රෝහල් සේවා අත්‍යවශ්‍ය කළත් සෞඛ්‍ය වර්ජනය අදත් (12)

රෝහල් සේවා අත්‍යවශ්‍ය කළත් සෞඛ්‍ය වර්ජනය අදත් (12)

*********************************************

රෝහල් සේවා අත්‍යවශ්‍ය කළත් සෞඛ්‍ය වර්ජනය අදත් (12)

(12.02.2022 – 07:26 +0530 – hirunews.lk/sinhala)

රෝහල් සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබියදීත් සෞඛ්‍ය වෘත්තීය සමිති තවදුරටත් වර්ජනයේ නිරතවනවා. මේ හේතුවෙන් අද (12) දිනයේත් රෝහල්වල ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්වුණා.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගේ අත්සනින් යුතුව ඊයේ (11) රාත්‍රියේ නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයෙන් විදුලි සැපයුම, රෝහල් කටයුතු, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම්, පිළිගැනීම්, රැකවරණ, පෝෂණය කිරීම් සහ ප්‍රතිකාර කිරීම් යන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබුණා.

කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ සිය ඉල්ලීම් ඉටුවන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රියට වාරණ නියෝගයක් ද නිකුත් කර තිබුණා.

රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කිරීම සහ අදාළ වාරණ නියෝගයේ නීතිමය තත්වය පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා කරුණු පැහැදිළි කළා.

එහිදී ඔහු කියා සිටියේ අදාළ වාරණ නියෝගයේ නොතීසියට අනුව ඔවුන් පැමිණි විටදී අධිකරණයට අපහාස කිරීමට අදාළව ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ හැකි බවයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අදාළ වාරණ නියෝගය නොපිළිපදින වෘත්තිය සමිති නායකයින් අත්අඩංගුවට ගත යුතු බවයි.

කෙසේ වෙතත් අද (12) දිනයේ ද ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි ජනතාව පත්ව සිටියේ දැඩි අපහසුතාවකටයි.

***************************************

12-02-2022

***************************************

පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී… ඔත්තුකරුවන් දෙදෙනකු (2) ලවා බොරු කියවලා…

(12.02.2022 – 22:22 +0530 – lankacnews.com)

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශයේ සිටි ප්‍රධාන විමර්ශන නිලධාරියා රටින් පලාගොස් ඇතැයි පොලිස් මූලස්ථානය අනාවරණය කරගෙන ඇත. මෑතකදී සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා උසස්වූ එම නිලධාරියා ඇමරිකාව වෙත පලා ගිය බවට ජාතික ආරක්ෂක කවුන්සලය වෙත බුද්ධි අංශ වාර්තා කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ දී නම් සඳහන් වූ ‘පුලස්තිනි මහේන්ද්‍රන්’ හෙවත් ‘සාරා ජස්මින්’ මන්නාරමෙන් බෝට්ටුවක නැගී ඉන්දියාවට පලා ගිය බව පාස්කු කොමිසමට කරුණු දැක්වූයේ මෙම නිලධාරියාය. සයින්දමරුදු බෝම්බ පිපිරීමෙන් සාරා දිවි ගලවාගෙන පලා ගිය බවට තම ඔත්තුකරුවන් දෙදෙනකු (2) ඇසින් දුටු බව කියමින් එම නිලධාරියා මෙම ඔත්තුකරුවන්ගේ සාක්ෂිය කොමිසමට ඉදිරිපත් කෙරුණි.

‘සාරා ජස්මින්’ව පොලිස් පරීක්ෂකවරයකු විසින් රැගෙන ගිය බව කොමිසමේ දී සඳහන් කළේ මෙම නිලධාරියාය.

ඒ අනුව පොලිස් පරීක්ෂක ‘අබුබකර්’ නමැති නිලධාරියාව ඉහත කී නිලධාරියා විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. දැනට වසර දෙකක් (2) තිස්සේ රිමාන්ඩ් භාරයේ සිටින පොලිස් පරීක්ෂක ‘අබුබකර්’ නමැති නිලධාරියාව බොරු සාක්ෂි පටලවා රිමාන්ඩ් කර ඇති බව මේ වන විට හෙළි වී තිබේ.

පාස්කු විමර්ශන නිලධාරියා උසස්වීම් අපේක්ෂාවෙන් කොමිසමේ දී බොරු සාක්ෂි ගොතා නිර්දෝෂී නිලධාරියකු හිරේ දමා ඇතැයි අනාවරණය වී ඇත්තේ රහස් පොලීසිය හා ත්‍රස්ත විමර්ශන අංශය කළ විමර්ශනයේදීය.

පාස්කු විමර්ශන කොමිසම හමුවේ ඇසින් දුටු සාක්ෂි යැයි සඳහන් කළ ඔත්තුකරුවන් දෙදෙනා (2) එම සිදුවීම් සිදු වූ කාලසීමාවේ මාස ගණනක්ම සිට ඇත්තේ වව්නියාව හා නැගෙනහිර පළාතෙන් පිට බව ඔවුන්ගේ දුරකථන ජාල පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත.

ඉන් පසුව ඔත්තුකරුවන් දෙදෙනා (2) කැඳවා ප්‍රශ්න කිරීමේ දී ‘පාස්කු විමර්ශන නිලධාරියාගේ වුවමනාවට තමන් බොරු සාක්ෂි දුන් බව’ ඔවුන් පිළිගෙන තිබේ. ඒ අනුව පාස්කු විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරියාගේ වුවමනාවට පොලිස් පරීක්ෂක ‘අබුබකර්’ නමැති නිලධාරියා නිකරුණේ සිරගතව සිටින බව නීතිපතිවරයාට කරුණු වාර්තා කර එම නිලධාරියා නිදහස් කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත.

එසේ තිබියදී පාස්කු විමර්ශන කොමිසමේ පොලිස් නිලධාරියා දෙපාර්තමේන්තුවට නොදන්වා රටින් පැන ගොස් ඇති බව හෙළි වී තිබේ.

Aruna

***************************************

වරායේ සිර වූ ඉතිරි අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලුම් අනිද්දා මුදා හැරෙයි?

(12.02.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

සහල්, සීනි, පරිප්පු ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ සහිතව වරායේ සිරව ඇති බහාලුම් අනිද්දා (14) දිනයේදී නිදහස් කර ගැනීමට හැකි වනු ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විටත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් 1,500 ක් පමණ කොළඹ වරායේ සිරව ඇති බවයි.

ඊයේ (11) මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී අදාළ බහාලුම් මුදා ගැනීම සඳහා කටයුතු සිදු කරන බව ද පොරොන්දු වූ බවයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

මීට පෙර වරායේ සිරව තිබූ බහාලුම් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් 500 ක් මුදා හැරීමට මුදල් අමාත්‍යංශය මැදිහත්ව තිබුණා.

මේ අතර කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති වල යම් හිඟයක් පැවතිය ද සෙසු සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ප්‍රමාණවත් තොග පවතින බව ඊයේ (11) පැවති අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටු රැස්වීමේ දී අනාවරණ වී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේදී මෙම කමිටුව පළමු වරට රැස්වුණේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

එළඹෙන උත්සව සමයේදී රෙදිපිළි සහ ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට ලබාදීමට සූදානම් බවයි මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රජය බදු සහන ලබා දුන්න ද එම සහන ජනතාවට නොලැබීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා ෴

***************************************

විදේශිකයෙකුට මෙරට දී ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

(12.02.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 265 ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු මාලදිවයින් ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව ඊයේ (11) විභාගයට ගත් අවස්ථාවේදීයි.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණේ ලතීෆ් ඉෂුන් නැමැත්තෙකුටයි.

මෙම චෝදනාව එල්ල වී සිටි ශ්‍රීනාත් මොහොමඩ් නැමැති තවත් පුද්ගලයෙකු අදාළ චෝදනා වලින් නිදහස් කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

2016 වසරේ අප්‍රේල් මස 22 වන දා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා (2) බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා ෴

***************************************

මාස තුනක (3) විදුලිය කැපීම ගැන තීරණය අද (12)

(12.02.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala)

පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස 3 සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද (12) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් අතරයි.

ඒ අනුව විදුලි කප්පාදුවකට අවසර ලබා දෙනවා ද නැද්ද යන්න පිළිබඳව මෙහිදී තීරණය කරනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

කෙසේ වෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ මහජනතාව අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කල යුතු බවයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අවධාරණය කළේ ෴

***************************************

ආර්ථිකය යහපත් වූ පසු වාහන ආනයනයට රජයේ අවධානය

(12.02.2022 – 08:25 +0530 – hirunews.lk/sinhala)

රටේ ආර්ථිකය යහපත් මට්ටමකට පැමිණි පසුව යළි වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්තී අංශයට අදහස් පළ කරමින්.

මෙරටට වාහන ආනයනය කිරීම 2020 වසරේ මාර්තු මාසයේදී නවතා දැමුණා.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකාව පනවා ඇති තහනම ඉවත් කර ගන්නා ලෙස පසුගියදා යුරෝපා කොමිසම දැනුම් දෙනු ලැබූවා ෴

***************************************

2021 තේ නිෂ්පාදනයේ වර්ධනයක්

(12.02.2022 – 08:42 +0530 – hirunews.lk/sinhala)

2020 වසරට සාපේක්ෂව 2021 වසරේදී මෙරට සමස්ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 21 කින් වර්ධනය වී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

ඒ ඊයේ (11) පැවති වැවිලි අමාත්‍යංශ උපදේශක කාරක සභාව අමතමින්. එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තේ නිෂ්පාදනය සඳහා රසායනික පොහොර පමණක් නොව ජලය, සෙවණ සහ පාංශු සාධක ද වැදගත් වන බවයි 2020 වසරට සාපේක්ෂව 2021 වසරේදී මෙරට සමස්ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 21 කින් වර්ධනය වී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

ඒ ඊයේ (11) පැවති වැවිලි අමාත්‍යංශ උපදේශක කාරක සභාව අමතමින්. එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තේ නිෂ්පාදනය සඳහා රසායනික පොහොර පමණක් නොව ජලය, සෙවණ සහ පාංශු සාධක ද වැදගත් වන බවයි ෴

***************************************

2021 තේ නිෂ්පාදනයේ වර්ධනයක්

(12.02.2022 – 08:42 +0530 – hirunews.lk/sinhala)

2020 වසරට සාපේක්ෂව 2021 වසරේදී මෙරට සමස්ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 21 කින් වර්ධනය වී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

ඒ ඊයේ (11) පැවති වැවිලි අමාත්‍යංශ උපදේශක කාරක සභාව අමතමින්. එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තේ නිෂ්පාදනය සඳහා රසායනික පොහොර පමණක් නොව ජලය, සෙවණ සහ පාංශු සාධක ද වැදගත් වන බවයි ෴

***************************************

මෙරට ආනයන සහ අපනයන ඉහළට

(12.02.2022 – 08:52 +0530 – hirunews.lk/sinhala)

ආනයන සීමාවන් සහ ඩොලර් විනිමය හිඟයක් පැවතුණද ගතවූ 2021 වසරේදී මෙරට ආනයනයන් ඇමරිකානු ඩොලර් බිලියන 20.06 දක්වා 28.5% වර්ධනය වී තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මෙරට විදේශ ගනුදෙනු පිළිබඳ නිල සංඛ්‍යාලේඛන දත්ත මහ බැංකුව මගින් ඊයේ (11) ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුවයි සම්පූර්ණ වසරේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය හෙළිදරව් කෙරුණේ.

පසුගිය වසරේදී මෙරට ආනයනයන්ද ඩොලර් බිලියන 12.5 දක්වා 24.05% ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව ආනයන අපනයන වෙළඳ පරතරය ද 2020 වසරේ පැවති ඩොලර් බිලියන හයේ (6) සිට ඩොලර් බිලියන 8.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ සංචාරක ක්‍ෂේත්‍රයේ ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 61.7 කින් පහත වැටී ඇති අතර, විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවූ ප්‍රේෂණ ද සියයට 22.7 කින් පහත වැටී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ දත්ත මගින් පෙනී යන්නේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ 2020 දෙසැම්බරයේ සටහන් වූ ඩොලර් මිලියන 813 ට සාපේක්ෂව ඩොලර් මිලියන 325 දක්වා සියයට 60 කින් පහත වැටීම විශේෂත්වයක්.

***************************************

අනවසර විදුලි රැහැනට බිලි ව දෙදෙනකු (2) මරුට

(12.02.2022 – 09:07 +0530 – hirunews.lk/sinhala)

පැල්මඩුල්ල – බටලන්ද ප්‍රදේශයේ වෙල්යායක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (11) රාත්‍රියේ මොවුන් දෙදෙනා (2) පතල් කැපීම සඳහා එම වෙල් යාය හරහා ගමන් කිරීමේදී මෙම අනතුරට මුහුණදී ඇති බවයි.

පසුව ඔවුන් කහවත්ත රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා (2) මියගොස් ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 28 සහ 38 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් (2) ෴

***************************************

ඉන්දියානු සංචාරකයන්ට වරප්‍රසාදයක්

(12.02.2022 – 10:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයෙන් අඩාල වූ මෙරට සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීමේ පියවරක් ලෙස ඉන්දියානු සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණ සිය වීසා බලපත් ලබා ගැනීමේ පහසුකම ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඉන්දියාව මෙරට විශාලතම සංචාරක වෙළඳපොල වන අතර, පසුගිය වසරේදී ද මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 42 ක් ඉන්දියානුවන්.

ශ්‍රී ලංකාවට පැමිණ වීසා බලපත් ලබා ගැනීමේ පහසුකම මීට පෙර යුරෝපීය රටවලට ලබා දී තිබූ අතර ඉන්දියාව ද ඒ සඳහා එක් කළ බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනයේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු සඳහන් කළේ ෴

***************************************

ඉන්ධන මිල ඉහළ නැංවීමට සංස්ථාව යළි අවසර ඉල්ලයි

(12.02.2022 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට අදාළව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළිත් වරක් රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල වෙත මෙම යෝජනාව යොමුකළ බවයි.

කෙසේ වෙතත් අදාළ යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද ඔහු සඳහන් කළා.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාව දැඩිව මතුවී ඇති බවද සභාපතිවරයා පෙන්වා දුන්නා.

එසේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඩීසල් ලීටරයක් වෙනුවෙන් මේ වනවිට රුපියල් 50 කට ආසන්න පාඩුවක් සහ පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 15 කට ආසන්න පාඩුවක් දරණ බවයි එහි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඩීසල් ලීටරයකින් රුපියල් 35 ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් පහක් (5) පාඩු ලබන බව ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දී තිබූ බවයි.

මේ අතර ‘ලංකා අයි.ඕ.සී.’ සමාගම පසුගිය හයවනදා (06) මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කළේ සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමටයි ෴

***************************************

හවුල්කාර පක්ෂවල යෝජනා ඉදිරි සති දෙකේදී (2) ආණ්ඩුවට

(12.02.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala)

රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සකස් කරන ලද යෝජනාවලිය ඉදිරි සති දෙකේදී 92) ආණ්ඩුවට භාරදෙන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු කියා සිටියේ ඉන්පසු ජනතාව වෙතද එය ඉදිරිපත් කරන බවයි.

අදාළ යෝජනාවලිය සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අදහස් සහ යෝජනා එක්කර තිබෙනවා.

ඊට අදාළ තවත් සාකච්ඡාවක් ලබන අඟහරුවාදා ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේ දී පැවැත්වීමට ද නියමිතයි.

පවතින ඩොලර් අර්බුදය, විදුලි සහ ඉන්ධන අර්බුද සම්බන්ධයෙන් මෙන්ම ඉහළ යන ජීවන වියදම මගහරවා ගැනීමට අදාළ කරුණු මෙම යෝජනාවලියට ඇතුළත් බවයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *