ඊයේත් (24) කොරෝනා ආසාදිතයින් 1,332 ක්

ඊයේත් (24) කොරෝනා ආසාදිතයින් 1,332 ක්

*********************************************

ඊයේත් (24) කොරෝනා ආසාදිතයින් 1,332 ක්

(25.09.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 1,332 දෙනෙකු ඊයේ (24) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,11,372 දක්වා ඉහළ ගියා.

පසුගිය 23 වැනිදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 82 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (24) තහවුරු කළා.

ඊට පිරිමින් 51 ක් සහ කාන්තාවන් 31 ක් ඇතුළත්.

මියගිය පිරිස අතර, 61 දෙනෙකු අවුරුදු 60 වැඩි පුද්ගලයින් වන අතර ඊට පිරිමින් 35 ක් ඇතුළත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි කාන්තාවන් 05 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,530 ක් ලෙසින් ෴

++++++++++++++++++

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 334 දෙනෙක් අත්අඩංගුවට

(25.09.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය විසි හතරක (24) කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 334 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව දැක්වෙන්නේ 25 ක් ලෙසයි.

මේ දක්වා ඇඳිරි නීතිය කඩ කිරීම් යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 77,877 ක්.

බස්නාහිර ​පළාත තුළ ස්ථාපිත කර ඇති පළාත් මාර්ග බාධක ගණන 13 ක් වෙන අතර, බස්නාහිර පළාතට පිටවෙන හා ඇතුළු වෙන පුද්ගලයින් 2567 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා.

පරීක්ෂා කළ වාහන ගණන 1749 ක් ලෙසයි දැක්වෙන්නේ.

නිසි අවසර පත්‍රයක් නොමැතිව මාර්ග බාධක හරහා පිටවීමට යාමේ දී නැවත හරවා යැවූ පුද්ගලයින් ගණන 329 ක් වෙන අතර, වාහන ද 176 ක් නැවත හරවා යවා තිබෙනවා ෴

+++++++++++++++++

අද (25) දිනයේ දී එන්නත්කරණ කටයුතු සිදුකරන ස්ථාන පිළිබඳ තොරතුරු

(25.09.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ අද (25) දිනයේදීත් දිවයිනේ ස්ථාන රැසක එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

[ 25.09.2021 දින එන්නත්කරණ කටයුතු සිදුකරන ස්ථාන පිළිබඳව තොරතුරු ]

+++++++++++++++++

ඊයේ (24) දිනයේදී 2,23,000 කට කොරෝනා එන්නත්

(25.09.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (24) දිනයේදී මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 2,23,354 කට එන්නත් ලබාදී තිබෙනවා.

එහිදී සයිනොෆාම් දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 29,995 කට ලබාදී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 1,14,462 ක්.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ද ඊයේ (24) දිනයේ 2146 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතෙහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 21,676 කට සහ ෆයිසර් එන්නතෙහි දෙවන (2) මාත්‍රාව 23,143 දෙනෙකුට ලබාදී තිබෙනවා.

Progress Report of COVID-19 Immunization – 24.09.2021 (pdf)

වයස 30 ඉක්මවූ 98% කට එන්නත් ලබාදී අවසන් – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

(25.09.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

රට විවෘත කිරීම සඳහා වන පසුබිමක් උදා වෙමින් පවතින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඒ, කොළඹ දී ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහි දී රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, මේ වනවිට වයස අවුරුදු 30 ට වැඩි මෙරට ජනගහනයෙන් 98% ත්, 99% ත් අතර සංඛ්‍යාවකට එන්නත් ලබා දී අවසන් බවයි.

මේ අතර, ඊයේ (24) දිනයේ දී මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 2,23,354 කට එන්නත් ලබා දී තිබෙනවා.

එහි දී සයිනොෆාම් දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 29,995 කට ලබා දී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 1,14,462 ක්.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ද ඊයේ (24) දිනයේ 2146 දෙනෙකුට ලබා දී තිබෙනවා.

ස්පුට්නික් එන්නතෙහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 21,676 කට සහ ෆයිසර් එන්නතෙහි දෙවන (2) මාත්‍රාව 23,143 දෙනෙකුට ලබා දී තිබෙනවා.

ඊයේ (24) ආරම්භ කෙරුණු, නිධන්ගත රෝගවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට එන්නත් ලබාදීම අදත් (25) සිදුකෙරෙනවා.

ඊයේ (24) එම වැඩසටහන ආරම්භ කෙරුණේ, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල්වලදි යි ෴

++++++++++++++++++

ඇඳිරි නීති සමයේ ලංගම සහ දුම්රිය දෛනික පාඩුව රුපියල් මිලියන 96 ඉක්මවයි

(25.09.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික ව ශ්‍රී ලංකා දුම්රිය සේවයට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 3,447 ක පාඩුවක් සිදු වන බව වාර්තා වනවා.

ඒ, දෛනික ව සිදු කරන ගමන්වාර අවංලංගු වීමේ තත්ත්වයත් සමඟයි.

පසුගිය අගෝස්තු මස 20 වැනි දා රාත්‍රි දහයේ (10) සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

ඒ හේතුවෙන් මඟී ජනතාව ප්‍රවාහනය කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දෛනික ව ලැබූ රුපියල් මිලියන 16.6 ක ආදායම මේ වනවිට අහිමි වී ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් අහිමි ව ඇති ආදායම රුපියල් මිලියන 597.6 ක්.

එසේම, දෛනික ව රුපියල් මිලියන 80 ක ආදායමක් ලැබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ද මේ වනවිට එම ආදායම අහිමි ව ගොස් තිබෙනවා.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නීති සමයේ ලංගමට අහිමි ව ඇති ආදායම රුපියල් මිලියන 2880 ක්.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරීන් සඳහන් කළේ ඉදිරියේ දී රට විවෘත කළ වහාම සේවා සැපයීමට සූදානමින් සිටින බවයි.

කෙසේ වෙතත්, ඒ සඳහා මෙතෙක් උපදෙස් ලැබී නො මැති බව ද ඔවුන් සඳහන් කළා ෴

+++++++++++++++++

හෝටල් නිරෝධායනයේ තවමත් නොනවතින ගසාකෑම

(25.09.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති දින ගණනාවක් තිස්සේ අනාවරණය කළ, ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමු කරමින් සිදු කළ මුදල් ගසාකෑමේ මහා ජාවාරම අදින් (25) අවසන් කරන බවට බලධාරීන් ජනතාවට ලබාදුන් පොරොන්දුව කඩකර තිබෙනවා.

මේ වනවිට එහි ඇති තත්ත්වය සොයා බැලීමට හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක් අද (25) කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට පැමිණියා.

++++++++++++++++++

සීමාවන්ට යටත්ව ලබන පළමු වනදා (01) රට විවෘත කරන බව සෞඛ්‍ය ඇමති කියයි

(25.09.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කර සීමාවන්ට යටත්ව ලබන මස (01) දින රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද (25) එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ කොවිඩ් මර්දන එන්නත්කරණය මේ වන විට සාර්ථකව සිදුකරමින් පවතින බවත්, කොවිඩ්-19 වයිරසය මෙරට තුල පැතිර යාමේ අවදානම මේ වන විට පාලනය වී ඇති බවට සංඛ්‍යා ලේඛන වලින් අනාවරණය වන බවයි.

+++++++++++++++++

තවත් ආසාදිතයින් 997 ක් සුවය ලබයි

(25.09.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 997 දෙනෙකු සුවය ලබා අද (25) රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව මෙම පිරිසත් සමඟ මෙරට කොවිඩ් ආසාදින්තයින් 4,53,689 දෙනෙකු සුවය ලබා තිබෙනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

නොඉල්ලූ වැව් හාරා මිහින්තලේ ගොවීන් අර්බුදයක – සම්බන්ධීකරණ කමිටු රැස්වීමත් උණුසුම් වෙයි

(25.09.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති, මිහින්තලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමඋණුසුම් වුණා.

ඒ මහකිරින්දේගම – එල්ලංගා පද්ධතිය සකස් කිරීම යටතේ වැව් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් රැස්වීමට සහභාගී වී සිටි ගොවීන් අතර මත ගැටුමක් ඇතිවීමත් සමගයි.

ඊයේ (24) පැවති එම රැස්වීමට ප්‍රාදේශීය දේශපාලනඥයින්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වාරි ඉංජිනේරුවරුන් මෙන්ම ගොවි නියෝජිතයින්ද එක්ව සිටියා.

එහිදී පොහොර ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ අතර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම නතර කර කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීමට රජය පියවර ගෙන ඇති බවයි ෴

******************************************

හුදකලාවේ විසූ වයෝවෘද්ධ කාන්තාවකගේ අභිරහස් ඝාතනය

(25.09.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ – රාජගිරිය ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවක් අද (25) අලුයම නිවස තුළදීම ඝාතනය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාරේ නිවසක තනිව ජීවත්වූ සිටි 71 හැවිරිදි අවිවාහක කාන්තාවක්.

මෙම කාන්තාව පදිංචිව සිටි නිවසින් අද (25) අලුයම් කාලයේ කෑ ගසන හඬ ඇසීම නිසා ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ඒ පිළිබඳ සොයාබලා තිබෙනවා.

එහිදී ඔවුන්ට දැකගැනීමට ලැබී ඇත්තේ අදාළ කාන්තාව නිවස තුළ ඝාතනය කර සිටින අයුරුයි. පසුව මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය දැනුවත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණා.

ඒ අනුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා. ඝාතකයින් සොයා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයෙකුගේද සහය ලබාගත්තා.

මේ අතර, පොතුවිල් – ආරුගම්බේ සංචාරක කලාපයේ හෝටලයක රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකු සැකකටයුතු ලෙස මියගොස් සිටියදී හමුව තිබෙනවා.

43 හැවිරිදි තෝමස් ජෝන් නම් මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණ ඇත්තේ පසුගිය 22 වැනිදායි.

මීට මාස 06 කට පෙර සිය බිරිඳ සමඟ මෙරටට පැමිණි ඔහු හික්කඩුව ප්‍රදේශයේ නිවසක රැඳී සිට ඇති අතර, පසුගිය 22 වැනිදා ඔහු මෙරට රියදුරෙකු සමඟ සංචාරයක් සඳහා ආරුගම්බේ ප්‍රදේශයට පැමිණ තිබුණා.

එහිදී බ්‍රිතාන්‍ය ජාතිකයා සංචාරක හෝටලයක කාමරයක් වෙන්කරවා ගෙන නවාතැන් ගෙන තිබූ අතර, ඔහුගේ රියදුරු නවාතැන් ගෙන ඇත්තේ වෙනත් ස්ථානයකයි.

22 වැනිදා රාත්‍රී කාලයේ වෙනත් හෝටලයක පැවති සාදයකට බ්‍රිතාන්‍ය ජාතිකයා සහභාගී වී තිබෙනවා.

ඔහු නවාතැන් ගත් හෝටලයට පැමිණ ඇත්තේ 23 වැනිදා අලුයම් කාලයේදී.

ඔහු 23 එදින හෝටල් කාමරයෙන් පිටතට පැමිණ තිබුණේ නැහැ.

ඔහුගේ බිරිඳ රියදුරුට දන්වා ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයා දුරකථනයට ප්‍රතිචාර නොදක්වන බැවින් ඔහු පිළිබඳ සොයාබලන ලෙසයි.

රියදුරු සිදුකළ සොයාබැලීමේදී හෙළිව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයා රැඳී සිටි කාමරය තුළ මියගොස් සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් මහේස්ත්‍රාත්වරයා මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකළ අතර, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාද එම ස්ථානය නිරීක්ෂණය කළා.

අනතුරුව දේහය පොතුවිල් මූලික රෝහල වෙත රැගෙන ගියා, කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය විමර්ශන සිදුකරනවා.

******************************************

කිරිකැටියෙකු සමඟ මහ මඟට වැටුණු යුවළට නව නිවසක්

(25.09.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට දින හතරක (4) බිළිඳෙකු සමඟ සිටි යුවලක් පිළිබඳ පුවතක් අප පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළා.

පසුව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා සහ ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ගම්පහ – ඉඳිගොල්ල ප්‍රදේශයෙන් ස්ථීර නිවාසයක් ඔවුන්ට ලබා දී ඇත්තේ බිළිඳාගේ පියාට ද දෛනික ආදායමක් ලැබෙන රැකියාවක් ලබා දෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *