ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රදවා සිටි සිරකරුවෙකු පහරදීමකින් මරුට

ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රදවා සිටි සිරකරුවෙකු පහරදීමකින් මරුට

*********************************************

ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රදවා සිටි සිරකරුවෙකු පහරදීමකින් මරුට

(22.01.2022 – 20:03 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රදවා සිටි සිරකරුවෙකු පහර දී මරා දමා ඇතැයි එම සිරකරුවාගේ ඥාතීන් චෝදනා කරනවා.

අදාල සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාල්ලේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.

අකුරැස්ස – කනංකේ, කන්දවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ‘හෙට්ටිගේ ලලිත් චමින්ද’ මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2010 වසරේදී.

මෙලෙස මියගොස් ඇත්තේ එම පුද්ගලයායි.

අදාළ සිද්ධියට වරදකරු වී බන්ධනාගාර ගත වු පසුව සිය පියා බන්ධනාගාර නිලධාරීන්ගේ ජංගම දුරකථන හරහා නිවසට දුරකථන ඇමතුම් ලබා දුන් බවයි ඔහුගේ දියණිය සඳහන් කරන්නේ.

ඊට අදාළව මුදල් ගනුදෙනු හුවමාරු වූ ආකාරයද ඇය හෙළි කළා.

මේ පිළිබඳව අප කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කලේ, අදාල සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

+++++++

***************************************

පෙම් හබයක් දුරදිග යාමෙන් කඩවත 20 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

(22.01.2022 – 21:01 +0530 – hirunews.lk/sinhala)

නවාතැන්පොළක තාවකාලිකව ලැඟුම් ගෙන සිටි පහළොස් (15) හැවිරිදි තරුණියක සමඟ සිටි තරුණයෙකු, එම තරුණියගේ පෙම්වතායැයි පැවසෙන 19 හැවිරිදි තරුණයෙකු විසින් වීදුරු කටුවකින් ඇන ඝාතනය වීමේ පුවතක් කඩවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු අදාළ තරුණිය සමඟ මීට පෙර ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

පොලිසිය විසින් මෙම ඝාතනයට සම්බන්ද 19 හැවිරිදි තරුණයා සහ 15 හැවිරිදි පෙම්වතියද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

අගමැති ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගනී

(22.01.2022 – 23:23 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (22) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා.

අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායකආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරි නිවාස නායක ස්වාමීන්වහන්සේ බැහැ දුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවා.

කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්‍ෂා නොකර ජය ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවට මං මාවත් පිළිසකර කරමින් ගල් අතුරා අලංකාර කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බව අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරි නිවාස නායක ස්වාමීන්වහන්සේ මෙහි දී සිහිපත් කළා.

අනතුරුව රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ බැහැ දුටු අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා.

***************************************

ජනපතිගේ ධුර කාලය දීර්ඝ කිරීම ගැන මෛත්‍රීගෙන් ප්‍රකාශයක්

(22.01.2022 – 18:50 +0530 – hirunews.lk/sinhala)

ජනපතිගේ ධුර කාලය දීර්ඝ කිරීම ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) අදහස් පල කලා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළව තමාව සිරගත කිරීමට සාක්ෂි හෝ කරුණු නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

මෙරට කොරෝනා ආසාදිත‍යින් ලක්ෂ හයේ (6) සීමාව ඉක්මව යි

(22.01.2022 – 07:29 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 6 සීමාව ඉක්මවා තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 840 ක් ඊයේ (21) වාර්තා වූ අතර, මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එලෙස යළි 800 සීමාව ඉක්මවා වාර්තා වූයේ අඛණ්ඩ 2 වන දිනට යි.

ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,00,203 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 15,272 ක් දක්වා ඉහළ ගියේ, ඊයේ (21) වාර්තා වූ කොරෝනා මරණ 17 ත් සමඟ යි.

මෙවන් පසුබිමක මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉදිරියේ දී තවදුරටත් ඉහළ යාමේ අවදානම සැළකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ, එවැනි තත්වයක් වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කිරීමටත් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමටත් සියල්ලන් කටයුතු කළ යුතු බව යි ෴

+++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් වෛරස් ආසාදිතයින් 75 ක්

(22.01.2022 – 18:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර, ඔක්සිජන් ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

එමෙන්ම, නව ඔමික්‍රොන් ආසාදිතයින් 75 දෙනෙකු ද මෙරටින් හඳුනාගෙන තිබෙනවා. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී ඇති බවට අද (22) වාර්තා වුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය මගින් සිදුකළ ජාන විශ්ලේෂණයකදී කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 78 කින් 75 ක්ම ඔමික්‍රොන් ආසාදිතයින් බව හඳුනාගෙන තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉතිරි සාම්පල තුන (3) ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් බවයි.

මෙම සාම්පල මේ මාසයේ පළමු (1), දෙවන (2) සහ තුන්වන (3) සතිවලදී ප්‍රජාවන් වෙතින් ලබාගත් ඒවා බව ආචාර්ය ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළා.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩට සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්තට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් රැසකට පසුගිය දිනකිහිපය තුල කොරෝනා වෛරසය ආසාදනය වුණා.

ඒ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, රාසමානික්කම් ශානක්‍යන් සහ අමාත්‍ය සරත් වීරසේකර ද වනවා.

මේ අතර, අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි.

එසේම, දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් සහ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය ද කොළඹදී අද (22) මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී ඔහු සඳහන් කළේ වයස අවුරුදු එක (1) ඉක්මවූ දරුවන්ට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් නිවෙස් නිරෝධායනයට යොමුකරන බවයි.

මෙලෙස කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම අවම කර ගැනීමට කඩිනමින් එන්නත්කරණයට ලක්වන ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.

බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම ද සිදුකළ යුතු බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අතර, මේ වනවිට මෙරටදී පුද්ගලයින් 48,84,060 කට බූස්ටර් එන්නත ලෙස ෆයිසර් ලබාදී තිබෙනවා.

එසේම, මෙරට පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබාදීම සඳහා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 94.5 ක් එනම්, රුපියල් බිලියන 20 කට අධික මුදලක් වැය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, කොරෝනා ආසාදනය වී සුවය ලබා මාස 3 කට පසු බූස්ටර් එන්නත ලබාදිය හැකි බවට ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශයක් නිකුත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සියලුම ප්‍රාන්ත සහ විශේෂිත ප්‍රදේශ දැනුවත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. කොරෝනා එන්නත් නොලැබූ පුද්ගලයන්ට ද එලෙස සුවය ලබා මාස 3 ක් ඇතුළත එන්නත් ලබාදිය හැකියි.

ඉන්දියාවේ කොරෝනා එන්නත් වැඩසටහන යටතේ මේ වනවිට එන්නත් මාත්‍රා කෝටි 161 ක් ලබාදී ඇති අතර, ලබාදී ඇති බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රා සංඛ්‍යාව හැත්තෑ හතර ලක්ෂයක් (74,00,000).

එමෙන්ම, ඕනෑම රටක සිට ඉන්දියාවට පැමිණෙන සංචාරකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනහොත් නිරෝධායන මධ්‍යස්ථානයක රැදී සිටිමින් හුදකලාවීම අද (22) සිට අනිවාර්ය නොවන බව ඉන්දීය සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කළා.

කෙසේ නමුත් ඔවුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නිවෙස් නිරෝධායනයට ලක්විය යුතුයි.

මේ අතර, මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මාලදිවයින් අටොලුවල සංචාරයකට පෙර ඊයේ (21) රාත්‍රියේ තමා ලබා ගත් කොරෝනා පරීක්ෂණයකදී ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනු බවයි.

මේ අතර ඔමික්‍රොන් විකෘති ප්‍රභේදය ආසාදනය වූ තවත් 75 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

ඒ කොළඹ, අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම,කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, පරකඩුව, වැල්ලම්පිටිය, බදුල්ල,කොළඹ, ගාල්ල, කොන්නවල, ගල්කිස්ස, අංගොඩ, රුවන්වැල්ල, සහ නුගේගොඩ යන ප්‍රදේශවලින්. විදේශගතව සිට පැමිණි ඉන්දීය ජාතිකයෙකුද ඔමික්‍රොන් විකෘති ප්‍රභේදය ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

++++++++++++

තවත් කොරෝනා මරණ 12 ක්

(22.01.2022 – 19:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 12 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,284 ක් ලෙසටයි.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් මෙම මරණ අතර නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස්වල එක් (1) කාන්තා මරණයක් වාර්තාවී තිබෙනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 11 ක් වාර්තාවී ඇති අතර ඒ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි 11 ක් වශයෙන් ෴

++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 6,889 දෙනෙකු සුවය ලබයි

(22.01.2022 – 20:55 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 6,889 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,75,932 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *