ෆයිසර් හැර සියලු එන්නත් දිවයිනට ගෙන්වා අවසන්

ෆයිසර් හැර සියලු එන්නත් දිවයිනට ගෙන්වා අවසන්

*********************************************

ෆයිසර් හැර සියලු එන්නත් දිවයිනට ගෙන්වා අවසන්

(10.10.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන එන්නත්කරණය සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය අතරින් ෆයිසර් එන්නත හැරෙන්නට අනෙක් සියලු‍ එන්නත් මෙරටට රැගෙනවිත් අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ඊයේ (09) සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 35 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළා. ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,331 ක් ලෙසයි.

අද (10) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 560 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,26,223 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී (09) පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 1,17,587 ක්.

ඒ අනුව පුද්ගලයින් 12,995 ක් පළමු (1) මාත්‍රාවත්, පුද්ගලයින් 1,04,592 ක් දෙවැනි (2) මාත්‍රාවත් ලබා ගෙන තිබෙනවා.

නිදන්ගත රෝගවලන් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අදත් (10) දිවයින පුරා ක්‍රියාත්මක වුණා.

මහරගම අපේක්ෂා රොහලේදී දරුවන් 60 දෙනෙකුට පමණ මේ වනවිට එන්නත් ලබා දී තිබෙනවා.

එම වැඩසටහන භාරව කටයුතු කරන එහි ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය සමන්මලී ගුණසේකර මහත්මිය කියා සිටියේ එන්නත් ලබාදුන් දරුවන් අතරින් කිසිවෙකුටත් ආසාත්මිකතාවක් ඇති නොවූ බවයි.

මේ අතර, වයස අවුරුදු 20 ත්, 30 ත් අතර කාණ්ඩයේ තරුණ තරුණයින් එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව තඹුත්තේගම ප්‍රදේශයේදී අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ නව සාමාන්‍යකරණයට ජනතාව හුරු විය යුතු බවයි.

මේ අතර, ශ්‍රී ලංකාව මේ වසරේ ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත අතරින් 4 වැනි ස්ථානයට පත්ව තිබෙනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 160 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා අසාදිතියින් ගණන 5,26,383 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

පස් (5) හැවිරිදි දියණියගේ කට පිලිස්සූ මවක් අත්අඩංගුවට

(10.10.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

සිය 5 හැවිරිදි දියණියගේ මුඛය සහ කලවා පිලිස්සූ මවක් පිළිබඳව තොරතුරු කිලිනොච්චිය – විනයාගර් – කුඩුඉරිප්පු ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මව මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටි අවස්ථාවේදී දැරිය විසින් සිදුකළ ක්‍රියාවකට උරණ වීමෙන් පසුවයි ඇය සිය දියණියගේ මුඛය මෙලෙස පුළුස්සා ඇත්තේ.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී දියණියගේ පියා නොසිට ඇති අතර මුඛය සහ කලවා පිලිස්සීමෙන් පසු අමානුෂික අන්දමින් පහරදීමක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මව ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව මේ මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

මේ අතර, දඹුල්ල – කලෝගහඇල ප්‍රදේශයේ නිවසකදී 14 හැවිරිදි දැරියක ඝාතනයට ලක්වීම සිද්ධියට අදාළව, දැරියගේ සිරුර සොයා ගත් නිවසේ සිටි, චෝදනා එල්ල වී ඇති යුවල තවමත් අතුරුදන් වී සිටිනවා.

ඔවුන් ප්‍රදේශය අතහැර පලාගොස් සිටින බවටයි වාර්තා වන්නේ.

මේ අතර, හංවැල්ල තානායම උද්‍යානයේ අසුනක තිබී පිලිස්සුණු මළ සිරුරක් පොලීසිය විසින් අද (10) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහුගේ පිලිස්සුණු මළ සිරුර අසල තිබී භූමිතෙල් බෝතලයක් ද සොයා ගෙන ඇති අතර, පොලීසිය සඳහන් කළේ ඔහු ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට දැනට සැක පළ කරන බවයි.

මේ අතර, දේපල සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත බේරුවල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු තම වැඩිමහල් සොහොයුරියට පහරදී යතුරුපැදියකින් අනතුරට ලක්කර තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා ෴

******************************************

වැඩි වන මිල ගැන ගෑස් සමාගම් අතර තරගයක්

(10.10.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සමාගම් විසින් අසාධාරණ අන්දමින් මිල ඉහළ දැමීමක් සිදුකළ හොත් යළිත් ගෑස් මිල සඳහා පාලන මිලක් ගැසට් කිරීමට රජය සූදානම් බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ගෑස් සමාගම් විසින් තවමත් මිල පිලිබඳව නිෂ්චිත තීරණයක් ගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් අතර පවතින තරගකාරිත්වය නිසා බවයි.

එක් සමාගමක් විසින් මිල ප්‍රකාශයට පත් කරනතුරු අනෙක් ගෑස් සමාගම නව මිලක් නිකුත් නොකරන තත්ත්වයක් මේ වනවිට පවතින බව වාර්තා වනවා.

මේ හේතුව නිසා ගෑස් මිල සම්බන්ධයෙන් තවමත් නිෂ්චිත මිලක් ගෑස් සමාගම් විසින් ප්‍රකාශයට පත් කර නැහැ.

කෙසේ වෙතත්, අසාධාරණ අන්දමින් ගෑස් මිල ඉහළ දැමීමට සමාගම් කටයුතු කළහොත් යළිත් වරක් ගෑස් මිල සඳහා පාලන මිලක් පැනවීමට සිදුවන බවටයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ප්‍රධාන ගෑස් සමාගම් දෙකෙහි (2) අධ්‍යක්ෂ මණ්ඩල පසුගිය දින කිහිපය තුලම රැස්වූයේ මිල සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහායි.

එම ආරංචි මාර්ග සඳහන් කළේ හෙට (11) දිනයේදී බොහෝදුරට ගෑස් නව මිල ප්‍රකාශයට පත් කරන බවයි.

ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මේ වනවිට රුපියල් 1,493 ක් ලෙස සටහන් වන නමුදු ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල පසුගිය අගෝස්තු 13 වැනිදා සිට රුපියල් 363 කින් ඉහළ නැංවීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය හිමිවුණා.

ඒ අනුව, ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල මේ වනවිට සටහන් වන්නේ රුපියල් 1856 ක් ලෙසයි.

එමෙන්ම, තිරිඟු පිටි සහ සහ සිමෙන්ති නව මිල ගණන් ද හෙට (11) දිනයේදි බොහෝදුරට ප්‍රකාශයට පත් වනු ඇති.

මේ අතර, මෙරටට ආනයනය කිරීමට නියමිත හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයෙන් කොටසක් රැගත් නෞකාවක් අද (10) දිනයේදී කොළඹ වරාය වෙත ළගා වීමට නියමිත බව වෙළඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා ෴

******************************************

“ජීවත් කරන්න බෑ කියලා මැෂින් ගලවන්න හැදුවා” – ගෙදරම ICU එක හදාගෙන දුවව ජීවත් කරන තාත්තාගේ සංවේදී කතාව (10.10.2021)

මං ගෙදර ICU එකක් හැදුවා, බෑ කිව්ව හැමෝටම පේන්න දවසක දුවව සනීප කරගන්නවා

A father who has an ICU and an Ambulance at home and has been living with his daughter for 13 years – Heart touching video – Dad and his daughter – 100% sure you will cry – Heart touching
.
Here is the book my daughter wrote about a world we can’t see from the ICU bed – Father and Daughter’s Touching Story – Dad’s emotional story
.
077 197 5859 (පියා – අශෝක මහතා)
.
M P Madhubhashini
Acc No : 9817252
Bank of Ceylon – Kesbewa

******************************************

ඇමති මණ්ඩලයට හොරෙන් අත්සන් කරපු යුගදනවි බලාගාර ගිවිසුමේ ඇත්ත පැත්ත – ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරණගම මහතා විසින්

(10.10.2021 – 15:46 +0530 – lankaleadnews.com)

ටෙන්ඩර් පටිපාටියට පිටින්, කැබිනට් මණ්ඩලයට හොරොන් ඇමෙරිකානු සමාගමක් සමග අත්සන් තබන ලද යුගදනවි බලාගාර (LNG) ගිවිසුම මගින්රජයට බරපතළ පාඩුවක් සිදුව ඇති බැවින් එය දුෂණමය වරදක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

යුගදනවි බලාගාරය සම්බන්ධ දීර්ඝ පැහැදිළි කිරීමක් කරමින් ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරණගම මහතා අන්තර්ඡාලය වෙත වීඩියෝපටයක් යොමුකර ඇත. එහි සදහන් වන්නේ යුගදනවි ගිවිසුම යහපාලන ආණ්ඩුව සමයෙහි සිදුවූ බැදුම්කර ගනුදෙනුවටත් වඩා රජයට පාඩු සිදුවන ගිවිසුමක් බවත් එම ගිවිසුම මගින් ඇමෙරිකානු සමාගමෙන් දීර්ඝකාලීනව ගෑස් මිළදී ගැනීමේදී අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් අනිවාර්යයෙන් මිලදී ගන්නා බවට එකඟ වීම මෙම ගිවිසුමේ ඇති බළවත් වරදක් බවත් එය රජයට පාඩු සිදුකීරම අරමුණු කරගෙන සිදුවූවක් බවත් එමගින් බරපතළ දූ‍්ෂණයක් සිදුව ඇති බවත්ය.

එනම් පාවිච්චියට නොගන්නා ගෑස්වලට ද මුදල් ගෙවීමට එකඟ වීමය. එම වරද වඩාත් බරපතළ දූෂණ වරදක් වන්නේ සෑම මාසයකම ගෑස් වලට ගෙවීම් සිදු කිරීමේ දී ඊට පෙර මාසයේ දී භාවිතා නොකළ ගෑස් ප‍්‍රමාණය නැවත විකිණීම මගින් අධික ලාභයක් ලැබීමට විදේශීය සමාගමකට අවස්ථාව ලැබීමය.

09-10-2021
07-10-2021

******************************************

******************************************

කාබනික පොහොර සම්බන්ධයෙන් චීන චෝදනාවට ප්‍රතිචාර

(10.10.2021 – 19:29 +0530 – sinhala.adaderana.lk)

චීනයෙන් ගෙන්වීමට නියමිත කාබනික පොහොර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සිදුකළ පරීක්ෂණ දෝෂ සහගත බව චීන තානාපති කාර්යාලය පැවසුව ද එම පරීක්ෂණ සිදුකළ මෙරට ආයතනය එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලබයි.

චීන සමාගමින් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවල අහිතකර ක්ෂුද්‍රජීවීන් අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවය කඩිනම් නිගමනයකට පැමිණීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදු වූවක් බව චීන තානාපති කාර්යාලය ඊයේ (09) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කෙසේ වෙතත් එම පර්යේෂණ ක්‍රියාවලිය පිළිබඳව ‘අද දෙරණ’ කළ විමසුමකදී වාර්තා වූයේ මෙරට ශාක නිරෝධායන සේවාව නියමිත අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සිය පරීක්ෂණය සිදුකර අදාළ කාබනික පොහොරවල දෝෂ සහගත බව තහවුරු කර ගත් බවය.

එම පරීක්ෂණ නිසි ලෙස සිදුකර නොමැති බවට චීන තානාපති කාර්යාලයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශාඛ ආරක්ෂණය පිළිබඳ මහාචාර්ය දේවිකා ද කොස්තා මහත්මියගෙන් අප විමසීමක් කළා.

ඒ පිළිබඳව අදහස් දක්වන දේවිකා ද කොස්තා මහත්මිය පැවසුවේ,

“විද්‍යාත්මක නිගමනයකට අනුව එම වාර්තා දෙන්න දින තුනක් (3) තුල සිදුකරන පර්යේෂණවලින් පුළුවනි. මොකද ශාක නිරෝධායන සේවයේ සිදුකර තිබෙන පර්යේෂණවලට අනුව ඒ අය මුලදීම සාම්පල වගා භූමිවල යොදලා තියෙනවා. ඊට පස්සේ වර්ණකාරක යොදලා පර්යේෂණ කරලා තියෙනවා. ඒවාට ජෛව රසායනික මට්ටමේ පර්යේෂණ කරලා තියෙනවා. ඊට පස්සේ මේක අර්වීනියා ද අර්වීනියා කැරටවෝවා ද කියලා හොයා ගන්න කැරට් පෙති පරීක්ෂණය කරලා තියෙනවා. මේ සාම්පලය සම්පූර්ණයෙන්ම ක්ෂුද්‍ර ජීවින්ගෙන් තොර නැහැ කියන්න හැකියාව තියෙනවා මේ දින තුන (3) තුළ කරන පර්යේෂණවලින්.”

******************************************

ලිට්‍රෝ ගෑස් මිල අද (10) මැදියම් රැයේ සිට රුපියල් 1257 කින් ඉහළට

(10.10.2021 – 21:56 +0530 – hirunews.lk/sinhala)

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙනවා.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2750 ක්.

කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1101 ක්.

කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 231 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 520 ක් ලෙසයි.

ලාෆ් ගෑස් මිලත් ඉහළ දමයි

(11.10.2021 – 00:31 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 984 කින් ඉහළ දැමූ බවයි එම සමාගම සදහන් කළේ.

මෙම මිල ඉහළ දැමීමත් සමග 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 2840 ක්.

එමෙන්ම කිලෝග්‍රෑම් පහ (5) ගෑස් සිලින්ඩරයක් ද රුපියල් 393 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1136 ක් ෴

******************************************

බස් – ත්‍රීරෝද රථ අනතුර

(10.10.2021 – 11:10 +0530 – sinhala.adaderana.lk)

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල, නරිකන්ද පාමුල දී ලංගම බස්රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් තරුණයන් තිදෙනෙකු (3) බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය පැවසීය.

ත්‍රීරෝද රථය බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ගමන් කරමින් තිබිය දී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට උත්සහ දැරීමේ දී කැස්බෑව දෙස සිට පැමිණි බස්රථයේ පිටුපස බඳ කොටසේ ගැටී එම අනතුර සිදුව තිබේ.

ත්‍රීරෝද රථයේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් රැස්ව සිටි පිරිස එක්ව සුවසැරිය ගිලන් රථයක් මඟින් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කෙරිණි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වන අතර, අනතුර සිදුවන අයුරු අසල CCTV කැමරාවක මෙලෙස සනිටුහන්ව තිබුණි.

https://www.youtube.com/watch?v=sVWj81ormec
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *