දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 14 ක් අවලංගු කෙරේ

දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 14 ක් අවලංගු කෙරේ

*********************************************

දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 14 ක් අවලංගු කෙරේ

(31.01.2022 – 10:43 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද (31) දිනයේ දුම්රිය ගමන් වාර 14 ක් අවලංගු කර තිබෙනවා.

මේ අතර අද (31) දක්වා බලාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබන මස 28 වන දා දක්වා දීර්ඝ කිරීමට යි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන ඇත්තේ.

පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කළ අතර, නැවත සංශෝධනයන්ට යටත්ව එය, දීර්ඝ කරන බවයි කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ.

දීර්ඝ කාලයකට පසු මෙරට දෛනික ආසාදිත සංඛ්‍යාව ඊයේ (30) දහසේ සීමාව ඉක්මවා ගොස් 1,056 ක් ලෙස සටහන් වුණා.

දෛනික ආසාදිතයන්ගේ ඉහළ යාමට සාපේක්ෂ ව කුඩා දරුවන් අතර ද කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ.

මාරවිල ප්‍රදේශයේ වයස අවුරුදු 11 ක පාසල් දැරියක්ද කොරෝනා ආසාදනය වීමෙන් මියයාමේ පුවතක් වාර්තා වූ අතර, රෝහල් ගතකර දිනක් තුළ එම මරණය සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

අද (31) පැවති මාධ්‍ය හමුවක දී රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන්ට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන ලෙසයි.

මේ අතර දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 14 ක් අවලංගු කෙරුණා.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය හයක් (6), කැලණිවැලි මාර්ගයේ දුම්රිය දෙකක් (2), පුත්තලම මාර්ගයේ දුම්රිය තුනක් (3), උතුරුමැද මාර්ගයේ කුරුණෑගල දක්වා ධාවනය වන එක් (1) දුම්රියක් මෙලෙස අවලංගු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++

විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් යළි සේවයට කැඳවීමේ තීරණයක්

(31.01.2022 – 14:00 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට කැඳවීමට පියවර ගන්නා බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ඩී.ජී. සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

දුම්රිය නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් එම කැඳවීම සිදු කරන බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිටත් අමාත්‍ය මණ්ඩලයට යොමුකර ඇති බවයි ඔහු සඳහන් කළේ.

දුම්රිය නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගු වීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා ෴

++++++++++++

සිව් (4) මසකට පසු දහස පැන්න කොවිඩ්

(31.01.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1000 ඉක්මවා වාර්තා වුණා.

මෙලෙස ආසාදිතයින් 1000 සීමාව ඉක්මවා වාර්තා වී ඇත්තේ මාස 4 කට පසුවයි.

මේ අතර අසල්වැසි ඉන්දියාවේ නවදිල්ලි නගරය, කේරල සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත තුළ ඔමික්‍රොන් ආසාදිතයින් වාර්තාවීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මාස 4 කට පසු යළිත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1000 ඉක්මවා වාර්තා වුණා.

ඒ ඊයේ (30) නව ආසාදිතයින් 1056 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.

ඒ අනුව මෙරටින් සමස්ත කොවිඩ් ආසාදිතයින් 6,09,047 ක් දක්වා ඉහළ ගියා.

මීට පෙර මෙරට තුළ දෛනික ආසාදිතයින් 1000 ඉක්මවා අවසන්වරට වාර්තා වී තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් 27 වැනිදාවන අතර එම සංඛ්‍යාව දැක්වුණේ 1078 ක් ලෙසයි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) තහවුරු කරන ලද මරණ 20 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,420 ක් ලෙසයි දැක්වුණේ.

ආසාදිතයින් යම් වැඩිවීමක් පෙන්නුම් කළ ද තවමත් එම තත්ත්වය පාලනය කළ හැකි මට්ටමක පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

මේ අතර ඔමික්‍රොන් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගියද වාර්තාවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් නොමැති බව කාසල් රෝහලේ විශේෂඥ වෛද්‍ය සමන්ත කුමාර පවසනවා.

කෙසේ වෙතත් පවතින තත්ත්වය මඟහරවා ගැනීම සඳහා නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එන්නත් මාත්‍රාව ලබාගැනීමට කටයුතු කරන ලෙසයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මේ අතර අසල්වැසි ඉන්දියාවෙන් වාර්තාවන ඔමික්‍රොන් ආසාදිතයින් ගණන ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එරටින් වැඩිම ආසාදිතයින් වාර්තාවන්නේ නවදිල්ලි නගරය, කේරලය සහ මහාරාෂ්ට්‍රය තුළිනුයි.

පවතින තත්ත්වය මඟ හරවා ගැනීමට නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කඩිනමින් එන්නත් ලබාදීමට පියවර ගත යුතු බව ද එරට ප්‍රාන්ත රජයන් නිවේදනය කර තිබෙනවා.

කැනඩාව තුළ පනවා ඇති කොවිඩ් සීමාවලට එරෙහිව එරට ජනතාව විරෝධතාවල නිරතවන අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 381 ක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,78,432 ක් ෴

+++++++

සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි දීර්ඝ කෙරේ

(31.01.2022 – 14:11 +0530 – hirunews.lk/sinhala)

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි දීර්ඝ කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, කොවිඩ්-19 මර්දනයට අදාළ චක්‍රලේඛය පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය හේමන්ත හේරත් :

“සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කරන මාර්ගෝපදේශ විටින් විට අපි අලුත් කරනවා. මේ දක්වා බලාත්මකව තිබුණේ, දෙසැම්බර් අග දී නිකුත් කරනු ලැබු ජනවාරි මස 31 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මාර්ගෝපදේශ චක්‍රලේඛයයි. මේ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරලා තියෙනවා. විශේෂ හේතුවක් මත සමහර විට නැවත සංශෝධනයට යටත්ව ඉදිරියේ දී මේ පෙබරවාරි මාසය පුරාම මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයම බලාත්මක වෙනවා. ඒ වගේම මේ දක්වා පනවා ඇති සීමාවන් ඇතුළත කටයුතු කරන්න කියලා අපි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”

++++++++++++

නිහාල් නෙල්සන්ට කොරෝනා

(31.01.2022 – 17:30 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ බයිලා ගායක නිහාල් නෙල්සන් කියන්නෙ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ‘ලස්සනට පිපුණු’, ‘බයිලා වෙන්දේසිය’, ‘කාවඩි බයිලා’ වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ ඔහු ප්‍රසංග වේදිකාවටත් නැතුවම බැරි කෙනෙක්.

නමුත් හිටි හැටියේ ඔහු ගැන කණගාටුදායක පුවතක් අපිට අහන්න ලැබුණා.

නිහාල් නෙල්සන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර, ඒ ගැන දැනුම්වත් කරමින් ඔහු මුහුණූ පොතට සටහනක් ද එක් කර තිබුණා.

එම සටහන පහතින් :

= මාගේ සියළු හිතමිත්‍රාදීන් දැනුවත් කිරීම උදෙසා මෙම සටහන තබමි =

මා හට covid-19 රෝගය ආසාදනය වී ඇති බව ඊයේ (30) දින සිදුකල පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බැවින් මේ වන විට මා වෛද්‍ය උපදෙස් මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිමි.

ඒබැවින් පසුගිය දින කිහිපය තුල මා හමුවූ සියළු දෙනා‌ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේනම් මැනවි. මෙම අවස්ථාවේදී ඔබ විසින් ලබා දෙනු ලබන දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමට නොහැකි වීම සම්බන්ධයෙන් මාගේ කණගාටුව.. විශේෂයෙන් ‌රෝහල් අධ්‍යක්ෂකතුමිය, වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයටත් ‌මා රෝහල් ගතවූ විගසම ඒ බව කිසියම් ආකාරයකින් සැලවී සියළු කාර්යන් පිළිබඳව සොයා බලා මා හට දැක්වූ සහයෝගය පිළිබඳව ගායක ගායිකා සංගමයේ සභාපති ගරු Janaka Wickramasinghe මල්ලිටත් මා හිතවත් ‌වෛද්‍ය Ajith Bandara මල්ලිටත් බොහොම ස්තූතියි…. සියළු දෙනාටම බුදු සරණයි. දෙවි පිහිටයි.

++++++++++++

ඔමික්‍රොන් ප්‍රභේදයේ ඥාතියා ගැන විද්‍යාඥයන් අවධානයෙන්

(31.01.2022 – 18:08 +0530 – hirunews.lk/sinhala)

සීග්‍ර සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඔමික්‍රොන් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් පිළිබදව විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

දකුණු අප්‍රිකාවෙන් මුල් වරට සොයා ගැනුණු ඔමික්‍රොන් ප්‍රභේදය බී-ඒ-එක (BA1)ලෙස හැදින්වෙන අතර බී-ඒ-දෙක (BA2) නැමති එහි අනු ප්‍රභේදයක් යුරෝපයේ සහ ආසියාවේ මේ වන විට සීග්‍රයෙන් පැතිරෙන බවයි අනාවරණ වී ඇත්තේ.

ගෝලීය වශයෙන් ජාන පරීක්ෂාවලින් තහවුරු කෙරුණු ඔමික්‍රොන් සාම්පලවලින් සියයට 98.8 ක්ම බී-ඒ-එක (BA1) ප්‍රභේදයයි.

එහෙත් ඩෙන්මාර්කයේ ඔමික්‍රොන් ආසාදියන්ගෙන් සියයට 82 ක්, එක්සත් රාජධානියේ සියයට 9 ක් සහ එක්සත් ජනපදයේ සියයට 8 ක් බී-ඒ-දෙක (BA2) ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූවන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

බී-ඒ-දෙක (BA2) ඔමික්‍රොන් අනු ප්‍රභේදය කොරෝනා පරීක්ෂණවලදී හදුනා ගැනීමට අපහසුවීම සහ බී-ඒ-එක (BA1) ප්‍රභේදය මෙන් එකහමාර (1½) ගුණයක් සම්ප්‍රේෂණය වීම දැනට හදුනාගෙන ඇති විශේෂතා වනවා.

කෙසේ නමුත් එමගින් කොරෝනා රෝගය දරුණුවීමේ හැකියාව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ෴

++++++++++++

ගර්භනී මව්වරුන් 500 කොරෝනා

(31.01.2022 – 19:38 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 500 දෙනෙකු පමණ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කළා.

එමෙන්ම, බී-ඒ-දෙක (BA2) ලෙස හැදින්වෙන ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් පිළිබදව විද්‍යාඥයන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (31) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ දෙවන (2) මාත්‍රාව ලබාගෙන මාස 3 ඉක්ම වූ ගර්භනී මව්වරුන්ට කොරෝනා තුන්වන (3) මාත්‍රාව ද ලබා ගත හැකි බවයි.

මේ අතර, ලබන සඳුදා (07) ආරම්භ වන උසස් පෙළ විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට කටයුතු යොදා ඇති ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී සිදුකෙරුණා.

කොරෝනා ආසාදිත විභාග අපේක්ෂක දරුවන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම හඳුනා ගත් රෝහල් කිහිපයක ප්‍රතිකාර පහසුකම් සහිතව විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා තිබෙනවා.

මේ අතර, මාරවිල රෝහලේදී කොරෝනා ආසාදිතව මිය ගිය පාසල් දැරිය දරුණු නිව්මෝනියා තත්ත්වයේ පසුවී ඇති බවට අනාවරණ වී ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියා.

එමෙන්ම, එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සාමාජිකයෙකු වන නුවන් තුෂාරට සහ පුහුණුකරුවෙකු වන දිල්ශාන් ෆොන්සේකාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් අද (31) දිනයේදී කොරෝනා ආසාදිතයින් 1082 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට මුලු කොරෝනා ආසාදිතයින් ගණන 6,11,185 ක් ෴

++++++++++++

ඔමික්‍රොන් ප්‍රභේදයේ ඥාතියා ගැන විද්‍යාඥයන් අවධානයෙන්

(31.01.2022 – 18:08 +0530 – hirunews.lk/sinhala)

සීග්‍ර සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඔමික්‍රොන් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් පිළිබදව විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

දකුණු අප්‍රිකාවෙන් මුල් වරට සොයා ගැනුණු ඔමික්‍රොන් ප්‍රභේදය බී-ඒ-එක ලෙස හැදින්වෙන අතර බී-ඒ-දෙක නැමති එහි අනු ප්‍රභේදයක් යුරෝපයේ සහ ආසියාවේ මේ වන විට සීග්‍රයෙන් පැතිරෙන බවයි අනාවරණ වී ඇත්තේ.

ගෝලීය වශයෙන් ජාන පරීක්ෂාවලින් තහවුරු කෙරුණු ඔමික්‍රොන් සාම්පලවලින් සියයට 98.8 ක්ම බී-ඒ-එක ප්‍රභේදයයි.

එහෙත් ඩෙන්මාර්කයේ ඔමික්‍රොන් ආසාදියන්ගෙන් සියයට 82 ක්, එක්සත් රාජධානියේ සියයට 9 ක් සහ එක්සත් ජනපදයේ සියයට 8 ක් බී-ඒ-දෙක ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූවන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

බී-ඒ-දෙක ඔමික්‍රොන් අනු ප්‍රභේදය කොරෝනා පරීක්ෂණවලදී හදුනා ගැනීමට අපහසුවීම සහ බී-ඒ-එක ප්‍රභේදය මෙන් එකහමාර (1½) ගුණයක් සම්ප්‍රේෂණය වීම දැනට හදුනාගෙන ඇති විශේෂතා වනවා.

කෙසේ නමුත් එමගින් කොරෝනා රෝගය දරුණුවීමේ හැකියාව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ෴

+

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

How Technology Changes Our Shopping Experience – Keells Sri Lanka (28.01.2022)

***************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *