වැඩි මිලට ඖෂධ අලෙවි කරන වෙළඳසැල් ගැන තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක්

වැඩි මිලට ඖෂධ අලෙවි කරන වෙළඳසැල් ගැන තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක්

*********************************************

වැඩි මිලට ඖෂධ අලෙවි කරන වෙළඳසැල් ගැන තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක්

(17.11.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala)

උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ වැඩි මිලට අලෙවි කරන අලෙවිසැල් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දෙන ලෙසට ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අත්‍යවශ්‍ය ඖෂධවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවටත් ඒවා විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවටත් පැමිණිලි ලැබී තිබීම ඊට හේතුවයි.

මේ වනවිට ඖෂධ 60 කට අයත් මාත්‍රා කාණ්ඩ 131 ක මිල නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, ඩොලරයේ අගය පදනම් කරගෙන සියයට 9 ක මිල ඉහළ දැමීමකට පමණක් අගෝස්තු මාසයේදී අවසර ලබා දී තිබුණා.

ඒ අනුව සියලුම අත්‍යවශ්‍ය ඖෂධවල නිසි අලෙවි මිල ද ජනතාවගේ දැනගැනීම පිණිස ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය මගින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන්නේ පහත පරිදියි :

Page 1Page 2Page 3
Page 4Page 5Page 6

******************************************

ඉවර නොවන ඉන්ධන පෝලිම්

(17.11.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

රට තුළ මතුව ඇති ඉන්ධන අර්බුදයට විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වගකිව යුතු බවට වෘත්තීය සමිති චෝදනා කරනවා.

මේ අතර , අදත් (17) දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

******************************************

කාසල්රී ජලාශයෙන් තරුණයෙකුගේ මළසිරුරක් හමු වේ

(17.11.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala)

නිවසින් අතුරුදහන් වු තරුණයෙකුගේ මළසිරුර කාසල්රි ජලාශයේ තිබි අද (17) දින පස්වරුවේ ගොඩගත් බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

මෙසේ ගොඩගනු ලැබුවේ, නොර්වුඩ් වත්ත ඉහළ කොටසේ පදිංචිව සිටි සරත් කුමාරන් නමැති(20) හැවිරිදි තරුණයෙකුගේ සිරුරයි.

කාසල්රි ජලාශයේ නිව්වැලි වත්ත ප්‍රදේශයේ දියනෑමට ගිය පිරිසක් ජලාශය අසල අයිතිකරුවෙකු නොමැති ජංගම දුරකථනයක් සහ පාවහන් යුවලක් ඇති බවට නොර්වුඩ් පොලිසියට ලබාදුන් තොරතුරක් මතයි නොර්වුඩ් පොලිසිය විසින් ඒ පිළිබඳව විමර්ශන ඇරඹුවේ.

අතුරුදහන් වු තරුණයාගේ ඥාතින් විසින් තරුණයාගේ ජංගම දුරකථනය සහ පාවහන් යුවල හඳුනාගැනීමෙන් අනතුරුව කාසල්රි ජලාශයේ ධීවරයින්ගේ සහ ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව අතුරුදහන් වු තරුණයාගේ සිරුර සොයා ජලාශයේ මෙහෙයුමක් දියත් කළ අවස්ථාවේදීයි, තරුණයාගේ සිරුර ජලාශයේ තිබි ගොඩගෙන ඇත්තේ.

මියගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බව නෝර්වුඩ් පොලිසිය පැවසුවා ෴

******************************************

සජබ විරෝධතාවට බෝම්බයක් එල්ල වන බව කියූ පුද්ගලයා රිමාන්ඩ්

(17.11.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගය ඊයේ (16) කොළඹදී පැවැත්වූ විරෝධතාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රකාශයක් සිදුකළැයි කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ සැකකරු අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මහේස්ත්‍රාත්වරයා එහිදී කුරුදුවත්ත පොලීසියට නියෝග කර ඇත්තේ සැකකරු මානසික වෛද්‍යවරයෙකුට යොමුකර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි ෴

******************************************

පද්ම ශ්‍රී සම්මානය ප්‍රවීණ සම්ප්‍රදායික නර්තන ශිල්පිනි වජිරා චිත්‍රසේන දේවියට

(17.11.2021 – 16:18 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තන ශිල්පිනි ආචාර්ය වජිරා චිත්‍රසේන දේවියට 2020 වසරේ පද්ම ශ්‍රී සම්මානය හිමිව තිබෙනවා.

එතුමිය විසින් මෙරට සම්ප්‍රදායික නර්තන ක්ෂේත්‍රයට සිදු කළ අනුපමේය මෙහෙවර වෙනුවෙනුයි, මෙම සම්මානය ඉන්දීය රජය විසින් පිරිනැමුණේ.

පද්ම ශ්‍රී සම්මානය පිරිනැමීම මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පිරිනමනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී යි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ආචාර්ය වජිරා චිත්‍රසේන දේවිය වෙත පද්ම ශ්‍රී සම්මානය පිරිනැමුණා.

******************************************

ඉන්ඩ හිතෙන රටෙන් යන්ඩ හිතන පිරිස වැඩි වෙයි

(17.11.2021 – 16:54 +0530 – hirunews.lk/sinhala)

සෑම ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු (4) ගෙන් එක් අයෙකුට අවස්ථාවක් ලැබේ නම් සංක්‍රමණය වීමට කැමැත්තක් දක්වන බව මෑතක දී සිදුකළ සමීක්ෂණයකදී හෙළි වී තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සිදු කල මෙම සමීක්ෂණය හරහා හෙළි කරන ඇතැම් කරුණු බිය ගන්වන සුළු අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට උගත් තරුණ පරපුරේ රට හැර යාමේ අභිලාෂය 50% ක් දක්වා ඉහල ගොස් ඇති බවයි.

මෙම වාර්තාව පෙන්වා දෙන ආකාරයට මෙම සමීක්ෂණයට ලක් වූ පුද්ගලයින්ගෙන් පිරිමි පාර්ශවය 34% ක් රට හැර යාමේ පරම අභිලාශයෙන් පසුවන අතර ඔවුන් අතරින් 24% ක් මේ වන විටත් ඒ සඳහා සැලසුම් කරමින් සිටිනවා.

එමෙන්ම තවත් 20% ක කොටසක් මේ වන විටත් රට හැර යාම සඳහා වන ක්‍රමවේදයන් අනුගමණය කරමින් සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මෙරට කාන්තා ජනගහනයෙන් 22% ක්ද රට හැර යාමේ අභිලාශයෙන් පසුවන අතර ඔවුන්ගෙන් 22% ක්ම ඒ සඳහා සැලසුම් කරමින් සිටිනවා.

එමෙන්ම මෙරට කාන්තා පාර්ශවයෙන් 12% ක් මේ වන විටත් ඒ සඳහා වන ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

එම වාර්තාවට අනුව වඩාත් බිය ගන්වන සුළු කාරණය වන්නේ උපාධි හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබාගෙන ඇති මෙරට ජනගහනයෙන් සියයට පනස් තුනක් (53%) රට හැර යාමට සැලසුම් කර ඇති බව හෙළි වීමයි.

එමෙන්ම ඔවුන් අතරින් 20% ක් මේ සඳහා සැලසුම් කරන අතර තවත් 29% ක් ඒ සඳහා වන ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිටිනවා.

මෙම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ විදෙස් ගත වීමේ අභිලාෂයන් පසුගිය වසර 3 ත් 5 ත් අතර කාලය තුළ දෙගුණයකින් (x2) වැඩි වී ඇති බවයි.

එමෙන්ම ඉහළ අධ්‍යාපන සුදුසුකම් වලින් පරිපූර්ණ සහ පවතින පාලනය කෙරෙහි කලකිරුණු බොහෝ පිරිසක් රට අතහැර යාමේ ප්‍රවණතාවයෙන් පසුවන බවත් එම සමීක්ෂණ වාර්තාවේ වැඩි දුරටත් සඳහන්.

එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන ආකාරයට අපොස උසස් පෙළ හෝ ඊට ඉහල සුදුසුකම් ලබාගෙන ඇති සාමාන්‍ය පුද්ගලයින්ගේ රට හැරයාමේ ප්‍රවණතාව 2.6 (?) ක් වන විට පවතින පාලනය කෙරෙහි කළ කලකිරී රට අත්හැර යාමට වෙර දරන්නන්ගේ සංඛ්‍යාව 10.2 (?)බවයි.

එමෙන්ම පසුගිය කාලසීමාව තුළදී ශ්‍රී ලාංකික දමිළ ජනතාවගේ ද රට හැර යාමේ ප්‍රවණතාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ දැක්වෙනවා.

මෙම සොයා ගැනීම් සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP) විසින් භාවිත කරන ලද්දේ ‘ශ්‍රී ලංකා ඔපීනියන් ට්‍රැකර් සමීක්ෂණයේ’ (SLOTS) ක්‍රමවේදයයි.

COVID-19 වසංගත තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්වන විට මහජන මතය තක්සේරු කිරීම සඳහා මෙම සමීක්ෂණ ක්‍රමවේදය භාවිත කර තිබෙනවා.

ආණ්ඩුවට ඡන්දය දුන් තරුණ තරුණියන් විදේශගත වීම සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පෝලිම් ගැසී සිටින බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෑතක දී කළ ප්‍රකාශය මෙම සමීක්ෂණ ප්‍රතිඵල හරහා සනාථ කෙරෙන බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව විදේශගත වීමට වැඩිපුර අභිලාෂයෙන් හසුවන්නේ තරුණ තරුණියන් බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය නිවැරදි බවයි මෙම සමීක්ෂණ වාර්තාව අනාවරණය කරන්නේ.

ආර්ථිකය පිළිබඳ අශුභවාදී දැක්ම සහ රජයේ COVID-19 ප්‍රතිචාරය පිළිබඳ ඇතිවී ඇති අතෘප්තිය, කලකිරීමේ ප්‍රධාන මූලශ්‍ර ලෙස මෙම සමීක්ෂකයින් හඳුනාගෙන තිබෙනවා.

කලකිරුණු රාජපක්ෂ ඡන්දදායකයින්ගෙන් තුනෙන් දෙකක් (2/3) වසරක් තුළ ආර්ථිකය තවත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරණ බවයි මෙම සමීක්ෂණය පෙන්වා දෙන්නේ.

සමීක්ෂණයේ ප්‍රධාන විමර්ශක හාවඩ් විශ්ව විද්‍යාලයේ මහජන මත විමසුම පිළිබඳ පුහුණුව ලැබූ සහ දශක තුනක් (3) පුරා විවිධ මත සමීක්ෂණ සිදු කර ඇති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ආචාර්‍යය රවී රන්නන්එලිය මහතා අදහස් දක්වමින් කියා සිටියේ 2021 මුල් භාගයේ COVID-19 පැතිරීම පාළනය සඳහා රජයේ ප්‍රතිපත්ති වරින් වර වෙනස් කිරීම නිසා බොහෝ ඡන්දදායකයින්ගේ සහයෝගය සහ රජය කෙරෙහි ඇති විශ්වාසය බරපතල ලෙස පළුදු වූ බවයි.

එමෙන්ම රජයේට පක්ෂපාතී ඡන්ද දායකයින් බොහෝ දෙනෙකු තවමත් විශ්වාස කරන්නේ covid-19 වයිරසය පාලනය කිරීම සඳහා රජය මීට වඩා වැඩි උත්සාහයක් ගත යුතු බවටයි.

කෙසේ වෙතත් ආචාර්ය කන්නන්එලිය මහතා පවසන්නේ ආණ්ඩුවට ඇති එකම සාධනීය කරුණ නම් බොහෝ කලකිරුණු රාජපක්ෂ ඡන්දදායකයින් තම සහයෝගය වෙනත් පක්ෂවලට මාරු කර ඇති බවක් නොපෙනීම බව හා මෙය බොහෝ විට කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් විය හැකි බවත්ය.

එහෙත් ජාතික දෘෂ්ටිකෝණයකින් බලන කල, ගෝලීය සංචාර සීමා ඉවත් කිරීමත් සමඟ තරුණ තරුණියන් සහ සමාජයේ වඩාත්ම උගත් සහ ධනවත් පිරිස් විදේශගත වීම රටේ අනාගත ආර්ථික හා සමාජීය අපේක්ෂාවන්ට වඩාත් අහිතකර ලෙස බලපාන බවත් ඔහු සඳහන් කළා ෴

******************************************

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ සිට මාතර දෙසට රථවාහන තදබදයක්

(17.11.2021 – 17:41 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ සිට මාතර දෙසට රථවාහන තදබදයක් පවතින බව අප වාර්තාකරු පවසනවා.

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

++++++

+++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *