අගමැති අක‍්‍රීයයි.. ජනපති තම තනතුර අතහැර යන්න සලසනවා.. බැසිල් ජනපති වෙන්න සැලසුමක.. – විමල් වීරවංශ

අගමැති අක‍්‍රීයයි.. ජනපති තම තනතුර අතහැර යන්න සලසනවා.. බැසිල් ජනපති වෙන්න සැලසුමක.. – විමල් වීරවංශ

*********************************************

අගමැති අක‍්‍රීයයි.. ජනපති තම තනතුර අතහැර යන්න සලසනවා.. බැසිල් ජනපති වෙන්න සැලසුමක.. – විමල් වීරවංශ

(11.03.2022 – 22:22 +0530 – lankacnews.com)

අද වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යම් අක‍්‍රීය තත්ත්වයකින් කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

පවතින අර්බුදකාරී තත්වය උත්සන්න වන මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද සිය තනතුර අතහැර යනු ඇතැ යි බැසිල් රාජපක්ෂ ගණනය කර ඇතැයි ද හෙතෙම පැවසීය.

එම අවස්ථාවේ රාජ්‍ය පාලනය සියතට ගැනීමට හැකිවෙතැයි ද බැසිල් රාජපක්ෂ කල්පනා කරමින් සිටින බවද ඔහු සදහන් කරයි.

ඉන් පසුවද තව දුරටත් අමෙරිකානු උපාය මාර්ගය අනුව ශ්‍රී ලංකාව මෙහෙයවීමට ඔහු කල්පනා කරමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

දිවයින පුවත් පතේ අන්තර්ජාල නාලිකාව සමග සාකච්ඡාවේ දී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

***************************************

ආසියාවේ ඉහළතම උද්ධමන රාජ්‍යය ශ්‍රී ලංකාව යි !

(11.03.2022 – 23:01 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට මෙරට උද්ධමනය සියයට 16.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ආසියාවේ ඉහළම උද්ධමන වේගයක් පවතින රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

උද්ධමනය ලෙස සලකනු ලබන්නේ සලකා බලන කාල පරාසයක් තුළ භාණ්ඩ සහ සේවාවන් හි මිල ඉහළ යාමයි.

එය යම් රටක සමස්ත ජීවන වියදමේ ඉහළ යාම පිළිබිඹු කෙරෙන දර්ශකයක් ද වනවා.

2021 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 2021 වසරේ දෙසැම්බර් මාසය වනවිට මෙරට උද්ධමනය ද්විත්ව අගයක් සටහන් කළා.

2021 වසරේ ජනවාරි මාසයේ සියයට 3.0 ක් ලෙස සටහන් වූ මෙරට උද්ධමනය 2021 වසරේ දෙසැම්බර් මාසය වන විට දැක්වුණේ සියයට 12.1 ක් ලෙසයි.

2022 වසරේ ආරම්භයේදී සියයට 14.2 ක් ලෙස මෙරට උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගියා.

ඒ හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව ආසියාවේ විශාලම උද්ධමනය සහිත රට බවට පත්ව තිබෙනවා.

මෙරට ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2021 වසරේ දෙසැම්බර් මාසයේ පැවති සියයට 22.1 සිට 2022 ජනවාරි මාසය වනවිට සියයට 25 ක් දක්වා ඉහළ ගියා.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2021 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2022 ජනවාරි දක්වා කාලය තුල සියයට 7.5 සිට සියයට 9.2 ක් දක්වා ඉහළ යෑම ද විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා අනුව 2022 වසරේ මාර්තු මාසය වන විට මෙරට උද්ධමනය සියයට 16.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසියාතික රටවල් අතුරින් ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, භූතානය, සිංගප්පූරුව සහ චීනය ඇතුලු සහ අනෙක් රටවල උද්ධමන වේගය අභිබවා ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය ඉහළ ගොස් තිබුණා.

පවතින මෙම තත්ත්වයත් සමග මෙරට ආර්ථිකයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් ද අප විමසා බැලුවා.

***************************************

බැසිල් වොෂින්ටනය වෙත ?

(11.03.2022 – 22:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ එහි විදේශ විනිමය හිඟය කළමනාකරණය කිරීම ඇතුළුව ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගයි.

මෙම සාකච්ඡා සඳහා සහ මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සැකසූ ආර්ථිකමය යෝජනාවලිය ද රැගෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමරිකාවේ , වොෂින්ටන් ඩී.සී. වෙත යාමට සූදානම් බව ද වාර්තා වනවා.

ඒ අනුව මෙරට දැඩි අර්බුදයකට මුහුණ පා ඇති ඩොලර් අර්බුදය සඳහා ප්‍රධාන වශයෙන් අයි.එම්.එෆ්. සංවිධානය දැනුවත් කරමින්, රට යළි ආර්‍ර්ථිකමය සුරක්ෂිතතාවක් වෙනුවෙන් රැගෙන යාම මෙම සාකච්ඡාවේ දී ප්‍රධානතම අරමුණයි.

විවිධ අවස්ථාවලදී පක්ෂ විපක්ෂ සහ ආර්ථික විශේෂඥයින් ද සඳහන් කළේ, මෙරට ආර්ථිකය යළි පුනර්ජීවනය කිරීමට නම් නියත වශයෙන්ම ජාත්‍යන්තර අරමුදලේ පිහිට සහ උපදෙස් ලබාගත යුතු බවයි ෴

***************************************

බැසිල්ගේ IMF යාම ගැන මහබැංකු අධිපතිගෙන් විශේෂ ට්විටර් සටහනක්

(11.03.2022 – 23:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමේ යථාර්ථය පහැදිලි කරමින් සටහනක් තබා තිබෙනවා.

මහබැංකු අධිපතිවරයා විසින් පෙන්වා දෙන්නේ, ඉදිරි සති කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකා බලධාරීන්ගේ සාකච්ඡා ඇතැම් ප්‍රවෘත්ති ආයතන ප්‍රකාශ කරන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් සිදු වන කරුණක් නොවන බවයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ එහි විදේශ විනිමය හිඟය කළමනාකරණය කිරීම ඇතුළුව ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගයි.

මෙම සාකච්ඡා සඳහා සහ මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සැකසූ ආර්ථිකමය යෝජනාවලිය ද රැගෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමරිකාවේ, වොෂින්ටන් ඩී.සී. වෙත යාමට සූදානම් බව ද වාර්තා වනවා.

ඒ අනුව මෙරට දැඩි අර්බුදයකට මුහුණ පා ඇති ඩොලර් අර්බුදය සඳහා ප්‍රධාන වශයෙන් අයි.එම්.එෆ්. සංවිධානය දැනුවත් කරමින්, රට යළි ආර්‍ර්ථිකමය සුරක්ෂිතතාවක් වෙනුවෙන් රැගෙන යාම මෙම සාකච්ඡාවේ දී ප්‍රධානතම අරමුණයි.

විවිධ අවස්ථාවලදී පක්ෂ විපක්ෂ සහ ආර්ථික විශේෂඥයින් ද සඳහන් කළේ, මෙරට ආර්ථිකය යළි පුනර්ජීවනය කිරීමට නම් නියත වශයෙන්ම ජාත්‍යන්තර අරමුදලේ පිහිට සහ උපදෙස් ලබාගත යුතු බවයි ෴

***************************************

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

(11.03.2022 – 23:53 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 254 ක්.

ඔක්ටේන්-95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 76 කින් ඉහළ නංවා තිබෙනවා.

එහි නව මිල රුපියල් 284 ක් වනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 55 කින්.

එහි නව මිල රුපියල් 176 ක්. එහි සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 95 කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 254 ක් වනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නැහැ.

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වනු ඇති.

​සති පහක (5) කාලයක් තුළ ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තුන්වැනි (3) වරටත් ඉහළ දමා තිබෙනවා.

ඒ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 75 ක් වශයෙන්.

මේ අතර සිපෙට්කෝ ඉන්ධන මිල ගණනුත් ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ.

මේ වසරේ මුල්වරට ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන් ඉහළ දැමුණේ පසුගිය මස 06 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටයි.

ඉන් සති තුනකට (3) පසු පසුගිය මස 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත වරක් ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ඉහළ දැමුණා.

එවන් පසුබිමක ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිද තුන්වැනි (3) වරටත් ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව සියලුම ලංකා අයි.ඕ.සී. පෙට්‍රල් මිල රුපියල් 50 කින් සහ ඩීසල් මිල රුපියල් 75 ක් කින් ඉහළ ගියා.

මිල ඉහළ දැමීම අනුව රුපියල් 204 ක්ව පැවති 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254 ක් වන අතර රුපියල් 233 ක්ව පැවති 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 283 ක්.

එක්ස්ට්‍රා ප්‍රිමියම් ලීටරයක නව මිල රුපියල් 263 ක් දක්වාත් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 214 දක්වාත් ඉහළ ගොස් ඇති අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ 252 ක් ලෙසයි.

ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තුළ අවප්‍රමාණය වීම හේතුවෙන් ඉන්ධන මිල මෙලෙස දැමූ බවයි.

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඩීසල් හා පෙට්‍රල් ගොඩබෑමේ වියදම් සඳහා සෘජු බලපෑමක් එල්ල වී ඇතැයි එම සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කළා.

ලංකා අයි.ඕ.සී. මිල තුන්වැනි (3) වරටත් ඉහළ දැමූ පසුබිමක සිපෙට්කෝ මිල ගණන් සංශෝධනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අප විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොලේ පවතින ඉන්ධන මිල ගණන් යටතේ සංස්ථාව ලබන අධික අලාභය පියවා ගන්නා ආකාරය පිළිබඳව අද (11) විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීමට ඉල්ලීමක් කර ඇතත් මේ දක්වා ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ද අප කළ විමසීමකදී සඳහන් කළා.

කෙසේවෙතත් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ සිපෙට්කෝ ඉන්ධන මිලද ඉහළ යාමේ ඉඩකඩක් ඇති බවයි.

සිපෙට්කෝ මිල ගණන් අවසන් වරට ඉහළ දමා ඇත්තේ පසුගිය වසරේ ජුනි මස 11 වැනිදා වන අතර ලංකා අයි.ඕ.සී. මිල ගණන් සහ සිපෙට්කෝ ඉන්ධන මිල පරතරයන් දැක්වෙනවා.

මේ අතර ලංකා අයි.ඕ.සී ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු ද යළි සංශෝධනය කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

ත්‍රීරෝද රථ ගාස්තුවද ඉහළ දමන බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසන්නේ.

බස් සහ ත්‍රීරෝද රථ මගී ගාස්තු ඉහළ දැමීමට වන යෝජනා සම්බන්ධයෙන් මගී ජනතාවගෙන් දැඩි විවේචනයක් එල්ල වුණා.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාසල් ළමුන් ප්‍රවාහන සේවාවන්වල ද ගාස්තු වැඩිකෙරෙන බව එම සේවාවල නිරත පිරිස් පවසනවා.

ලංකා අයි.ඕ.සී. මිල මෙලෙස නැවත වරක් ඉහළ ගොස් ඇත්තේ රට පුරා ඉන්ධන හිඟයට ද තවමත් පිළියමක් නොමැති පසුබිමකයි.

මේ අතර බලශක්ති ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඉල්ලා සිටි අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකම සඳහා කොන්දේසි මත ඉන්දීය මහ බැංකුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙහිදී ණය පහසුකමෙන් 75% ක් ඉන්දීය අපනයනකරුවන්ගේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා යොදාගත යුතු අතර ඉතිරි 25% වෙනත් ඕනෑම රටකින් භාණ්ඩ ආනයනය සඳහා යොදාගත හැකියි.

ණය පහසුකම මාස 6 ක කාලය සඳහා ක්‍රියාත්මක වන අතර, මෙරට ඉල්ලීම මත එය තවත් වසරක කාලයක් සඳහා දිර්ඝ කළ හැකි බවද ඉන්දීය මහ බැංකුව දැනුම් දී තිබෙනවා.

***************************************

බැඳුම්කර මුදල් ගෙවීම පසුපස මහා වංචාවක්… නෙළුම් කුළුණෙන් විශාල ගසා කෑමක්.. – හිටපු විගණකාධිපති

(12.03.2022 – 03:20 +0530 – lankacnews.com)

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ‘ස්වෛරීත්ව බැඳුම්කර’වලට මුදල් ගෙවීම පසුපස මහා වංචාවක් ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරයි.

අද වන විට මහ බැංකුව දේශපාලනීකරණය වී ඇති බව ද ඉල්ලන ඕනෑතරමක් මුදල් අච්චු ගසා දෙන තැනට පත්ව ඇති බවද හෙතෙම චෝදනා කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර ඇත.

‘නෙළුම් කුළුණ’ ඉදිකිරීමේදී මහා පරිමාණ ගසා කෑමක් සිදුව ඇති බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

***************************************

සුපිරි රථයේ සිද්ධිය කෝප් කමිටුවේදී එළියට

(11.03.2022 – 22:19 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටියදී එම ආයතනය යටතේ මිලදී ගත් වාහනයක් වසර 14 ක සිට අස්ථානගත කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය කෙරුණි.

එමගින් රජයට සිදුවී ඇති මුළු අලාභය රුපියල් මිලියන 26 කි.

එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබුණේ, 2008 වර්ෂයේදී රුපියල් 80,95,000 ක් වටිනා කැබ් රථයක් මණ්ඩලයේ කිසිදු නිලධාරියෙකුගේ අනුමැතියකින් තොරව එවකට හිටපු සභාපතිවරයා විසින් භාරගෙන මණ්ඩලයේ නමට ලියාපදිංචි කර තිබුනද, එදින සිටම එම වාහනය අස්ථානගත වී ඇති බවය.

මේ සම්බන්ධව කොප් කමිටුව දිර්ඝ ලෙස විමසා සිටියේය.

අදාළ වාහනය වෙනුවෙන් වාහන සමාගම වෙත මුදල් නොගෙවීම නිසා එම සමාගම විසින් නඩු පවරා තිබුණි.

එහි තීන්දුවට අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයට එම ආයතනය වෙත රුපියල් 1,61,90,000 කට ආසන්න මුදලක් ගොවීමට සිදුවිය.

මෙම නඩුව සඳහා මණ්ඩලය විසින් දරන ලද නීතිඥ වියදම් ඇතුළුව 2018 දෙසැම්බර් 31 වන විට මුළු අලාභය රුපියල් 2,66,34,185 ක් විය.

මෙහිදී මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව අදාළ අලාභය අය කරගැනීම සඳහා සිවිල් නඩුවක් පවරා ඇති බවය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *