උසස් පෙළ හා පහ (5) වසර ශිෂ්‍යත්ව විභාගය කල් යයි

උසස් පෙළ හා පහ (5) වසර ශිෂ්‍යත්ව විභාගය කල් යයි

*********************************************

උසස් පෙළ හා පහ (5) වසර ශිෂ්‍යත්ව විභාගය කල් යයි

(07.10.2021 – 12:18 +0530 – hirunews.lk/sinhala)

නොවැම්බර් මස පැවැත්වීමට තිබූ අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය කල් දමන්නට සිදු වෙන බව අධ්‍යාපන ප්‍රතිසංකරන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දීර්ඝ කලක් රට හා පාසල් වසා දැමීමට හේතු වීම නිසා ඉහත කී තීරණය ගැනීමට සිදු වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින් හා අනෙකුත් වගකිව යුතු නිලධාරින් සමඟ පවත්වන සාකච්ඡාවකින් අනතුරු ව විභාගය පැවැත්වෙන දින වකවානු තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා ෴

******************************************

2022 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

(07.10.2021 – 11:37 +0530 – hirunews.lk/sinhala)

2022 විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3 ක් ලෙස සටහන් වනවා.

ඉන් රුපියල් බිලියන 1,776 කට වැඩි ප්‍රමාණයක් පුනරාවර්තන වියදම්.

මෙම වසරේ වියදම වන රුපියල් බිලියන 2,538 කට සාපේක්ෂව ලබන වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33 කින් අඩු කර තිබීම විශේෂත්වයක්.

එහි පොදු සේවාවන් සඳහා වෙන් කර ඇති මුළු මුදල ලෙස දක්වා ඇත්තේ රුපියල් බිලියන 12.6 ක් ලෙසයි.

ඊට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, අධිකරණය, පාර්ලිමේන්තුව සහ කොමිසන් සභා ඇතුළු ආයතන ඇතුළත්.

ලබන වසරේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2.78 ක් ලෙස දැක්වෙනවා.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ජනාධිපතිවරයාගේ වියදම් රුපියල් බිලියන 6.6 කින් අඩුකර තිබෙනවා.

ලබන වසරේද ඉහළම අගයක් ගන්නේ ආරක්ෂක වැය ශීර්ෂයයි.

මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 18 කින් ආරක්ෂක පිරිවැය ඉහළ ගොස් තිබෙනවා.

මෙම වසරේදී රුපියල් බිලියන 355 ක් ආරක්ෂක වැය ශීර්ෂයට වෙන්වුණු අතර, මෙවර එහි අගය රුපියල් බිලියන 373 ක්.

ආරක්ෂාවට පසු වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයටයි.

මෙවර රුපියල් බිලියන 286.7 ක් එම අමාත්‍යාංශයට වෙන් කර ඇති අතර, ඉන් රුපියල් බිලියන 286 ක්ම පුනරාවර්තන වියදම්.

ඊට පසු වැඩිම මුදලක් මහාමාර්ග අමාත්‍යාංශයට වෙන් කර ඇති අතර, එය රුපියල් බිලියන 250.1 ක්.

ඉන් රුපියල් බිලියන 250 ක්ම ප්‍රාග්ධන වියදම් වනවා.

මෙම වසරේදී රුපියල් බිලියන 126.5 ක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය ලබන වසර සඳහා රුපියල් බිලියන 127.6 ක් ලෙස ඉහළ දමා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 153.5 ක් වෙන් කර ඇති අතර, එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 06 ක පමණ අඩුවීමක්.

මුදල් අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 185.9 ක වෙන් කර තිබෙනවා.

එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 28 ක වැඩිවීමක්.

අයවැය දෙවන (2) වර කියවීම හෙවත් අයවැය කතාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් නොවැම්බර් 12 වනදා පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.

අයවැය ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි.

******************************************

බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට ප්‍රහාරයක්

(07.10.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙකු (2) පහරදිමක් හේතුවෙන් රෝහල් ගත වි තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (06) රාත්‍රි මෙම පුද්ගලයින් දෙදෙනා (2) අගුණුකොළපැලැස්ස නගරයට පැමිණි අවස්ථාවේදි කිසියම් පිරිසක් පහර දී ඇති බවයි.

පහර කෑමෙන් තුවාල ලැබු බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනා (2) පසුව එහි නේවාසිකාගාරයට ගොස් ඇති අතර ඉන් අනතුරුව අද (07) අලුයම ඔවුන් රෝහල් ගත වී තිබෙනවා.

තංගල්ල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පහර දිමෙන් තුවාල ලැබු බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනො (2) රෝහල්ගත කරන අවස්ථාවේදී බිමතින් සිට ඇති බවයි.

රෝහල්ගත කර සිටින බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනා (2) ගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගන්නා අවස්ථාවේදී ඔවුන් සඳහන් කර ඇත්තේ, අගුණුකොළපැලැස්ස ප්‍රාදේශිය සභාවේ සභිකයෙකු ඇතුළු පිරිසක් තමන්ට පහර දුන් බවයි.

පෞද්ගලික ආරවුලක් මත මෙම පහර දීම සිදු කළ බවයි ඔවුන් සිය පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.

ඒ අනුව, පහරදීම සිදු කර පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා ෴

******************************************

ගැටලුව විසඳීමට රජයට අවශ්‍යතාවක් නැහැ – ගුරු සංගම්වලින් චෝදනා

(07.10.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට ගුරු සංගම් චෝදනා කරනවා.

කොළඹ අද (07) පැවැති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ, බලධාරින් ගැටලුව විසඳිමට කටයුතු නොකළහොත් ඉදිරියේදී වෘත්තිය සමිති අරගලය දැඩි කරන බවයි.

මේ අතර, ගුරු විදුහල්පති වැටුප් අර්බුදය ඇතුළු වෘත්තිය ගැටලු ගැන සාකච්ඡා කිරිම සඳහා ඊයේ (06) නාරාහේන්පිට අභයාරාමයේදී සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වුණා.

ඊට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මෙන්ම වෘත්තිය සමිති නියෝජිතයින් රැසක් ද එක්ව සිටියා.

එහිදී ගුරු සංගම් විසින් සය (6) වැදෑරුම් යෝජනාවලියක්ද ඉදිරිපත් කෙරුණා.

පාසල් යටිතල පහසුකම් නගා සිටුවීම, නව සියවසට ගැලපෙන පරිදි ගුරුවරුන්ට නිසි පුහුණුවක් ලබාදීම, අධ්‍යාපන කේෂ්ත්‍රයට අදාළ තීන්දු තීරණ ගැනීමේ දී පංති කාමරයේ ගුරුවරුන්ගේ අත්දැකීම් ලබා ගැනිම අනිවාර්ය කිරිම ආදී කරුණු ඊට ඇතුළත්.

ගුරු සේවය වෘත්තිය වැටුප් තලයක පිහිටුවිම, එම යෝජනාවලියට ඇතුළත් ප්‍රධාන කරුණක්.

එමෙන්ම, ගුරු සේවා තෘප්තිය ඉහළ නංවන අධ්‍යාපන ක්‍රමවේදයක් රටට හඳුන්වා දිය යුතු බවට ද එමගින් යෝජනා කර තිබෙනවා ෴

******************************************

කබ්‍රාල්ට එරෙහි පෙත්සම නිශ්ප්‍රභ කිරීමේ තීරණයක්

(07.10.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති බැවින් ඊට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

අදාළ පත්කිරීම අභියෝගයට ලක් කරමින් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ගොනුකළ පෙත්සම අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ විසින් මෙම විරෝධතා ගොනු කළා.

අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබෙනවා ෴

******************************************

පොහොර නොමැතිකමින් ගොවීන් අසීරුතාවක

(07.10.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

පොහොර ලබාදෙන ක්‍රමවේදය මෙතෙක් සකස් කර නොමැතිවීම හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ මහ කන්න රැස්වීමේදී ගොවි නියෝජිතයින් හා ගොවීන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

මේ අතර වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැතිව අන්නාසි වගාකරුවන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

******************************************

ඛනිජ තෙල් මිල ස්ථායිකරණය පිළිබඳ කැබිනට් පත්‍රිකාව පාර්ලිමේන්තුවට

(07.10.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් මිල ස්ථායිකරණ අරමුදල පිළිබඳ කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (11) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ, අදාල අරමුදල සඳහා භාණ්ඩාගාරයේ එකඟතාව නොලැබුණු නමුත් බලශක්ති අර්බුදය විසඳීමේ අමාත්‍ය අනුකමිටුවේ අනුමැතිය හිමි වූ බවයි.

******************************************

මැදවච්චියේ කොහොඹ වනාන්තරයක් එළි කෙරෙයි

(07.10.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

බොහෝ පාරිසරික ගැටලුවලට මූලික හේතුව වී ඇත්තේ දිනෙන් දින ඉහළ යන වනාන්තර එළි පෙහෙළි කිරීමයි.

තවත් එවැනි පාරිසරික ගැටලුවකට මුලපුරමින් කොහොඹ වනාන්තරයක් විනාශ කර ඇති පුවතක් වාර්තා වුණේ අනුරාධපුර – මැදවච්චිය ප්‍රදේශයෙන්.

******************************************

ලබන වසර සඳහා වන අයවැය ලේඛණය නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට

(07.10.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර සඳහා වන අයවැය ලේඛණය නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

එමෙන්ම අයවැය 03 වන වර කියැවීම හෙවත් අවසන්වර කියැවීමේ අවස්ථාවේ ඡන්ද විමසීම දෛසැම්බර් 10 වනදා පැවැත්වීමටද එකගතාවය පළවූ බවයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය නිවේදනය කලේ.

ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඊට අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම ලෙස රුපියල් බිලියන 2505.3 ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබෙනවා.

ඉන් බිලියන 1,776 ක් පුනරාවර්ථන වියදම් ලෙසයි දැක්වෙන්නේ ෴

******************************************

නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි ජනපති දිසාපතිවරුන්ට කියයි

(07.10.2021 – 16:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයත් සමඟ වසර දෙකක් (2) තුල සියලු අංශයන්හි සිදුවූ පසුබෑම ජය ගැනීමට නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (07) පැවති සාකච්ඡාවකදීයි.

රජයේ සැලසුම් ප්‍රකාරව අපේක්ෂා කළ ඉලක්ක වෙත එළඹීමට නොහැකිවුවත්, සියලු පාර්ශවයන්ගේ කැප කිරීම් මත කොරෝනා මර්දනයට සාර්ථකව මුහුණදීමට හැකිවූ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

******************************************

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අත්අඩංගුවට ගන්නැයි කොළඹ වාණිජ මහාධිකරණයෙන් වරෙන්තුවක්

(07.10.2021 – 16:57 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අත්අඩංගුවට ගන්නැයි කොළඹ වානිජ මහාධිකරණයෙන් වරෙන්තුවක් ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

දුම්රිය ධාවනය යථාවත් කිරීමට තීරණයක්

(07.10.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අංශවලින් ලබාදෙන මාර්ගෝපදේශ මත ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් අනුව ලබන 15 වනදා සිට දුම්රිය ධාවනයට සූදානම් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා මේ බව කියා සිටියේ, දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු පිලිබඳව සොයා බැලීමට පැමිණි අවස්ථාවේ හැටන් දුම්රිය ස්ථානයේදී අද (07) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ෴

+++++++++++++++++++

20 ට වැඩි අයට තෙවැනි (3) මාත්‍රාවක්

(07.10.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නතේ තෙවැනි (3) මාත්‍රාවක් ලබා දීම සඳහා මූලික නිර්දේශ ලැබී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

+++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 435 දෙනෙකු සුවය ලබයි

(07.10.2021 – 16:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 435 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,78,761 ක් දක්වා ඉහළගොස් තිබෙනවා ෴

++++++++++++++++

වයස 18-19 අතර පිරිසට සඳුදා සිට pfizer එන්නත

(07.10.2021 – 16:42 +0530 – hirunews.lk/sinhala)

වයස 18-19 අතර පිරිසට සදුදා සිට (11) සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල හා රජයේ රෝහල් වලදී pfizer එන්නතේ පළමු (1) මාත්‍රාව ලබා දීමට එන්නත් කමිටුව තීරණය කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *