රඹුක්කන සිද්ධිය දා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට, දුරකතන ඇමතුම් කිහිපයක්

රඹුක්කන සිද්ධිය දා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට, දුරකතන ඇමතුම් කිහිපයක්

*********************************************

රඹුක්කන සිද්ධිය දා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට, දුරකතන ඇමතුම් කිහිපයක්

(28.04.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කනදී පසුගියදා ඇති වූ වෙඩි තැබීම අතරතුර කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්නට දුරකතන ඇමතුම් කිහිපයක් ලැබී ඇති බව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ වී තිබෙනවා.

මීට අදාළ නඩුව ඊයේ (27) කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඉදිරියේ කැඳවූ අතර, නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් දුරකතන කුළුණු වාර්තා ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බවයි.

පසුගියදා විපක්ෂයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ සිද්ධිය වූ දිනයේ දී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත දුරකතන ඇමතුම් ලබා දී ඇති බවයි ෴

++++++++++++

කෑගල්ල මහේස්ත්‍රාත්ගේ ඊයේ (27) නියෝගයට පොලිස්පති ගෙන් අද (28) ප්‍රතිචාර

(28.04.2022 – 17:44 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 19 වනදා රඹුක්කන පැවති විරෝධතාවක් විසුරුවාහැරීම සඳහා කඳුලු ගෑස් සහ ජීව උණ්ඩ භාවිත කර වෙඩි තැබීමට අණ දුන් සහ එම නියෝග ක්‍රියාත්මක කළ සියලු නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ (27) නියෝග කළා.

එම නියෝගයට අනුව ක්‍රියාත්මක වන ලෙස පොලිස්පතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ඒකකය මීට ටික වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මෙම වෙඩි තැබීම හේතුවෙන් 42 හැවිරිදි දෙදරු පියෙකු මියගිය අතර පොලිසියේ නිලධාරීන් 15 දෙනෙකු ඇතුලු 27 දෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන් අතරින් තවත් 8 දෙනෙකු රෝහල්ගතව වැඩිදුර ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මේ අතර මෙම වෙඩි තැබීමට අණ දුන් බව පැවසෙන කෑගල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මේවන විට අසනීප තත්ත්වයෙන් පසුවන බවටත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය මීට පෙර ක්‍රියාකර තිබුණා.

සිද්ධිය ඇසින් දුටුවන් ස්ථානීය පරීක්ෂාවට එක්වූ මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශකර සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙඩි තැබීමට නියෝග දෙන අවස්ථාවේ බීමතින් සිටි බවට තමන්ට හැගී ගිය බවයි.

මේ අතර, රඹුක්කන පැවැති විරෝධතාවට වෙඩි තැබිමට නියෝග කළේ තමන් බවට ප්‍රකාශ කළ කැගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී තිබෙනවා.

පසුගියදා ඔහු සාක්ෂි ලබා දිම සඳහා අධිකරණයට ද පැමිණි අතර, ඊයේ (27) දිනයේදි ඔහු මෙලෙස රෝහල් ගත වි ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ජාතික ළමා රක්ෂණ අධිකාරියේ කණ්ඩායමක් රඹුක්කන ප්‍රදේශයට අද (28) පිටව ගියේ මෙම සිද්ධියේදී 15 හැවිරිදි පාසල් දරුවෙකුට වෙඩි වැදී ඇති බවට ඊයේ (27) අධිකරණයේදි කරුණු හෙළිවීම හේතුවෙන්.

සිද්ධිය වු දින මෙම දරුවා තවත් මිතුරෙකු සමඟ දෙමාපියන්ට නොදන්වා උද්ඝෝෂණය සිදු කළ ස්ථානයට ගිය බවට එම දරුවාගේ ඥාතින්ගෙන් අද (28) ලබා ගත් ප්‍රකාශවල සඳහන් බවයි ළමා රක්ෂණ අධිකාරිය සඳහන් කලේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත ළමා ආරක්ෂණ අධිකාරිය ද ලිඛිතව දැනුම් දි තිබෙනවා.

එමෙන්ම, මානව හිමිකම් කොමිසමට ද එහිදී මානව හිමිකම් කඩවිමක් සිදු ඇත්දැයි සොයා බලන ලෙසට දැනුම් දි ඇති බවයි ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ කියාසිටියේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය අද (28) රඹුක්කන නගර මධ්‍යයේ සත්‍යග්‍රහයක නිරත වුණේ රඹුක්කයට සිද්ධියට සාධාරණට ඉටු කරන ලෙසට බල කරමින්.

++++++++++++

රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් SSP අත්අඩංගුවට

(28.04.2022 – 20:20 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න සහ තවත් පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකු (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුවයි.

විරෝධතාවක් අතරතුර රඹුක්කනදී පුද්ගලයෙකුට වෙඩි තැබීමට නියෝග කළ සහ වෙඩි තැබූ නිලධාරින් සියලුදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කෑගල්ල මහේස්ත්‍රාත්වරිය ඊයේ (27) නියෝග කළා.

කෑගල්ල මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළ නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.

කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්නට අමතරව රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ කණ්ඩායමේ සිටි පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු (3) මහනුවර – කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීම හේතුවෙන් 42 හැවිරිදි දෙදරු පියෙකු මියගිය අතර පොලිසියේ නිලධාරීන් 15 දෙනෙකු ඇතුලු 27 දෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන් අතරින් තවත් 8 දෙනෙකු රෝහල්ගතව වැඩිදුර ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය මීට පෙර ක්‍රියාකර තිබුණා.

සිද්ධිය ඇසින් දුටුවන් ස්ථානීය පරීක්ෂාවට එක්වූ මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශකර සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙඩි තැබීමට නියෝග දෙන අවස්ථාවේ බීමතින් සිටි බවට තමන්ට හැගී ගිය බවයි.

මේ අතර, රඹුක්කන පැවැති විරෝධතාවට වෙඩි තැබිමට නියෝග කළේ තමන් බවට ප්‍රකාශ කළ කැගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී තිබෙනවා.

පසුගියදා ඔහු සාක්ෂි ලබා දිම සඳහා අධිකරණයට ද පැමිණි අතර, ඊයේ (27) දිනයේදි ඔහු මෙලෙස රෝහල් ගත වි ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ජාතික ළමා රක්ෂණ අධිකාරියේ කණ්ඩායමක් රඹුක්කන ප්‍රදේශයට අද (28) පිටව ගියේ මෙම සිද්ධියේදී 15 හැවිරිදි පාසල් දරුවෙකුට වෙඩි වැදී ඇති බවට ඊයේ (27) අධිකරණයේදි කරුණු හෙළිවීම හේතුවෙන්.

සිද්ධිය වු දින මෙම දරුවා තවත් මිතුරෙකු සමඟ දෙමාපියන්ට නොදන්වා උද්ඝෝෂණය සිදු කළ ස්ථානයට ගිය බවට එම දරුවාගේ ඥාතින්ගෙන් අද (28) ලබා ගත් ප්‍රකාශවල සඳහන් බවයි ළමා රක්ෂණ අධිකාරිය සඳහන් කලේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත ළමා ආරක්ෂණ අධිකාරිය ද ලිඛිතව දැනුම් දි තිබෙනවා.

එමෙන්ම, මානව හිමිකම් කොමිසමට ද එහිදී මානව හිමිකම් කඩවිමක් සිදු ඇත්දැයි සොයා බලන ලෙසට දැනුම් දි ඇති බවයි ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ කියාසිටියේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය අද (28) රඹුක්කන නගර මධ්‍යයේ සත්‍යග්‍රහයක නිරත වුණේ රඹුක්කයට සිද්ධියට සාධාරණට ඉටු කරන ලෙසට බල කරමින්.

++++++++++++

මහ බැංකුව, විදේශ විනිමය පරිත්‍යාග ඉල්ලයි

(28.04.2022 – 08:01 +0530 – hirunews.lk/sinhala)

විදේශ විනිමය සංචිත පහල වැටීම නිසා ජනතාව මුහුණදෙනු ලබන දුෂ්කරතා අවම කිරීමට විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ පරිත්‍යාගශීලින් ගෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

එලෙස ලැබෙන විදේශ විනිමය පරිත්‍යාග ඖෂධ, ඉන්ධන, ආහාර වැනි බෙහෙවින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පමණක් භාවිත කරන බවට සහතික වන බවයි සිය ෆේස්බුක් ගිණුමට පණිවුඩයක් එක් කරමින් මහ බැංකුව කියා සිටියේ.

මෙම විදේශ විනිමය ලැබීම් සහ ඒවායේ භාවිතය, විනිවිදභාවයෙන් පවත්වාගෙන යෑම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 03 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කර තිබෙනවා.

පරිත්‍යාග පිළිබඳ තොරතුරු fdacc@cbsl.lk විද්‍යුත් තැපෑලෙන් හෝ 076 831 5782 යන ‘වට්ස්ඇප්’ අංකයට පණිවුඩයක් එවීමෙන් ලබාගත හැකි බව මහ බැංකුව නිවේදනය කළා.

මේ අතර, ඊයේ (27) සිට ක්‍රියාත්මක වන පරිදි විකිණීමට ඉදිරිපත් කරන සෑම භාණ්ඩයකම සැපයුම්කරුගේ නම, ලිපිනය, දිනය, ගැණුම් මිල, භාණ්ඩ වර්ගයේ නම, ප්‍රමාණය යන තොරතුරු වෙළදුන් සතුව තිබිය යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

***************************************

ඩොලරය තවත් ඉහළට

(28.04.2022 – 10:35 +0530 – hirunews.lk/sinhala)

මහබැංකුවට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 354 ක්.

මහබැංකුව අද (28) දහවල් නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 354.99 ක් ලෙස සටහන් වුණා.

එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 342.16 ක් ලෙසයි.

කෙසේ වෙතත්, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඩොලරයේ විකුණුම් මිල රුපියල් 360 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එහි ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 345 ක් ලෙසයි.

ඩොලරයේ අගය මෙලෙසෙ දිනපතා වැඩිවීමට පටන්ගෙන තිබීම, බරපතළ ආර්ථික අර්බුදයකට හේතුවක් බව යි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.

මහබැංකුව ඊයේ (27) දහවල් නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව එය රුපියල් 350.49 ක් ලෙස දැක්වුණු අතර, ගැණුම් මිල සටහන් වුණේ රුපියල් 337.82 ක් ලෙසයි ෴

***************************************

තවත් ඩොලර් ඇත්තේ දින තුනක (3) ආනයන සඳහා පමණයි

(28.04.2022 – 17:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විසින් විදේශ ණය ගෙවීම් අත් හරින බවට නිල වශයෙන් නිවේදනය කර ඩොලර් අර්බුදයට විසඳුම් සෙවීම්ට උත්සාහ දැරුවද ශ්‍රී ලංකා මහා බැංකුව සතුව තවත් ඩොලර් ඉතිරිව ඇත්තේ දින තුනක (3) ආනයන සඳහා ගෙවීම් කටයුතු සිදු සිදු කිරීමට පමණක් බව වාර්තා වනවා.

මෙම බරපතල ඩොලර් අර්බුදයට කඩිනම් විසදුම් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ඉල්ලා සිටියද ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ පරිදි ජාත්‍යන්යතර මූල්‍ය අරමුදල හදිසි ප්‍රතිචාර ණය මුදලක් ලබාගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය ආධාර සඳහා මාස හයත්-දොළහත් (06-12) අතර කාලයක් ගතවනු ඇති බවටයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් නැවතත් ශ්‍රී ලංකාවට ඉදිරි මාස කිහිපයේ ආනයන වියදම් පියවා ගැනීම සඳහා චීනය හෝ ඉන්දියාව සමඟ ද්විපාර්ෂික නව ණය ගිවිසුමක් වෙත පිවිසෙන්නට සිදුවනු ඇති.

මේ අතර ‘ෆ්‍රොන්ටියර් රිසර්ච්’ ආයතනයේ නවතම දත්ත අනුව, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.72 දක්වා පහත වැටී ඇති අතර, ඉන් ප්‍රයෝජනයට ගත හැකි ඩොලර් සංචිත ඇත්තේ මිලියන 150 ක් පමණ සොච්චමක් ප්‍රමාණයක් බව‍යි වාර්තා වන්නේ.

එම මුදල ප්‍රමාණවත් වන්නේ තවත් දින තුනකට (3) අදාල ආනයන සදහා ගෙවීම් කිරීමට පමණක් බව‍යි ආර්ථික විශේෂඥයින් පවසන්නේ ෴

***************************************

මහබැංකු ලොක්කෙක් කලින් විශ්‍රාම ගෙන රට පනින සූදානමක

(28.04.2022 – 16:39 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සමයේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ගන්නා ලද වැරදි තීරණවලට උඩගෙඩි දුන් මහ බැංකුවේ ලොක්කෙක් හදිසියේ විශ්‍රාම යාමට ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස විශ්‍රාම යාම සඳහා ලිපි ලේඛන ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ධම්මික නානායක්කාර යි.

මේ වන විටත් ඔහුගේ විශ්‍රාම යාම ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අනුමත කර ඇති අතර ඒ අනුව ඔහු මැයි මස පළමුවැනිදා (01) සිට ශ්‍රී ලංකා මහබැංකු සේවාවෙන් විශ්‍රාම යනු ඇති.

පසුගිය සමයේ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ගන්නා ලද නිවැරදි නොවන ආර්ථික තීන්දු තීරණ රැසක පසුපස සිටි ප්‍රධාන පෙළේ චරිතයක් ලෙස සැලකෙන මෙම නියෝජ්‍ය අධිපතිවරයා හිටපු මහ බැංකු අධිපතිවරයාගේ සමීපතම පුද්ගලයකු ලෙස සැලකෙනවා.

මහ බැංකුවට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහබැංකු සේවාවෙන් විශ්‍රාම ගෙන ඕමාන් රාජ්‍යයේ රැකියාවක් සඳහා රටින් බැහැරව යාමට සූදානමින් සිටින බවයි.

වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඔස්ට්‍රේලියාවේ සියලු වරප්‍රසාද අත්හැර මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා නැවත මෙරටට පැමිණ සිය සේවය සපයන අතර වාරයේ පසුගිය සමයේ ගත් තර්කානුකූල නොවන ආර්ථිකමය තීන්දු තීරණවලට සෘජුවම වගකිවයුතු මෙවැන්නන් මේ මොහොතේ රට හැර යාම කෙතරම් දුරට සාධාරණ දැයි මහබැංකු සේවකයින් ප්‍රශ්න කරනවා.

මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ සිටින මෙවැනි ජ්‍යේෂ්ඨ නිලධාරීන් සිය සේවය මෙරටට ලබා දිය යුතු බව පෙන්වා දෙන මහබැංකු සේවකයින් පවසන්නේ ඒ වෙනුවට ඔවුන් තෝරාගෙන ඇත්තේ සිය පෞද්ගලික ලාභ පරමාර්ථයන් පමණක් බවයි.

මේ අතර මේ වන විටත් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව අධිකරණයේ ගොනු කර ඇති නඩු සඳහා වග උත්තර බැඳීමට සිටින ප්‍රධානතම සාක්ෂිකරුවකු වන්නේ ද මෙම නියෝජ්‍ය අධිපතිවරයා බවයි වාර්තා වන්නේ.

එම නිසා මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙලෙස මෙම නියෝජ්‍ය අධිපතිවරයා යම් හෙයකින් රට හැර ගියහොත්, පසුගිය සමයේ මහ බැංකුවේ සිදු වූ සියලු අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ යට යනු ඇති බවටයි.

***************************************

පාර්ලිමේන්තුව දියවන්නාවට ගෙන ගොස් හෙටට (29) වසර 40 යි

(28.04.2022 – 20:02 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කර හෙටට (29) වසර 40 ක් සපිරෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 70 දශකය අගභාගය වන විට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙනයාමේ අවශ්‍යතාවය මතු වුණා.

මෙහිදීයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ නව පාර්ලිමේන්තු ගොනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා වුයේ.

ඒ අනුව 1979 වර්ෂයේදී ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නා ඔයේ පිහිටි අක්කර 16 කුඩා දූපතක අභිනව පාර්ලිමේන්තුව ඉදිකිරීම ආරම්භ කෙරුණා.

එවකට ජනාධිපති ධුරයේ කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධනගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු මෙහෙයවා තිබෙනවා.

මේ අනුව ජෙෆ්රි බාවා ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස තෝරාගන්නා ලද අතර ජපන් සමාගමකට මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු පවරා තිබුණා.

මෙහිදී ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් මුල්කරගෙන නිර්මාණය කර ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහනිර්මාණ කටයුතු සඳහා දේශීයත්වයට ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා.

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 1982 වසරේ අවසන් වූ අතර 1982 අප්‍රේල් 29 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි අභිනව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවා.

මේ අනුව එතෙක් ගාලු මුවදොර පිහිටි මෙරට ව්‍යවස්ථාදායකය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉදිකළ අභිනව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගෙන ඒම සිදු වුණා.

විශේෂයෙන් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘතකිරීමත් සමගයි ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ නගරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය බවට පත්වීම ද සිදු වුයේ.

නා ගස් පෙළකින් සමන්විත පිවිසුම් මාර්ගය පසුකරමින් වර්තමාන පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසිය යුතුයි. මෙහිදී පාර්ලිමේන්තුව මහජනයා වෙත සමීප කිරීමේ අරමුණෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැරණි ගෘහනිර්මාණ ශිල්පක්‍රම අනුව ඉදිකර ඇති ‘අම්බලම’ යන සංකල්පය මුල්කොටගත් ස්ථාන කිහිපයක් දැකිය හැකියි. මෙම ස්ථාන දේශපාලඥයන් සහ ඔවුන් නියෝජනය කරන ප්‍රදේශයන්හි ජනතාව එක් රැස්වී සුහදව සාකච්ඡා කිරීමේ අරමුණින් ඉදිකරන ලද බව පැවසෙන්නේ. එසේම පාර්ලිමේන්තු පිවිසුමේදී ජලය පිරි පොකුණ දැකගත හැකියි.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල ආචාර්ය මංජු ශ්‍රී චිත්‍ර ශිල්පියාගේ විශිෂ්ට බිතු සිතුවම් කිහිපයක් දැකිය හැකියි. සභා ගර්භයෙහි ප්‍රධාන ද්වාරය තඹ වලින් නිමවා රිදී තහඩුවකින් ආවරණය කර ඇති අතර එහි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව කැටයම් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සභා ගර්භය හැඩයෙන් සෘජුකෝණාශ්‍රාකාර වන අතර එය මහල් දෙකක් පුරා විසිරී පවතිනවා. එසේම රජවරුන්ට, පන්සල්වලට සහ කෝරලවලට අයත් කොඩි 18 ක් සභා ගර්භයේ ඉහළ කොටසේ දැකිය හැකියි. තවද සභා ගර්භයේ මධ්‍යයේ එල්ලා ඇති රිදී ආලේපිත පොකුරු පහන සභා ගර්භයට ගාම්භීර බවක් එක් කරනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

  • @ this senior central bank official. I hope relevant publicwatch dog lawyers will legally stop this culprit escaping to a foreign sanctuary. Traitors and rouges that steal national assets and helping corrupt politcians and businessmen to drain public assets to their foreign bank accounts must be taken to the court and made to account for their misdeeds. Lock them up now!

  • @ Diaspora donations to Central Bank, is this a joke? Nobody overseas wants to donate foreign money to Sri Lanka as long as corrupt politicans use them to fill their own bank accounts abroad. So Mr CM Chief,kindly tell the President and the PM that, first, all the corrupt politicans including themselves and their extended family of passa rajas should first clear out of politics and volunteer to enter Bomgambara Prison where ancient kings locked up the traitors. Do that now and all the foreign excahnge will flow into the country at no time at all. There are many people in diaspora that wish to help Sri Lanka but not as long as corrupt politicans are draining all the foreign exchanges on themselves and their thousands of super luxury vehicles and privileges. Please get your priorities right.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *