ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක්

ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක්

*********************************************

ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක්

(28.01.2022 – 07:33 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක් හඳුනා ගැනුණා.

එමෙන්ම, ජනවාරි පළමු (01) වැනි දා සිට 20 වැනි දා දක්වා ප්‍රමාද වී වාර්තා කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරන ලද ආසාදිතයින් 1581 දෙනෙකු සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,07,104 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (27) මෙරටින් කොරෝනා මරණ 23 ක් වාර්තා වූ අතර, මුළු මරණ සංඛ්‍යාව ද මේ වනවිට දැක්වෙන්නේ 15,369 ක් ලෙස යි.

මේ අතර, කොරෝනා සහ ඩෙංගු උණ රෝග ලක්ෂණ සමාන බැවින් පැය 24 කට වඩා උණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිලන්ති සේනාරත්න ඉල්ලීමක් කරනවා.

වයස අවුරුදු 12 ත් 15 ත් අතර වයස කාණ්ඩයේ දරුවන්ට කොරෝනා දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය ඉදිරියේ දී ගනු ලබන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා ප්‍රකාශ කළා ෴

+++++++++++

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

(28.01.2022 – 06:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා.

ඔමික්‍රොන් ප්‍රභේදය නැවතත් ශීඝ්‍රයෙන් හිස ඔසවන බවක් පෙනෙන මොහොතක දී මීට පෙරත් පාර්ලිමේන්ති මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයින් කිහිප දෙනෙකුට ම කොවිඩ් ආසාදනය වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, රෝහිණී කවිරත්න ඇතුළු තවත් කිහිප දෙනෙකුට ම කොවිඩ් ආසාදනය වූ අතර, බූස්ටර් එන්නත් ලබා නො ගෙන අවදානම සුළුවෙන් තැකීම නුවණට හුරු නැති බව යි සෞඛ්‍ය අංශ නැවත නැවතත් අවධාරණය කරන්නේ ෴

++++++++++

ශ්‍රී ලංකාවෙන් හමු වූ පළමු කොරෝනා ආසාදිත පුද්ගලයාගෙන් ලංකාවාසීන් වෙත විශේෂ ඉල්ලීමක් !

(28.01.2022 – 09:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දනය කිරීම සඳහා රජය මගින් සිව්වැනි (4) මාත්‍රාවක් ලබා දෙන්නේ නම් එය ද ලබා ගැනීමට තමන් කිසිදු විටෙක පසුබට නොවන බව ශ්‍රී ලංකාවෙන් හමු වූ පළමු කොරෝනා ආසාදිතයා වන ජයන්ත රණසිංහ ප්‍රකාශ කරනවා.

මේ වන විට ජනතාව බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා මන්දගාමී තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි, ඔහු මේ බව පැවසුවේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමා ආසාදිතයකු ලෙස පළමු වරට හඳුනාගන්නා විට කිසිදු ඖෂධයක් සොයා ගෙන නොතිබුණු බවත්, ඒ වන විට එන්නත් සොයා ගෙන ද නොතිබුණු බවයි.

එවන් අසීරු තත්ත්වයකට සාපේක්ෂව මේ වන විට තාක්ෂණය දියුණු වී ඒ සඳහා එන්නත් ද සොයාගෙන ඇති අවස්ථාවක මරණයෙන් බේරීම සඳහා මෙවැනි එන්නත් ලබාදීම සම්බන්ධයෙන් තමා සතුටු වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම අනෙකුත් රටවල එන්නත ලබා ගැනීම සඳහා ජනතාව රජය පස්සේ යන අවස්ථාවක අපේ රටේ රජය ජනතාව පස්සේ බලෙන් අදාළ එන්නත්කරණයට යොමුකිරීමට සිදුව ඇති අයුරු දක්නට ලැබෙන බව ද ජයන්ත රණසිංහ පවසනවා.

මෙවැනි අවස්ථාවක පළමුවෙනි (1) මාත්‍රාව සහ දෙවැනි (2) මාත්‍රාව ලබා ගැනීමට ජනතාව දැක්වූ උනන්දුව තුන්වන (3) මාත්‍රාව ලබා ගැනීමට නොමැති වීම කනගාටුවට කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බුස්ටර් එන්නත ලබා ගැනීමෙන් පසු අස්ථි වේදනාව සහ සුළු රෝගී තත්ත්වයන් තමාට ද ඇති වූ බවත්, එය සාමාන්‍ය තත්ත්වයක් බවත්, එම නිසා බියකින් තොරව බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙසත් ජයන්ත රණසිංහ විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව නැවතත් වැඩි වෙමින් පවතින අවස්ථාවක රට නැවත පැරණි තත්ත්වයට නොයවා නිසි සෞඛ්‍ය පුරුදු රකිමින් බූස්ටර් එන්නත ලබා ගැනීම අප සැමගේම යුතුකමක් සහ ශ්‍රී ලාංකීය ජාතියේම වගකීම බව ද ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.

++++++++

බූස්ටරය නොගැහුවොත් දඩ ?

(28.01.2022 – 11:47 +0530 – hirunews.lk/sinhala)

තුන්වන (3) මාත්‍රාව ලෙස ලබා දෙන ෆයිසර් බයොන්ටෙක් එන්නත ලබා නොගන්නා පුද්ගලයන්ට දඩයක් ගැසීම පිළිබඳව, සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශය කරුණු සොයා බලමින් සිටින බව, වෛද්‍ය හේමන්ත හේරත් දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් සමග ප්‍රකාශ කර තිබුණා.

ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම්, පූර්ණ එන්නත්කරණය ඒ සදහා අත්‍යවශ්‍ය සාධකයක් වී ඇති බව, වෛද්‍යවරයා එහිදී පැවසුවා.

මේ වන විට වසංගතය යළි කෙමෙන් දරුණු අතට හැරෙමින් තිබෙන අතර, බූස්ටර් එන්නත ලබා ගැනීම සදහා ඇති මහජන උනන්දුව තවමත් ඇත්තේ අඩු මට්ටමක බවයි, ඔහු එහිදී පැවසුවේ.

බූස්ටර් එන්නත ලබා නොගන්නා පුද්ගලයන් දඩයකට යටත් කිරීම ලෝකයෙන් වෙනත් රටවල් විසින් ද කරනු ලබන බවත් උදාහරණයකට, ඉතාලියේ, වයස අවුරුදු පනහට (50) වැඩි පුද්ගලයන් බූස්ටර් එන්නත ලබා නොගෙන ඇත්නම්, ඔවුන්ගෙන් යුරෝ සීයක (100) දඩයක් අය කරන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී අවධාරණය කළා.

බූස්ටර් එන්නත ලබා නොගන්නා මෙරට පුද්ගලයන්ගෙන්ද දඩයක් අයකරනවානම්, එම දඩය අයකරනු ලබන්නේ කවර ආයතනයක් මඟින් ද යන්න පිළිබදව ද සොයාබලමින් සිටින බවයි, වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හේමන්ත හේරත් අදාල පුවත්පතට හෙළිඳරව් කළ සිටියේ.

++++++++

කොවිඩ් වැලඳුණු පසු දියවැඩියාව

(28.01.2022 – 11:48 +0530 – hirunews.lk/sinhala)

කෝවිඩ් රෝගය වැලඳුණු පුද්ගලයන් අතර කොවිඩ් රෝගය වැලඳී මාස තුනත් හයත් (3-6) අතර කාලයක් යන විට දියවැඩියා රෝගය ඉස්මතු වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පවසනවා.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරන්නේ කෝවිඩ් රෝගය වැළඳුණු පුද්ගලයින් මාස හයකට (6) පමණ පසු ඔවුන්ගේ රුධිරයේ සීනි පරිමාව පරික්ෂා කර ගැනීම යහපත් බවයි.

මීට පෙර දියවැඩියා අවදානමක් නොතිබුණු, පවුලේ කිසිවකුටත් දියවැඩියාව නොමැති, වයසින් අඩු පුද්ගලයින් පවා මෙලෙස අලුතෙන් දියවැඩියා රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ලෝකයේ දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පවසනවා.

වෛද්‍ය සුමනතිලක මේ අදහස් පළ කළේ, අද (28) උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ, Omicron ආසාදනයෙන් ගැලවීමට නම් අත්‍යාවශ්‍යයෙන්ම Booster එන්නත ලබාගත යුතු බවයි.

එම එන්නත ලබා ගැනීමෙන් අනතුරුව රෝගය ආසාදනය වුවද එම ආසාදන තත්ත්වය එතරම් බරපතළ අදියර කරා යොමු නොවන බවයි ඔහු අවධාරණය කළේ.

එමෙන්ම මේ වන විට අප රට කොවිඩ් අසාදිත වුවන් ගේ වර්ගීකරණයේ රතු කලාපයේ සිට කොළ කලාපයට පැමිණ ඇති බවත් දිවයින පුරා ඔමික්‍රොන් ප්‍රභේදය ශීඝ්‍රව පැතිර ගොස් නැවතත් අප රට රතු කලාපයක් බවට පත් වුව හොත් ඒය සංචාරක කර්මාන්තයට පවා බරපතළ හානි ගෙන දෙන කාරණයක් බවත් ඔහු සඳහන් කළා.

++++++++

එන්නත්කරණයට අදට වසරයි – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

(28.01.2022 – 12:12 +0530 – hirunews.lk/sinhala)

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත්, එතුළින් ඇති විය හැකි සංකූලතා සහ මරණය අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

එවැනි පුද්ගලයින් විසින් වෛරසය ආසාදනය වුව ද, පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇත්නම්, පරිසරයට මුදාහරින වෛරස ප්‍රමාණය අවම බවයි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයෙකු පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා ලබාගෙන තුන් (3) මසක් ගත වූ පසුව එහි බූස්ටර් මාත්‍රාවට යොමු විය යුතු අතර, වයස අවුරුදු 16 – 20 ත් අතර පසුවන දරුවන් හට පළමුවන (1) සහ දෙවැනි (2) එන්නත් මාත්‍රාව ලබාගෙන සති දෙකක් (2) ඉක්ම ගිය පසුව අදාළ බූස්ටර් එන්නතට යොමු විය යුතු බවයි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම වයස අවුරුදු 12 ට වැඩි දරුවන් එක් (1) මාත්‍රාවක් ලබාගෙන සති දෙකක් (2) ගතවූ පසුව දෙවැනි (2) මාත්‍රාවට යොමු කරන බව ද හෙතෙම අවධාරණය කරනවා.

මංගල උත්සව පැවැත්වීමට සහ අවසර ලබා දී ඇත්තේ, එම ස්ථානවල කොරෝනා වෛරසය පැතිර නොයාම නිසා නොවන බව පවසන වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටින්නේ, එලෙස ලබා දුන් අවසරය වගකීමෙන් සහ මනා සිහියෙන් යුතුව නිසි සෞඛ්‍ය උපදෙස්වලට අනුගත ව පැවැත්වීමට සැවොම ක්‍රියා කළ යුතු බවයි.

කොවිඩ් මර්දනයට එරෙහිව මෙරට තුළ එන්නත්කරණය ආරම්භ වී අද දිනට (28) වසරක් (1) සපිරෙන බව සිහිපත් කළ සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එම අවස්ථාව සිහිපත් කිරීම සඳහා හෙට (29) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මේ සඳහා ඇපකැප වෙමින් දායක වූ සියලුදෙනා ඇගයීමට පත් කිරීම මෙහි අරමුණ බවයි.

මේ වනවිට ඔමික්‍රොන් නව වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ලෝකයේ විවිධ රටවලින් වාර්තා වන අතර, අපේ රටට එවන් අවදානමක් නොමැති බවට තහවුරු කළ නොහැකි අතර, එබැවින්, එවැනි ඛේදනීය තත්ත්වයකට ඇද නොවැටීමට සියලු දෙනාම වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ද සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.

++++++++++++

ගැබිනි මව්වරුන්ට තර්ජනයක් වූ කොවිඩ්

(28.01.2022 – 14:18 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන්ගේ සංඛ්‍යාවේ ක්‍රමික ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර අඛණ්ඩව මාස කිහිපයකට පසු දෙවන දිනටත් දෛනික ආසාදිතයන් 900 ඉක්මවමින් ගෙවුණු දිනයේදීත් මෙරටින් වාර්තා වුණා.

මෙරට දෛනික ආසාදිතයන් 900 සීමාව ඉක්මවා වාර්තාවන්නේ අඛණ්ඩව දෙවන දිනටයි.

ඒ අනුව ඊයේ (27) දිනයේදී මෙරට තුළ සිදු කරන ලද කොවිඩ් පරීක්ෂණවලදී ආසාදිතයන් 942 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ සමඟම ජනවාරි පළමුවැනිදා සිට 20 වැනිදා දක්වාවන කාලය තුළදී ප්‍රමාද වී වාර්තා කරන ලද තවත් ආසාදිතයන් 1581 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,07,104 ක් දක්වා ඉහළ යනවා.

මේ වන විට කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් වාර්තාවීමද ක්‍රමිකව ඉහළ යමින් පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් සාර්ථක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන හමුවේ ගෙවුණු මාස 4 තුළ දී කොවිඩ් හේතුවෙන් කිසිදු මාතෘ මරණයක් වාර්තා වී නැහැ.

ගෙවුණු දිනයේදී බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රා 26,923 ක් ලබා දී තිබෙනවා.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය සඳහා ඉන්දියාවෙන් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා තොගයක් පළමු වතාවට මෙරටට ගෙන එනු ලැබුවේ මීට වසරකට පෙර අද වන් දිනකදීයි.

මේ අතර පෙරේදා දිනයට අදාළව කොවිඩ් මරණ 23 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (27) තහවුරු කිරීමත් සමග මෙරට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,369 ක් දක්වා ඉහළ යනවා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවලට ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ගෙවුණු දිනයේදී ගෝලීයව වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 35 කට අධිකයි.

මේ අතර ෆයිසර් සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන ඖෂධයකට යුරෝපා ඖෂධ පාලනාධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව පෙත්තක් ලෙස නිෂ්පාදනය කර තිබෙන මෙම කොවිඩ් ප්‍රතිශක්තිකරණ ඖෂධය අසාධ්‍ය මට්ටමේ සිටින රෝගීන්ට භාවිත කිරීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිෂංකර් මහතා ද තමන්ට කොවිඩ් ආසාදිත බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා ෴

++++++++++++

පාර්ලිමේන්තුවේ තවත් ප්‍රබලයෙකුට කොරෝනා

(28.01.2022 – 16:44 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මන්ත්‍රීවරයා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ.

අද (28) දින මන්ත්‍රීවරයාට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි මේ බව තහවුරු වී ඇත්තේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන වෙල්ගම කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන විපක්ෂ මන්ත්‍රීවරයෙක්.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවලටද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45 ක් වනවා.

මීට පෙර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට ද කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා.

පසුගිය සතියක කාලය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනෙකුට පමණ කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති අතර, ඊට වෛද්‍යවරුන් කිහිපදෙනෙකුද ඇතුළත්.

මේ අතර මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන්ගේ සංඛ්‍යාවේ ක්‍රමික ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර අඛණ්ඩව මාස කිහිපයකට පසු දෙවන (2) දිනටත් දෛනික ආසාදිතයන් 900 ඉක්මවමින් ගෙවුණු දිනයේදීත් (27) මෙරටින් වාර්තා වුණා.

මෙරට දෛනික ආසාදිතයන් 900 සීමාව ඉක්මවා වාර්තාවන්නේ අඛණ්ඩව දෙවන (2) දිනටයි.

ඒ අනුව ඊයේ (27) දිනයේදී මෙරට තුළ සිදුකරන ලද කොවිඩ් පරීක්ෂණවලදී ආසාදිතයන් 942 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ සමඟම ජනවාරි පළමුවැනිදා සිට 20 වැනිදා දක්වාවන කාලය තුළදී ප්‍රමාදවී වාර්තා කරන ලද තවත් ආසාදිතයන් 1581 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (27) තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,07,104 ක් දක්වා ඉහළ යනවා.

මේ වන විට කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් වාර්තාවීමද ක්‍රමිකව ඉහළ යමින් පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් සාර්ථක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන හමුවේ ගෙවුණු මාස 4 තුළදී කොවිඩ් හේතුවෙන් කිසිදු මාතෘ මරණයක් වාර්තා වී නැහැ.

ගෙවුණු දිනයේදී බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රා 26,923 ක් ලබාදී තිබෙනවා.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය සඳහා ඉන්දියාවෙන් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා තොගයක් පළමු වතාවට මෙරටට ගෙන එනු ලැබුවේ මීට වසරකට පෙර අද (ජනවාරි 28) වන් දිනකදීයි.

මේ අතර පෙරේදා (26) දිනයට අදාළව කොවිඩ් මරණ 23 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (27) තහවුරු කිරීමත් සමඟ මෙරට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,369 ක් දක්වා ඉහළ ගියා.

ගෙවුණු දිනයේදී ගෝලීයව වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 35 කට අධිකයි ෴

+++++++++++++

95% කට වඩා පැතිර යමින් පවතින්නේ ඔමික්‍රොන් බවට හෙළිවෙයි

(28.01.2022 – 18:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ මේ දිනවල පැතිර යන කොරෝනා වෛරස් ප්‍රභේදය ඔමික්‍රොන් වෛරසය බව සෞඛ්‍ය අංශ පවසනවා.

අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳහන් කළේ වාර්තාවන ආසාදිතයන්ගෙන් සියයට 95 ක් පමණ ඔමික්‍රොන් ආසාදිතයන් බවයි.

පර්යේෂණාගාර වාර්තාවලින් මේබව තහවුරු වී ඇති අතර ආසාදිතයන් වාර්තාවීම මෙන්ම රෝහල්ගත වීම් ද ඉහළ ගොස් ඇතැයි ඔහු සඳහන් කළා.

එමෙන්ම මේ දිනවල බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීමට ජනතාවගේ වැඩි උනන්දුවක් දක්නට ලැබෙන බව ද ඔහු පෙන්වා දෙනවා.

මේ අතර රට වැසීම ගැන මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

++++++++++++

තවත් කොරෝනා මරණ 17 ක්

(28.01.2022 – 19:20 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 17 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (27) තහවුරු කර ඇති බවය. අවුරුදු 30 ට අඩු එක් (1) පිරිමි මරණයක් ද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ ගණන 15,386 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *