දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි

*********************************************

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි

(03.12.2021 – 11:44 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ ගණනාවක හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය හා සම්බන්ධ වූ අපගේ ප්‍රාදේශිය මාධ්‍යවේදී ජාලය තහවුරු කරන ආකාරයට මෙම විදුලි බිඳවැටීම දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම පාහේ වාර්තා වන බවයි.

මීට දින කිහිපයකට ම පෙර කොත්මලේ සිට බියගම දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන ප්‍රධාන රැහැන් පද්ධතියේ බිඳවැටීමක් සිදු වූ අතර, විදුලි බලමණ්ඩලය පවසා සිටියේ, ඒ හේතුවෙන් මෙගා වොට් 500 ක පමණ ධාරිතාවක් ජාතික පද්ධතියෙන් ඉවත් වූ බවයි.

මේ අතර, මේ වනවිට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වනවා ෴

සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මේ වනවිට මුළු දිවයිනට ම විදුලිය විසන්ධි වී ඇති බව විදුලි බල අමාත්‍යාංශය පවසනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ විදුලි බල මණ්ඩල ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වනවිට සිදු ව ඇති දෝෂය සොයාගැනීම සඳහා අදාළ අංශ කඩිනමින් කටයුතු කරන බවයි.

දෝෂය සොයා ගත් වහා ම එය යථාවත් කරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා ෴

+++++++++++++++

විදුලි ඉංජිනේරුවෝ විදුලි සාමාන්‍යාධිකාරීට සහාය දීමෙන් ඉවත් වෙති

(03.12.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වී ඇති ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ඉංජිනේරු සංගමය අලුතින් පත් කරන ලද විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයාට සහයෝගය දීමෙන් වැළකී සිටින බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

එම නිවේදනයේ සඳහන් වෙන්නේ, ඒ අනුව අද (03) දහවල් 12 සිට විදුලි සාමාන්‍යාධිකාරීවරයා ලබා දෙන නියෝග හෝ උපදෙස් කිසිවක් තම සංගමයේ සාමාජිකයින් විසින් නොපිළිගන්නා බවයි.

විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා සිදු කර ඇති අත්තනෝමතික ස්ථාන මාරු සහ විදුලිබල මණ්ඩල පනත උල්ලංඝනය කෙරෙන පරිදි සිදු කර ඇති උපදෙස් සහ නියෝග හේතුවෙන් මෙම තීරණය ගත් බවත් විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට සමස්ත දිවයිනේ ම සිදුව ඇති විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඉංජිනේරු සංගමයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ, එය හැකි වහා ම යථාවත් කිරීමට මේ වන විට ක්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා ක්‍රියාමාර්ගය අමතක කර කටයුතු කරන බවයි ෴

+++++++++++++++

විදුලිය බිඳ වැටෙද්දී, ජලයත් කැපේ

(03.12.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට දිවයින පුරා සිදු ව ඇති විදුලි බිඳ වැටීම හේතුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශ ගණනාවකට සහ දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ විදුලිය බලය බිඳ වැටීම හේතුවෙන් නල පද්ධතියේ පීඩන ක්‍රියාකාරීත්වය අක්‍රිය වී ඇති බවයි.

මේ හේතුවෙන් දිවයිනේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට බාධා සිදුවී ඇති බව ඔවුන් සඳහන් කරනවා.

විදුලිබල සැපයුම් යථාවත් වූ සැනෙන් ජල සැපයුම ද යථාවත් කිරීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර මේ වන විට දිවයිනට බලපා ඇති විදුලිය බිඳ වැටීම ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ග තුනක (3) බිඳවැටීමක් හේතුවෙන් සිදුව ඇති බවටත් වාර්තා වනවා ෴

+++++++++++++++

විදුලිය කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් – ලංවිම සාමාන්‍යාධිකාරි

(03.12.2021 – 15:42 +0530 – hirunews.lk/sinhala)

අද (03) සිදු වූ විදුලිය බිඳ වැටීම කඩා කප්පල්කාරි ක්‍රියාවක් බවට සැක කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග ප්‍රකාශ කළා.

මේ වනවිට අනුරාධපුර – හබරන, ලක්ෂපාන – අතුරුගිරිය හා කොත්මලේ – බියගම සම්ප්‍රේෂණ මාර්ගවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේම, කොළඹ දිස්ත්‍රික්කයේ මෙගවොට් 40 ක ප්‍රමාණයකට යළි විදුලි සැපයුම ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වනවිට සමස්ත විදුලි සැපයුමෙන් මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇත්තේ මෙගවොට් 300 ක ප්‍රමාණයක් බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.

මේ අතර, ඊයේ (02) රාත්‍රියේ කඩුවෙල – වැලිවිට පාරිභෝගික අධිකාරි ප්‍රදේශයේ සිදු වූ විදුලිබිඳ වැටීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රම උපාය අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරයා කොම්පඤ්ඤ වීදිය පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ අදාළ විදුලිබිඳ වැටීම කඩා කප්පල්කාරි පිරිසක් විසින් සිදු කරන ලද්දක් ද යන්න විමර්ශනය කරන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත්, එහි පරීක්ෂණ මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

+++++++++++++++

විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරමග නවතී

(03.12.2021 – 16:24 +0530 – hirunews.lk/sinhala)

අද (03) සිදු වූ විදුලිය බිඳ වැටීම කඩා කප්පල්කාරි ක්‍රියාවක් බවට සැක කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග ප්‍රකාශ කළා.

මේ වනවිට අනුරාධපුර – හබරන, ලක්ෂපාන – අතුරුගිරිය හා කොත්මලේ – බියගම සම්ප්‍රේෂණ මාර්ගවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේම, කොළඹ දිස්ත්‍රික්කයේ මෙගවොට් 40 ක ප්‍රමාණයකට යළි විදුලි සැපයුම ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වනවිට සමස්ත විදුලි සැපයුමෙන් මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇත්තේ මෙගවොට් 300 ක ප්‍රමාණයක් බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.

මේ අතර විදුලි ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවූ බව එම සංගමය මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා.

යුගදනවි බලාගාරයේ ගිවිසුමට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු 6 ක් මුල්කරගෙනයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ෴

+++++++++++++++

ඇනහිටි විදුලිය නිසා දිගු වන ඉන්ධන පෝලිම්

(03.12.2021 – 17:12 +0530 – hirunews.lk/sinhala)

විදුලිය බිඳ වැටීමත් සමග ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බව අප වාර්තාකරු සඳහන් කරනවා ෴

+++++++++++++++

විසන්ධි වූ විදුලි සැපයුම් ජාලා යථා තත්ත්වයට පත් කෙරේ

(03.12.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

අද (03) පස්වරු 04:30 වන විට සියලුම විසන්ධි වූ විදුලි සැපයුම් ජාලා නැවත බලගැන්වීමට හැකියාව ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙගාවොට් 1000 ක විදුලිබල සැපයුමක් මේ වනවිට දිවයිනේ සියලුම ජාලාවලට එක් කර අවසන් බවයි විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ ෴

+++++++++++++++

නොරොච්චෝලේ හැර සෙසු විදුලි බලාගාර යථා තත්ත්වයට

(03.12.2021 – 17:50 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය සැපයුම අද (03) රාත්‍රිය වන විට මුළු මුනින්ම යථා තත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මෙම හදිසි බිඳ වැටීම් සම්බන්ධයෙන් අද පස්වරුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ හැර සියලු බලාගාරවල සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින 2ක කාලයක් ගත වනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

අද පෙරවරු 11 යි 30ට පමණ දිවයින පුරා හදිසියේ විදුලිය බිඳවැටුණු අතර මෙය මෙම සතියේ සිදු වූ 2 වන විදුලි බිඳ වැටීමයි.

පසුගිය සඳුදා රාත්‍රියේ ද විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක බිඳ වැටීමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට විදුලිය විසන්ධි වුණා.

අද සිදු වූ විදුලි බිඳ වැටීමට හේතුව මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බවයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්. ආර් රණතුංග සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔහු කියා සිටියේ මෙය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන විදුලි ඉංජිනේරුවරුන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක කරන බවයි.

සාමාන්‍යාධිකාරීවරයා එසේ ප්‍රකාශ කර පැය කිහිපයක් ගතව යන්නටත් මත්තෙන් විදුලි ඉංජිනේරු සංගමය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තම වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බවයි.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමට එරෙහිව ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළ අතර, අද දිනයේ ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව එය අත්හිටවූ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩු සඳහන් කළා.

කෙසේ වෙතත්, විදුලි සැපයුම බිඳ වැටීමත් සමග අඹතලේ හා බියගම පවිත්‍රාගාරවලින් ජලය සැපයෙන කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයක ජලය සැපයුමට ද බාධා එල්ල වුණා.

එමෙන්ම, දුම්රිය ධාවනයට මෙන්ම ඉන්ධන අලෙවියට ද බාධා එල්ල වූ අතර, ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලීම් ද දක්නට ලැබුණා.

මාර්ග සංඥා ක්‍රියාවිරහිත වීම හේතුවෙන් ඇතැම් මාර්ගවල රථ වාහන තදබදයක් ද දක්නට ලැබුණු අතර, රථ වාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා.

මේ අතර, ඊයේ (02) රාත්‍රියේ කඩුවෙල – වැලිවිට විදුලි පාරිභෝගික අධිකාරි, ප්‍රදේශයේ සිදුවූ විදුලිබිඳ වැටීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රම උපාය අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරයා කොම්පඤ්ඤ වීදිය පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ අදාළ විදුලි බිඳ වැටීම කඩා කප්පල්කාරි පිරිසක් විසින් සිදුකරන ලද්දක් ද යන්න විමර්ශනය කරන ලෙස ඉල්ලමින්.

ඒ අනුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

+++++++++++++++

විදුලි සැපයුම සීමා විය හැකි බවට විශේෂ දැනුම්දීමක්

(03.12.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ බලාගාරය තවමත් ජාතික විදුලිබල පද්ධතියට එක් නොවීම නිසා ඇතැම් ප්‍රදේශවල විටින් විට විදුලි සැපයුම සීමා කෙරෙනු ඇති බව විදුලි බල අමාත්‍යාංශය නිවේදනය කරනවා ෴

+++++++++++++++

විදුලි සෝපානයේ සිර වූ සුප්‍රසිද්ධ මන්ත්‍රී දෙපළ

(03.12.2021 – 20:50 +0530 – hirunews.lk/sinhala)

අද (03) පස්වරුවේදී දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග ඉතා ප්‍රසිද්ධ මන්ත්‍රීවරුන් දෙදෙනකු (2) පාර්ලිමේන්තුවේ පිහිටි විදුලි සෝපානයක සිර වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව මෙලෙස අද (03) පැවති විවාදය අවසානයේ දී පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව යාමට ඔවුන් පැමිණීමේ දී විදුලි සෝපානය තුළ සිර වී ඇත්තේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල යි.

දිවයින පුරා සිදු වූ විදුලි බිඳ වැටීම් තත්ත්වය අතරතුර, මෙම මන්ත්‍රීවරුන් දෙපළ ද පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විදුලි සෝපානය තුළ යළි විදුලිය සැපයෙන තෙක් විනාඩි 15 කට අධික කාලයක් මේ අයුරින් සිර වී සිට තිබෙනවා ෴

******************************************

පාසල් නිවාඩුව දීර්ඝ කෙරෙයි

(03.12.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදීම දෙසැම්බර් මස 23 වැනිදා බ්‍රහස්පතින්දා දින සිදු කිරීමට නියමිත බව අධයාපන අමාත්‍යාංශය පවසනවා.

නැවත පාසල් අරම්භ වන්නේ, 2022 ජනවාරි 03 වැනි සඳුදා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මීට පෙර පාසල් නිවාඩු සමය ලෙස ප්‍රකාශයට පත් වී තිබුණේ, 2021-12-23 දින සිට 2021-12-27 දක්වා වන අතර, ඉහත දින වකවානු මත එය සංශෝධනය වේ.

[ප්‍රවෘත්ති නිවේදනය]

******************************************

දිනෙන් දින උතුරු වෙරළට ගොඩගසන නාඳුනන මළසිරුරු – තවත් මළසිරුරු දෙකක් (2) හමුවේ

(03.12.2021 – 15:24 +0530 – hirunews.lk/sinhala)

යාපනය – මරදන්කේනි පොලිස් වසමට අයත් වඩමාරච්චි මුහුදු වෙරළෙහි ස්ථාන දෙකකට (2) ඊයේ (02) සවස වනවිට තවත් මළ සිරුරු දෙකක් (2) ගොඩගැසීම හේතුවෙන් යාපනයේ ධීවර ජනතාව තුළ බියක් ඇතිව තිබෙනවා.

යාපනය වඩමාරච්චි, සක්කෝට්ටෙයි වෙරළට ඊයේ (02) දින පළමු මළසිරුර ගොඩගසා තිබූ අතර, පසුව වඩමාරච්චි නැගෙනහිර චුණ්ඩිකුලම් මුහුදු වෙරළට ද මළසිරුරක් ගොඩගසා තිබියදී ඒ පිළිබඳව ධීවරයින් දැක මරඳන්කේනි පොලීසියයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව එම් ස්ථානයන් වෙතට ගිය පොලිස් නිලධාරීන් විසින් මළසිරුරු පරික්ෂා කොට බැලීමේදී මළ සිරුරු හඳුනාගත නොහැකි අයුරින් නරක් වී තිබුණු අතරම, මළසිරුරු පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා යොමු කොට ඇතැයි ද පොලීසිය
ප්‍රකාශ කළා.

මේ අනුව පසුගිය නොවැම්බර් 30 වනදා වඩමාරච්චි මරඳන්කේනි මුහුදු වෙරළට එක් මළ සිරුරක්, 28 වනදා ඩෙල්ෆ් මුහුදු වෙරළට එක් මළසිරුරක් සහ 27 වනදා යාපනය වැල්වැටිතුරෙයි මනල්කාඩු මුහුදු තීරයට මළසිරුරු දෙකක් (2) වශයෙන් ගොඩගසා තිබියදී ධීවරයින්ගේ සහයෙන් පොලීසිය විසින් සොයාගනු ලැබුවා.

මුහුදු වෙරළ වෙතට ගොඩගසා තිබූ සියලු මළ සිරුරු හඳුනා ගැනීමට නොහැකකි අයුරින් නරක්ව තිබීම හඳුනාගැනීමට අපහසුව ඇති අතරම සියලු මළ සිරුරු මේ වන විට පශ්චාත් මරණ පරික්ෂණයන් වෙතට යොමුකොට ඇතැයි ද පොලීසිය පවසනවා.

මේ අතර මෙලෙස දිනෙන් දින යාපනයේ මුහුදු වෙරළේ ස්ථාන කිහිපයකට මළ සිරුරු ගොඩගැසීම පිළිබඳව ධීවර ජනතාව තුළ මේ වන විට බියක් ඇතිව තිබෙන අතරම අදාල සිදුවීම පිළිබඳව පුළුල් පරික්ෂණයක් සිදුකොට තොරතුරු පළ කරන ලෙස ද ධීවර ජනතාව පොලීසියෙන් ඉල්ලා සිටිනවා.

අදාළ මළ සිරුරු සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරීමේදී උතුරු පළාතේ මුහුදු ගිය ධීවරයින් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ පැමිණිල්ලක් නොමැති හෙයින් යම් හෙයකින් උතුරු මුහුදට ඇතුල් වීමට උත්සහ කරන ලද අනවසර සංක්‍රමණිකයින්ගේ බෝට්ටුවක් පෙරළී එහි පැමිණි පිරිස් මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව සිරුරු ගොඩ ගසන්නේදැයි යන්න පිළිබඳව සෙවීම සඳහා නාවික හමුදාව ද දැනුවත් කොට ඇති බවයි පොලිසීය වැඩිදුරටත් පවසන්නේ ෴

******************************************

සජිත් ප්‍රේමදාසගේ රුපියල් මිලියන 3000 ක අවභාවිතාවක් ගැන ඉන්දික අනුරුද්ධගෙන් චෝදනාවක්

(03.12.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ හිටපු නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස රුපියල් මිලියන 3000 ක් කිසිදු හේතුවෙක් නොමැතිව වියදම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද (03) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.

ඔහු ප්‍රකාශ කළේ, එම කාලය තුළ රුපියල් බිලියනයකට අධික මුදලක් විවිධ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැයකර ඇති බවයි.

******************************************

ආණ්ඩුව රට බරපතළ ආර්ථික අර්බුදයක හෙළා ඇතැයි විපක්ෂ නායකගෙන් චෝදනා

(03.12.2021 – 15:32 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාණවත් තරම් බලතල තිබුණ ද ජනතා ප්‍රශ්න විසඳීමට අසමත් වත්මන් ආණ්ඩුව රට බරපතළ ආර්ථික අර්බුදයක හෙළා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ තිස්සමහරාම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

******************************************

පාස්කු කොමිසමේ සාක්ෂි වසන් කිරීමක් ගැන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ගෙන් ප්‍රකාශයක්

(03.12.2021 – 15:38 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවට සාක්ෂි වසන් කිරීමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැ යි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

‘හිරු බලය’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

******************************************

යතුරුපැදි දෙකක් (2) ගැටී ගිනි ගනී – තිදරු පියා පිළිස්සී මරුට

(03.12.2021 – 17:13 +0530 – sinhala.adaderana.lk)

යතුරුපැදි 2 ක් එකිනෙක ගැටී සිදුවූ අනතුරක් සමග ඇතිවූ ගින්නකින් එක් යතුරුපැදිකරුවෙකු පිළිස්සී මියගිය පුවතක් ආණමඩුව ප්‍රදේශයෙන් වාර්තා විය.

ආණමඩුව හලාවත මාර්ගයේ සංගට්ටිකුලම ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ එම අනතුර සිදුවී ඇත.

අනතුරත් සමග බරපතළ තුවාල ලබා ඇති තිදරු පියා යතුරුපැදියට සිරවී ඇති අතර ක්ෂණිකව ඇතිවු ගිනිගැනීමට ඔහු මැදිවී තිබුණි.

මෙසේ මරණයට පත්වී ඇත්තේ ආණමඩුව මුදලක්කුලිය පදිංචි රාජකරුණා හේරත් මුදියන්සේලාගේ රංබණ්ඩාර නමැති 60 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය සඳහන් කළේ ඔහු දියණියන් තිදෙනෙකුගේ (3) පියෙකු බවය.

අනතුරින් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු සඳුන් සුරංග නැමති 21 හැවිරිදි තරුණයෙකි.

පොලීසිය සැක කරන්නේ අනතුරත් සමග ඉන්ධන ටැංකියේ මූඩිය ගැලවී යෑමෙන් ගින්න හටගන්නට ඇති බවය.

අනතුර සිදුවූ ස්ථානය අවට සිටි පිරිස් ගින්න නිවා දැමීමට උත්සාහ ගෙන තිබුණත් ගින්නෙත් දැඩි ලෙස පිළිස්සී සිටි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.

******************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *