ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූයේ මරාගෙන මැරෙන ඊබ්‍රාහිම් පවුල පමණක් නොවේ – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූයේ මරාගෙන මැරෙන ඊබ්‍රාහිම් පවුල පමණක් නොවේ – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

*********************************************

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූයේ මරාගෙන මැරෙන ඊබ්‍රාහිම් පවුල පමණක් නොවේ – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

(03.10.2021 – 07:26 +0530 – lankaleadnews.com)

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වෙත බොදුබල සේනා සංවිධානය විසින් යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි

2021/10/02

2021 සැප්තැම්බර් 20 හෝ ඊට අසන්න දිනයක දී පාස්කු ප්‍රහාරය සහ ජාතිවාදය පිළිබඳව සිදුකල ප්‍රකාශය පිළිබඳවයි.

තරුණ තරුණියන් හැට දහසකට අධික ප්‍රමාණයක ජීවිත බිල්ලට ගමින් ඔවුන්ගේ ලේ මතින් දේශපාලනය කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යලි මේ රටේ ලේ දකින්න ආසා නැති බව පැවසීම අප අගය කර සිටිමු. ඔහු විසින් ජවිපෙ ම්ලේච්ඡ තිරිසන් ත්‍රස්තවාදය යලි ගොඩ නැගීමට තමන් අදහස් නොකරන බව වක්‍රව හෝ පැවසීම සතුටට කරුණකි.

නමුත් ලේ මතින් ගොඩ නැගුනු ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉස්ලාම් අන්තවාදීන් ආරක්ෂා කරමින් ඔවුන්ට ගොඩනැගෙන්න අවස්ථාව ලබා දුන් සහ ලබා දෙන ආකාරය පිළිබඳව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සාක්ෂි සහිතව අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත. ඔහු ඒ පිළිබඳව වචනයක් හෝ කතා නොකොට තමන්ගේ සට්ටැබියන් ලවා සමාජ මාධ්‍ය තුල මඩ ව්‍යාපාර දියත් කරමින් සිටියි.

අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ අතීත ම්ලේච්චත්වය ගැන මේ රටේ සියලු දෙනා හොඳින් දනී. එම පක්ෂය සහ නායකයින් 2019 පාස්කු ප්‍රහාරයට ද වගකිව යුතුව ඇත. ඊබ්‍රහිම් ත්‍රස්ත පවුලට දේශපාලනිකව රැකවරණය දී ඉස්ලාම් අන්තවාදී අනතුර පෙන්වා දෙන ජාතික සංවිධාන ඉලක්ක කර මඩ ව්‍යාපාර දියත් කරමින් ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට ඉතා විශාල ලෙස උපකාර කිරීමට අනුර කුමාර සහ ඔහුගේ ගෝලයෝ එකල ද ක්‍රියා කරන ලදි.

ඊබ්‍රහිම් 2015 ජවිපෙ ජාතික ලයිස්තුවේ සිටීම පිළිබඳව ප්‍රශ්න කල විට පක්ෂය නොදැනුවත්ව එය සිදුවූ බව එම පක්ෂයේ නායකයන් පැවසීය. රටේ ඉන්න හැම කෙනාගේ කුණු හොයන ජවිපෙට තමන්ගේ ජාතික ලයිස්තුවේ ත්‍රස්තවාදීන් සිටීම ගැන සොයන්න බැරි වුනා ද? නැත්නම් මහ ලොකුවට සමාජවාදය කරපින්නාගෙන තරු පහේ ජීවිත ගත කරන්න ත්‍රස්තවාදීන්ගෙන් හෝ මුදල් ලබා ගැනීමේ මුග්ධ චේතනාවෙන් ක්‍රියා කලා ද?

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වුයේ ත්‍රස්තවාදී ඊබ්‍රහිම් පවුල පමණක්ම නොවන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අවස්ථා කිහිපයකදී පෙන්වා දී ඇත. ඒවා ගැන කතා නොකර අනුර කුමාර මග හරින්නේ ඇයි ද යන ප්‍රශ්නය ඇත. ජවිපෙ මුලිකත්වය ගෙන ගොඩනැගුනු ජාතික ජන බලවේගයේ ඉස්ලාම් අන්තවාදීන් රොත්තක්ම සිටියි. ඔවුන්ට රැකවරණය දෙමින් අන්තවාදීන්ගේ උවමනාව යලි අනුර කුමාර දිසානායක ඇතුළු ඔහුගේ ගෝලයන් ක්‍රියාත්මක කරමින් සිටියි.

‘සමස්ත ලංකා ජමයතුල් උලමා’ සංවිධානය සමග 2021 ජූලි 07 දින සාකච්ඡාවකට එක්වෙමින් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ටී.කේ අසූර් මෙලෙස සඳහන් කර ඇත.

“who are they to come and mess around with shariah law. This is our law. Whatever they do finally doesn’t matter. We must tell them where we stand and where they stand and we must tell them that cabinet is not an institution that can legislate for us. They are messing everywhere and … we should not allow them to mess up also …. this is the attitude we must take”

(“ෂරියා නීතිය අවුල් කිරීමට ඔවුන් කවුද? මෙය අපේ නීතියයි. අවසානයේ ඔවුන් කුමක් කළත් කමක් නැත. අපි ඔවුන්ට කිව යුතුයි අපි සිටින්නේ කොතැනද සහ ඔවුන් සිටින්නේ කොතැනද කියා. කැබිනට් මණ්ඩලය අපට නීති සම්පාදනය කළ හැකි ආයතනයක් නොවන බව අපි ඔවුන්ට කිව යුතුයි. ඔවුන් හැම තැනම අවුල් කරමිනුයි සිටින්නේ… ඔවුන්ට අපිව අවුල් කිරීමට ඉඩ නොතැබිය යුතු යි… මෙය අප ගත යුතු ආකල්පයයි”)

මෙවැනි අදහස් දරන්නන් සුරතලයට තබාගෙන සිංහල ජාතික සංවිධාන සහ නායකයින් මර්ධනය කිරීමට, මඩ ප්‍රහාර එල්ල කිරීමට අනුර කුමාර ක්‍රියා කරන්නේ තමන්ගේ කල්ලතෝනිභාවය හේතුවෙන් හෝ එසේ නොවේනම් අන්තවාදීන් විසින් ලබාදෙන මුදලට ගිජු වී වන්නට ඇතැයි යන සැකය මතු වේ.

පාස්කු ප්‍රහාරය සිදුවී මාස 3 ක් වත් ඉක්ම යන්නට මත්තෙන්, 2019 ජූලි 13 වනදා සෙනසුරාදා දින ජනතා විමුක්ති පෙරමුණ විසින් අන්තවාදී මත දරන ‘ඉහ්වාන්’ මුස්ලිම් කණ්ඩායමක් වන ‘යහපාලනය උදෙසා වූ ජාතික පෙරමුණ’ සහ ‘ජමාතේ ඉස්ලාම්’ යන මුස්ලිම් සංවිධාන දෙක ඇතුළු පාර්ශව 29 ක් එකතු කරගෙන ‘ජාතික ජන බලවේගය’ ආරම්භ කරන ලද අතර සමාරම්භක උත්සවයේදී, ‘ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම්’ සංවිධානයේ ලේකම් වන එම්.එස්.එම්. ෆාරිස් සභාව අමතමින් කතාවක් ද සිදු කරන ලදි.

ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගතවූ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ‘ජමාතේ ඉස්ලාම්’ සංවිධානය හඳුන්වා ඇත්තේ “මුස්ලිම්වරුන් රැඩිකල් කිරීමට උත්සහ දරණ ජිහාඩ් ව්‍යාපාරයකි. මෙම කණ්ඩායම සතුව සැලකිය යුතු ගිනි අවි ප්‍රමාණයක් ඇති බවට සාක්ෂි ඇති අතර අභ්‍යන්තර ව අවතැන් කඳවුරුවලින් තෝරාගත් මුස්ලිම් තරුණයින් 150 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා පුහුණුව ලබාදී ඇත. ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම්වලදී ‘ශ්‍රී ලංකා ජාමතේ ඉස්ලාම්’ සංවිධානය බුද්ධිමය ප්‍රවේශය හරහා වඩාත් උගත් මධ්‍යම පංතියේ මුස්ලිම්වරුන් අතර වැඩි ආකර්ශනයක් ජනිත කර තිබේ.” යනුවෙනි. සමාජවාදය ගොඩ නැගීම සඳහා ත්‍රස්තවාදය තෝරා ගත් ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි ත්‍රස්තවාදී කල්ලි සමග අත්වැල් බැඳගෙන සිටින්නේ දෙපිරිස එකතුවී යලිත් මේ රට ලේ විලක් කිරීමට දැයි යන සැකය මේ තොරතුරු දන්නා ඕනෑම අයෙකුට සිතෙන කාරණයකි.

‘ජමාතේ ඉස්ලාම්’ නිළ සඟරාව වන ‘අල් හස්නාත්’ හී ‘මරාගෙන මැරෙන ප්‍රහාරයක් යනු ජිහාඩ් හී ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්’ යනුවෙන් පළකර ඇත. සහරාන් ඇතුළු කල්ලියට මරාගෙන මැරීම සඳහා අවශ්‍ය මතවාදය නිර්මාණය කර දී ඇත්තේ අනුර කුමාරගේ සන්ධානයේ සිටින සගයන් විසින් බව ඔහුට අප මතක් කර දීමට කැමැත්තෙමු.

ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගතවූ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ

‘යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ’ නැමති පක්ෂයේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව, පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ මෙලෙස සඳහන් කර ඇත.

“2015 අප්‍රේල් 15 වන දින එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා අනුග්‍රහයෙන් කාන්තන්කුඩි මුස්ලිම් කෞතුකාගාරයක් විවෘත කරන ලදි. ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව මෙම සංවර්ධනය ගැන සතුටු වුවද, කෞතුකාගාරයේ ප්‍රතිමා හා සිහිවටන ඉස්ලාමයට පටහැනි බැවින් ‘යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ’ සහ ‘ජාතික තවුහිඩ් ජමාත්’ වැනි සංවිධාන ඊට විරුද්ධ විය.”

එමෙන්ම 2015 මහා මැතිවරණයට ඉදිරිපත්වන දේශපාලන පක්ෂවලට සහරාන් ප්‍රමුඛ ‘ජාතික තවුහිඩ් ජමාත්’ විසින් ලබා දුන් කොන්දේසිවලට ‘යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ’ වෙනුවෙන් අබ්දුල් රහුමාන් එකඟ වී ඇත.

මන්ත්‍රී තුමනි,

ඔබ මේ ජාතික සංවිධානවලට සහ නායක හිමිවරුන්ට පහර දෙමින් සිටින්නේ, සහරාන් ගේ ගිවිසුම්වලට පවා එකඟ වූ NFGG සහ ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම තම දීර්ඝ කාලීන ඉලක්කය බවට පත්කරගත් ‘ජමාතේ ඉස්ලාම්’ සංවිධානයේ කීමට ද?

ඔවුන් සමග සන්ධාන ගතවී ඔබ මේ කරන්නේ ‘ඉස්ලාම් අන්තවාදය’ පෝෂණය කිරීමක් බව ඔබගේ මොලයට නොවැටහෙන්නේ මන්ද? ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට ඔබ මේ සහයෝගය දෙමින් සිටින්නේ මෙරට ජනතාවත් සමග තිබෙන කුමණ වෛරයකට ද?

ඉස්ලාම් අන්තවාදය දේශපාලනික කාරණයක් මෙන් ගෙන අදහස් දැක්වීම සහ ක්‍රියා කිරීම රටේ හෙට දවසට යහපත් නොවන දෙයකි. ඉස්ලාම් අන්තවාදය පිළිබඳව අප මතුකරන කරණා පිළිබඳව ඔබට යම් ගැටළුවක් තිබේනම් ඒ පිළිබඳව සංවාද කිරීම සඳහා ඔබටත් ඔබගේ ‘ජාතික ජන බලවේගය සන්ධානයේ’ සිටින අන්තවාදීන්ටත් ප්‍රසිද්ධ සංවාදයකට අප අභියෝග කර සිටිමු.

තෙරුවන් සරණයි…!!!

බොදු බල සේනා මාධ්‍ය අංශය

******************************************

මැකී ගිය දත්ත යළි ලබා ගැනීමට විශේෂඥ කමිටුවක්

(03.10.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත යළි ලබා ගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

වෛද්‍යවරුන්, පරිඝණක තාක්ෂණය පිළිබද විශේෂඥයින්ගෙන් සමන්විත මෙම කණ්ඩායම දැනටමත් එම දත්ත යළි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා සදහන් කළේ.

මෙලෙස දත්ත මැකීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

පසුගිය දා මීට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා හමුවේ කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම දත්ත ගබඩාව මකා දැමීම තුළින් එහි අන්තර්ගතව තිබූ ලේඛන ලක්ෂ 11 ක් පමණ විනාශ වී ඇති බවයි.

ඒවා සියල්ල ඖෂධ මිල ගණන් සහ වෛද්‍ය උපකරණ, ඒවායේ තත්වය පිළිබඳ සංයුතීන් අඩංගු ලේඛන බව ද ඔහු සදහන් කළා ෴

******************************************

පොහොර ගැටළුව විසදන ලෙස අවුකන විහාරාධිපති හිමියන්ගෙන් ඉල්ලීමක්

(03.10.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

පොහොර නොමැතිව ගොවීන් පත්ව ඇති දුෂ්කරතාවන් සලකා කාබනික සහ රසායනික පොහොර ගැටළුවට විසඳුම් ලබාදෙන බවට අවුකන පිළිම වහන්සේ අභියසදී පොරොන්දුවක් ලබාදෙන්නැයි අවුකන රජමහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ගෙන් ඉල්ලීමක් කළා.

ඊයේ (02) එම විහාරස්ථානයේ මහවැලි එච්. කලාපයේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය චාම් ලෙස පැවති අතර, එම අවස්ථාවට ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ද එක්ව සිටියා.

කෙසේ වෙතත් ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැහැ.

මේ අතර, තේ වගාවට අවශ්‍ය නයිට්‍රජන් සහිත කාබනික පොහොර මෙරටට ලබාදීම සඳහා ඉන්දීය රජයද සහය පළ කර ඇති බව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ (02) බදුල්ලේ පැවති රැස්වීමකින් අනතුරුව සඳහන් කළා.

කෙසේ වෙතත් ඊයේ (02) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් සහ බැක්ටීරියා ඇති බවට සාම්පල මගින් දෙවරක්ම (2) තහවුරු වූ කාබනික පොහොර ගෙන්වූ චීන සමාගමෙන්ම යළිත් වරක් සාම්පල ගෙන්වා පරීක්ෂා කරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කියා සිටියේ කාබනික පොහොර නිසි පරීක්ෂාවකින් තොරව භාවිත කිරීම හරහා මෙරට බෝග වගාව මෙන්ම ආහාර සුරක්ෂිතතාවටද අහිතකර බලපෑම් එල්ලවනු ඇති බවයි.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ අදාළ චීන සමාගම තම වරද පිළිගෙන එය නිවැරදි කරගනිමින් යළි සාම්පලයක් මෙරටට එවීමට එකඟතාව පළ කර ඇති බවයි.

******************************************

ඉන්දීය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයේත් සංචාරයක

(03.10.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

සිව් (4) දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් ෂ්‍රිංග්ලා ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

ත්‍රිකුණාමලයට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ද නිරීක්ෂණය කර තිබෙනවා.

අද (03) උදෑසන ඔහු මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුවයි මෙලෙස ත්‍රිකුණාමලයට පැමිණ ඇත්තේ ෴

******************************************

ආණ්ඩුවේ ඇතැම් කණ්ඩායම් කුමන්ත්‍රණවල – රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ

(03.10.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව තුළ සිටින ඇතැම් කණ්ඩායම් දේශපාලනික වශයෙන් කුමන්ත්‍රණවල නියැලෙන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එලෙස කුමන්ත්‍රණයේ නියැලෙන කණ්ඩායම් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර සහල් මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් තවත් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් අදහස් පළ කළා.

******************************************

ප්‍රදේශ කිහිපයක ජල ගැටලු

(03.10.2021 – 14:51 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 80 ක වියදමින් ජල ව්‍යාපෘතියක් ආරම්භ කළද එහි කටයුතු අතරමග නතරවීමෙන් හාලිඇල කිරින්ද ප්‍රදේශයේ ජනතාව උග්‍ර පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටිනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් සිය ගැටළුවට විසඳුම් ලබා දෙන ලෙසයි.

හාලිඇල කිරින්ද දරගලපතන ගම්වැසියන් කලක පටන් ජලය නොමැතිමින් පීඩාවට පත්ව සිටිනවා.

ගම්වාසීන්ට බීමට ජල බිඳක් සොයා කිලෝමීටර් ගණනක දුරක් ගෙවා යාමට සිදුව තිබෙන්නේ කලක සිටයි.

දැනට වසරකට පමණ පෙර ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ 80 ක වියදමින් ප්‍රජා ජල ව්‍යාපෘතියක්ද ආරම්භ කෙරුණේ මෙම ගැටලුවට විසදුමක් ලෙසයි.

ඒ සඳහා එක් නිවසකින් රුපියල් 1500 ක මුදලක්ද අයකර තිබෙනවා.

කෙසේ වුවත් ගම්වාසීන් පවසන්නේ එම ව්‍යාපෘතියේ කටයුතු මේ වනවිට ඇණ හිට ඇති බවයි.

ඒ හේතුවෙන් ගම්මානයේ පවුල් 80 ක් පමණ තවමත් ජල ගැටලුවෙන් පීඩා විඳිනවා.

මේ අතර කොස්ලන්ද දිවුල්ගස්සමුල්ල ග්‍රාම නිලධාරී වසමේ ජීවත්වන ජනතාවත් උග්‍ර පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටිනවා.

ප්‍රජා ජල ව්‍යාපෘතියක් මගින් නල ජලය ලබාදීමට කටයුතු කර ඇතත් නියං සමයේදී පර්භෝජනය සඳහා එමගින් ජලය ලැබෙන්නේ දින කිහිපයක් වරක් පමණයි.

වන අලි තර්ජනද බහුල බැවින් පස්වරුවේදී ජල අවශ්‍යතා සපූරා ගැනීමට නිවසින් බැහැරට ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි ගම්වාසීන් පවසන්නේ.

******************************************

පුද්ගල ඝාතනයකට හමුදා නිලධාරියෙකු ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට

(03.10.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – අසේලපුර ප්‍රදේශයේදී 65 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව යුද හමුදා නිලධාරියෙකු ඇතුලු තුන්දෙනෙකු (3) පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා සහ සැකකරුවන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඊයේ (02) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් විසින් මරණකරුගේ නිවසට ගල් ගැසුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි මෙම බහින්බස්වීම ඇතිවී ඇත්තේ.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයන් 652 ක් සුවය ලබයි

(03.10.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 652 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,59,298 ක් ලෙසටයි.

මෙරටින් මේ දක්වා කොරෝනා වයිරස් ආසාදිතයන් 5,19,630 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 47,313 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 13,019 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *