උසස් පෙළ අයදුම්පත් පමණයි, ශිෂ්‍යත්ව අයදුම්පත් බැහැ – විදුහල්පතිවරුන් තීරණයක් ගනී

උසස් පෙළ අයදුම්පත් පමණයි, ශිෂ්‍යත්ව අයදුම්පත් බැහැ – විදුහල්පතිවරුන් තීරණයක් ගනී

*********************************************

උසස් පෙළ අයදුම්පත් පමණයි, ශිෂ්‍යත්ව අයදුම්පත් බැහැ – විදුහල්පතිවරුන් තීරණයක් ගනී

(19.09.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ විභාගයේ ඉල්ලුම්පත්‍ර පමණක් අනිද්දා (21) වනවිට යොමුකර අවසන් කිරීමට දැනට ඔන්ලයින් වර්ජනයේ නිරත විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර යොමුකිරීමේ කිසිදු තීරණයක් නොමැති බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

මෙවර උසස් පෙළ විභාගයේ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාර ගැනීම පසුගිය 15 වනදායින් අවසන් වුණා.

ඒ අනුව උසස් පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන් 2,49,841 දෙනෙකු අයදුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා 2,43,704 දෙනෙකු අයදුම්පත් යොමු කර තිබුණා.

මෙවර උසස් පෙළ විභාගයේ ඉල්ලුම්පත්‍ර පමණක් අනිද්දා (21) වනවිට යොමුකර අවසන් කිරීමට දැනට ඔන්ලයින් වර්ජනයේ නිරත විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර යොමුකිරීමේ කිසිදු තීරණයක් නොමැති බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

එවන් පසුබිමක මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් ඉල්ලා සිටියේ විභාගය ලබන වසර දක්වා කල් දමන ලෙසයි.

මෙවර උසස් පෙළ විභාගයේ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාර ගැනීම පසුගිය 15 වනාදායින් අවසන් වුණා.

ඒ අනුව උසස් පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන් 2,49,841 දෙනෙකු අයදුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා 2,43,704 දෙනෙකු අයදුම්පත් යොමු කර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය වසරේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ එක්දහස් හත්සිය හැත්තෑ එකක් (3,01,771) අයදුම් කර තිබූ අතර, පහ (5) ශ්‍රේණිය සඳහා අයදුම්කර තිබූ සිසු සිසුවියන් සංඛ්‍යාව තුන්ලක්ෂ තිස් එක්දහස් හත්සිය හතළිස් එකක් (3,31,741).

කොරෝනා වසංගතය හේතුවෙන් උසස් පෙළ විභාගය නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට දැනට සැළසුම් කර තිබෙනවා. එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට දැනට දින නියමව ඇත්තේ නොවැම්බර් 14 වනදායි.

වැටුප් විෂමතා ගැටළුව මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පතිවරුන් දියත් කර ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනයට අදට (19) දින 71 ක් ගත වනවා ෴

******************************************

(19.09.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

මලයාසියාවේ ගෘහ සේවයට ගොස් සිටියදී සැකකටයුතු අන්දමින් මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් එරට පොලිස් ප්‍රධානීන් සහ මහ කොමසාරිස් කාර්යාලය අතර සාකච්ඡාවක් හෙට (20) පැවැත්වීමට නියමිතයි.

හිරු ප්‍රවෘත්ති ඔස්සේ මෙම කාන්තාවගේ මරණය පිළිබඳව තොරතුරු අනාවරණ කිරීමත් සමඟයි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මලයාසියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත ඒ පිළිබඳව දැනුම්දෙනු ලැබුවේ.

අනතුරුව මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් අංශය විසින් ඊට අදාළව එරට පොලිස් මූලස්ථානයේ විශේෂ ශාඛාවේ අධ්‍යක්ෂවරයාට ලිපියක් යවමින් මෙම මරණය සම්බන්ධයෙන් දැනුම්දී තිබෙනවා.

සිද්ධිය පිළිබඳව කඩිනම් විමර්ශනයක් අවශ්‍ය බවත්, එරට පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දන්වා ඇති අතර, ඒ අනුවයි සයිබර්ජය පොලිස් ස්ථානයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානීන් සමඟ හෙට (20) දින සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත්තේ.

බේරුවල – ගල්හේන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු මවක් වන චතුරිකා සිල්වා මහත්මිය මලයාසියාවේදී සියදිවි හානිකරගෙන තිබූ බවට දැනුම්දී තිබුණා.

කෙසේ වෙතත් ඇයගේ ඥාතීන් සහ දෙමාපියන් චෝදනා කළේ මරණය සැක සහිත බවටයි.

******************************************

(19.09.2021 – 16:13 +0530 – hirunews.lk/sinhala)

පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව සක්‍රියව කැපවී සිටින බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමිනුයි විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ස්ථාපිත කිරීමට උත්සහ දරණ තාවකාලික යාන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පරමාර්ථවලට අනුකූල නොවන බවත්, එය මෙරටට පිළිගත නොහැකි බවටත් විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව, පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ පවත්වාගෙන යන අඛන්ඩ සමීප සම්බන්ධතාව අගය කරන බවයි ෴

******************************************

(19.09.2021 – 17:47 +0530 – hirunews.lk/sinhala)

මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ලබාදීමට හැකියාව පවතින්නේ නම් වෙළඳසැල් විවෘත කිරීමටද ඉඩ ලබාදෙන ලෙස පවසමින් ‘එක්සත් ජාතික ස්වයං රැකියා සංගමය’ අද (19) කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

විරෝධතාකරුවන් සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් මුහුණු ආවරණ ද පැළඳ සිටි අතර, ඇතමුන් සිරුරේ බොහෝ ප්‍රමාණයක් වැසෙන පරිදි ආරක්ෂිත ඇඳුමකින් සැරසී සිටින අයුරු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් කොටුව පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ විරෝධතාව නතර කරන ලෙසට ප්‍රකාශ කිරීමත් සමඟ එහි උණුසුම් තත්වයක් ඇති වුණා.

එහිදී එම සංගමයේ දෙදෙනෙකු (2) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

******************************************

(19.09.2021 – 18:11 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් කිලෝග්‍රෑම් 170 ක් සමඟ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් විදේශිකයන් නවදෙනා (9) ලබන 24 වනදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද (19) අධිකරණය අවසර ලබා දී තිබෙනවා ෴

******************************************

(19.09.2021 – 19:03 +0530 – hirunews.lk/sinhala)

පරාක්‍රම සමුද්‍රය වටා ඇවිදින මංතීරුවක් සකස් කිරීම කිසිසේත් සුදුසු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

මේ අතර ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා ගල් ඉවත් කිරීම නිසා පරාක්‍රම සමූද්‍රයේ රළපනාවේ ස්ථාන කිහිපයක් ඛාදනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්ව අසළ මෙලෙස දැඩි ඛාදනයකට ලක්ව ඇති බවයි.

ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සඳහා පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ විශාල ගල් ස්ථාන කිහිපයකින් ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, එල්ල වූ විරෝධතා හමුවේ මෙහි ඉදිකිරීම් මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයට සමගාමීව පැලවත්ත මයුරපාද විහාරස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනකට අද (19) එක්වීමෙන් අනතුරුව ඇවිදින මංතීරුව පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නා.

******************************************

(19.09.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

තමන්ට චෝදනා එල්ල කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සම්බන්ධයෙන් විනයානුකූලව පියවර ගන්නා ලෙස පක්ෂයට ලිඛිතව දැනුම් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රිය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

පෙරේදා (17) මාධ්‍ය හමුවක් කැඳවමින් ජගත් කුමාර මන්ත්‍රීවරයා සරත් වීරසේකර සහ ගාමිණී ලොකුගේ අමාත්‍යවරුන්ට චෝදනා කර සිටියා.

කෙසේ වෙතත් ඊයේ (18) මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයට අමාත්‍ය ගාමිණී ලොකුගේ පිළිතුරු ලබා දුන්නා.

එවන් පසුබිමකයි අද මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රිය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ද ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු පිළිබඳව විනයානුකූල පියවර ගන්නා ලෙසට පක්ෂයට ලිඛිතව දැනුම් දුන් බවටයි ප්‍රකාශ කළේ.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(19.09.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත් කරන වැඩසටහනේ සාර්ථකත්වය සමඟ සංචරණ සීමා පනවා ඇති රටවල රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විටත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඒ සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

මේ වන විට ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය, චීනය, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල් ශ්‍රී ලංකාවට සංචරණ සීමා පනවා ඇති බවයි සංචාරක අමාත්‍යාංශය සදහන් කළේ ෴

+++++++++++++++++

(19.09.2021 – 16:23 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – කහවත්ත රෝහලේදී මියගිය වයස අවුරුදු 6 ක දැරියගේ මරණයට හේතුව කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ඇතිවූ සංකූලතා නොවන බවත්, ඊට හේතුව තවමත් නිශ්චිතව අනාවරණ කරගත නොහැකි බවත් ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසනවා.

පසුගියදා මෙම දැරිය කහවත්ත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා.

පසුව එහිදි සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවකදී අනාවරණ වූයේ ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

එමෙන්ම ඇයට නිධන්ගත කිසිදු රෝගයක් නොතිබුණු නිසා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර තිබෙනවා.

++++++++++++++

(19.09.2021 – 17:41 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වයිරස් ආසාදිතයන් 1297 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,04,055 ක් බවට පත්වුණා ෴

අද (19) දිනයේ දී වාර්තා කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (18) දිනයේ දී තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 103 ක් වාර්තා වනවා.

මෙම මරණ 103 ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 12,125 ක් දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *