05-2022

***************************************

හෙට (10) වෘත්තිය සමිති රැසක් වැඩවර්ජනයක

(10.05.2022 – 04:30 +0530 – facebook.com/NewsfirstSL)

***************************************

09-05-2022

***************************************

නිට්ටඹුවේ වෙඩි තැබීමේ සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළට

(10.05.2022 – 08:17 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර ගෝඨා-ගෝ-ගම අරගල භූමියේ සහ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ගාලුමුවදොර අරගල භූමියේ ඊයේ (09) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග පුද්ගලයින් 183 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

මෙම නොසන්සුන්තාවය හටගත්තේ අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (09) පැවති රැස්වීමකින් අනතුරුවයි.

එම රැස්වීමෙන් පසු පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයේ නිරතව සිටි මයිනා-ගෝ-ගම භූමියට කඩා වැදුණා.

ඔවුන් එහි සිටි විරෝධතාකරුවන්ට පහර දී එහි තිබූ පුවරු සහ බැනර් ඉවත් කර ගිනි තැබීමටයි පියවර ගත්තේ.

එහිදී ඔවුන් අරගල භූමියේ සිටි පිරිසට පහරදීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග දිවයිනේ තවත් ප්‍රදේශ රැසක විරෝධතා සහ උණුසුම්කාරී තත්ත්වයන් ඇති වුණා.

මේ අතර, පවතින නොසන්සුන්කාරී තත්ත්වයත් සමග වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවෙස් පරිශ්‍රයේ ඊයේ (09) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්වී තවත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට පහරදීමට උත්සාහ කිරීමත් සමගයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

එමෙන්ම, නිට්ටඹුව නගරයේදී ඊයේ (09) පස්වරුවේ සිදුවූ ගැටුමෙන් මිය ගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා මෙන්ම තවත් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 27 හැවිරිදි අයෙකුයි ජීවිතක්ෂයට පත්වුණේ.

එමෙන්ම සිද්ධියෙන් තවත් පුද්ගලයින් 5 දෙනෙකු වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඊයේ (09) පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ගමන් ගත් නිල රථයට පහර දීමට පිරිසක් පැමිණීමත් සමඟ මන්ත්‍රී ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබුණා.

ඉන් අනතුරුවයි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත්තේ.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ ගොඩනැගිල්ලක් වෙත දිව ගොස් තිබූ අතර එහිදී පිරිසක් ඔවුන් වෙත පහර දී ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව ඔවුන්ගේ සිරුරු එම ගොඩනැගිලි භුමිය පරිශ්‍රයේ තිබී සොයාගත්තා ෴

***************************************

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

(10.05.2022 – 08:19 +0530 – hirunews.lk/sinhala)

සියලු ම වෘත්තීය සමිති ඒකාබද්ධව ගනු ලැබූ තීරණයකට අනුව අද (10) උදෑසන සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (09) ඇති වූ නොසන්සුන්තාවයට සහ බලධාරීන්ට විරෝධය පළ කිරීම සදහායි ඔවුන් මෙම පියවරට එළඹී ඇත්තේ.

ඒ අනුව සියලු ම ක්ෂේත්‍ර නියෝජනය වන අන්දමින් මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බව වෘත්තීය සමිති මධ්‍යස්ථානය සදහන් කළා ෴

***************************************

ගාලුමුවදොර නොසන්සුන්තාවෙන් මිය ගිය පුද්ගලයන් අතර පොලිස් නිලධාරියෙක්

(10.05.2022 – 09:04 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් අතර පොලිස් නිලධාරියෙකු සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

පුද්ගලයින් 218 දෙනෙකු එම අවස්ථාවේ දී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් දෙදෙනෙකුයි (2) මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ.

පොලිස් නිලධාරියාට අමතර ව තවත් වයෝවෘද්ධ පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඒ අනුව ගාලුමුවදොර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ නො සන්සුන්කාරීතත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 8 දක්වා ඉහළ යනවා ෴

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර මිය ගොස් තිබෙනවා. ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු තුවාල ලබා ඇති අතර, රෝහල් ගත කරන විටත් ඔහු මිය ගොස් සිට ඇති බව යි පොලිසිය පවසන්නේ ෴

***************************************

ඥාණක්කාගේ දේවාලය ගිනි තබයි.. බිමට සමතලා කරයි..

(10.05.2022 – 09:20 +0530 – hirunews.lk/sinhala)

ප‍්‍රභූවරුන්ගේ ජ්‍යෝතිෂ කටයුතු සඳහා ප‍්‍රසිද්ධියක් කුසලාන අනුරාධපුරයේ ‘ඥාණක්කා’ නම් කාන්තාවගේ දේවාලයෙන් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර තිබේ.

ඊයේ (09) දිනයේ ඇති වූ විරෝධතා වන්හිදී විරෝධතා කරුවන් පිරිසක් එම දේවාලයට මෙසේ ගිනි තබා ඇත.

පසුගිය දින කිහිපයේදී එම දේවාලය සඳහා දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබුණද ඊයේ (09) ඇති වූ විරෝධතා තත්ත්වය මත එය පාලනයෙන් ගිලිහී ගොස් තිබිණි ෴

***************************************

සිංහයන් භූමිකාව අත් හරින විට වඳුරන්ට සහ නරින්ට අවස්ථාව නිර්මාණය වෙනවා – ජාතික සංවිධාන කියයි

(09.05.2022 – 21:35 +0530 – lankaleadnews.com)

උද්ඝෝෂකයන්ට පහර දීම තුළින් පැන නැගී ඇති නව තත්වය පිළිබඳව ‘ලංකා ලීඩ්’ පුවත් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන් :

“සිංහයෝ භූමිකාව අත් හරින විට නරින්ට සහ වඳුරන්ට අවස්ථාව නිර්මාණය වෙනවා. ජාතිකවාදී ප්‍රගතිශීලී සහ වාමවාදී බලවේග දැන් දින 30 ක් තිස්සේ අසමත් වෙනවා අර්බූදය විසඳීම සඳහා ආණ්ඩුව යටත් කරන්න. ඒ නිසා දැන් අර්බූද නිර්මාණය කරන්න දායක වූ වඳුරන්ට සහ නරින්ට අවස්ථාව නිර්මාණය වුනා. අනුරාධපුර පොහොට්ටු රැස්වීමෙන් ආරම්භ කළ වඳුරන්ගේ ක්‍රියාන්විතය අද මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් අවසන් වන්නේ නැහැ. ජාතික සංවිධාන ලෙස අප මේ මැර ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිනවා. ඒ වගේම මැරයන්ට ප්‍රති ප්‍රහාර ලෙස මහජනයා විසින් නීතිය අතට ගැනීමත් අනුමත කරන්න බැහැ. අප ජාතියක් ලෙස මේ පිස්සු කෙළින්නේ ඉන්දියාව කපල තියෙන පාර දිගේ. මේ ගොන් වැඩ වලින් අර්බූදය තව ඩුරටත් උග්‍ර වෙනවා. අපිව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් වෙන්න සිදු වෙනවා.”

***************************************

10-05-2022

***************************************

කොළඹ අද (10) උදෑසන තත්ත්වය…

***************************************

පාර්ලිමේන්තුව වහා කැදවන්නැ යි කථානායක ජනපතිගෙන් ඉල්ලයි

(10.05.2022 – 10:01 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව වහා කැදවන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සංවාදයට ලක් කිරීම එහි අරමුණ බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ ද පාර්ලිමේන්තුවට යි.

මේ අතර, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා තිබෙනවා.

හෙට පස්වරු 3ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

වත්මන් දේශපාලන අර්බුදය සහ රට තුළ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය සහ අනෙකුත් කාරණා සම්බන්ධයෙන් මෙහි දී සංවාදයට ලක් කිරීමට නියමිත යි ෴

***************************************

07-05-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *