අදත් (14) විදුලිය බිඳ වැටෙන ලකුණු

අදත් (14) විදුලිය බිඳ වැටෙන ලකුණු

*********************************************

අදත් (14) විදුලිය බිඳ වැටෙන ලකුණු

(14.01.2022 – 08:01 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 3000 ක් ලබාදෙන බවට පොරොන්දු වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එලෙස ඩීසල් ලබා දුන්නහොත් යම්තාක් දුරට විදුලි බිඳ වැටීම් අවම කරගත හැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමානි සඳහන් කළේ.

ඉන්ධන නොමැතිවීමත් සමග විදුලි බලාගාරවල ජනන යන්ත්‍ර කිහිපයක් අක්‍රිය වීම නිසා ඊයේ (13) පස්වරුවේ සිට දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි බිඳවැටීමක් සිදු වුණා.

ජාතික පද්ධතියට මෙගාවොට් 300 ක අඩුවක් පැවතීම හේතුවෙනුයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීම සිදු වූයේ.

එසේම, දැවිතෙල් අර්බුදයක් ද මතු වීම හේතුවෙන් ඉදිරියේදී විදුලි අර්බුදය තවදුරටත් උග්‍රවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා.

පවතින අර්බුදයත් සමග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඩීසල් මෙට්‍රික් ටොන් 3000 ක් විදුලි බල මණ්ඩලය වෙත ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.

කෙසේ නමුත් නියමිත පරිදි ඉන්ධන නොලැබුණහොත් අද (14) දිනයේදීද විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනු ඇති බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ෴

++++++++++

තෙල් සංස්ථාවෙන් ලංවිම ට ලැබෙන දේ

(14.01.2022 – 11:30 +0530 – hirunews.lk/sinhala)

මෙරට දෛනික විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය වන ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් ලබන අඟහරුවාදා (18) දක්වා ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළේ අඟහරුවාදා (18) රැස්වී නැවතත් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන බවයි.

කෙසේ නමුත්, ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමානි සඳහන් කළේ අද (14) දිනයේ විදුලිය අත්හිටුවීමට සිදුවන්නේ ද යන්න දහවල් ප්‍රකාශයට පත් කරන බවයි.

රටේ මේ වනවිට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයන්ට අත්‍යවශ්‍ය පුද්ගල සේවා ද අඩපණ වී ඇති අතර,දෛනික විදුලි සැපයුම ද ඇනහිටීමට ආසන්නයේ පවතින බව විදුලිබල මණ්ඩලය වරින්වර නිවේදනය කළා.

ඊට හේතුව ඩොලර් නොමැති වීම පමණක් නොව, පැවති විව්ධ රජයන් විසින් නිසි කලට කර්මාන්ත හෝ බලාගාර දියුණු කිරීමට අදාළව ගත යුතු නඩත්තු කිරීම් මෙහෙයුම් ආරම්භ නොකිරීමයි.

මේ හේතුවෙන් විවිධ අවස්ථාවලදී වෘත්තීය සමිති එක්ව සිය වෘත්තීය ස්ථානවල ගැටලු ඉදිරිපත් කරමින් උද්ඝෝෂණ සිදු කෙරුණු අවස්ථා ද එමටයි.

කෙසේ වෙතත් මෙවර ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ, විදුලි උත්පාදනයට අවශ්‍ය තෙල් ප්‍රමාණය මේ වනවිට කිසිදු අතිරික්තයක් ද පවා නොතබමින් හිඟ වී ඇති අතර, බලාගාරවල ඇති නඩත්තු නොකිරීම් හේතු ද එකතු වූ විට අර්බුදය දැඩි වන බවයි.

මේ හේතුවෙන් බලාගාර අක්‍රීය වීම සිදු වන අතර, එය පාලනය කර ගැනීමට වරින්වර විවිධ ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු වන බවයි විදුලි බල මණ්ඩලය සහ බලාගාර ජ්‍යේෂ්ඨ නිලධාරීන් පවසන්නේ ෴

++++++++++

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට අඟහරුවාදා (18) වනතුරු ඩීසල්

(14.01.2022 – 13:31 +0530 – hirunews.lk/sinhala)

මෙරට දෛනික විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් ලබන අඟහරුවාදා (18) දක්වා ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ අද (14) දින පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, ලබන අඟහරුවාදා (18) රැස්වී නැවතත් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන බවයි.

මේ අතර, පාදුක්ක ප්‍රදේශයේ අද (14) පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර කියා සිටියේ, කළින් දැනුම් නොදී විදුලිය කප්පාදු කිරීමේ ගැටළුව විසඳීමට විෂයභාර අමාත්‍යවරයා මැදිහත්වී කටයුතු කළ යුතු බවයි.

මේ අතර දිනකට පැයක (1) කාලයක් පමණක් විදුලිය විසන්ධි කරන බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළද ඊයේ (13) දිනයේදී පැය දෙකකට (2) ආසන්න කාලයක් විදුලිය විසන්ධි කළ බවටයි, ජනතාව මැසිවිලි නැගුවේ.

++++++++++

බ්‍රෝඩ්ලන්ඩ් විදුලි බලාගාර ව්‍යාපෘතියට අනුබද්ධව බලශක්ති කෞතුකාගාරයක්

(14.01.2022 – 13:42 +0530 – hirunews.lk/sinhala)

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට අනුබද්ධ සංචාරක ආකර්ෂණය නැංවීමේ අරමුණින් බලශක්ති කෞතුකාගාරයක් සහ බලශක්ති උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉදිරි මාස කිහිපය තුළ ජනතා අයිතියට පත් කිරීමට නියමිත බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බාලාගාරයේ අවසන් අදිරයේ අවසන් කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා.

එමගින් වාර්ෂිකව ගිගා වොට් පැය 126 ක වාර්ෂික විදුලි නිෂ්පාදනයක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි.

මේ අතර අද (14) පස්වරුව වන තෙක් විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළා ෴

++++++++++

අද (14) රාත්‍රියේ පැයක (1) පමණ කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල මණ්ඩලය කියයි

(14.01.2022 – 20:10 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (14) රාත්‍රියේත් පැයක (1) පමණ කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනී මහතා සඳහන් කළා.

මේ අතර, විදුලි බල මණ්ඩලයේ වරද ඛනිජ තෙල් සංස්ථාව මත පැටවීමට උත්සාහ කිරීම කණගාටුදායක තත්ත්වයක් බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ.

ඉන්ධන හිඟය හේතුවෙන් අක්‍රිය වී ඇති බලාගාර සඳහා දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1500 ක් අද (14) සිට ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දෙන බව ඛනිජ තෙල් නීතීගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට පැය 2 කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි කළ බවට ජනතාව චෝදනා කළා.

කෙසේවෙතත් අද (14) පස්වරුව වන තෙක් අද (14) රාත්‍රීයේ දී විදුලිය කප්පාදු කරන්නේ ද යන්න පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලය මේ දක්වා නිල වශයෙන් තහවුරු කර තිබුණේ නැහැ.

අද (14) නිවාඩු දිනයක් නිසා විදුලි ඉල්ලුම අවම මට්ටමකට පැවතියද රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි කිරීම සම්බන්දයෙන් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කර තිබුණේ.

ඉන්ධන නොමැතිවීමත් සමග විදුලි බලාගාරවල ජනන යන්ත්‍ර කිහිපයක් අක්‍රිය වීම නිසා ඊයේ (13) පස්වරුවේ සිට දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි බිඳවැටීමක් සිදු වුණා.

ජාතික පද්ධතියට මෙගාවොට් 300 ක අඩුවක් පැවතීම හේතුවෙනුයි මෙලෙස දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීම සිදුවූයේ.

එසේම, දැවිතෙල් අර්බුදයක්ද මතු වීම හේතුවෙන් ඉදිරියේදී විදුලි අර්බුදය තවදුරටත් උග්‍රවිය හැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.

පවතින තත්ත්වයට විසඳුමක් ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 3000 ක් ලබා දෙන බවට පොරොන්දු වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

නියමිත පරිදි ඉන්ධන නොලැබුණහොත් අද (14) දිනයේදීද විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනු ඇති බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් පවතින තත්ත්වයට විසඳුමක් ලෙස මේ වන විට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1500 ක් බැගින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා දෙන බව ඛනිජ තෙල් නීතීගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළා.

විදුලි බල මණ්ඩලයේ අතිරේක සමාන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව ලබා දුන් ඩීසල් මෙට්‍රික් ටොන් 3000 ක් ගොඩබෑම මේ වන විට ආරම්භ වි ඇති බවයි.

කෙසේ වෙතත් එම කටයුතු සම්පූර්ණ වීම සඳහා පැය 10 කට ආසන්න කාලයක් ගතවනු ඇතැයි ද ඔහු සඳහන් කළා.

මේ අතර දිනකට (1) පැයක (1) කාලයක් පමණක් විදුලිය විසන්ධි කරන බවට විදුලි බල මණ්ඩලය මීට පෙර ප්‍රකාශ කළ ද ඊයේ (13) දිනයේදී පැය 2 කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි කළ බවට ජනතාව චෝදනා කරනවා.

ඇතැම් ප්‍රදේශ වල මාර්ග සංඥා අක්‍රීය වීමෙන්ද ජනතාව දැඩි පීඩාවට පත් වූ අයුරු දක්නට ලැබුණා.

++++++++++

විදුලි බල මණ්ඩලයේ වරද ඛනිජ තෙල් සංස්ථාව මත පටවන්න එපා – ගම්මන්පිල

(14.01.2022 – 21:26 +0530 – hirunews.lk/sinhala)

විදුලි බල මණ්ඩලයේ වරද ඛනිජ තෙල් සංස්ථාව මත පැටවීමට උත්සාහ කිරීම කනගාටුදායක තත්ත්වයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

දිගින් දිගට ම විදුලිය විසන්ධි වීම හේතුවෙන් මේ දිනවල ජනතාව බරපතළ අර්බුද රැසකට මුහුණ පා සිටිනවා.

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ අතර, තවත් හේතුවක් ලෙස, දිනකට අවශ්‍ය විදුලි පරිභෝජනය නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් මඳකම ද වාර්තා වෙනවා.

කෙසේ වෙතත බලශක්ති අමාත්‍යවරහා ‘හිරු හාඩ් ටෝක්’ විශේෂාංගය සමඟින් එක් වී සඳහන් කළේ, විදුලි බල මණ්ඩලයේ වරද ඛනිජ තෙල් සංස්ථාව මත පැටවීම අසාධාරණ බව යි.

***************************************

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

(14.01.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කළ පැය 24 ක සංකේත වර්ජනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ වර්ජනය අවසන් කළද දුම්රිය ධාවනයට සංඥා පරීක්ෂකවරුන්ගේ සහතිකය අවශ්‍ය බවයි.

තෛපොංගල් උත්සවය අදට (14) යෙදී ඇති මොහොතක, දීර්ඝ සති අන්ත නිවාඩුවක් ද එළැඹෙද්දී දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කළ වර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවකට පත්වුණා.

මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර 200 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කෙරුණු අතර, ඊයේ (13) දිනයේදී ධාවනය කෙරුණේ ගමන්වාර 85 ක් පමණයි.

පෙරේදා (12) මධ්‍යම රාත්‍රියේ ඇරඹි මෙම හදිසි වර්ජනය හේතුවෙන් ඇතැම් දුම්රිය ගමනාන්තය දක්වා ගමන් කිරීමට පෙර අතරමඟ නතර කිරීම හේතුවෙන් ද මගීන් රැසක් අපහසුතාවයට පත්වුණා.

වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ චෝදනා කළේ බලවේග කට්ටල දුම්රිය සියල්ල ධාවනය කළ නොහැකි ආකාරයට දුම්රිය ස්ථානාධිපතිවරුන් කටයුතු කර තිබූ බවයි.

කෙසේ වෙතත්, ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ඒ සම්බන්ධයෙන් චෝදනා කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාටයි ෴

++++++++++

දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි හදිසි වර්ජනයක

(14.01.2022 – 12:18 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ස්ථානාධිපති සංගමයේ උප සභාපතිවරයාගේ සේවය අත්හිටුවීමට සාමාන්‍යාධිකාරීවරයා ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එම සංගමය හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපති සංගමය, පෙරේදා රාත්‍රී 12 සිට ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ඊයේ (13) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වුණා.

කෙසේ නමුත්, යළි ආරම්භ කළ වර්ජනය හේතුවෙන් මේ වනවිට දුම්රිය ගමන්වාර වලට බලපෑම් එල්ලවෙමින් පවතින බවයි, හිරු වාර්තාකරුවන් සඳහන් කළේ ෴

++++++++++

දුම්රිය ස්ථානාධිපති සංගමයේ නියෝජිතයින් පොලීසියට

(14.01.2022 – 15:26 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපතිවරයා, උපසභාපතිවරයා සහ ලේකම්වරයා ඇතුළු පිරිසක් ප්‍රකාශ ලබා ගැනීම සඳහා මරදාන පොලීසියට කැඳවා තිබෙනවා.

ඒ අනුව අද (14) දහවල් ඔවුන් පොලිසියට පැමිණ ප්‍රකාශ ලබාදී ඇති බවයි, වාර්තා වන්නේ.

දුම්රිය ස්ථානාධිපති සංගමය සිදුකළ සංකේත වැඩවර්ජනය අතරතුර දුම්රිය එන්ජින් රියදුරන්ට පහරදුන් බව කියන සිද්ධියට අදාළවයි, මෙලෙස ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත්තේ.

ඊට අමතරව මරදාන දුම්රිය පාලන කාර්යාලයේ සභාපතිවරයාගෙන් ද පොලීසිය එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන්.

මේ අතර, දුම්රිය ස්ථානාධිපති සංගමය අද (14) දහවල් හදිසියේ සිය සේවා කටයුතුවලින් ඉවත්ව වර්ජනයක් ආරම්භ කලා.

ඒ හේතුවෙන් පොඩි මැණිකේ දුම්රිය කොටගල දුම්රිය ස්ථානය ආසන්නයේදී සංඥා නොමැති වීම හේතුවෙන් නවතා දැමීමට සිදුව තිබුණා ෴

++++++++++

දුම්රිය ස්ථාන හා මගීන්ගේ ආරක්ෂාව හෙට (15) සිට පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරේ

(14.01.2022 – 16:55 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ස්ථානවල සහ දුම්රිය මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හෙට (15) සිට පොලීසිය යොදවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත්වීම නිසා මෙම තීරණය ගත් බවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවන ලෙසට ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇති අතර, ඔවුන් දුම්රිය වර්ජනය අත්හැරීමට කටයුතු නො කරන්නේ නම් හෙට (15) සිට දුම්රිය ධාවනය කිරීමට සහ මගීන් බස් රථ යොදා රැගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකසා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම දුම්රිය ස්ථාන සහ මගී ආරක්ෂාව පිළිබඳ වගකීම පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරෙනු ඇති ෴

++++++++++

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

(14.01.2022 – 17:45 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ස්ථානාධිපති සංගමය අද (14) උදෑසන ආරම්භ කළ හදිසි වර්ජනය පස්වරුවේ අත්හිටුවනු ලැබුවා.

ඒ එම සංගමයේ උපසභාපතිවරයා යළි සේවයේ පිහිටුවීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා තීරණය කිරීමත් සමඟයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පෙරේදා (12) මධ්‍යම රාත්‍රියේ හදිසි වර්ජනයක් ආරම්භ කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්, ඊයේ (13) මැදියම් රැයෙන් එය අවසන් කළ අතර, අද (14) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතුවලට එක්වුණා.

එහෙත් අද (14) දහවල් යළිත් ඔවුන් වර්ජනයකට යොමුවුණේ, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උපසභාපතිවරයාගේ සේවය අත්හිටුවීමට සාමාන්‍යාධිකාරීවරයා ගත් තීරණයට සහ වර්ජනය අතරතුර දුම්රිය එන්ජින් රියදුරන්ට ස්ථානාධිපතිවරුන් පහරදුන් බව කියන සිද්ධියට අදාළව සිදුකරන ලද පැමිණිල්ලට විරෝධය දක්වමින්.

ඒ අනුව අදත් (14) දුම්රිය ගමන්වාර සියයක් (100) පමණ අවලංගු කිරීමට සිදු වුණා.

මේ හේතුවෙන් ආසන වෙන් කරවාගෙන ගමන් කිරීමට පැමිණි විදෙස් සංචාරකයින් ඇතුළු මගීන් පත්වුණේ දැඩි අසීරුතාවයකටයි.

එමෙන්ම, පොඩි මැණිකේ දුම්රිය කොටගල දුම්රිය ස්ථානය ආසන්නයේ දී නවතා දැමීමට ද සිදු වුණේ වර්ජනය නිසා සංඥා නොමැති වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ, මගීන් දැඩි අපහසුතාවයට පත්වීම නිසා පොලිස් ස්ථානාධිපතිවරුන්ට දුම්රිය ස්ථානවල ආරක්ෂාව පැවරීමට තීරණය කළ බවයි.

මේ අතර, ස්ථානාධිපතිවරුන්, දුම්රිය රියදුරන්ට පහරදුන් බවට සිදු කරන ලද පැමිණිල්ලට අදාළ ව ප්‍රකාශ ලබා ගැනීම සඳහා අද (14) දහවල් එම සංගමයේ සභාපතිවරයා, උපසභාපතිවරයා සහ ලේකම්වරයා ඇතුළු පිරිසක් මරදාන පොලීසියට කැඳවනු ලැබුවා.

වෘත්තීය සංගමය අමතරව, මරදාන දුම්රිය පාලන කාර්යාලයේ සභාපතිවරයාගෙන් ද පොලීසිය එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපති සංගමය අද (14) පස්වරුවේ ප්‍රකාශ කළේ, තම සංගමයේ උප සභාපතිවරයාව යළි සේවයේ පිහිටුවීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කටයුතු කිරීම නිසා වර්ජනය අත්හිටුවූ බවයි.

එහෙත් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය කිහිපයක් ගත වනු ඇති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *