කාබනික ගොවිතැනට පමණක් සහන දෙන බවට ජනපතිගෙන් ස්ථාවරයක්

කාබනික ගොවිතැනට පමණක් සහන දෙන බවට ජනපතිගෙන් ස්ථාවරයක්

*********************************************

කාබනික ගොවිතැනට පමණක් සහන දෙන බවට ජනපතිගෙන් ස්ථාවරයක්

(22.11.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම පාහේ කාබනික පොහොර භාවිතයට හුරු කරවන බව ජනපති අවධාරණය කරනවා.

රජයක් ලෙස කාබනික පොහොර බෙදා හැරීම, සහනාධාර ලබා දීම කාබනික පොහොර ගොවිතැන සඳහා පමණක් ලබා දීම යි රජයේ ස්ථාවරය වී ඇත්තේ.

රසායනික පොහොර මාෆියාව හඳුනාගෙන එය පරාජය කිරීමට කැප විය යුතු බව ජනපති මෙහි දී ප්‍රකාශ කළා.

මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්‍යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදි යි ජනපතිවරයා මෙම තත්ත්වය අවධාරණය කළේ.

******************************************

දියේ ගිලී අනතුරට පත් වූ දෙදෙනෙකු බේරා ගැනෙයි

(22.11.2021 – 16:44 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස පොලිස් වසමේ ගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටි මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු (2) දියේ ගිලී අනතුරකට පත් වී තිබෙනවා.

තරුණයින් පිරිසක් ම එම අවස්ථාවේ දිය නාමින් සිට ඇති අතර, අනතුරට ලක් වී ඇත්තේ, වයස අවුරුදු 16 ක තරණයින් දෙදෙනෙක් (2).

ඔවුන් දෙදෙනා (2) දිය වැලකට හසු ව ගසා ගෙන යමින් සිටියදී වහා ම ක්‍රියාත්මක වූ ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් ඉතා වෙසෙසක් දරා මොවුන් බේරා ගත් බවයි වාර්තා වෙන්නේ.

ජීවිතාරක්ෂක උපකරණ මඟින් තරුණයින් දෙදෙනාව (2) ගොඩට රැගෙන ඇවිත් ඇති අතර, ඔවුන්ට ප්‍රථමාධාර ලබා දීමට ද ජීවිතාරක්ෂක ඒකකය කටයුතු කළ බව සඳහන්.

දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙවැනි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් ස්ථානගත කර ඇති අතර, අවස්ථා ගණනාවක දී ඔවුන්ගේ කැපවීම මත ජීවිත රැසක් අනතුරුවලින් දිවි ගලවාගෙන තිබෙනවා ෴

******************************************

2022 අයවැය වැඩි ඡන්ද 93 කින් සම්මත වෙයි

(22.11.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

2022 අයවැය දෙවන (2) වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

ඊට පක්ෂ ව ඡන්ද 153 ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 60 ක්.

ඒ අනුව වැඩි ඡන්ද 93 කිනුයි අයවැය දෙවන වර කියවීම අද (22) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණේ.

2022 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93 කින් අද (22) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 153 ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද 60 ක් පමණයි.

අයවැය ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඊට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසු හා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ශව විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමට විරුද්ධව ඡන්දය භාවිත කළා.

එසේම, අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, එම්.ඒ. සුමන්දිරන්, රාසමානික්කම් ශාන්‍යක්‍යන්, සී.වී. විග්ගේෂ්වරන් ඇතුළු 11 දෙනෙකු ඡන්ද විමසීම සඳහා පැමිණ නොසිටි බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ද එම පක්ෂයේ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

එසේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් එම පක්ෂයේ සෙසු නියෝජිතයින් අයවැය දෙවන වර කියවීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මීට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරන ඉෂාක් රහුමාන්, අරවින්ද් කුමාර් යන මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ අයවැය දෙවන වර කියවීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද සිය ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ, විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂවයි.

******************************************

ඉන්දන බවුසරයක කාර්මික දෝෂයක් නිසා හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ අවහිරතාවක්

(22.11.2021 – 18:37 +0530 – hirunews.lk/sinhala)

ඉන්දන බවුසරයක කා‍ර්මික දෝෂයක් නිසා හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන – රම්පාදෙණිය ප්‍රදේශයේ මාර්ග අවහිරතාවක් ඇති වී තිබෙනවා.

******************************************

එළවළු සඳහා පලිබෝධනාශක ගෙන්වීමට අවසර

(22.11.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති අතර, කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ කාබනික පොහොර බෙදා හැරීම, සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදුකරන බවයි.

ගොවීන්, උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ රජයේ ප්‍රතිපත්තියට එකග නොවන නිලධාරීන්ට ඉන් ඉවත්වීමට බාධාවක් නොමැති බවයි.

එළවළු සඳහා පලිබෝධනාශක යම් ප්‍රමාණයක් සහ විශේෂ පොහොර වර්ගයක් ආනයනය කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය වූ බවයි, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර, නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ද අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ මෙම ගනුදෙනුවට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවයි ෴

******************************************

රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න ගෙන් විශේෂ ප්‍රකාශයක්

(22.11.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් නිදහසේ කටයුතු කිරීමට තවදුරටත් අවස්ථාව නොලැබෙන්නේ නම්, අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ආණමඩුවේ පැවති ජනහමුවක් අමතමින්.

******************************************

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

(22.11.2021 – 21:34 +0530 – hirunews.lk/sinhala)

Glyphosate, Propanil, Carbary1, Cholopyrifos & Carbofuran භාවිතය තහනම් කරමින් 2014 දෙසැම්බර් 22 වැනි දින නිකුත් කරන ලද පළිබෝධනාශක පාලන පනත පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අද (22) අවලංගු කර තිබෙනවා.

******************************************

අයවැයට පක්ෂ වූ බදියුදීන්ගේ පක්ෂ සාමාජිකයින්ට සාමාජිකත්වය අහෝසි

(22.11.2021 – 22:39 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ, අයවැයට පක්‍ෂව ඡන්දය දුන් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා ෴

******************************************

නීති විරෝධී ව අල්ලා ගත් අලි ඇතුන් ලියාපදිංචියට එරෙහි පෙත්සමේ නඩු විභාගය අද (23)

(23.11.2021 – 07:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රජය විසින් 2021 අගෝස්තු 19 වැනි දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින්, වාණිජමය කටයුතු සඳහා අලි ඇතුන් යොදාගැනීම, අලි ඇතුන්ගේ පෞද්ගලික හිමිකාරීත්වය හා සුබසාධනය අවම කිරීමට ඉඩ සැලසුණා.

නීති විරෝධී ලෙස වනාන්තරයෙන් අල්ලා ගන්නා ලද අලි ඇතුන් ලියාපදිංචි කිරීමට ද මේ හරහා අවසර ලැබී තිබෙනවා.

නීතිවිරෝධී ලෙස අල්ලා ගත් අලි ඇතුන් 15 දෙනෙකු ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි නැවත සැකකරුවන්ට ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුවත් සමඟ මෙම ගැසට් පත්‍රයට එරෙහිව සත්ත්ව සුබසාධක සංවිධානවල සාමාජිකයින් සහ වනජීවී සංරක්‍ෂකයින් කිහිප දෙනෙකු විසින් පෙත්සම් ගොනු කළා.

අද (23) වන දින, අභියාචනාධිකරණය විසින් අදාළ නීති විරෝධී ගැසට් පත්‍රයට එරෙහි මහජන නඩු විභාග කර මෙම අලි ඇතුන්ගේ ඉරණම තීරණය කරනු ඇති.

හෙට (24) ශ්‍රී ලංකා අභියාචනාධිකරණය ගන්නා මෙම සුවිශේෂී තීන්දුව, රටේ වන ජීවීන්ගේ හෙට (24) දවස තීරණය කිරීමට අමතරව බලය සහ දූෂණය හමුවේ නීතියේ ආධිපත්‍යය ක්‍රියා කරන ආකාරය ද පෙන්නුම් කරන කැඩපතකි.

මේ සඳහා වන සතුන්ගේ අයිතීන් හා සුබසාධනයට සහයෝගය දක්වා සත්ත්ව ලෝලීන්, සංරක්ෂණවාදීන් සහ ක්‍රියාකාරීන්ගේ පැමිණීම අපේක්ෂා කළ හැකියි ෴

******************************************

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක්

(23.11.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (22) පැවැත් වුණා.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වි පාර්ශවික සබදතාවට ලබන වසරේ පෙබරවාරි 19 වනදාට වසර 65 ක් සපිරෙනවා.

ලේකම්වරයාගේ මෙම සංචාරය මගින් දෙරට අතර සබදතාව තවදුරටත් ශක්තිමත් කෙරෙන බවයි ජනාධිපතිවරයා එම හමුවේදී සඳහන් කර ඇත්තේ.

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් මෙරටට රැගෙන ආ ස්පුට්නික් එන්නත් මාත්‍රා 5000 ක ප්‍රදානය සහ කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රුසියාව ලබාදුන් සහාය පිළිබදව ද ජනාධිපතිවරයා විසින් සිය ස්තූතිය පළ කර තිබෙනවා.

එමෙන්ම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද රුසියානු ජාතිකයින් 49,379 දෙනෙකු පසුගිය වසරේ මෙරට සංචාරය කිරීම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එහිදී සිහිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

******************************************

පිටකොටුවේ පිහිටි සුළු පරිමාණයේ ව්‍යාපාරික ස්ථාන සියයට 45 ක් පමණ වැසේ ?

(23.11.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුවේ පිහිටි සුළු පරිමාණයේ ව්‍යාපාරික ස්ථාන 45% ක් පමණ මේ වන විට වසා දමා ඇති බව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ සංගමය පවසනවා.

වෙළෙදාම අඩුකම, සේවක පඩි නඩි ගෙවීමේ අපහසුතා ඇතුළු තවත් කරුණු හේතුවෙන් මෙලෙස සුළු පරිමාණයේ ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති බවයි එම වෙළෙඳ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *