‘අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ටය’ ලෙස පැවසීම ප්‍රශ්නයක් නම් කුරානයට එය ඇතුලත් කළ පුද්ගලයන් සමඟ බේරා ගන්න – බොදු බල සේනා සංවිධානය

‘අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ටය’ ලෙස පැවසීම ප්‍රශ්නයක් නම් කුරානයට එය ඇතුලත් කළ පුද්ගලයන් සමඟ බේරා ගන්න – බොදු බල සේනා සංවිධානය

*********************************************

‘අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ටය’ ලෙස පැවසීම ප්‍රශ්නයක් නම් කුරානයට එය ඇතුලත් කළ පුද්ගලයන් සමඟ බේරා ගන්න – බොදු බල සේනා සංවිධානය

(21.09.2021 – 05:40 +0530 – lankaleadnews.com)

පසුගිය සඳුදා (13) පැවැති ‘හිරු රූපවාහිනියේ සලකුණ’ නම් වැඩ සටහනට සහභාගි වෙමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ‘අල්ලාහ් දෙවියන් වහන්සේ කුමන්ත්‍රණකරුවා’ යැයි පැවසීම හේතුවෙන් මුස්ලිම් සමාජය තුල කැළඹීමක් මතුව ඇතැයි පැවසේ. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් බොදු බල සේනා සංවිධානය මාධ්‍යය නිවේදනයක් නිකුත් කර ඇත.

බොදු බල සේනා සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය :

= මාධ්‍ය නිවේදනය =

2021 සැප්තැම්බර් 20

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි රූපවාහිනී වැඩසටහනකදී ‘අල්ලාහ්’ පිළිබඳව අල් කුරානයේ වගන්තියකට අනුව මතුකළ කාරණයක් පිළිබඳව සිදුකරන කරුණු පැහැදිලි කිරීමයි

පසුගිය සඳුදා දින (13) ‘හිරු TV සලකුණ’ වැඩසටහනට සහභාගී වෙමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ‘අල්ලාහ් කුමන්ත්‍රනකරුවා’ යැයි පැවසූ බවට සඳහන් කරමින් මුස්ලිම් සමාජය තුල යම් කතා බහක් ඇති වී තිබේ.

එහිදී උන්වහන්සේගේ මතයක් හෝ අදහසක් ප්‍රකාශ නොකළ අතර අල් කුරානයේ 8:30 වගන්තිය උපුටා දක්වමින් එහි සඳහන් කරුණ මතුකරන ලදි.

‘ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය’ විසින් ‘අබ්දුල් රාසික්’ ගේ ප්‍රධානත්වයෙන් සිංහලයට පරිවර්තනය කරන ලද කුරානයේ සඳහන් වගන්තිය එලෙසම ඥානසාර හිමියන් මෙම වැඩසටහනේදී කියවන ලදි.

එම කුරානයේ අදාළ කරුණ සඳහන් වන්නේ මෙසේය :

“(මුහම්මද්) ඔබ අල්ලා තබා ගැනීමට හෝ ඔබ ඝාතනය කිරීමට හෝ ඔබ පිටුවහල් කිරීමට හෝ (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අය කුමන්ත්‍රණ කල සැටි සිහි කරන්න. ඔවුහු කුමන්ත්‍රණ කරති. අල්ලාහ් ද කුමන්ත්‍රණ කරයි. අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ට ය.”

‘ශ්‍රී ලංකා ජමයතුල් උලමා සභාව’ සිංහලයට පරිවර්තනය කරන ලද කුරානයේ 8:30 වගන්තිය සඳහන් වන්නේ මෙලෙසය :

“(නබිවරයා) ප්‍රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ නුඹට කුමන්ත්‍රණ කරමින් සිටි අවස්ථාව (සිහිපත් කරව්). ඔවුන් කූට උපාය සැලසුම් කරති. අල්ලාහ් ද සැලසුම් කරන්නේය. තවද අල්ලාහ් සලසුම්කරුවන්ගෙන් අති ශේෂ්ඨය.”

ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් උන්වහන්සේගේ අදහසක් ප්‍රකාශ නොකළ අතර ‘ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය’ සිංහලයට පරිවර්තනය කළ කුරාණයේ සඳහන් වගන්තියක් කියවීම පමණක් සිදුකරන ලදි.

අදාළ කුරානය 2015 වසරේදී සිංහලයට පරිවර්තනය කර ඇති අතර, පසුගිය වසර 6 ක කාලය තුල එම වැකිය වැරදි යැයි මුස්ලිම් සමාජයේ කිසිවෙකුත් ප්‍රකාශ කර ඇති බවක් අප දැනුවත්ව අසා නැත.

ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මේ පිළිබඳව අවලාද නැගීමෙන් හෝ ‘අල්ලාහ්’ දෙවියන්ට අපහාස කල බවට මාධ්‍ය සංදර්ශන පවත්වමින් චෝදනා කිරීමෙන් ඵලක් නොවන අතර, උන්වහන්සේ ‘අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ටය’ ලෙස පැවසීම පිළිබඳව කිසියම් පුද්ගලයෙකුට යම් ප්‍රශ්නයක් ඇත්නම් එම අදහස අල් කුරානයට ඇතුලත් කල පුද්ගලයන් සමග එය විසඳ ගන්නා ලෙසත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

තෙරුවන් සරණයි…!!!

බොදු බල සේනා මාධ්‍ය අංශය

++++++++

+++++++++++

“කැබිනට් එකට බෑ අපිට නීති හදන්න. අපේ නීතිය ෂරියා නීතියයි” – උලමුන්ගේ සූම් රැස්වීමේදී අනුර කුමාරගේ ගෝලයෙක් කියයි – රැස්වීමේ හඬ ඇමුණුම ඥානසාර හිමිට ලැබෙයි

(21.09.2021 – colombotoday.com)

සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව තවත් සංවිධාන රැසක් සමග සිදුකල සූම් රැස්වීමකදී සිදුවූ කතාබහක හඬ ඇමුණුම තමන් වහන්සේට ලැබුණු බවත් එහිදී කැබිනට් මණ්ඩලය සම්පාදනය කරන නීති නොපිලිගන්නා බවට පැවසූ බවත් පසුගිය සතියේ පැවැත්වූ රුපවාහිනී සජීවී වැඩසටහනක් අතර තුර බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරන ලදි. ඊට අදාළ හඬ ඇමුණුම අපවෙත ලැබී තිබෙන අතර එය පහතින් දැක්වෙයි.

උලමා සංවිධානයේ සාකච්ඡාවට එක්වෙමින් එම අදහස දක්වා ඇත්තේ ටී.කේ. අසූර් නැමැත්තෙක් වන අතර ඔහු ජනතා විමුක්ති පෙරමුණ පසුගිය මැතිවරණයට ඉදිරිපත්වූ ජාතික ජන බලවේගයේ (මාලිමවේ) ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ද වෙයි.

සජීවී වැඩසටහනෙන් පසුව පසුගිය සතිය පුරාවට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉලක්ක කරගෙන අවලාද ව්‍යාපාරයක් ද ආරම්භ කරනු ලැබ තිබූ බවක් ද අන්තර්ජාලය තුල දක්නට ඇත.

පහත සඳහන් වීඩියෝවේ 2:17 මිනිත්තුවේදී ටී.කේ. අසූර් නැමැත්තා විසින් –

“we start with this MMDA the first thing we have to tell the government is that the cabinet has no right to mess around with our Shariah law…” යනුවෙන් පවසයි.

(“අපි මෙම ‘එම්එම්ඩීඒ’ (Muslim Marriage and Divorce Act – MMDA) සමඟ පටන් ගනිමු, රජයට අපට කිව යුතු පළමු කරුණ නම් අපේ ෂරියා නීතිය සමඟ පැටලෙන්න කැබිනට් මණ්ඩලයට අයිතියක් නැති බවයි.”).

පහත සඳහන් වීඩියෝවේ 3:08 මිනිත්තුවේදී ටී.කේ. අසූර් පවසන්නේ :

“who are they to come and mess around with shariah law. this is our law . whatever they do finally doesn’t matter. we must tell them where we stand and where they stand. and we must tell them that cabinet is not an institution that can legislate for us. They are messing everywhere and … we should not allow them to mess up also….this is the attitude we must take.”

(“ෂරියා නීතිය අවුල් කිරීමට ඔවුන් කවුද? මෙය අපේ නීතියයි. අවසානයේ ඔවුන් කුමක් කළත් කමක් නැත. අපි ඔවුන්ට කිව යුතුයි අපි සිටින්නේ කොතැනද සහ ඔවුන් සිටින්නේ කොතැනද කියා. කැබිනට් මණ්ඩලය අපට නීති සම්පාදනය කළ හැකි ආයතනයක් නොවන බව අපි ඔවුන්ට කිව යුතුයි. ඔවුන් හැම තැනම අවුල් කරමින් සිටින්නේ… ඔවුන්ට අපිව අවුල් කිරීමට ඉඩ නොතැබිය යුතු යි… මෙය අප ගත යුතු ආකල්පයයි”)

මේ පිළිබඳව අප රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගෙන් විමසීමක් සිදුකලා. මෙවැනි අන්තවාදී අදහස් දරන්නන් විවිධ දේශපාලන පක්ෂ අස්සට රිංගා තමන්ගේ ආරක්ෂාව සලසාගෙන ඇති බවත්, ‘සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය’ ශ්‍රී ලංකාව තුල ගොඩනැගී ඇති අන්තවාදී ප්‍රශ්න රැසකට වගකිව යුතු බවත් උන්වහන්සේ පවසුහ.

******************************************

ඉදිරියට වෙන්න යන මහා විපතක පෙරනිමිත්ත – කිසිවෙකුත් කිසිදා නොසිතූ ලොවක් කම්පනය කල හෙළිදරව්ව (19.09.2021)

******************************************

නුසුදුසු බවට ප්‍රමිති ආයාතනය නිර්දේශ කළ කාබනික පොහොර සුදුසු බවට නිදේශ කරණ ලෙස අධිපති-ජනා ලේකම් බලපෑම් කරනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න

(22.09.2021 – 05:29 +0530 – lankaleadnews.com)

ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න මහතා අනාවරණය කර සිටියේ චීනයෙන් ආනයනය කරන ලද කාබනික පොහොර සාම්පල ප්‍රමිති ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇතත් අධිපති-ජනා ලේකම්වරයාගේ මැදිහත්වීම යටතේ නැවතත් එම පොහොර අනුමත කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව ඉතා නුදුරේදීම ප්‍රමිති ආයතනය විසින් මෙම පොහොර මෙරට පොළවට සුදුසු බවට නිවේදන නිකුත් කරන්න සූදානම් වන බවද ඔහු පවසා සිටියේය.

මුලින් ප්‍රතික්ෂේප වූ පොහොර නැවත සුදුසු තත්ත්වයට පත් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන නාමල් කරුණාරත්න මහතා අදාල පොහොර තොගය නිකුත් කරන්නැයි ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතන වලට බලපෑම් කරමින් සිටින බවද අවධාරණය කර සිටියේ ය ෴

******************************************

කබරාලගේ කැපිලි ඇරඹේ : මහ බැංකුවේ තවත් ලොක්කෙක් ඉවතට !

(21.09.2021 – 14:08 +0530 – lankaleadnews.com)

මහ බැංකුවේ සහකාර අධිපතිනි දවුලගල මහත්මිය මුල්‍ය මණ්ඩල ලේකම් ධුරයෙන් ඉවත් කළ අකාරයටම, නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන මහතා විදේශ විනිමය විෂයයට අදාල වගකීම්වලින් ඉවත් කිරීමේ සුදානමක් පවතින බව දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානියා ද වූ මහින්ද සිරිවර්ධන මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ද සේවය කළ කීර්තිමත් නිලධාරියෙකි.

මහ බැංකු මගඩි පිළිබඳ වෝහාරික විගණන වාර්තා 5 ක් මේ වන විට එළිදක්වා ඇත. ඊටීඅයි ජනාධිපති කොමිෂන් වාර්තාව, හෙජින් පාඩුව පිළිබඳ වාර්තාව ඇතුළු මහ බැංකුවේ මුල්‍ය අපරාධ රැසක් පිළිබඳ විමර්ශන වාර්තා බලධාරීන් අතට පත්ව ඇත.

මෙම විමර්ශනයන්ට අදාල මහ බැංකුවේ නිලධාරීන් එකිනෙකා මාරු කරමින් මුල්‍ය අපරාධ සැඟවීමට අදාල චෝදනා එල්ලවූ පුද්ගලයින්ම මේවනවිට කටයුතු කරමින් සිටින බවට හිටපු ආණ්ඩුකාරවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් චෝදනා කර සිටියි.

“මහ බැංකු මගඩිවලින් ප්‍රතිලාභ ලැබූ දේශපාලනඥයෝ මුල්‍ය අපරාධ යට ගහන්න හදනවා” – රජිත කීර්ති තෙන්නකෝන්

රජිත කීර්ති තෙන්නකෝන් හිටපු ආණ්ඩුකාරවරයාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ :

“නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණදෙන දැවැන්තම අර්බුදයට තුලින් මේ වන විට රට ගමන් කරමින් ඇත. එහි මුලික පාර්ශවකවෙකු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව, මුල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු අදූරදර්ශී සහ ප්‍රශ්නගත තීරණයන් ය.

එයින් කිහිපයක් මෙසේය :

  1. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් සමාගම සිදු කළ මුල්‍ය අවභාවිතයන් පිළිබඳ අනාවරණය වීමෙන් පසුව එහි විමර්ශන කටයුතු අඩපණ කිරීම සහ විමර්ශන සිදු කළ වත්මන් සහකාර මහ බැංකු අධිපති දවුලගල මහත්මිය 2012 දී තනතුරුවලින් ඉවත් කිරීම.
    .
    තැම්පත්කරුවන්ට සිය මුදල් අහිමිවූ ඊටීඅයි අර්බුදයේ ආරම්භය එය යි. මේ වන විට ඊටීඅයි වංචාව අනාවරණය කළ දවුලගල මහත්මිය මුල්‍ය මණ්ඩලයේ ලේකම් ධූරයෙන් ඉවත් කර ඇත. වෝහාරික විගණනයන් සම්බන්ධයෙන් කටයුතු කළේ ද ඇයයි.
  1. ග්‍රීක බැඳුම්කර ආයෝජනය – කඩා වැටෙමින් තිබූ ග්‍රීසියේ මුදල් ආයෝජනය කිරීම නිසා රුපියල් බිලියන 10 කට වැඩි මුදලක් රටට අහිමි විය.
  2. හෙජින් ගනුදෙණුව – මේ දක්වා වසන් කර තිබූ නමුත්, අලුත්ම සංඛ්‍යා සහ දත්ත අනුව, ලංකා රජය ඩොයිෂ් බැංකුවට ඩොලර් මිලියන 60.3 ක් ද, ඩීලර් ගාස්තුව ඩොලර් මිලියන 8 ක් ද, බේරුම්කරුවන් වෙත ඇ.ඩො. 12,872 ක් ද ගෙවා ඇත. එයට බාහිරව නීතිඥයින්ට ගෙවූ මුදල ද ඇතුළුව ඇ.ඩො. මිලියන 130 ඉක්මවන පාඩුවක් රටට සිදුව ඇත.
  3. මෙරට කම්කරු ජනතාවගේ විශ්‍රාම රක්ෂණය වන, සේවක අර්ථසාධක අරමුදල් භාවිතා කර කොටස් වෙළෙඳපොල උපක්‍රමශීලි ලෙස හසුරුවනු ලැබීම තුලින් රුපියල් බිලියන 5 ක පාඩුවක් රටට සිදුව ඇත. සේවක අර්ථසාධක අරමුදලේ විශාලත්වය රු. බිලියන 2,200 කි.
    .
    වෝහාරික විගණනයට අනුව සේවක අර්ථ සාධක අරමුදල් භාවිතයෙන් ගනුදෙනු 645 ක සිදු ව ඇති අතර, එම ගණුදෙනු එක එකින් රු. මිලියන 3 සිට මිලියන 17.31 පාඩු සිදු කර ඇත.
  1. 2002 සිට 2015 දක්වා බැදුම්කර නිකුතු 142 ක් සිදු කර ඇති අතර ඒවා රුපියල් බිලියන බිලියන 337 ක් රජය උපයාගෙන ඇත. මෙම බැඳුම්කර වලින් 33 ක් ම අවිධිමත් වේ. ප්‍රශ්නගත බැඳුම්කරවල වටිනාකම රු. බිලියන 77 යි.
    බැඳුම්කර 50 ක් සිමා රහිත මුල්‍ය සීමාවන් සහිතව (අර්ජුන මහේන්ද්‍රන් ආකාරයේ) ගණුදෙනු වේ. ද්විතීයික වෙළෙඳපොල මිලට වඩා අඩුවෙන් බැඳුම්කර මිලදී ගත් අවස්ථාවන් 14 ක් ඒ අතර හමුවේ. එම ගණුදෙනු වලින් ද්විතීය වෙළඳපොල දී පමණක් සිදුව ඇති අලාභය රු.මිලියන 371 කි.
  2. 2019 ජනවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබූ ‘ආචාර ධර්ම පද්ධතියට’ අනුව විධායක නිලධාරියෙකු, කාර්යාල සේවකයෙකු ලෙස මහ බැංකුවේ හතර සීමාවට ඇතුළු විය නොහැකි පුද්ගලයෙකුට රටේ මුල්‍ය විනය පවත්වාගත නොහැකිය.
  3. වෝහාරික විගණන වාර්තා අංක 4 මගින් චෝදනා එල්ල වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ට අධි චෝදනා එල්ල වූ විට ඔහු සිය නම, ලිපිනය ද, ස්ත්‍රී පුරුෂ භාවය හැර අන් සියලු අනන්‍යතාවයන් සඟවා සැඟවී සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමට පදනම් වූ ජෝන් එන්ටර් ගේ වාර්තාවේ 16 වන පිටුවේ ‘The Governor should be a man of recognized and outstanding competence in and integrity and responsibility’ යැයි සඳහන් ය. එවැනි ගුණාංගයන් රහිත පුද්ගලයින්ට, රටක මුදල් කලමනාකරණය නැවත නැවතත් හිමිවීම ඛේදවාචකයකි.”

******************************************

මෙරට දුගී ජනයා ලවා බැංකු ගිණුම් විවෘතකරවා ගෙන කෝටි ගණනින් මුදල් ගැරූ නයිජීරියානුවන්ගේ ජාවාරමක් හෙළිවේ

(21.09.2021 – 10:12 +0530 – lankaleadnews.com)

රුපියල් දස දහස (10,000) බැගින් බඩු මළු ලබා දෙමින් කොළඹ සිටින දුගී කාන්තාවන්ගේ නමට බැංකු ගිණුම් විවෘත කරදී එම ගිණුම් ඔස්සේ නයිජීරියානුවන් කළ මහා පරිමාණ මුදල් වංචාවක් අනාවරණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම ජාවාරම හෙළිකරගෙන තිබේ.

මෙම ගිණුම් ඔස්සේ රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර ‘බිට් කොයින්’ ඇතුළු විවිධ ක්‍රම මගින් විදෙස් රටවලට එම මුදල් යවා ඇති බවද හෙළිවී ඇත.

ඇඟලුම් තාක්ෂණවේදිනියක කරන ලද පැමිණිල්ලක් ඔස්සේ විමර්ශන කිරීමේදී මේ බව හෙළිවී තිබේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටින නයිජීරියානුවන් දෙදනෙකු (2) 57 හැවිරිදි මෙම කාන්තාව ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් හඳුනාගෙන ලන්ඩනයේ සිට මෙරට ව්‍යාපෘතියක් ඇරඹීමට ඇය සම්බන්ධ කරගන්නා බවට පවසා ඇත.

ඉන්පසු ඇයට ලන්ඩනයේ සිට ඩොලර් නෝට්ටු හා ස්වර්ණාභරණ පෙට්ටියක් එවූ බව පවසා එය රේගුවෙන් මුදා ගැනීමට බැංකු ගිණුමකට රුපියල් පන්ලක්ෂ හාරදහසක් (5,04,000) බැර කරගෙන තිබේ. (*)

බැංකු ගිණුමට මුදල් දමාගෙන ඇත්තේ කුරියර් සේවාවක නියෝජිතයකු ලෙස පෙනී සිටි අයෙකි.

මෙම මුදල් ගෙව්වද තමාට තෑගි පෙට්ටිය නොලැබීමත් සමග සොයා බැලීමේදී තමා වංචාවකට හසුවී ඇති බව දැනගත් තාක්ෂණවේදිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

මෙම පැමිණිලිකාරියගේ තොරතුරු ඔස්සේ මුදල් දැමූ බැංකු ගිණුම පරීක්ෂා කිරීමේදී එම ගිණුම කොළඹ 12 පදිංචි ෆාතිමා නමැති කාන්තාවකගේ බව හෙළිවී තිබේ.

ඇය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මුස්ලිම් තරුණයකු රුපියල් දස දහසක (10,000) බඩු මල්ලක් දී ඇය ලවා බැංකු ගිණුමක් විවෘතකරවා ගෙන එහි මුදල් ගැනීමට ඩෙබිට් කාඩ්පතක් ද ලබාගත් බව අනාවරණය වී ඇත.

එම තොරතුරු ඔස්සේ සොයා ගිය විමර්ශන නිලධාරීන් එක් බැංකු පොතකට රුපියල් විසිදහස (20,000) බැගින් සංවිධානාත්මක තරුණ කණ්ඩායමකට ගෙවා ඇති බවද හෙළිවී තිබේ.

ඇඟලුම් තාක්ෂණවේදිණියගේ මුදල් වංචා කළ නයිජීරියානුවන් දෙදෙනකු (2) මෙම විමර්ශන ඔස්සේ පෙරේදා (18) දෙහිවලදී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී නයිජීරියානුවන් සන්තකයේ තිබී කොළඹ දුප්පත් කාන්තාවන් රවටා විවෘත කළ බැංකු ගිණුම්වලට අදාළ ඩෙබිට් කාඩ්පත් විසිඑකක් (21) සොයාගෙන ඇත.

ගතවූ මාස දෙක (2) තුළ මෙරට විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් රවටා මෙම ගිණුම් විසිඑක (21) මාර්ගයෙන් රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක් (1,35,00,000) විදෙස් රටවලට යවා ඇතැයි අනාවරණය වේ ෴

(*) තණ්හාය ජායතී සෝකෝ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *