පාර්ලිමේන්තුවේ කථානායකටත් කොරෝනා

පාර්ලිමේන්තුවේ කථානායකටත් කොරෝනා

*********************************************

පාර්ලිමේන්තුවේ කථානායකටත් කොරෝනා

(29.01.2022 – 06:54 +0530 – hirunews.lk/sinhala)

කථානායක මහින්ද යාපා අබේවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පෙරේදා (26) දින සිදු කරන කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි, කතානායකවරයාට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.

කතානායකවරයා සිය නිල නිවසේ දී ම නිරෝධායනයට ලක්වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කතානායක නිල නිවසේ සේවකයින් තිදෙනකුට (3) ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ව මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.

එමෙන්ම අදාළ සේවකයින්ගේ සමීපතමියින් වූ නිල නිවසේ ආරක්ෂක නිලධාරින් ද මේ වනවිට නිරෝධායන ක්‍රියාවලියට ලක් කර තිබෙනවා.

කෙසේවෙතත්, කතානායක මහින්ද යාපා අබේවර්ධනට වෛරසය ආසාදනය වුව ද බරපතළ තත්ත්වයක් නොමැති බවත්, මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය ද විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා.

කතානායකවරයා පූර්ණ එන්නත්කරණයට ලක් වූවෙක්.

ඒ අනුව පසුගිය දින කිහිපය පුරා කතානායකවරයා සමීපව ඇසුරු කළ අය සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

පසුගිය සතියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළට ද කොරෝනා වෛරසය ආසාදනය වුණා.

ඊයේ (28) දින සමගි ජන බලවේගයේ මන්ත්‍රී කුමාර වෙල්ගමට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු 44 කට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති අතර, කතානායකවරයා සමග 45 ක් දක්වා ඉහළ යනවා ෴

++++++++++++

මෙරටින් තවත් ඔමික්‍රොන් ආසාදිතයින් 82 ක්

(29.01.2022 – 09:00 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් ඔමික්‍රොන් ආසාදිතයන් 82 කු හඳුනාගත් බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.

පරීක්ෂාවට ලක් කෙරුණු සාම්පල 88 ක් අතුරින් එම ඔමික්‍රොන් ආසාදිතයන් හඳුනාගැනුනු අතර, ඉතිරි සාම්පල හය (6) ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් ලෙසයි, හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව, මේ වනවිට ඔමික්‍රොන් ප්‍රභේදය මෙරට ප්‍රමුඛතම කොරෝනා වෛරස ප්‍රභේදය බවට පත්ව ඇති බව, ආචාර්ය චන්දිම ජීවන්දර තහවුරු කළා.

කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳහන් කළේ, මේ වනවිට වාර්තා වන ආසාදිතයන් ගෙන් සියයට 95 ක්ම ඔමික්‍රොන් ආසාදිතයන් බවයි.

මේ අතර, කථානායකතුමාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට, වාර්තා වනවා.

ඊයේ (28) සිදුකළ කොරෝනා පරීක්ෂාවකදී මේ බව තහවුරු වූ බවයි, කථානායකවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව, ඊයේ (28) වාර්තාවීමත් සමඟ පසුගිය සති කිහිපය තුල කොරෝනා වැළඳුණු මැති ඇමතිවරුන් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, අදට (29) යෙදී ඇති එන්නත්කරණ වර්ෂ පූර්ණය වෙනුවෙන් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කේන්ද්‍ර කරගනිමින් ප්‍රාදේශීය මට්ටමින් උත්සව සංවිධානය කර තිබෙනවා.

මේ වනවිට මෙරට තුළ එන්නත් වර්ග පහකින් (5) මාත්‍රා 3,56,34,497 ක් පසුගිය වසර තුළ ලබාදී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ, සයිනොෆාම් එන්නත් මාත්‍රා 2,30,29,353ක්, ෆයිසර් එන්නත් මාත්‍රා 77,98,598 ක්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 28,99,460 ක්, මොඩර්නා එන්නත් 5,92,162 ක් සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා 3,14,924 ක් ලබාදී ඇති බවයි ෴

+++++++++++

මෙරට එන්නත්කරණය අරඹා වසරක් සපිරේ

(29.01.2022 – 10:00 +0530 – hirunews.lk/sinhala)

අදට (29) යෙදී ඇති එන්නත්කරණ වර්ෂපූර්ණය වෙනුවෙන් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කේන්ද්‍ර කරගනිමින් ප්‍රාදේශීය මට්ටමින් උත්සව සංවිධානය කර තිබෙනවා.

මේ අතර මෙරටින් තවත් ඔමික්‍රොන් ආසාදිතයන් 82 කු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.

පරීක්ෂාවට ලක් කෙරුණු සාම්පල 88 ක් අතුරින් එම ඔමික්‍රොන් ආසාදිතයන් හඳුනාගැනුණු අතර, ඉතිරි සාම්පල හය (6) ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වූවන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

+++++++++++

තවත් ප්‍රබල අමාත්‍යවරයෙකුටත් කොරෝනා

(29.01.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ බව අද (29) තහවුරු වී ඇති බවයි ඔහුගේ ලේකම්වරයෙකු සඳහන් කළේ.

මේ අතර, කථානායක මහින්දයාපා අබේවර්ධන මහතාටද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

පෙරේදා (26) දින සිදු කරන කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි, කතානායකවරයාට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.

කතානායකවරයා සිය නිල නිවසේ දී ම නිරෝධායනයට ලක්වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කතානායක නිල නිවසේ සේවකයින් තිදෙනකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ව මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.

එමෙන්ම අදාළ සේවකයින්ගේ සමීපතමියින් වූ නිල නිවසේ ආරක්ෂක නිලධාරින් ද මේ වනවිට නිරෝධායන ක්‍රියාවලියට ලක් කර තිබෙනවා.

කෙසේවෙතත්, කතානායක මහින්ද යාපා අබේවර්ධන හට වෛරසය ආසාදනය වුව ද බරපතළ තත්ත්වයක් නොමැති බවත්, මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය ද විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා.

කතානායකවරයා පූර්ණ එන්නත්කරණයට ලක් වූවෙක්.

ඒ අනුව පසුගිය දින කිහිපය පුරා කතානායකවරයා සමීපව ඇසුරු කළ අය සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

පසුගිය සතියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළට ද කොරෝනා වෛරසය ආසාදනය වුණා.

ඊයේ (28) දින සමගි ජන බලවේගයේ මන්ත්‍රී කුමාර වෙල්ගමට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා.

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු 45කට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති අතර, කතානායකවරයා සමග 46ක් දක්වා ඉහළ යනවා.

මේ අතර මෙරටින් නව ඔමික්‍රොන් ආසාදිතයින් 82 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලුදෙනාම බස්නාහිර පළාතට අයත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කර අදට වසරක් සපිරෙනවා. මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ වූයේ මී වසරකට පෙර අද (29) වැනි දිනකයි.

මේ අතර ගෙවුණු දිනයේදීත් නව කොවිඩ් ආසාදිතයින් 991 ක් වාර්තා වුණා.

මෙලෙස 900 ඉක්මවා ආසාදිතයින් වාර්තා වුණේ අඛණ්ඩව 3 වැනි දිනටයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,08,065 ක් දක්වා ඉහළ ගියා. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,386 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (28) වාර්තා වූ කොවිඩ් මරණ 17 ත් සමගයි.

මේ අතර දකුණු අප්‍රිකාවේ වවුල් විශේෂයක් තුළ නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා.

චීනයේ වූහාන් හි වෛද්‍ය විශේෂඥයින් විසින් හඳුනාගත් මෙම නව ප්‍රභේදය නම්කර ඇත්තේ ‘නියෝකෝව්’ ලෙසින්.

එය 2012 වසරේදී මැදපෙරදිග කලාපයේ පැතිර ගිය ‘මර්ස්’ වෛරසයට සමානකම් පෙන්වන බවටද ඔවුන් විසින් හඳුනාගෙන තිබෙනවා.

පවතින කොවිඩ් ප්‍රභේදයට වඩා ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන මෙම ප්‍රභේදය මාරාන්තික විය හැකි බවත්ල එය මිනිස් ශරීරයට එක්වූ පුද්ගලයින්ගේ 35% ක් මියයාමේ ප්‍රවණතාවක් පවතින බවත් අදාළ විශේෂඥයින් විසින් මේවන විට තහවුරු කරගෙන තිබෙනවා.

කෙසේ නමුත් තවමත් මෙම වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වී ඇතිවීමේ හැකියාවක් ඇතැයි අනාවරණ වී නැහැ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ‘නියෝකෝව්’ වෛරසයෙන් මිනිසාට පවතින අවදානම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි.

+++++++++++

තවත් කොරෝනා මරණ 14 ක්

(29.01.2022 – 17:31 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 14 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (28) තහවුරු කර ඇති බවයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,400 ක් ෴

++++++++++

එන්නත්කරණ වර්ෂ පූර්ණ ජාතික සැමරුම් උළෙල අමාත්‍ය කෙහෙළියගේ ප්‍රධානත්වයෙන්

(29.01.2022 – 19:20 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම කොරෝනා ආසාදනය වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුලත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම මෙරට කොරෝනා මර්ධන එන්නත්කරණයට වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු සැමරුම් උත්සව අද දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වුණා.

එන්නත්කරණ වර්ෂ පූර්ණ ජාතික සැමරුම් උළෙල අද පැවැත්වුනේ සෞඛ්‍ය අමාත්‍යංශයේදීයි.

ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන්.

මහා සංඝරත්නය ඇතුලු සර්ව ආගමික නායකයන් සහ සෞඛ්‍ය අංශ වල නියෝජිතයන් රැසක් ඊට එක්ව සිටියා.

මෙරට කොරෝනා මර්ධන එන්නත්කරණය ඇරඹුනේ ඉන්දියාවෙන් ලැබුනු කොවිෂීල්ඩ් එන්නත් පරිත්‍යාගය සමගයි.

ඒ අනුව මෙරට එන්නත්කරණය නිල වශයෙන් ආරම්භ කරමින් පසුගිය 2021 වසරේ ජනවාරි 29 වනදා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙරට ප්‍රථම කොරෝනා මර්ධන එන්නත් මාත්‍රාව ලබා ගත්තා.

++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 982 ක්

(29.01.2022 – 20:08 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 982 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,09,047 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ශ්‍රි පාද රක්ෂිතය තුළ විශාල වන විනාශයක්

(29.01.2022 – 11:00 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේවැල්වත්ත අළුපොල ප්‍රදේශය හා බලංගොඩ වලේබොඩ පූදේශයේ ශ්‍රිපාද රක්ෂිතය දැඩි ලෙස විනාශ කර තිබෙන බවට වාර්තා වනවා.

රක්ෂිතය තුල තිබෙන විශාල ගස් කපා විනාශ කර රක්ෂිතයේ ඉඩම් අත්පත්කර ගෙන ඇති බවත් බලංගොඩ, වලේබොඩ ප්‍රදේශයේ සිට වැවල්වත්ත අළුපොල ප්‍රදේශය දක්වා රක්ෂිතය තුල මාර්ගයක් ද සකස්කර තිබෙන බවත් දැක ගත හැකි වන බවයි, අප වාර්තාකරු සදහන් කළේ.

මෙම රක්ෂිතය විනාශ කිරීම නිසා සමනල වැව නැතිනම් වලවේ ගග ජල පෝෂක ප්‍රදේශයන් සහ කලූගගේ ජලපෝෂක ප්‍රදේශයන් ද විනාශ විම තුළින් අළුපොල ඇල්ල සිදීයාමේ තර්ජනයකටයි මූහූණ දී ඇත්තේ.

ජල පෝෂක වනාන්තර ප්‍රදේශයක් වන ශ්‍රිපාද රක්ෂිතය දැඩි ලෙස විනාශ කිරීම නිසා අළුපොල ප්‍රදේශයේ පවුල් 200 කට පමණ ජලය ලැබෙන ජල මූලාශ්‍ර වල ජලය සිදී ගොස් ඇති අතර, ඊට අමතරව රක්ෂිතය සුද්ද කර තේ වගා කර තිබෙනවා සේම තේ වගා කිරිමට සැරසෙන ආකාරයද දැක්වෙන කුඩා ප්‍රමාණයේ නිවාස ද ඉදිකරන ආකාරය දක්නට ලැබෙන බව හිරු මාධ්‍ය වාර්තාකරු සදහන් කළා.

රක්ෂිතය විනාශ කිරීම තුළින් කලු ගගේ ජල මූලාශ්‍ර හා වලව ගගේ ජල මූලාශ්‍ර විනාශ වී යන බවටයි, ගම්වාසීන් මැසිවිලි නගන්නේ.

ඔවූන් ඉල්ලා සිටින්නේ, කෙසේ හෝ මේ වන විනාශය නතර කරදෙන ලෙසත් මේ පිළිබඳ අදාල බලධාරින්ට දැන්වූවත් පලක් නොවූ බවත් ඊට කඩිනම් විසදම් ලබාදෙන ලෙසයි.

***************************************

විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කරන්නැයි ඇඟලුම් කර්මාන්තකරුවන් ඉල්ලයි

(29.01.2022 – 11:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට අපනයන ආදායමෙන් වැඩි කොටසකට දායක වන ඇඟළුම් කර්මාන්තයේ වර්ධනය සඳහා දැනට ක්‍රියාත්මක විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කළ යුතු බව, ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත සම්මේලන සංසදය පවසනවා.

එහි නව සභාපති ෂරාඩ් අමලීන් ප්‍රකාශ කළේ, ගෝලීය වසංගතය තුළින් මතුවී ඇති අවිනිශ්චිතභාවය හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තයේ සියලු පාර්ශවකරුවන් එකමුතුව කටයුතු කළ යුතු බවයි.

මේ නිසා, මෙරට ඇඟලුම් කර්මාන්තයේ තිරසර වර්ධනය සහතික කිරීම සඳහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම සඳහා අදාළ රෙගුලාසි ලිහිල් කරගැනීම පිළිබඳ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බවද ඔහු සඳහන් කළා.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව ඇඟළුම් අපනයනයෙන් ඉපයූ ආදායම ඩොලර් බිලියන 5 කට ආසන්නයි.

එමෙන්ම 2021 වසරේදී පෙර වසරට සාපේක්ෂව මෙරට ඇඟළුම් අපනයනය සියයට 25 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා ෴

***************************************

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක් !

(29.01.2022 – 11:33 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා මේ වනවිට හටගෙන ඇති විදුලි අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස විදුලිය පරිභෝජනය අරපිරිමැස්මෙන් සිදු කරන ලෙස විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු අධිකාරිවරුන්ගේ සංගමයේ ලේකම් නලින් හේවාපටබැඳිගේ ඉල්ලීමක් සිදු කරනවා.

විදුලි ජනන යන්ත්‍ර ඇති පිරිස් ඒවා භාවිත කර විදුලිය ලබා ගැනීමට පෙළෙඹෙන ලෙස පවසන ලේකම්වරයා කියා සිටින්නේ, විදුලිය අධික ලෙස පරිභෝජනය කරන අවස්ථාවේ දී ඒවා සැලකිලිමත් ලෙස භාවිත කරන ලෙසයි.

ලංකා විදුලිබල මණ්ඩලය පැය 24 පුරාම ජනතාවට විදුලිය සැපයීමට බැඳී ඇති අතර, එහෙත් රටේ පැන නැග ඇති මෙම අර්බුදකාරී වාතාවරණය තුළ කඩිනමින් ඊට විසඳුම් ලබාගත නොහැකි බවයි ඔහු පැවසුවේ.

දීර්ඝ කාලයක් පොසිල ඉන්ධන මත යැපීමට හැකියාවක් නොමැති අතර, එබැවින් නියත වශයෙන් ම පුනර්ජනනීය බලශක්ති වෙත ගමන් කළ යුතු බවයි ලංවිම ලේකම්වරයා කියා සිටින්නේ.

විදුලි බිඳවැටීම් රටපුරා අවස්ථා දෙකක් (2) මෑතකදී වාර්තා වූ බවත්, ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කර වාර්තාවක් ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් කළ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ එම කටයුතු සඳහා මේ වනවිට කමිටුවක් පත් කර ඇති බවයි.

මීට පෙර ද මෙවැනි අක්‍රමිකතා සිදුව ඇති අතර, ඒවා ගැන විමර්ශනය කිරීමට පත් කළ වාර්තා නිසි අයුරින් සමාජගත නොවීම ද මෙවැනි ක්‍රියා යළි යළි ඇතිවීමට හේතුවක් වන බව පෙන්වා දෙන ලේකම්වරයා පැවසුවේ, වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා දැයි මහජනතාව විසින් මහජන උපයෝගීතා කොමිසම දෙස වෘත්තීය සමිති සමග එක්ව මහත් අවධානයෙන් බලා සිටින බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *