වාසු වැට උඩ – මොනවා දුන්නත් ආයෙ නම් එපා ! – විමල් වීරවංශ

වාසු වැට උඩ – මොනවා දුන්නත් ආයෙ නම් එපා ! – විමල් වීරවංශ

*********************************************

වාසු වැට උඩ – මොනවා දුන්නත් ආයෙ නම් එපා ! – විමල් වීරවංශ

(04.03.2022 – 11:35 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් ගණනාවක් එක් වී මේ මොහොතේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මාධ්‍ය හමුවක් පවත්වනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා ඊයේ (03) අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩු පාර්ශවයේ ප්‍රබලයින් ගණනාවක් එක් වී සිටියා.

එහි දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කිය සිටියේ, තමා නැවතත් සිය අමාතයංශයේ වැඩ කටයුතු සොයා නොබලන බව යි.

කෙසේ වෙතත් ඔහු තනතුරෙන් ඉල්ලා අස් වෙන්නේ ද යන්න පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිදු කළේ නෑ.

මෙහි දී අදහස් දැක් වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ, නැවත තනතුරු වරප්‍රසාද හෝ වරදාන වෙනුවෙන් ගත් පියවර පසු පසට නො තබන බව යි.

මෙම මාධය හමුව සඳහා පෙරේදා පැවති ‘රට හරි මඟට’ වැඩසටහන සඳහා එක් වූ ශ්‍රී ලංකා නිදාහස් පක්ෂයේ ප්‍රබලයින් වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර ආදින්ගේ මුහුණු දක්නට නො ලැබීම විශේෂත්වයක්.

***************************************

හෙට (05) පැය 14 ක ජල කප්පාදුවක්

(04.03.2022 – 12:51 +0530 – hirunews.lk/sinhala)

හෙට (05) පෙරවරුවේ කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම්දෙනවා.

ඒ අනුව හෙට (05) උදෑසන 08:00 සිට පැය 14 ක කාලයක් ජල කප්පාදුව සිදු කෙරුනු ඇති.

ජල කප්පාදුව සිදු කෙරෙන ප්‍රදේශ ලෙස කොළඹ 07, 08, 10, 12, 13, 14 සහ 15 ට ජලය සැපයෙන්නේ නැති බව ද එම නිවේදනයේ සඳහන්.

නමුත් කොළඹ 02, 03 හා 11 ට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති ෴

***************************************

රොකට් කොටසක් සඳ මතට කඩා වැටෙයි

(04.03.2022 – 13:05 +0530 – hirunews.lk/sinhala)

අභ්‍යවකාශ ගත කරනු ලැබූ රොකට්ටුවකින් ඉවත් වූ කොටසක් සඳ මතට කඩා වැටීමට නියමිතව තිබෙනවා.

ඊට තවත් ඇත්තේ පැය කිහිපයක් බවයි, ජනවාරි මාසයේ දී මේ පිළිබඳ මුලින්ම අනාවැකි පළ කළ විද්‍යාඥයන් පවසන්නේ.

පැයට සැතපුම් 5,800 ක වේගයෙන් අභ්‍යවකාශය හරහා ගමන් කරන ටොන් තුනක් (3) බරැති රොකට් කොටස අද (04) දහවල් කාලයේ දී සඳ මතට වැටෙනු ඇතැයි අපේක්ෂිතයි.

තාරකා විද්‍යාඥයන් මුලින්ම විශ්වාසය පළ කළේ රොකට් කොටස ‘එලොන් මස්ක්’ගේ SpaceX වැඩසටහන මගින් යවනු ලැබූ රොකට්ටුවක කොටසක් බවයි.

පසුව එය චීනය මගින් යොමු කළ එකක් බවට පැවසුන ද චීනය එය ප්‍රතික්ෂේප කර තිබුණා.

මෙම රොකට් කොටස කඩා වැටීමෙන් සඳ මතට සුළු බලපෑමක් ඇතිවන බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

විද්‍යාඥයින් බලාපොරොත්තු වන්නේ මීටර් 10-20 ක් පළල ආවාටයක් මෙම රොකට් කොටස කඩා වැටීමෙන් සඳ මත ඇති වනු ඇති බවටයි.

2015 වසරේ මාර්තු මාසයේ දී මෙම රොකට් කොටස පෘථිවියේ සිට මුලින්ම දර්ශනය වී තිබුණා.

නාසා ආයතනය විසින් ඇරිසෝනා ප්‍රදේශයේ සිදු කරන ලද අභ්‍යවකාශ සමීක්ෂණයකින් එය නිරීක්ෂණය කළ අතර මෙය ග්‍රහකයක් නොවන බව හෙළිවීමත් සමග ඒ පිළිබඳ පැවති අවධානය අඩු වුණා.

රොකට් කොටස් යනු අභ්‍යවකාශ කසළ ලෙස හැඳින්වෙනවා.

අභ්‍යවකාශ ගමනින් පසු පෘථිවියට ආපසු යාමට ප්‍රමාණවත් ඉන්ධන හෝ ශක්තියක් නොමැතිව මෙහෙයුම් චන්ද්‍රිකාවලින් ඉවතලන දෘඩාංග, ඇතැම් කොටස් මෙලෙස කඩා වැටීමට ලක් වනවා.

ඒවායින් සමහරක් යළි පෘථිවියට කඩා වැටෙන අතර ඇතැම් විට, මෙම රොකට් කොටස මෙන්, පෘථිවි වායුගෝලයෙන් බොහෝ දුරින් ඉහළ කක්ෂයක සැතපුම් දහස් ගණනක් ඈතදී විනාශ වනවා.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ගණන් බැලීමට අනුව දැනට සෙන්ටිමීටර 10 ට වඩා විශාල අභ්‍යවකාශ කසල කැබලි 36,500 ක් ඇති බවයි.

කිසිදු අභ්‍යවකාශ වැඩසටහනක් හෝ විශ්ව විද්‍යාලයක් අභ්‍යවකාශ කසළ පිළිබඳව විධිමත් ලෙස නිරීක්ෂණය නොකරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පෘථිවියෙන් ඉහළ කක්ෂවල සුන්බුන් වලින් මිනිසුන්ට ඇති වන අවධානම ද ඉතා අඩුයි.

එබැවින්, ඒවා ගණනය කිරීම් සහ ඇස්තමේන්තු කිරීම සඳහා ස්වේච්ඡා තාරකා විද්‍යාඥයින් කටයුතු කරනවා ෴

+

දිලුම් සුක්කානම අතට ගනියි

(04.03.2022 – 13:40 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේට නව කැබිනට් අමාත්‍ය ධු‍රයක් හිමිව තිබෙනවා. ඒ ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධුරයයි.

ඒ අනුව අද (04) සිට නව ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ දිලුම් අමුණුගම යි.

මීට පෙර ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධුරයේ කටයුතු කළේ පවිත්‍රා වන්නිආරච්චි වන අතර, ඇයට ඊයේ (03) පස්වරුවේ විදුලිබල අමාත්‍ය ධුරය හිමි වුණා.

***************************************

ගැලවූ ඔටුන්න යළි අරුන්දිකගේ හිසට

(04.03.2022 – 14:30 +0530 – hirunews.lk/sinhala)

හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යළි සිය අමාත්‍ය ධුරයෙහි පිහිටුවාලීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව යළි අමාත්‍යවරයා විසින් කටයුතු කළ පොල්, කිතුල්, තල් හා රබර් වගාප්‍රවර්ධන සහ කාර්මික භාණ්ඩ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ සියලුම රාජකාරී කටයුතු ඔහුට ලබාදීමට තීරණය කෙරුණා.

අරුන්දික ප්‍රනාන්දුට සිය රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමට බලපෑ ප්‍රධානතම සිද්ධිය වූයේ පෙබරවාරි මස රාගම වෛද්‍ය පීඨ තෙවන සහ සිව්වන වසර සිසු-සිසුවියන් පිරිසක් අතර ඇති වූ කළහකාරී සිද්ධියයි.

එහිදී අමාත්‍යවරයාගේ පුත්‍රයාව අත් අඩංගුවට ගැනුණේ, වෛද්‍ය ශිෂ්‍යයින්ට පහරදීමට මුල් වූ ප්‍රධාන සැකකරු වශයෙනි.

මෙම තත්ත්වය මත රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අයත් පොල් සංවර්ධන අධිකාරියේ රාජකාරි වාහනයක් ද පහරදීමට පැමිණි ස්ථානයේ තිබී සොයා ගැනුණා.

මේ හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම්දෙනු ලැබුවේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර නිසි ප්‍රතිඵල එන තෙක් සිය අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, සිද්ධිය පිළිබඳ වාර්තාවක් කැඳවීමට ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සභාපතිත්වයෙන් සහ මහින්දානන්ද අලුත්ගමගේ සහ වෛද්‍ය රමේෂ් පතිරණගේ සාමාජිකත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කරනු ලැබුවා.

එහි නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයාට ඊයේ (03) පස්වරුවේ දී පිළිගැන්වුණු අතර, එම නිර්දේශවලට අනුව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා අදාළ සිද්ධියට සම්බන්ධ වුව ද, අමාත්‍යවරයාගේ කිසිදු අනුදැනීමක් හෝ අතපෙවීමක් එම සිද්ධියට නොමැති බවයි කමිටුව මගින් නිර්දේශ කෙරුණේ.

මෙම තත්ත්වය මත අරුන්දික ප්‍රනාන්දු හට යළි සිය රාජ්‍ය අමාත්‍ය ධුරය අද (04) හිමිවුණා.

මේ අතර වනජීවී රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කළ විමලවීර දිසානායක හට ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිව තිබෙනවා.

මෙම පත් කිරීම අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනුයි සිදු කර ඇත්තේ.

ඇමති සී.බී ටත් නව කැබිනට් ධුරයක්

(04.03.2022 – 14:42 +0530 – hirunews.lk/sinhala)

වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායකට නව කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි වුණා.

ඒ වනජීවී ආරක්ෂණ සහ වනසම්පත් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයයි.

ඒ අනුව නව කැබිනට් අමාත්‍ය ධුරයෙහි අද (04) පස්වරුවේ අමාත්‍යවරයා විසින් දිවුරුම් දීම සිදු කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී යි.

තමන්ගේ නොහැකියාවන් වසන් කරගෙන රජයට දොස් පැවරිමෙන් පළක් නොමැති බව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළා. ඒ, සිය ධුරයෙහි වැඩ ආරම්භ කිරීමෙන් පසු අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අදහස් දක්වමින්.

***************************************

හෙරොයින් සමග කතක් STF භාරයට හසු වෙයි

(04.03.2022 – 15:31 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්යය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී නීතිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීම, අලෙවි කිරීම සහ සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත කාන්තාවක් අත් අඩංගුවට ගැනුණා.

මෙම වැටලීම ඊයේ (03) පස්වරුවේ සිදු කර ඇත්තේ, රාගම පොලිස් වසමේ සමගි මාවත ප්‍රදේශයේ දී යි.

එහිදී රුපියල් 60,000 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග 57 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගැනුණා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 60 සොයා ගැනුණු අතර, මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයන ලද රුපියල් 40,000 ක මුදලක් සමගින් ජංගම දූරකථනයක් ද පොලිස් භාරයට ගත්තා.

අත් අඩංගුවට ගත් සැකකාරිනිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලීසියට භාර දී තිබෙනවා ෴

***************************************

රවීට එරෙහි බැඳුම්කර නඩුවේ තවත් තීන්දුවක් අද (04)

(04.03.2022 – 15:41 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ දෙවැනි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිසක් මුදා හැර තිබෙනවා.

ඒ අද (04) පස්වරුවේ මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැනුණු අවස්ථාවේ දී යි.

එහිදී මෙම නඩුව පොදු දේපළ පනත යටතේ පවරා තිබූ සියලු චෝදනාවෙන් අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් , රවී කරුණානායක ඇතුළු තවත් 11 දෙනෙකු මෙලෙස අද (04) දිනයේ දී අධිකරණ නියෝග මත මුදා හැරීමට පියවර ගැනුණා.

***************************************

‘සාරා’ බෝම්බ හැදූ හැටි සහරාන්ගේ බිරිඳ හෙළි කරයි

(04.03.2022 – 20:41 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේදී කාත්තන්කුඩියට පලායාමෙන් පසු පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා බෝම්බ සෑදීමේ ක්‍රියාවලියේ නිරතව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (04) අධිකරණය හමුවේ විශේෂ අනාවරණයක් සිදුකළා.

ඒ, පාස්කු ප්‍රහාරයට අදාළව කුලියාපිටිය අධිකරණයේ විභාග වන නඩුවට අදාළව කරුණු දැක්වීමක් සිදු කරමින්.

මෙම නඩුව පසුගිය පෙබරවාරි 10 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදී දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සහරාන් හෂීම්ගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය අවසර ලබාදුන් අතර, එහි ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (04) අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා පැවසුවේ දින 6 ක් ඇය ගෙන් බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේ ප්‍රකාශ සටහන් කරගත් බවයි.

අදාළ ප්‍රකාශවලින් හෙළිවු විශේෂ කරුණු කිහිපයක් සහකාර පොලිස් අධිකාරීවරයා මෙහිදී අධිකරණය හමුවේ අනාවරණ කළා.

2019 වසරේ පෙබරවාරි 19 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පස්දෙනෙකු (5) ගෙන් යුත් කණ්ඩායමක් මාවනැල්ල – කැකුණුගොල්ල ප්‍රදේශයට ගොස් සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කරගත් අවස්ථාවේ දැනට අතුරුදන්ව සිටින කටුවපිටිය බෝම්බකරු ‘හස්තූන්’ගේ බිරිඳ වන ‘පුලස්තිනී මහේන්ද්‍රන්’ නොහොත් ‘සාරා ජෙස්මින්’ එම ස්ථානයේ සිට ඇති බවට අනාවරණයක් සිදුකළා.

විමර්ශන නිලධාරීන් අදාළ නිවසට ගොස් ඇත්තේ සහරාන්ගේ බිරිඳගේ සහෝදරයෙකු ද කැටුවයි.

විමර්ශන නිලධාරීන් අදාළ නිවසට ගොස් සිටියදී සහරාන් ගෙන් ඔහුගේ මාමණ්ඩියට දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා.

සහරාන්ගේ බිරිඳ හා දරුවන් කාත්තන්කුඩි ප්‍රදේශයට රැගෙන යාමට සූදානම් කරන ලෙස එම දුරකථන ඇමතුමෙන් උපදෙස් ලැබුණු බව සහරාන්ගේ බිරිඳ වන ‘ෆාතිමා හාදියා’ විසින් ප්‍රකාශ වී තිබෙනවා.

ඒ අනුව ඊට පසුදින කාත්තන්කුඩි ප්‍රදේශයට සහරාන්ගේ බිරිඳ සමග ගිය ‘සාරා ජෙස්මින්’ නොහොත් ‘පුලස්තිනී මහේන්ද්‍රන්’ බෝම්බ සෑදීමේ ක්‍රියාවලියේ නිරතව සිට ඇති බවත් ඊට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය, වෙඩි බෙහෙත්, රසායන ද්‍රව්‍ය ‘සාරා’ ළඟ තබාගෙන සිටි බව සහරාන්ගේ බිරිඳ කරුණු අනාවරණ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

සහරාන්ගේ බිරිඳගේ ප්‍රකාශ අනුව අනාවරණ වී ඇති සුවිශේෂී කරුණු කිහිපයක් තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සහරාන්ගේ බිරිඳගේ පියා වන ‘මොහොමඩ් හුසේන් අබ්දුල් කාදර්’ නැමැත්තා ගෙන් හා පාස්කු ප්‍රහාරයට අදාළව සැකපිට කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින සහරාන්ගේ මස්සිනා වන ‘අබ්දුල් කාදර් මොහොමඩ් අන්සාර්’ නමැත්තාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව මෙහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග ඔවුන්ගෙන් අවස්ථා දෙකක (2) දී බන්ධනාගාර නිලධාරීන් ඉදිරිපිට ප්‍රකාශ ලබාගැනීමට අවසර ලබාදුන් අතර අදාළ විමර්ශනයන්හි ප්‍රගතිය ලබන මස 10 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ.

++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *