ඩීසල් හිඟය හෙටින් (18) පසු මඟ හැරෙන ලකුණු – සංස්ථාව ඉතිහාසගත මිලක් ඉල්ලයි

ඩීසල් හිඟය හෙටින් (18) පසු මඟ හැරෙන ලකුණු – සංස්ථාව ඉතිහාසගත මිලක් ඉල්ලයි

*********************************************

ඩීසල් හිඟය හෙටින් (18) පසු මඟ හැරෙන ලකුණු – සංස්ථාව ඉතිහාසගත මිලක් ඉල්ලයි

(17.02.2022 – 21:44 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලා ඇති ඉන්ධන මිල සංශෝධනය ලබාදුනහොත් එය ඉතිහාසගත මිලක් වනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

කෙසේ වෙතත්, පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට පත්වන පරිදි මිල සංශෝධනයකට සූදානම් නොමැති බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළේ.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පසුගියදා ‘ලංකා අයි.ඕ.සී.’ සමාගම පෙට්රල් සහ ඩීසල් මිල ඉහළ නැංවීමට තීරණය කළා.

එම අවස්ථාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ඔවුන්ගේ ඉන්ධන මිල ඉහළ නැංවීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

කෙසේ වෙතත්, ඉන්ධන වර්ගයක් අලෙවි කිරීමෙන් පාඩුවක් ලබන බොහෝ අවස්ථාවල අයි.ඕ.සී. සමාගම මෙලෙස මිල ඉහළ නැංවීම මින් පෙරද සිදුකර තිබෙනවා.

එවැනි අවස්ථාවක ඔවුන්ගේ අලාභය අවම වන අතර එම පාරිභෝගිකයින්ද සිපෙට්කෝ පිරවුම්හල් වෙත යොමුවීම සාමාන්‍ය කරුණක්. එහිදී දැනටත් බිලියන ගණනක් පාඩු ලබන තෙල් සංස්ථාවේ පාඩුව තවදුරටත් ඉහළ යනවා.

මෙවරද ඉන්දියන් ඔයිල් සමාගම තෙල් මිල ඉහළ දැමීමත් සමඟ තෙල් සංස්ථාව මුහුණ දී ඇත්තේ එවැනි තත්ත්වයකටයි.

ඒ අනුව පසුගිය සතියේදී ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ වාර්තාවක් සංස්ථා සභාපතිවරයා විසින් බලශක්ති අමාත්‍යවරයා වෙත භාරදී තිබුණා.

මෙම මිල සංශෝධන යෝජනා පිළිබඳව බලශක්ති අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශය අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, හෙට (18) දිනයේ දැනට පවතින ස්ථාවරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරන බව අමාත්‍ය උදය ගම්මන්පිල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මේ අතර, පසුගිය සතිය වනවිට වාර්තා වූයේ යළි මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති අතර, ඒ පිළිබඳවද සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවයි සඳහන් වුණේ.

මේ අතර, මේ වනවිට යළිත් ඩීසල් සැපයුමේ මතුව ඇති ගැටළු හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

පසුගිය සතියේ ඩීසල් සැපයුම පිළිබඳව අවහිරතාවක් මතුවූයේ කොලොන්නාව සහ මුතුරාජවෙල ගබඩාවලින් සාමාන්‍යයෙන් මුදා හැරෙන තෙල් සංචිත කොලොන්නාවෙන් පමණක් සිදුකිරීම හේතුවෙන්.

මුතුරාජවෙල සතුව තිබූ ඩීසල් සංචිත පහත වැටීම ඊට හේතුවයි.

සාමාන්‍යයෙන් මෙරට මාසික ඉන්ධන අවශ්‍යතාව සඳහා සිපෙට්කෝ ආයතනය පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,000 ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 150,000 ක් මෙරටට ආනයනය කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.

තෙල් සංස්ථාව පැවසුවේ කෙසේ වෙතත් රට වසාදමා තිබූ පසුගිය සමයේ ඉන්ධන ගෙන්වීම අඩු මට්ටමක පැවතුනත් මේ වසරේ ජනවාරි සහ මෙම මාසයේදී ඉන්ධන ගෙන්වීම වේගවත් ලෙස ඉහළ ගිය බවයි.

පසුගියදා මිල ඉහළ දැමූ ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් කිහිපයකද අද (17) දිනයේදී දිගු පෝලිම් දක්නට ලැබුණා.

එවැනි පසුබිමක ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් පෙරේදා (15) දිනයේ මෙරටට ලබා දුන්නා.

එහි ඉන්ධන කොලොන්නාවට ගොඩබා අවසන්ව ඇති අතර, මුතුරාජවෙලට ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති නාලක පෙරේරා කියා සිටියේ ඒ සමඟ ඩීසල් හිඟය හෙට (18) දිනය වනවිට පහව යනු ඇති බවයි.

පවතින ඩීසල් හිඟය සඳහා කරුණු 03 ක් බලපා ඇති බවද ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති නාලක පෙරේරා සඳහන් කළා.

ඉන්ධන මිල ගැන බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

(17.02.2022 – 23:05 +0530 – hirunews.lk/sinhala)

අද (17) රාත්‍රියේ ඉන්ධන මිල වැඩි කරන බවට පැතිරෙන කට කතාවන්හි සත්‍යතාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි අමාත්‍යවරයා මේබව ප්‍රකාශකර ඇත්තේ.

***************************************

වසර අවසන් වීමට පෙර සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක්

(17.02.2022 – 23:40 +0530 – hirunews.lk/sinhala)

2022 වසර අවසන් වීමට පෙර රටේ සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක් ලබාදීමේ පසුබිම සැකසෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ග්‍රාම නිලධාරීවරයාගේ සිට ජනාධිපති ලේකම් දක්වා රාජ්‍ය ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණයෙන් බද්ධ කෙරෙන අතර ජනාධිපතිවරයා ලබාදී ඇති ඉලක්ක සපුරාලමින් ඉදිරි මාස 30 තුළ සියලු සේවා කටයුතු විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවයි ඔහු කියාසිටියේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ ඉදිකෙරෙන Galle Techno Park (තාක්ෂණ උද්‍යානය) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට අද (17) පස්වරුවේ ලක්වූ අවස්ථාවට එක්වෙමින්.

තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (Cultural Technological Innovation) ගොඩනැගීම අරමුණු කරගනිමිනුයි දිවයින පුරා ‘තාක්ෂණ උද්‍යාන’ පහක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපනය කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණය, දියුණු තාක්ෂණයෙන් යුත් නව සමාගම් දිරිමත් කිරීම, අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය, නව රැකියා අවස්ථා ඇති කිරීම, දැනුම බෙදාහැරීම, අදාළ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ විදේශ විනිමය ඉපැයීමෙන් ජාතික ආර්ථික සංවර්ධනයට දායක වීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

ගාල්ල, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය සහ හබරණ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම තාක්ෂණ උද්‍යාන ඉදි කිරීමට නියමිතයි.

ගාල්ල, වලහන්දූව තාක්ෂණ උද්‍යාන භූමියට අද (17) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා ව්‍යාපෘති පුවරුව විවෘත කර වැඩ භූමිය නිරීක්ෂණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

අනතරුව ගාල්ල තාක්ෂණ උද්‍යානයේ නිල ලාංඡනය එළි දැක්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

අක්කර 30 ක පමණ වපසරියක විහිදෙන තාක්ෂණ උද්‍යානයේ ඉදිකිරීම් 2023 වසර මැද වන විට නිම කිරීමටයි තාක්ෂණ අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ.

5G සන්නිවේදනය සහිත නවීන තාක්ෂණික පහසුකම්, නැනෝ පර්යේෂණ ආයතන, විනෝදාස්වාද ක්‍රියාකාරකම්, තෝරාගත් ස්ථානවල ස්වභාවික පරිසරය හා මුසු වූ ක්‍රීඩා මෙන්ම මානසික හා ශාරීරික විවේක මධ්‍යස්ථානවලින් ‘තාක්ෂණ උද්‍යානය’ සමන්විත වනවා.

ගාල්ල තාක්ෂණ උද්‍යානය ඉදි වීමත් සමග සෘජු රැකියා අවස්ථා 2,000 ක් පමණ සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් බිහිවන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ උත්සව සභාව පිළිගනිමින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අධ්‍යාපන සහ තාක්ෂණ ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතියට මෙම ව්‍යාපෘතියෙන් දැවැන්ත දායකත්වයක් සැපයෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

නව තාක්ෂණ උද්‍යාන ඉදිරියේ දී මෙරට ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන ධාවකයක් බවට පත්වනු ඇතැයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළා.

2022 වසර අවසන් වීමට පෙර රටේ සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක් ලබාදීමේ පසුබිම සැකසෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කළා.

ග්‍රාම නිලධාරීගේ සිට ජනාධිපති ලේකම් දක්වා රාජ්‍ය ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණයෙන් බද්ධ කෙරෙන අතර ජනාධිපතිවරයා ලබාදී ඇති ඉලක්ක සපුරාලමින් ඉදිරි මාස 30 තුළ සියලු සේවා කටයුතු විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ද ඔහු කියා සිටියා.

මේ අතර නවීකරණය කෙරුණු ගාල්ල ධර්මපාල උද්‍යානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් අද (17) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරුණා.

ගාල්ල ඓතිහාසික කොටු පවුර අභියස පිහිටා ඇති දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ‘ධර්මපාල උද්‍යානය’ නිසි නඩත්තුවක් නොමැති වීමෙන් විනාශයට පත් වෙමින් තිබුණා.

පසුව එය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ සහ ගාල්ල මහ නගර සභාවේ ඉල්ලීම මත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේයි නවීකරණයට පියවර ගනු ලැබුවේ.

අංගසම්පූර්ණ ක්‍රීඩා පිටියක්, ආලෝකකරණ පහසුකම් සහිත එළිමහන් රංග ශාලාවක් ඇතුළුව උද්‍යානය නවීකරණයට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 200 ක්.

උද්‍යානය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පැමිණ සිටි ජනතාව සමග කතාබහ කරමින් තොරතුරු විමසා බැලූ අතර එළිමහන් රංග පීඨයේ දී ඉදිරිපත් කෙරුණු සංස්කෘතිකාංග නැරඹීමට ද එක්ව තිබෙනවා.

ධර්මපාල උද්‍යානයේ එක් කෙළවරක ඉදිකර ඇති විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශන හා තොරතුරු මධ්‍යස්ථානය ද ඔහු අතින් විවෘත කෙරුණා ෴

***************************************

Email : sudaacreation@gmail.com
Contact : 077 506 5788

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකට කොවිඩ්

(17.02.2022 – 11:23 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

අගමැති කාර්යාලය මේ බව නිවේදනය කළා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ ඊයේ (16) දිනයේ සිදු කළ කොරෝනා පරීක්ෂණයක දී.

මේ අතර, කොවිඩ් මර්දන පූර්ණ එන්නත්කරණයට ලක්වූ ගැබිනි මව්වරුන්ගේ බිළිඳුන්ට වෛරසයට එරෙහි ඉහළ ප්‍රතිශක්තිකරණ හැකියාවක් උපතේදීම හිමිවන බව නව අමෙරිකානු අධ්‍යයන වාර්තාවක් මගින් අනාවරණ කරනවා.

මේ අතර, මෙරට රෝහල්වල සිදුවන මරණවලට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම අනිවාර්ය නොකරමින් නව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය සමයේ කොවිඩ් මර්දනය කළ හැකි බව පවසමින් දේශීය ඖෂධීය පැණියක් නිෂ්පාදනය කරමින් ප්‍රසිද්ධියට පත්වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ බාල සොහොයුරා ද කොවිඩ් ආසාදනයවීමෙන් මියගොස් තිබෙනවා.

මේ අතර, රෝහල් ගතව මියයන පුද්ගලයින්ගේ දේහයන් සම්බන්ධයෙන් කොවිඩ් පරීක්ෂණසිදුකිරීම අනිවාර්ය නොවන බව දක්වමින් නව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ගැබිනි මව්වරුන් කොවිඩ් ආසාදිතව අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙන් රෝහල්ගතවීමේ ප්‍රවණතාව 60%කින් අවම වී ඇති බව අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නව අධ්‍යයන වාර්තාවක් මගින් අනාවරණ කරනවා.

කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් සම්පූර්ණ කළ ගැබිනි මව්වරුන්ගේ මව්කුස තුළදීම බිළිඳුන් ද වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබන බවත්, පසුව මව්කිරි ලබාදීමේදී දෙවැනි වරටත් ඔවුන් ප්‍රතිශක්තිය ලබන බවත් මෙම අධ්‍යයන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ 2021 – 2022 දක්වා කාල පරාසය තුළ අමෙරිකාවේ අලුත උපන් බිළිඳුන් 379 දෙනෙක් ආශ්‍රිතව සිදුකළ අධ්‍යයන වලදී.

මේ අතර, කැනඩාව බලාත්මක කර තිබෙන ඇතැම් කොවිඩ් නීතිරීති ලිහිල් කිරීමේ තීරණයක පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සති කිහිපයක් පුරා එරට ඔටාවා සහ ඔන්ටාරියේ නුවර මෙන්ම අමෙරිකානු දේශසීමාවන් ආශ්‍රිතව ක්‍රියාත්මක වන විරෝධතා හේතුවෙන් ෴

+++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 287 ක් සුවය ලබයි

(17.02.2022 – 15:48 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 287 දෙනෙකු අද දිනයේදී සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5,96,329 ක්.

තවදුරටත් පුද්ගලයින් 19,588 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබනවා.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 6,31,816 ක් සහ මරණ 15,899 ක් ද වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++

තවත් කොරෝනා මරණ 27 ක්

(17.02.2022 – 17:26 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා මරණ 27 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (16) තහවුරු කළ මෙම මරණ 27 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,916 ක් ලෙසටයි.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තා වී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 8 ක් වාර්තාවී ඇති අතර ඒ කාන්තාවන් 4 ක් සහ පිරිමි පුද්ගලයන් 4 ක් වශයෙන්.

අවුරුදු 60 ට වැඩි වයස් කාණ්ඩයේ මරණ 19 ක් වනවා. ඒ කාන්තාවන් 6 ක් සහ පිරිමි 13 ක් වශයෙන්.

මේ අතර අද (17) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 287 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5,96,329 ක් දක්වා ඉහළ ගියා.

පුද්ගලයින් 19,588 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබනවා.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 6,31,816 ක් වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++

අද (17) කොරෝනා ආසාදිතයන් 1235 ක්

(17.02.2022 – 20:01 +0530 – hirunews.lk/sinhala)

අද (17) දිනයේ මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 1235 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,33,051 ක් ලෙසටයි.

මෙම ආසාදිතයන්ගෙන් 20,796 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,96,329 ක්.

මෙරටින් කොරෝනා මරණ 15,926 ක් ද වාර්තාවී තිබෙනවා. ඒ අද වාර්තාවූ මරණ 27 ත් සමගින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *