ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්මට පිටින් ගොස් අවුල් සහගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා… – බලශක්ති ඇමති උදය ගම්මන්පිල

ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්මට පිටින් ගොස් අවුල් සහගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා… – බලශක්ති ඇමති උදය ගම්මන්පිල

*********************************************

ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්මට පිටින් ගොස් අවුල් සහගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා… – බලශක්ති ඇමති උදය ගම්මන්පිල

(01.01.2022 – 14:10 +0530 – lankacnews.com)

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතාට සහ විදුලිබල අමාත්‍යවරයා ලෙස ගාමිණි ලොකුගේ මහතාට මේ මොහොතේ විදුලි අර්බුදයට ගත යුතු තීන්දු තීරණ පිළිබඳව තමා පුද්ගලිකව දැනුම් දී ඇතත් ඒ පිළිබඳව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීමට නොහැකි බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ වන විට ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට පිටින් යමින් අවුල් සහගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු පවසයි.

ආණ්ඩුවේ වැරදි විවේචනය කරමින් ආණ්ඩුව තුළ විපක්ෂයේ කාර්ය භාරය විමල් වීරවංශ මහතා සහ වාසුදේව නානායක්කාර මහතා සමග තමන් ඉටු කරමින් සිටින බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතාට සහ වාසුදේව නානායක්කාර මහතාට මෙන්ම තමන්ට ද ‘ආණ්ඩුව සහ ඇමති ධූර’ වලට වඩා රට වටිනා බව ඒ මහතා පැවසීය.

සිය අමාත්‍යධූරය නැති වුවත් – ආණ්ඩුව නැති වුවත් තමන්ට ‘රට නැති කර නොහැකි’ බව ඔහු කියා සිටී.

විමල් වීරවංශ මහතා, වාසුදේව නානායක්කාර මහතා සහ තමා එල්.එන්.ජී . සැපයුම සහ බලාගාර ඇමරිකානු සමාගමකට ලබා දීමට විරුද්ධව අධිකරණයට යෑම තුළිනන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩා ඇති බැවින් තිදෙනාම කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමේ තීන්දුව ජනාධිපති වරයාට ඕනෑම මොහොතක ගත හැකි බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට ඒක්වෙමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

***************************************

+ [ https://www.youtube.com/watch?v=Q2rx8d80vMo ]

***************************************

ශ‍්‍රී ලංකාව කළු කඩ ඩොලර්වලින් උතුරු කොරියාවෙන් ආයුධ ගත් බව බැසිල් පැවසුවා.. – විදෙස් මාධ්‍ය

(02.01.2022 – 09:20 +0530 – lankacnews.com)

කළු කඩයෙන් ඩොලර් ගෙන උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සදහන් කර ඇත.

2009 ට පෙර පැවැති යුද සමයේ ද හමුදාවට ආයුධ අවශ්‍ය වූ අවස්ථාවේ ඒ ආකාරයෙන් ආයුධ සපයා ගත් බව දිවයින පුවත්පත සමග කළ සාකච්ඡාවකදී ඔහු ඉඟි පල කර ඇත.

කෙසේ වෙතත් විදේශ අමාත්‍ය පීරිස් මහතා මෙම ප්‍රකාශය යළි සංශෝධනය කරමින් සඳහන් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා සමග තමන් මේ ගැන සාකච්ඡා කළ බවත් ඔහු එවැනි අදහසක් පළ කර නැති බවත්ය.

මුදල් අමාත්‍යවරයාගේ මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමතිය පළ කරමින් කියා සිටින්නේ උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීම පුදුමය දනවන ක්‍රියාවක් බවයි.

විදෙස් මාධ්‍ය ද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තා කරමින් කියා සිටියේ කලකට පෙර විකිලීක්ස් කේබල් හරහාද මේ ගැන හෙලිදරව් කර තිබූ බවයි.

දිවයින පුවත්පත සමග බැසිල් රාජපක්‍ෂ මහතා පල කර ඇති අදහස් මෙසේය :

ප‍්‍රශ්නය – වෙනසක් නැහැ. එහෙත් අපි ගත්ත විදේශ ණය ගෙවා ගන්න ගියාම සංචිතයෙන් තමයි ණය ගෙවන්නේ ?

පිළිතුර – ඒක මුදල් ඇමැතිවරයාට ණය ගෙවන අයට අයිති එකක්. මට අරකෙනුත් අරගෙන දෙන්න පුළුවන්. කවුද කියන්නේ බෑ කියල. මම යුද්දෙ යන කාලේ ඩොක්ටර් ජයසුන්දරවත් අයින් කරලා තිබිල තෙල් නැවට සල්ලි ගෙව්වේ මේ පිටකොටුවෙන් අරගෙන. හරියට සුමාන දෙකකට සැරයක් නැවක් එනකොට අපි ඩොලර් එකතු කරන්නේ සුමිත් අබේසිංහයි මායි ගිහිල්ල මේ පිටකොටුවේ ඉන්න මුදලාලිලාගෙන්. හැම මිනිහටම කෝල්ස් දීල අහනවා ඔයා ගාව ඩොලර් කීයක් තියෙනවා ද කියල අහල ගෙන්න ගන්නවා. එහෙම අරගෙන තමයි පෙට්‍රෝලියම් එකට දෙන්නේ.

ප‍්‍රශ්නය – එහෙම කරන්න පුළුවන් නම් හොඳයි ?

පිළිතුර – ඇයි බැරි එහෙම කරන්න? ඒක තමයි මෙවැනි වෙලාවක එතකොට ඇන්. ඇම්. පෙරේරා කළෙත් ඒකමනේ. ඇන්. ඇම්. කළෙත් එයා මැණික් කාරයන්ට යැව්වම වෙනම දුන්න මොකක්ද ක‍්‍රමයක් සල්ලි වගයක්, ඩොලර් වගයක්.

ඕක මෙහෙමයි. මේක සෙන්ට‍්‍රල් බෑන්ක් එක පැත්තෙනුයි ආණ්ඩුව පැත්තෙනුයි අවාසියි. හැබැයි රටක් හැටියට එහෙම බැහැ. මම කියන්නේ මට ඕන වැඩියෙන්ම ඩොලර් කොයි ක‍්‍රමයට හරි පිටරට ගිහින් උන්ඩියල් ක‍්‍රමයට හරි…. ඔයා කියන්න යුද්දේ යන වෙලාවේ බුෂ් මාස්ටර් ගන් එකට අපි පතුරම් ගත්තේ කොහොම ද? උතුරු කොරියාවෙන් ආයුධ ගත්තේ කොහොම ද? ඒ නිසා යුද්දෙට ගිය වෙලාවේ අපි සමහර ඒවා ගත්තේ ඔය බ්ලැක් මාකට් එකේ සල්ලි වලින්…. මේකයි ශ්‍යාම් මේකේ… එක පැත්තකින් බැලූවොත් හරි. නමුත් මගේ නම් අදහස කොහෙන් හරි රටට ඩොලර් එන්න ඕන.

***************************************

අනේ අපිව බේරගන්න. පිං සිද්ද වෙයි – අනාත වූ රට විරුවෝ – ඒජන්සි කාරයෝ කරන බලු වැඩ (01.02.2022)

+ [ https://www.facebook.com/rainbowagency.lk/ ]

***************************************

රාගම වෛද්‍ය පීඨයට ප්‍රහාරයක් – සිසුන් සිව්දෙනකු (4) වාට්ටුවට

(02.02.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

‍රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ අද (02) පෙරවරුවේ දී යි.

මෙලෙස ප්‍රහාරය එල්ල කර ඇත්තේ, පිටතින් පැමිණි පිරිසක් විසින් බවයි පොලීසිය පවසන්නේ.

මෙම ප්‍රහාරයෙන් වෛද්‍ය ශිෂ්‍යයින් සිව්දෙනකු (4) තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ පහරදීමට පැමිණි එක් අයෙකු රාගම පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වැඩි විස්තර :

මේ අතර, රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට පහරදීම සඳහා පිරිස පැමිණි මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ අදාළ මෝටර් රථය පොල් සංවර්ධන අධිකාරියට අයත් එකක් බවට දැනට හදුනාගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

මේ අතර, මෙම පහරදීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇති බවට ද සිසුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී ඇති බවයි පොලීසිය සදහන් කළේ ෴

++++++++

කවුරු කළත්, අත්අඩංගුවට ගන්නවා – මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර

(02.02.2022 – 15:19 +0530 – hirunews.lk/sinhala)

කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයට පිරිසක් ඇතුළු වී වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිදුවීමට සම්බන්ධ අයවළුන් හට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට තමා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

අදාළ පහරදීම පිළිබඳව සියලු සාක්ෂි පොලිසිය සතුව මේ වන විට ඇති බවත්, ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා සියළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවත් ඇමතිවරයා පවසනවා.

ඇමතිවරයා මෙම අදහස් පැවසූවේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනුයි.

කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයට පිරිසක් ඇතුළු වී වෛද්‍ය සිසුන්ට පහරදීමක් කළ බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් විධිමත් හා පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට තමා විසින් පොලිස්පති වෙත උපදෙස් ලබාදුන් බවත් ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු යටතේ කැළණිය පොලිස් කණ්ඩායම් දෙකක් (2) යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයකට අයත් මෝටර් රථයක් හා එහි රියදුරු, සිසුන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන රාගම පොලිසිය වෙත භාර දීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ සියලු සැකකරුවන් සොයා පූර්ණ පරීක්ෂණයක් කිරීමට කටයුතු කරන බවත් ඊට අදාළ පුද්ගල සාක්ෂි හා විද්‍යාත්මක , තාක්ෂණික සාක්ෂි ඔස්සේ ද පරීක්ෂණ කරන බවත් ඇමතිවරයා පවසනවා ෴

++++++++

වෛද්‍ය සිසුන්ට පහර දීමේ සිදුවීම පිටුපස සිටින දේශපාලන හස්තය කවුද ?

(02.02.2022 – 15:44 +0530 – hirunews.lk/sinhala)

රාගම වෛද්‍ය පීඨයේ සිව්වන (4) වසරේ වෛද්‍ය පීඨ සිසුන් විසින් තෙවැනි (3) වසරෙහි ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් හට ලබාදුන් උපදෙස්වලට උරණ වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සමග සමීප සබඳතා පවත්වන එක් (1) වෛද්‍ය සිසුවෙකු විසින් එම මැර බලය උපයෝගී කරගනිමින් මෙම පහරදීම තම දරුවන්ට සිදු කර ඇති බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ලිපියක් නිකුත් කරමින් ප්‍රකාශ කරනු ලබනවා.

ඔවුන් පවසන්නේ, අදාළ සිසුවා විසින් තම සහෝදරයින් වන් සිසුන් හට අමානුෂික අයුරින් මැර බලය භාවිත කරමින් මෙම නොමනා ක්‍රියාව සිදු කර ඇති බවයි.

කෙසේවෙතත්, සිදුවීම සිදුවන අවස්ථාවේ දී අදාළ අමාත්‍යවරයාගේ මැර පිරිසෙන් එක් (1) අයෙකු අල්ලාගත් සමස්ත සරසවි සිසුන් විසින් ඔහුව පොලීසියට භාර දී ඇති අතර, මේ වනවිට අනාවරණ වී ඇත්තේ, ඔහු රාජ්‍ය අමාත්‍යවරයාගේ සේවකයකු බවයි.

මීට පෙර රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල මෙවන් අයහපත් සිදුවීම් සිදු නොවී ඇති අතර, දෙමාපියන් ඉල්ලා සිටින්නේ විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් මෙන්ම වගකිව යුතු බලධාරින්ගෙන් තරාතිරම නොබලා මෙම සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

සහෝදරයින් විසින් උපදෙසක් ලබාදීම වරදක් ලෙස දකින මෙවන් මානසික රෝගීන් වන් පිරිස් මානසික වෛද්‍යවරයෙකුට යොමු කළ යුතු බව සඳහන් කරන දෙමාපියන් කියා සිටින්නේ, මොවුන් වැනි අයවලුන් වෛද්‍ය ක්ෂේත්‍රයට මෙන්ම ඔවුන් විසින් අනාගතයේ දී අසරණ රෝගීන්ට ද ප්‍රතිකාර කිරීම දැඩි අවදානම් සහගත විය හැකි බවයි.

කෙසේවෙතත් , අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු තරාතිරමක් නොබලා දඬුවම් කිරීමටත් නීතිය ක්‍රියාත්මක කිරීමටත් තමන් පොලිස්පතිවරායට උපදෙස් ලබා දී ඇති බව ද මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කළා.

++++++++++

02-02-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *