බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා තිබෙනවා

බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා තිබෙනවා

*********************************************

බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා තිබෙනවා

(27.01.2022 – 06:46 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (26) දිනයේ දී ෆයිසර් බූස්ටර් මාත්‍රා 30,253 ක් ලබාදුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඔමික්‍රොන් වෛරසය මේ වන විට ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන අතර, එය ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත බවට යි සෞඛ්‍ය අංශ දැනුවත් කරන්නේ.

එම තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ද ඇති විය හැකි බැවින්, කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට නිතර නිතර අවධාරණය කරනවා.

කෙසේ වෙතත් පළමුවැනි (1) හා දෙවැනි (2) මාත්‍රාවට සාපේක්ෂ ව මෙම බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව තුළ එතරම් උනන්දුවක් නො පැවතීම සුබ දෙයක් නම් නො වෙයි ෴

++++++++++++

මාස 4 කට පසු දෛනික ආසාදිතයින් 900 පනියි

(27.01.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් අනතුරුව යළිත් වරක් මෙරටින් දෛනික කොරෝනා ආසාදිතයින් නවසියයේ (900) සීමාව ඉක්මවා ඊයේ (26) වාර්තා වුණා.

ඒ අනුව ඊයේ (26) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 927 ක්.

මේ අතර, කොරෝනා රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් 70 වෙන් 63 කම කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ අතර, කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක කොරෝනා පරීක්ෂණ කට්ටල අවසන් වීම හේතුවෙන් ගැටලු මතුව ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

මේ අතර, විෂබීජ නාශක දියරවල පවතින ගැටලු කොරෝනා ව්‍යාප්තියට හේතු වී ඇති බව එම ක්ෂේත්‍රයේ නිරත වන්නන් පෙන්වා දෙනවා.

එතනෝල් වෙනුවට මෙතනෝල් නැමැති රසායනිකය වර්තමානයේ බොහෝ විෂබීජ නාශක දියර සඳහා යොදා ගැනීම ඊට හේතුව බව සඳහන්.

ඔවුන් සඳහන් කළේ මෙතනෝල් යොදා ගැනීම නිසා ඒවා භාවිත කිරීමේ දී දෑත්වල සමට ද හානි සිදු වන බව යි ෴

+++++++++++

ඇමරිකාවෙන් එන්නත් මිලියන 500 ක්

(27.01.2022 – 08:58 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ෆයිසර් එන්නත් මිලියන 500 ක් අඩු ආදායම් සහිත රටවල් වෙත නොමිළේ ලබාදීම මේ මාසයේ සිට ආරම්භ කරන බව ඇමරිකාව පවසනවා.

මේ වන විටත් ඇමරිකාව ලොව පුරා එන්නත් මිලියන 400 ක් නොමිළේ බෙදා දී අවසන්.

එලෙස ලබාදුන් රටවල් ප්‍රමාණය 112 ක්.

එන්නත් නොමිළේ ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ එන්නත් බිලියනයකට වැඩි ප්‍රමාණයක් ලොව පුරා බෙදා හරින බව ඇමරිකානු රජය මීට පෙර නිවේදනය කළා.

ඒ අනුවයි මෙලෙස තවත් එන්නත් මිලියන 500 ක් බෙදා හැරීම ආරම්භ කර ඇත්තේ ෴

+++++++++++

ළමා ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වාගෙන් විශේෂ පණිවිඩයක්

(27.01.2022 – 11:45 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ට කොරෝනා රෝගය වැළදීමට වැඩි ඉඩකඩ ඇත්තේ, පාසලෙන් නොව දෙමව්පියන්ගෙන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.

කොරෝනා රෝගය මෙන්ම ඩෙංගු ද සමාන රෝග ලක්ෂණ ඇති බැවින් යම්කිසි රෝග ලක්ෂණයක් දරුවන් විසින් පෙන්නුම් කරනවා නම්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට දෙමව්පියන් කටයුතු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරනවා.

පාසල් පද්ධති පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බැවින් දරුවන් වෙනුවෙන් දෙමව්පියන් තම වගකීම් ඉටු කළ යුතු බව යි ඔහු ප්‍රධාන වශයෙන් අවධාරණය කරන්නේ.

වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ, එන්නත්කරණය පිළිබඳ ජනතාව මිත්‍යා මත විශ්වාස කරන බැවින් සමාජයේ පවතින වැරදි මත වාද ඉවත දමා Booster එන්නත ද ලබාගත යුතු බව යි ෴

+++++++++++

රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟයක්

(27.01.2022 – 11:54 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා රෝහල්වලවල රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟයක් පවතින බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයකු සඳහන් කළේ, මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශ සැපයුම් අංශයේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟයක් පවතින බවත් මෙරට ප්‍රධාන ඖෂධ උපකරණ සමාගම් දෙකක් හරහා වහාම එම හිඟය පියවීමට පියවර ගෙන ඇති බවයි.

මෙම රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගය හේතුවෙන් මේ වනවිට දිවයිනේ රෝහල් බොහොමයක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර ඇති අතර ඇතැම් රෝහල්වල බාහිරව සිදුකෙරෙන පරීක්ෂණ කිසිවක් සිදු නොකරන බවයි වාර්තා වන්නේ.

කොළඹ ජාතික රෝහලේ ද දිනකට බාහිරව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100 කට ආසන්න සංඛ්‍යාවක් සිදු කරන අතර, මේ වන විට එම පරීක්ෂණ සියල්ල නවතා දමා ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව කළුබෝවිල, රාගම, මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව ආදී මහ රෝහල් වලට ද මෙම රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගය බලපා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පාවිච්චි කරන පරීක්ෂණ කට්ටලවල ද හිඟයක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගිය කාලසීමාවේ දී දිවයිනේ කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම අඩුවීම හේතුවෙන් මෙලෙස රැපිඩ් ඇන්ටිජන් කට්ටල කට්ටල සහ පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ගෙන්වීම සීමා කර ඇති බවයි අප සමග අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයා සඳහන් කළේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශ සිය ගබඩාවල රැපිඩ් ඇන්ටිජන් කට්ටල සහ පී.සී.ආර්. කට්ටල සහ මුලින්ම නිමාවන තෙක් බලා සිට අවසන් මොහොතේ හදිසි මිල දී ගැනීම් කරා යොමු වීම සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශය වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පවසන්නේ රට ආර්ථික වශයෙන් අගාධයකට වැටී ඇති මොහොතක හදිසි මිල දී ගැනීම් හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය බලධාරීන් සාක්කු පුරවා ගැනීමට කටයුතු කිරීම දැඩි ලෙස හෙළා දකින බවයි ෴

+++++++++++++

කොරෝනා ආසාදිතයින් 249 ක් පූර්ණ සුවයට

(27.01.2022 – 16:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය ව සිටි පුද්ගලයින් 249 දෙනෙකු අද (27) දිනයේ දි ත් පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ සමග මෙරටින් වාර්තා වන සුවය ලද සමස්ත සංඛ්‍යාව 5,77,030 ක්.

කෙසේ වෙතත් ඊයේ (26) දින වන විට මෙරටින් වාර්තා වූ මුළු වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 6,06,162 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,346 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

+++++++++++++

සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි

(27.01.2022 – 16:07 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගත සමයේ මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුලත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (27) නිකුත් කළා.

මෙම නව මාර්ගෝපදේශ අනුව ගතවූ මාස 6 ක කාලය තුල කොවිඩ් මර්දන එක් (1) එන්නතක් ලබාගෙන කොවිඩ් ආසාදනය වූ සංචාරකයින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් ඇතුලු සැම සලකනු ලබන්නේ සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙසටයි.

එමෙන්ම මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපල හරහා සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණයේදී සී.ටී. අගය 30 ට අඩු පරීක්ෂණ වාර්තා හිමි සංචාරකයින් සහ මෙරටට පැමිණෙන්නන් දින 7 ක නිරෝධායන කාලයකට යටත්ව ගුවන්තොටුපලින් බැහැරට යාහැකි වනවා.

ඔවුන් එලෙස ගුවන්තොටුපලින් නිදහස් කරනුයේ අදාළ ගමනාන්තයේ නිවෙස් නිරෝධායනය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඇත්නම් පමණයි.

මීට අමතරව සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ දෙමව්පියන් සමග පැමිණෙන වයස අවුරුදු 12 ට අඩු දරුවන් සම්පූර්ණයෙන් කොවිඩ් පරික්ෂණවලින් මුදාහැර ඇති අතර වයස අවුරුදු 12 ත් 18 ත් අතර එක් එන්නතක් පමණක් ලබාගත් දරුවන් ද සිය දෙමව්පියන් සමග බැහැරට යාමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

එමෙන්ම කොවිඩ්-19 අධි අවදානම් රටවලින් පැමිණෙන සංචාරකයින් සඳහා සිදු කෙරෙන නිරෝධායන කටයුතු පිළිබඳව ඔවුන්ගේ වාර්තා අනුව තීරණය කෙරෙන බවයි මෙම නව යාවත්කාලීන කිරීමේ දැක්වෙන්නේ.

ඒ අනුව ඇතැම්විට ඔවුන්ගේ නිරෝධායන කාලසීමාවන් දින 7 සිට 14 දක්වා වෙනස්විය හැකි බවත් මෙහි දක්වා තිබෙනවා.

+++++++++++++

ඔමික්‍රොන් පැතිරීම සම්බන්ධයෙන් වෛද්‍ය අංශ බිය පළ කරද්දී ශ්‍රී ලංකාව නිරෝධායන නීති රෙගුලාසි ලිහිල් කරයි

(27.01.2022 – 17:51 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිරෝධායන කාලසීමාව සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊට අනුව කොවිඩ්-19 ආසාදිතයෙකු නිවෙස් නිරෝධායනයේ සිටින්නේ නම් පැය 48 ක කාලයක් කිසිදු ඖෂධයක් නොගෙන උණ රෝගී තත්වයක් වාර්තා නොවන්නේ නම් ඔහුට හෝ ඇයට දින 7 ක කාලයකින් පසුව නිවෙස් නිරෝධායනයෙන් ඉවත්විය හැකි වනවා.

එමෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ද මෙම ක්‍රියාදාමය අනුකූල වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.

පී සී ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කළ දින සිට දින 7 ක කාලසීමාවක් තුල අවසාන පැය 48 තුලදී කිසිදු ඖෂධයක් භාවිත නොකර උණ රෝගී තත්වයක් හෝ කොවිඩ් රෝගී ලක්ෂණයක් පෙන්නුම් නොකරන්නේ නම් එම ආසාදිතයින් රෝහල්වලින් නිදහස් කළ හැකි වනවා.

එමෙන්ම පූර්ණ එන්නත්කරණයට ලක් වූ කොවිඩ්-19 ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි නම්, නිරෝධායනයට යොමු වීම අවශ්‍ය නොවන බව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවෙන් නිවේදනය කරනවා.

ඒ අනුව ඔවුන්ට රැකියා සඳහා යාමට ද අවසර හිමිවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් අනතුරුව යළිත් වරක් මෙරටින් දෛනික කොරෝනා ආසාදිතයින් නවසියයේ (900) සීමාව ඉක්මවා ඊයේ (26) වාර්තා වුණා.

ඒ අනුව ඊයේ (26) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 927 ක්.

මේ අතර, කොරෝනා රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් 70 වෙන් 63 කම කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ අතර, කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක කොරෝනා පරීක්ෂණ කට්ටල අවසන් වීම හේතුවෙන් ගැටලු මතුව ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

මේ අතර, විෂබීජ නාශක දියරවල පවතින ගැටලු කොරෝනා ව්‍යාප්තියට හේතු වී ඇති බව එම ක්ෂේත්‍රයේ නිරත වන්නන් පෙන්වා දෙනවා.

එතනෝල් වෙනුවට මෙතනෝල් නැමැති රසායනිකය වර්තමානයේ බොහෝ විෂබීජ නාශක දියර සඳහා යොදා ගැනීම ඊට හේතුව බව සඳහන්.

ඔවුන් සඳහන් කළේ මෙතනෝල් යොදා ගැනීම නිසා ඒවා භාවිත කිරීමේ දී දෑත්වල සමට ද හානි සිදු වන බව යි.

මේ අතර ඔමික්‍රොන් ප්‍රභේදය වෙනුවෙන් නව බූස්ටර් එන්නතක් සාර්ථක මට්ටමින් අත්හදා බලමින් සිටින බව මොඩර්නා එන්නත් නිෂ්පාදන සමාගම පවසනවා.

මේ වන විටත් පුද්ගලයින් 600 කට පමණ මෙම බූස්ටර් එන්නත ලබාදෙමින් සායනික පරීක්ෂාවන් සිදු කර ඇති අතර ඉන් 300 දෙනෙකුම පළමු (1) සහ දෙවන (2) එන්නත් ලෙස මොඩර්නා එන්නතම ලබා ගත් පුද්ගලයින් වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මොර්ඩනා සමාගම පෙන්වා දෙන්නේ, බූස්ටර් එන්නතක ප්‍රතිශක්තිය වුව ද මාස 6 ක පමණ කාලසීමාවක දී සැලකිය යුතු මට්ටමකින් අවම වන බවයි.

ඊට පිළියමක් සිය නව එන්නත මඟින් අපේක්ෂා කරන බව එම සමාගම ප්‍රකාශ කළා.

+++++++

කොරෝනා වෛරසය ආසාදිතව සිදු වූ පුද්ගල මරණ 23 ක් අද (27) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ සමග මෙරට සිදුව ඇති සමස්ත වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 15,369 ක්.

එම මරණ අතර වයස අවුරුදු 30 ට අඩු එක් (1) මරණයක් වාර්තා වන අතර, එය ගැහැණු මරණයක්.

30 ත් 59 ත් වයස් කාණ්ඩ අතර සිදු වූ මරණ සංඛ්‍යාව 02 ක් වන අතර, එම මරණ ද්විත්වයම පිරිමි මරණ බවයි වාර්තා වන්නේ.

පිරිමි මරණ 10 ක් සහ කාන්තා මරණ 10 ක් අද (27) දිනයේ තහවුරු කළ මරණ අතර වයස අවුරුදු 60 ඉක්මවූවන්.

ඒ අනුව මෙම මරණ 23 අතර පිරිමි මරණ 12 ක් වාර්තා වන අතර, කාන්තා මරණ 11 ක් වාර්තා වනවා.

+++++++

කොරෝනා වෛරසය ආසාදිතයින් 942 දෙදෙනකු අද (27) දිනයේ දිත් වසංගත රෝග විද්‍යා අංශය විසින් තහවුරු කර තිබෙනවා.

ඒ සමග මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින්න් සංඛ්‍යාව 6,07,104 ක්.

කෙසේවෙතත් අද (27) දිනයේ දී කොරෝනා මරණ 23 ක් වාර්තා වූ අතර, මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව ද 15,369 ක් දක්වා ඉහළ ගියා.

තවදුරටත් වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14,705 ක්.

+++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *