කැලණිතිස්සට ඩීසල් භාවිතයෙන් දිනකට මිලියන 20 ක පාඩුවක්

කැලණිතිස්සට ඩීසල් භාවිතයෙන් දිනකට මිලියන 20 ක පාඩුවක්

*********************************************

කැලණිතිස්සට ඩීසල් භාවිතයෙන් දිනකට මිලියන 20 ක පාඩුවක්

(27.01.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

කැලණිතිස්ස බලාගාරයේ පවතින රජය සතු සංයුක්ත චක්‍රීය බලාගාරය ඩීසල්වලින් පමණක් ධාවනය කරවීම නිසා රජයට දෛනිකව රුපියල් මිලියන 20 ක පමණ පාඩුවක් සිදුවන බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව මාසිකව රජයට සිදුවන පාඩුව රුපියල් මිලියන 600 කට ආසන්න යි.

නැෆ්තා සහ ඩීසල් භාවිත කරමින් එම බලාගාරය ක්‍රියාත්මක කරවිය හැකියි.

සාපේක්ෂව නැෆ්තා භාවිත කිරීම ඩීසල් භාවිත කිරීමට වඩා ලාභදායී බැවින් එම බලාගාරයේ සම්පූර්ණ කටයුතු නැෆ්තාවලින් පමණක් සිදු කරන්නේ නම් එය රජයට වාසි සහගත වනවා.

කෙසේ වෙතත්, පසුගිය කාලවකවානුව තුළ දී එම බලාගාරය ක්‍රියාත්මක කර ඇත්තේ නැෆ්තා සහ ඩීසල් භාවිත කරමින්.

එහෙත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන්ම වසා දැමීම නිසා මේ වනවිට කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ඩීසල්වලින් පමණක් ධාවනය කෙරෙනවා.

එම බලාගාරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවීමට තරම් නැෆ්තා සපුගස්කන්ද තෙල් පිරිපහදුව හරහා ලබාගැනීමේ හැකියාවක් නැහැ.

ඒ අනුව හිඟ නැෆ්තා ප්‍රමාණය ආනයනය කිරීමට රජය කටයුතු කරන්නේ නම් ලාභදායී ලෙස විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව පවතිනවා.

කෙසේ වෙතත්, පසුගියදා සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීම හේතුවෙන් කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයට මීට පෙර භාවිත කළ අඩක් පමණ වූ නැෆ්තා නො ලැබී යාම නිසා දැන් එම බලාගාරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ඩීසල්වලින්.

මීට පෙර අඩක් නැෆ්තා භාවිත කළ වකවානුවේ, සම්පූර්ණයෙන්ම නැෆ්තා භාවිත නොකිරීම නිසා මාසිකව රජයට මිලියන 300 කට ආසන්න මුදලක් අහිමි වී තිබූ බව සඳහන්.

විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නොමැති වූවද රජයට අවශ්‍ය නම් ඩීසල් වෙනුවට නැෆ්තා ආනයනය කර එම බලාගාරය ක්‍රියාත්මක කළහොත් රජයට විශාල මුදලක් ඉතිරි කර ගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර, යළි විදුලි කප්පාදුවක් සිදු කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම අද (27) රැස්වී සාකච්ඡා කිරීමට නියමිත යි ෴

++++++++++++

විදුලිය කපන්නේ ද ? – දැනුම්දීම පස්වරුවේ

(27.01.2022 – 13:47 +0530 – hirunews.lk/sinhala)

පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කර යළි විදුලිය කප්පාදුවක් සිදුකරන්නේ ද නැද්ද යන්න පිළිබඳව අද (27) පස්වරුවේ දැනුම් දෙන බව මහජන උපයෝගිතා කොම්සම ප්‍රකාශ කළා.

මේ අතර බලශක්ති අමාත්‍යංශය පැවසුවේ මේ වනවිට අක්‍රීය කර ඇති කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයෙන් ඉල්ලීමක් කළහොත් අවශ්‍ය ඩීසල් ලබා දීමට සූදානමින් සිටින බවයි.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය ඊයේ (26) දහවල් අක්‍රීය කෙරුණු අතර, මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති විදුලි ධාරිතාව මෙගාවොට් 162 ක්.

මෙම බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 6 ක පමණ කාලයක් ගත වනු ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වසා දමා ඇති එම බලාගාරය වෙනුවට ඔවුන්ගේ යටතේ පවතින වෙනත් බලාගාරයකින් විදුලිය උත්පාදනයට හැකි නම් ඒ වෙනුවෙන් ඩීසල් ලබාදීමට සූදානම් බව බලශක්ති අමාත්‍යාංශය අප කළ විමසීමකදී සඳහන් කළා.

කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය සඳහා ලබාදීමට මේ වනවිටත් ඩීසල් තොගයක් ඛනිජතෙල් අමාත්‍යාංශය සූදානම් කර ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කර ඇතත්, මෙතෙක් ඊට පිළිතුරක් ලැබී නැහැ.

මේ අතර, වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් රැගත් නෞකාවක් අද (27) කොළඹ වරායට ළඟා වීමට නියමිතයි.

එමගින් දිවයිනට රැගෙන එන ‌බොරතෙල් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 90,000 ක්.

ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ලබන 30 වැනිදා ඇරඹීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ඩීසල් රැගත් නෞකාවක් ද මේ වනවිට කොළඹ වරායට පැමිණ ඇති අතර එමඟින් මුතුරාජවෙල – කෙරවළපිටියේ පිහිටි තෙල් පිරිපහදුව වෙත ඩීසල් පොම්ප කිරීමේ කටයුතු අද (27) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ඩොලර් අර්බුදයත් සමග බොරතෙල් මිල දී ගත නොහැකිව සපුගස්කන්ද පිරිපහදුව වැසී ගිය පසුබිමක මෙරට ඉන්ධන ආශ්‍රිත විදුලි උත්පාදන කටයුතු ද අර්බුදයකට පත්වීමෙන් විදුලි කප්පාදු කිරීම් සිදු කිරීමට පසුගිය දිනවල යෝජනා ඉදිරිපත් වුණා.

එලෙස ලංකා විදුලිබල මණ්ඩලය කළ විදුලි කප්පාදුවට අදාළ යෝජනාව සහ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් එම මණ්ඩලය අද (27) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම දැනුවත් කිරීමට නියමිතයි.

ඒ අනුව යළිත් විදුලි කප්පාදුවක් සිදු කෙරෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය අද (27) පස්වරුව වනවිට දැනුම් දෙන බවයි එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ.

++++++++++++

ත්‍රි’මලේ ඛනිජ තෙල් පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ගම්මන්පිල හමුවෙයි

(27.01.2022 – 14:55 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 61 ක කළමනාකරණය හිමිවන ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගමේ (Trinco Petroleum Terminal Ltd) අධ්‍යක්ෂක මණ්ඩලය හා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල අතර හමුවක් පසුගිය අඟහරුවාදා (25) පැවැත්වුණා.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා ද එක්වූ මෙම සාකච්ඡාවේ දී සමාගමේ නව සැලසුම් හා කාර්යභාරයන් පිළිබඳව සාකච්ඡා වුණා.

මෙම නව සමාගමේ සභාපති ධුරය ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ දරණ අතර ආචාර්ය ප්‍රභාත් සමරසිංහ, නීතිඥ භූපති කහතුඩුව, ඉංජිනේරු ධම්මික මල්ලිකාරච්චි ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නව සමාගමට පත්කළ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වනවා.

මනෝජ් ගුප්තා, අසීම් භාර්ගව, රාජේෂ් භගත් ලංකා ඉන්දියානු තෙල් සමාගම (LIOC) විසින් මෙම නව සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස පත් කර තිබෙනවා.

ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට 51% කොටස් හිමි තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක වනවා.

+++++++

මෙරටට ඉන්ධන ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 500 ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

එය නුදුරේදීම මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්ධන මිල දී ගැනීමට මෙලෙස ඉන්දියාවෙන් ණය මුදලක් අනුමතව ඇත්තේ, ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා ඇති දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන්.

කෙසේවෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ, ඉදිරියේ දී විදුලිය ද සෘජුව ඉන්දියාවෙන් ලබා ගැනීමට මේ වනවිට සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි.

+++++++

එළඹෙන සදුදා (31) දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා.

විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා එම කොමිසම අද (27) රැස්වු අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් හෙට (28) දිනයේදී මෙගවොට් 30 ක විදුලි අවශ්‍යතාවයක් පවතින බවත්, එය කළමනාකරණය කර ගන්නා ලෙසට උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.

වරින් වර දිවයින පුරා විවිධ අවස්ථාවලදී විදුලි කපාදුවක් සිදු කෙරුණා.

ඒ එම බලාගාරවලට විදුලි ජනන කටයුතු සඳහා අවශ්‍ය කරන ඩීසල් සහ නැෆ්තා නොමැති වීම හේතුවෙන්.

එමෙන්ම නිසි අයුරින් බලාගාර නඩත්තුවක් සිදු නොකිරීම සහ ඇතැම් දේශපාලන පත් කිරීම්වලට විරුද්ධව ද ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය විරෝධතා ඇරඹුවා.

මෙවන් පසුබිමකදීයි, රටේ වරින් වර කාණ්ඪ 04 කට බෙදා විදුලි කප්පාදුවක් සිදු වූයේ.

මේ අතර බලශක්ති අමාත්‍යංශය පැවසුවේ මේ වනවිට අක්‍රීය කර ඇති කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයෙන් ඉල්ලීමක් කළහොත් අවශ්‍ය ඩීසල් ලබා දීමට සූදානමින් සිටින බවයි.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය අක්‍රීය කර තිබුණේ ඊයේ (26) දහවල් කාලයේයි.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති විදුලිය ප්‍රමාණය මෙගාවොට් 162 ක්.

මෙම බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 6 ක පමණ කාලයක් ගත වනු ඇති බවටයි වාර්තාවන්නේ.

කෙසේවෙතත් වසාදමා ඇති එම බලාගාරය වෙනුවට ඔවුන්ගේ යටතේ පවතින වෙනත් බලාගාරයකින් විදුලිය උත්පාදනයට හැකිනම් ඒ වෙනුවෙන් ඩීසල් ලබාදීමට සූදානම් බව බලශක්ති අමාත්‍යාංශය අප කළ විමසීමකදී සඳහන් කළා.

කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය සඳහා ලබාදීමට මේ වනවිටත් ඩීසල් තොගයක් ඛනිජතෙල් අමාත්‍යාංශය සූදානම් කර ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කර ඇතත්ල මෙතෙක් ඊට පිළිතුරක් ලැබී නැහැ.

මේ අතර කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ සංයුක්ත චක්‍රීය බලාගාරය මේ වනවිට ඩීසල්වලින් පමණක් ධාවනය කරවීම නිසා රජයට දෛනිකව රුපියල් මිලියන 20 ක පමණ පාඩුවක් සිදුවන බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව රජයට මාසිකව සිදුවන පාඩුව රුපියල් මිලියන 600 කට ආසන්නයි.

සාමාන්‍යයෙන් කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ඩීසල් සහ නැෆ්තා යන ඉන්ධන දෙවර්ගයම භාවිත කරමින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ක් එක්කරනවා.

කැලණිතිස්ස විදුලි බලාගාරය ක්‍රියාත්මක කෙරෙන්නේ ඩීසල් මඟින් පමණයි.

කෙසේ වෙතත්, සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන්ම වසා දැමීම නිසා මේ වනවිට කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයද ඩීසල්වලින් පමණක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ හේතුවෙනුයි රජයට දෛනිකව රුපියල් මිලියන 20 ක පමණ පාඩුවක් සිදුව ඇත්තේ.

මේ අතර වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් රැගත් නෞකාවක් අද (27) කොළඹ වරායට ළඟා වීමට නියමිතයි.

එමඟින් දිවයිනට රැගෙන එන ‌ෙබාරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 90,000 ක්.

ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ලබන 30 වැනිදා ඇරඹීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ඩීසල් රැගත් නෞකාවක්ද මේ වනවිට කොළඹ වරායට පැමිණ ඇති අතර එමඟින් මුතුරාජවෙල – කෙරවළපිටියේ පිහිටි තෙල් පිරිපහදුව වෙත ඩීසල් පොම්ප කිරීමේ කටයුතු අද (27) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ඩොලර් අර්බුදයත් සමඟ බොරතෙල් මිලදී ගත නොහැකිව සපුගස්කන්ද පිරිපහදුව වැසී ගිය පසුබිමක මෙරට ඉන්ධන ආශ්‍රිත විදුලි උත්පාදන කටයුතුද අර්බුදයකට පත්වීමෙන් විදුලි කප්පාදු කිරීම් සිදුකිරීමට පසුගිය දිනවල යෝජනා ඉදිරිපත් වුණා.

***************************************

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

(27.01.2022 – 08:56 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉකුත් වසරේ නිකුත් කරන ලද ‘දැඩි අන්තවාදී හා ආගමික මතවාදයන්ගෙන් මුදා ගැනීමේ රෙගුලාසි’ අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පාර්ශව 3 ක් ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26) මෙම නියෝගය නිකුත් කළ බවයි.

මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ අතර යළි ලබන මාර්තු 21 වන දා අදාළ පෙත්සම් විභාගයට ගැනීමට දින නියම කරනු ලැබුවා ෴

***************************************

ඉගිණියාගල දී මාරක රිය අනතුරක්

(27.01.2022 – 10:01 +0530 – hirunews.lk/sinhala)

ඉගිණියාගල පොලිස් වසමේ ගල්වංගුව හන්දියේ දී ඊයේ (26) සිදු වූ ත්‍රී රෝද රථ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

ඉගිණියාගල සිට බිබිල දෙසට ධාවනය වී ඇති ත්‍රී රෝද රථය, වේගය පාලනය කරගත නො හැකි ව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇති බව යි සඳහන් වන්නේ.

බරපතළ තුවාල ලැබූ රියදුරා ඉගිණියාගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මිය ගිය බව වාර්තා වෙනවා.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 25 ක නාමල් ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මොනරාගල දී ටිපර් රථයක ගැටී පදිකයෙකු මිය ගිය සිදුවීමක් වාර්තා වෙනවා.

මොනරාගල පොතුවිල් මාර්ගයේ පොතුවිල් දෙසට ධාවනය වී ඇති ටිපර් රථය තවත් ලොරි රථයක ගැටී විසි වීමෙනු යි අදාළ පදිකයාගේ ගැටී ඇත්තේ.

බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මොනරාගල රෝහලට ඇතුළත් කළ පසු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 38 ක මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගිරිඋල්ල පොලිස් වසමේ ඉහළ ලබ්බල ප්‍රදේශයේ සිදු වූ යතුරු පැදි අනතුරකින් වයස අවුරුදු 26 ක පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, බම්මන්න දෙස සිට බෝපිටිය දක්වා ධාවනය වූ යතුරු පැදිය පාලනයෙන් ගිලිහී, ලොරි රථයක ගැටීමෙනු යි මෙම අනතුර සිදු වී තිබෙන්නේ ෴

***************************************

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ පළමු කණ්ඩායම විසිරෙයි

(27.01.2022 – 10:14 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරවල දූෂණ හා විෂමචාර වැළැක්වීම සහ එවැනි ගැටලු විනිවිදභාවයකින් පාලනය කිරීම සඳහා නව බලකායක් ස්ථාපිත කර තිබෙනවා.

ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය ලෙස නම් කර ඇති මෙම බලකායේ පළමු කණ්ඩායම විසිර යාමේ උත්සවය ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවැත්වුණේ, අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විශෝධන පිළිබද පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදියි.

බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කර මෙම බලකාය පිහිටුවා තිබෙනවා.

***************************************

පොකිරිස්සන් ඇල්ලූ දෙදෙනෙකු (2) වනජීවි භාරයට

(27.01.2022 – 10:15 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව – කොරල් පර මුහුදු අභය භූමියේ දුර්ලභ ගණයේ පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු (2) වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සඳහා යොදා ගත් උපකරණ ද හික්කඩුව වනජීවි කාර්යාල නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති අතර සංචාරකයින්ට අලෙවි කිරීම සඳහා පොකිරිස්සන් ඇල්ලූ බවයි අත්අඩංගුවට ගත් සැකකරුවන් සදහන් කර ඇත්තේ.

ඔවුන් අද (27) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(27.01.2022 – 10:55 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටළීමකින් නියමිත මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලවි කල පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී අත් අඩංගුවට ගෙන ඇත්තේ, රජයේ අනුමත මිලට වඩා වැඩි මිලට කිලෝ ග්‍රෑම් පනහේ සිමෙන්ති මිටි 69 ක් අලෙවි කළ අයකෙ යි.

සැකකරු වයස අවුරුදු 46 ක කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු පාරිභෝගික සේවා අධිකාරිය ගම්පහ ශාඛාව මඟින් මෙහෙයවෙනු ඇති.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *