මහා පරිමාණ ඔන්ලයින් ජාවාරමක් වටලයි : චීන ජාතිකයින් ඇතුළු 134 ක් දැලේ
මහා පරිමාණ ඔන්ලයින් ජාවාරමක් වටලයි : චීන ජාතිකයින් ඇතුළු 134 ක් දැලේ
(17.03.2026 – hirunews.lk)
අනුරාධපුර සහ මිහින්තලය යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචා (Online Scam) ජාලයක් වටලා විදේශිකයන් 134 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.
යුද හමුදා බුද්ධි අංශ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අද (17) පස්වරුවේයි මෙම මෙහෙයුම සිදු කර තිබෙන්නේ.
මෙහිදී අදාළ ප්‍රදේශවල පිහිටි නවාතැන්පොළවල් පහක් (5) පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව මෙම පිරිස කොටුකර ගැනීමට සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයින් 126 ක් මියන්මාර ජාතිකයින් 04 ක් සහ තායිවාන ජාතිකයින් 04 ක් සිටින බව වාර්තා වුණා.
මොවුන් සන්තකයේ තිබූ ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන සහ තවත් තාක්ෂණික උපකරණ රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගත්තා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
+++
චීන්නු 126 ක් එක්ක විදේශිකයින් 134 ක් කොටු | අනුරාධපුරෙයි, මිහින්තලෙයි හැංගිලා රජ ගේමක් ගහලා තියෙන්නේ (17.03.2026)
+
බස්නාහිර පළාත තුළ අපරාධ මැඩලීමට නව වට්සැප් අංකයක්
(17.03.2026 – 22:05 +0530 – sinhala.adaderana.lk)
බස්නාහිර පළාත තුළ අපරාධ මර්ධනය කිරීම අරමුණු කරගනිමින් තොරතුරු ලබාදීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක නව වට්ස්ඇප් දුරකථන අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ.
බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත බස්නාහිර පළාත තුළ සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු මෙම නව වට්ස්ඇප් දුරකථන අංකය වෙත ලබා දිය හැකි බව පොලීසිය සඳහන් කළේය.
තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද පොලීසිය පැවසූ අතර ඒ අනුව 077 712 8128 යන දුරකථන අංකය ඔස්සේ අදාළ තොරතුරු ලබා දිය හැකි බවද පොලීසිය සඳහන් කළේය ෴
බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීමත් තහනම්
(17.03.2026 – 22:05 +0530 – sinhala.adaderana.lk)
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසනවා.
එසේම සෑම සතියකම බදාදා දිනය අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (16) සඳහන් කළේ.
සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගුව යන රාජ්‍ය ආයතන මෙම විශේෂ නිවාඩුවට ඇතුළත් නොවන බව සඳහන්.
එමෙන්ම සියලුම රාජ්‍ය උත්සව ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවනු ලබන අතර පෞද්ගලික අංශයෙන් ද නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ඉල්ලා සිටින්නේ.
සංචාරක, කෘෂිකර්ම, සෞඛ්‍ය සහ වැවිලි අංශවලට ඉන්ධන සඳහා අත්‍යවශ්‍ය මුදල් ප්‍රමාණය තක්සේරු කර ඒ අනුව අමතර ඉන්ධන කෝටා නිකුත් කරනු ලබනවා.
බදාදා හැරුණු විට, අනෙකුත් වැඩ කරන දින හතරේ කාර්ය මණ්ඩලය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලය පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා.
තවද, ඉදිරියේදී පැවැත්වීමට නියමිත රජයේ විභාගවලට යම් ආකාරයක බලපෑමක් එල්ලවිය හැකි බවයි ඔහු පැවසුවේ ෴
අපි හදපු සුබ නැකතම මිනිත්තුවක් වැඩි කරලා – උද්දච්ච ආණ්ඩුවේ සෙට් එක අලුත් එකක් හදලා (17.03.2026)
+
බදාදාට ඇඳිරි නීතිය – කඩසාප්පු වහපල්ලා – ජෙප්පන්ට බදාදා එක්ක ආත්මීය බැඳීමක් තියෙන්නේ (17.03.2026)
+
මෝඩයන්ට තේරෙන්නේ නෑ – මට BYD එකක් තියෙනවා චාර්ජ් කරලා දුවන්න පුළුවන් – අර්චුනා (17.03.2026)
+
QR එක හදන්න අපේ ID නම්බරේ ඉල්ලනවා – අපේ වාහනේ අංකයත් ඉල්ලනවා (17.03.2026)
+
මාලිමාවේ අයට අල්ලස් කොමිසමට යන්න VIP පාරක් – අල්ලසේ ලොක්කොත් සභාවේ ඉද්දී මුජිබර් ගේමට එයි (17.03.2026)
+
මුන් පට්ට ලෝක හොරු… දැන් රටම විනාශ කරනවා – බලශක්ති ඇමතිව පන්නන්න විපක්ෂය සටනට එයි (17.03.2026)
+
ලොක් ඩවුන් එනවා බස් ගැමුණුත් බය වෙයි ! (17.03.2026)
+
ජේවීපීකාරයො කියන දේවල් මිනිස්සු දැන් විස්වාස කරන්නේ නෑ (17.03.2026)
+
චතුරංගගේ අරකපිරිමැස්ම තෙල්වලට හොඳ උත්තරයක් (17.03.2026)
+
ආයෙත් බංකොලොත් වෙයිද? කරුවලේ ඉන්න වෙයිද? අතුරුදහන් වන බඩු ලයිස්තුව (17.03.2026)
+
QR එයිද? විදුලිය කපයිද? මෙන්න රටට වෙච්ච දේ (17.03.2026)
+
කවුරුත් නොදන්න නොරොච්චෝලේ ගල් අඟුරු ප්‍රශ්නේ ඇත්තම කතාව මෙන්න. මේ යන්නේ විදුලි කප්පාදුවකටද? (17.03.2026)
+
අසාර්ථකත්වය නිසා වියරු වැටුණු ආණ්ඩුව කරන්න යන භයානක වැඩේ ගැන මිලින්ද කියයි! (17.03.2026)
+
යුධ උණුසුමෙහි සීතල ඇත්ත කුමක්ද? | Aluth Parliamenthuwa | 2026.03.18
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴