අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් ඉවතට

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් ඉවතට

*********************************************

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් ඉවතට

(01.10.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ෴

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී මහබැංකුව විසින් පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මීට ටික වෙලාවකට පෙර පවසා සිටියා.

ඉදිරි හය (6) මාසය සඳහා වන මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මෙම සීමාවන් ඉවත් කිරීමත් සමඟ ව්‍යාපාරිකයන් සහ ආනයනකරුවන් දැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවටයි.

මෙරට ආර්ථිකය මුහුණ පෑ දැඩි ඩොලර් සංචිත හිඟය හමුවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623 ක් සඳහා දැඩි ආනයන සීමා පැනවුනේ මීට සති දෙකකට (2) පෙරාතුවයි ෴

******************************************

එල්ලේ නායකයාගේ ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් කර්නල්වරයා 14 දක්වා රිමාන්ඩ්

(01.10.2021 – 12:07 +0530 – hirunews.lk/sinhala)

තොටළඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් රත්නසිරි මහතාගේ ඝාතනයට අනුබල දීමේ චෝදනාව යටතේ ඊයේ (30) අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල්වරයා ඔක්තෝම්බර් 14 වනදා දක්වා යලි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අකිල සම්පත් මහතාගේ බිරිඳ සහ මට්ටක්කුලිය යුධ හමුදා කඳවුරේ 13 දෙනෙකුද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

මෝදර කාක දූපතට පසුගිය අගෝස්තු මස 20 වෙනිදා ගොඩ ගසා තිබූ අත්පා ගෙටගැසූ නාදුනන පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

එහිදී හෙලිවුණේ මෙලෙස මියගොස් ඇත්තේ මට්ටක්කුලිය සමිට්පුර ග්‍රාම නිලධාරිනියගේ සැමියා වන 37 හැවිරිදි අකිල සම්පත් නම් තිදරු පියෙකු බවයි.

ඔහු තොටළඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායකයා වන අතර ඔහුව ඝාතනය කර ඇති බවද පසුව අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත්, අකිල මහතාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් වලදී ඇය පාපොච්චාරණය කර ඇත්තේ මට්ටක්කුලිය යුධහමුදා කඳවුරේ හමුදා සාමාජිකයින් පිරිසක් විසින් තම සැමියා ඝාතනය කළ බවටයි.

අකිලගේ බිරිඳ, එම යුධ හමුදා කඳවුරේ කෝප්‍රල්වරයෙකු සමඟ අනියම් සබඳතාවක් පවත්වා ඇති අතර ඇයගේ ඉල්ලීම පරිදී අදාල කෝප්‍රල්වරයා ඇතුළු පිරිසක් අකිල සම්පත් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පැවසුවා.

පසුව මාදම්පිටිය ප්‍රදේශයේදී ඔහුට පහරදී ඝාතනය කර මළසිරුර කැළණිගඟේ ගිල්වා ඇති බවද අනාවරණය වි තිබෙනවා.

මෙම ඝාතනයට අනුබල දීමේ චෝදනාව යටතේ මට්ටක්කුලිය යුධ හමුදා කඳවුරේ අණ දෙන නිලධාරීවරයා ඊයේ (30) පොලිසිය අත්අඩංගුවට ගත් අතර අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ජේ. ප්‍රභාකරන් මහතා එහිදී නියෝග කර තිබුනේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල්වරයා අද (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව සැකකරු අද (01) අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී නියෝග කළේ සැකකරු ඔක්තෝම්බර් 14 වනදා දක්වා යලි රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමටයි.

ඝාතනයට ලක්වූ අකිල සම්පත්ගේ බිරිඳ ඇතුළු හමුදා කඳවුරේ 13 දෙනෙකු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා ෴

******************************************

බඩ ඉරිඟු සඳහා ඉන්දියාවෙන් කාබනික පොහොර

(01.10.2021 – 12:21 +0530 – hirunews.lk/sinhala)

බඩ ඉරිඟු වගාව සඳහා යොදා ගන්නා කාබනික පොහොර විශේෂයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට මේ වන විට සාකච්ඡා කර ඇති බව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, දේශගුණික විපර්යාසයන්ට විසදුම් සහිත හරිත ආර්ථික සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (30) රැස් වූ අවස්ථාවේදි යි.

එමෙන්ම කාබනික පොහොර ලබා ගැනීමට මෙන්ම නිෂ්පාදනය කෙරෙන ගොවීන් වෙනුවෙන් රජය ලබාදෙන රුපියල් 12,500 ක දීමනාවේ පළමු (1) වාරිකය වන 7500 ක මුදල මේ වන විටත් ගොවීන් 4,81,000 කට ගෙවා අවසන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළේ.

එසේම මෙහි දී එළඹෙන මාස් කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය වන පොහොර සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු අතර, ගොවීන් වල් මර්දනය සඳහා අවශ්‍ය වල් නාශක හිඟකම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බව කී සාකච්ඡාවට එක් වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු කරන ලෙස දැනුම් දුන්නා.

මේ අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වී කාබනික පොහොර යොදා අක්කර 100 ක පමණ භූමි ප්‍රමාණයක වගා කරන ලද අමු මිරිස් ඵලදාව නෙලීම අද (01) ආරම්භ කෙරුණා.

නාවලපිටිය – ගලබොඩවත්ත ප්‍රදේශයේ මෙම අමු මිරිස් වගාව ප්‍රදේශයේ වතු කම්කරුවන් විසිනුයි ආරම්භ කරනු ලැබුවේ ෴

******************************************

Yohani de Silva’s interview in India (01.10.2021)

https://www.youtube.com/watch?v=qMocVHg_Yz0

Aaye – Yohani Live in India at Studio XO Bar, Gurugram (01.10.2021)

Gurugram You were an amazing audience | Manike Mage Hithe Live ft. LUNU (01.10.2021)

******************************************

ගෙවීම් පැහැර හැරීම මත දේපළ සහ වාහන පවරා ගැනීම මාස 6කට අත්හිටුවන්න නියෝග

(01.10.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ගෙවීම් පැහැර හැරීම මත දේපළ සහ වාහන පවරා ගැනීම මාස 6 කට අත්හිටුවන ලෙස බැංකු හා මූල්‍ය ආයතනවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ඉදිරි හය (6) මාසය සඳහා වන මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී මහබැංකුව විසින් පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර ඇති බවයි.

******************************************

ප්‍රභාකරන්ගේ චිත්‍රපටය කාම්බෝජයේ ප්‍රදර්ශනය තහනම්

(01.10.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවිතය අලලා නිර්මාණය කළ චිත්‍රපටයක් කාම්බෝජය තුළ තහනම් කර තිබෙනවා.

මෙලෙස තහනම් කර ඇත්තේ, ‘මේතගු’ නමින් හඳුන්වන චිත්‍රපටයක්.

අවස්ථා ගණනාවක දී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයට කටයුතු යොදා තිබුණ ද නෛතික ගැටලු හේතුවෙන් එය වරින් වර කල් ගියා.

යුරෝපා සංගමය, කැනඩාව, ඇමරිකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 32 ක් එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙසයි සලකනු ලබන්නේ.

ඉන්දීය ද්‍රවිඩ භාෂා දේශපාලන චිත්‍රපටයක් ලෙස 2021 වසරේ දී මේතගු චිත්‍රපටය වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ චරිතය අලලා නිර්මාණය කර තිබුණා.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය සක්‍රියව පැවති 1990 වසරේ මැද භාගයේ දී කාම්බෝජයෙන් අවි ආයුධ ලබාගෙන ඇති බවට ද වාර්තා පළ වුණා.

කෙසේ වෙතත් ලක් රජය කළ ඉල්ලීමකට අනුව එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ චරිතය අලලා කළ මෙම චිත්‍රපටය එරට තුළ ප්‍රදර්ශනය අත්හිටුවමින් කාම්බෝජ ජනමාධ්‍ය අමාත්‍ය කියූ කැන්හැරිත් සියලු ම රූපවාහිනී නාළිකා හිමිකරුවන් වෙත ලිපියක් යොමුකර ඇති බවයි කාම්බෝජ පුවත් සේවයක් වාර්තා කර ඇත්තේ ෴

******************************************

කාලගුණයෙන් මහ වැසි ගැන අනතුරු ඇඟවීමක්

(01.10.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම දෙපාර්තමේන්තුව අද (01) මධ්‍යහන 12 ට නිකුත් කළ ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයේ සඳහන් වන්නේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.

එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

(01.10.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛය පහතින් :

+++++++++++++++++

රට විවෘත කිරීමත් සමඟ නගරවලට ජනතාව පැමිණීමේ වැඩි වීමක්

(01.10.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

දින 41 කට පසු අද (01) රට යළි විවෘත කිරීමත් සමග ජනතාව වැඩි වශයෙන් නගරවලට පැමිණ සිටින ආකාරයක් දක්නට ලැබුණා.

එසේම බොහෝ පිරිස් නිරෝධායන නීති රීති කඩ කරන ආකාරයක් ද නිරීක්ෂණය කෙරුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

දුම්රිය හැර පොදු ප්‍රවාහනය ද අද (01) යළි ආරම්භ කෙරුණු අතර, ඇතැම් බස් රථවල ආසන ධාරිතාව ඉක්මවා යමින් මගීන් රැගෙන යන ආකාරයක් දක්නට ලැබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, නිරෝධායන නීති රීති කඩ කරන්නන් සොයා වැටලීම් සිදුකරන බවයි.

එසේම රට යළි විවෘත කිරිමත් සමඟ බොහෝ ප්‍රදේශවල වෙළදසැල් විවෘත කරන ආකාරයක් ද දක්නට ලැබුණා.

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන ද තොග වෙළදාම් කටයුතු සදහා විවෘත කෙරුණු අතර ජනතාව මෙන්ම වෙළදුන් ද විශාල පිරිසක් ඒවාට පැමිණෙන ආකාරයක් පවතින බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *