දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් රුපියල් ලක්ෂ 14 ක් පන්නපු සේවකයා අල්ලයි

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් රුපියල් ලක්ෂ 14 ක් පන්නපු සේවකයා අල්ලයි

*********************************************

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් රුපියල් ලක්ෂ 14 ක් පන්නපු සේවකයා අල්ලයි

(18.09.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම පිවිසුමේ සේවයේ නියුතුව සිටියදී රුපියල් ලක්ෂ 14 කට අධික මුදලක් වංචා කර පළාගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් ඊයේ (17) මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ රුපියල් 3,84,000 මුදලක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමේ සේවයේ නියුතුව සිටියදී මෙම පුද්ගලයා රුපියල් 14,18,500 ක මුදලක් වංචා කළ බවට ලද පැමිණිල්ලකට අනුව බණ්ඩාරගම පොලිසිය සහ පානදුර අපරාධ විමර්ශණ කොට්ඨාශය එක්ව පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.

වැඩිදුර විමර්ශණවලදී හෙළිව ඇත්තේ මොහු පසුගිය අගෝස්තු 31 වනදා සිටි අවස්ථා කිහිපයදී මෙලෙස ගැලනිගම පිවිසුමෙන් මුදල් ලබාගෙන ඇති බවයි.

තමන් ලබාගත් ණය පියවීම සඳහා මෙම මුදල් යොදවා ඇති බවත් එමෙන්ම සැකකරු අධික ලෙස මත්පැන් පානයට හා සූදුවට ඇබ්බැහි වී සිට ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

******************************************

(18.09.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 300 කට අධික මුදලක් වංචා කොට විදෙස් රටකට පළා ගොස් සිටින ගණකාධිකාරීවරයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය හමුවේ ඊයේ (17) කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමකට අනුවයි.

මොවුන් දෙදෙනාට (2) එරෙහි ව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් ලබා ගැනීමට අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචි දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටු වීමට හා නිවාස ඉදිකිරීමට බ්‍රිතාන්‍යයේ කිසියම් පදනමක් විසින් මෙරට පෞද්ගලික ආයතනයක් වෙත මූල්‍ය ආධාර ලබා දී තිබෙනවා.

ඉන් රුපියල් මිලියන 300 කට අධික මුදලක් එහි සේවය කළ මෙම ගණකාධිකාරීවරයා විසින් වංචා කර ඇති බවට පවසමිනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ ෴

******************************************

(18.09.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

කසළ තේ කිලෝ 8155 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කළ දෙදෙනෙකු (2) බැලුම්මහර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදි යි මෙම කසළ තේ තොගය සොයා ගැනුණේ.

බලපත්‍ර නොමැතිව මෙම කසළ තේ තොගය ප්‍රවාහනය කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 සහ 43 යන වයස්වල පසු වෙන ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

******************************************

(18.09.2021 – 10:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ ‘ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති’ ලෙස වැඩ භාර ගන්නා ලෙස කර තිබූ ආරාධනාවකට අනුව මොහු මෙම තීරණය ගෙන ඇති බවයි.

මීට පෙර ඇමරිකානු තානාපතිවරයා ලෙස රවිනාථ ආරියසිංහ මහතා කටයුතු කළ අතර පසුගිය දා ඔහු එම ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා මීට පෙර මානව හිමිකම් පිළිබද අමාත්‍යවරයා ලෙස කටයුතු තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ඔහු ජිනීවා මානව හිමිකම් කොමිසමේදී මෙන්ම නිව්යෝක් නුවර ජගත් මානව හිමිකම් මණ්ඩල රැස්වීමේදී ද අවස්ථා කිහිපයකදී කරුණු දක්වා සිටියා.

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 08 ක් හිමිව තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා මනාප 58,514 ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ 08 වැනියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සුදුසුකම් ලබා ඇත්තේ ලැයිස්තුවේ මීළඟට සිටින මංජුල ලලිත් වර්ණකුමාර මහතා යි.

මහ මැතිවරණයේදී මනාප 46,542 ක් ලබා ගත් ඔහු මදුරාවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ද වනවා ෴

******************************************

(18.09.2021 – 11:18 +0530 – hirunews.lk/sinhala)

මිනිස් පරිභෝජනයට නුසුදුසු සියඹලා කිලෝ 27,000 ක පමණ ප්‍රමාණයක් අනුරාධපුර – මරදන්කඩවල ප්‍රදේශයේ ගබඩා කර තිබිය දී සොයාගෙන තිබෙනවා.

කැකිරාව යුද හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි මෙම සියඹලා තොගය නිවෙස් දෙකක (2) සහ ගබඩා දෙකක (2) තිබිය දී සොයාගෙන ඇත්තේ.

ඒ අනුව අදාළ ගබඩා මුද්‍රා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙකුට (4) එරෙහි ව නීතිමය පියවර ගැනීමට නියමිත යි ෴

******************************************

රුපියල් මිලියන 1575 කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් තවත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

(18.09.2021 – navy.lk/si/)

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් 2021 සැප්තැම්බර් මස 10 වන දින අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 1575 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 170 ග්‍රෑම් 866 ක තොගයක් (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සහ විදේශීය ජාතික සැකකරුවන් 09 දෙනෙකු අද (2021 සැප්තැම්බර් 18) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලදී.

මීට පෙර නාවික හමුදා බුද්ධි අංශය, රාඡ්‍ය බුද්ධි සේවය හා එක්ව සිදුකළ බුද්ධි මෙහෙයුමකට අනුව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් අත්අඩංගුවටගත් හෙරෝයින් කිලෝ 290 ග්‍රෑම් 200 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) 2021 අගෝස්තු 31 වන දිනත්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව සිදු කළ තවත් මෙහෙයුමක් මඟින් අත්අඩංගුවටගත් හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 336 යි ග්‍රෑම් 300 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය බහු දින ධීවර යාත්‍රාවක් සමඟ විදේශීය සැකකරුවන් හත් දෙනෙකු (07) 2021 සැප්තැම්බර් 04 වන දිනත්, ගොඩබිමට රැගෙන විත් වැඩි දුර විමර්ශණ සිදු කරන ලදී.

ඒ අනුව, වැඩිදුර විමර්ශණ වලදී අනාවරණය වූ තොරතුරු මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය මගින් ලබා දෙන ලද බුද්ධි තොරතුරු ද පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, ගොඩබිම සිට නාවික සැතපුම් 850 ක පමණ දුරින්(කිලෝ මීටර් 1574 ක් පමණ) ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එම පරීක්‍ෂාවේදී එම බහුදින යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් 150 ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 170 ග්‍රෑම් 866 ක පමණ (ඇසුරුම් බර සහිතව) ප්‍රමාණයක් සහ අබිං නැමැති මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 306 ක ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. අනතුරුව, එම විදේශීය බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි විදේශීය ජාතික සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, එලෙස අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද (2021 සැප්තැම්බර් 18) උදෑසන ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාවේ ආරක්ෂාව යටතේ කොළඹ වරාය වෙත මෙලෙස රැගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු‍ කෙරිණි.

බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදවනු ලබන ධීවර යාත්‍රාවන් වෙත ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය හුවමාරු කර ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා අත්අඩංගුවට ගත් මෙම විදේශීය බහු දින ධීවර යාත්‍රාවද ජාත්‍යන්තර මුහුදේ ස්ථානගතකර තැබීමට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් සැළසුම් කරන්නට ඇතැයි සැක‍කෙරේ.

තවද, 2021 අගෝස්තු මස 30 වන දින සිට මේ දක්වා නාවික හමුදාව විසින් සිදු කරන ලද ප්‍රධාන මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් පමණක් අත්අඩංගුවටගත් හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් බිලියන 07 කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද විදේශ ජාතික සැකකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර, අත් අඩංගුවට ගත් හෙරෝයින් මත්ද්‍රව්‍ය, විදේශීය ජාතික සැකකරුවන් සහ විදේශිය බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ෂණ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතව ඇත.

මෙහිදී, මෙම මෙහෙයුමට දායක වූ ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාවේ නැව් මුළුව ඇමතු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මීරාල් වයි.එන්. ජයරත්න, ගැඹුරු මුහුදේ සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමක් සිදුකිරීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්න වෙනුවෙන් සිය ප්‍රසාදය නැව් මුළුව වෙත ඵල කිරීමට කටයුතු කෙරිණි.

පවත්නා වසංගත තත්වය හමුවේ වුවද මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය ශාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකරමින් ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.

[ සේයාරූ 24 ක් ]

+++++++++

******************************************

(18.09.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

හොරණ – කෝරලඉම ප්‍රදේශයේ නිවාස 10 ක පමණ ළිං වලින් තෙල් මතුවීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

දින කිහිපයක සිට එම ළිං ජලයේ රසෙහි වෙනසක් දැනීම හේතුවෙන් පරීක්ෂා කර බැලීමේදී ජලයේ තෙල් තට්ටුවක් ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශවාසීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කළ බවයි ඔවුන් කියා සිටියේ.

පසුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වූයේ අදාළ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අබලි ද්‍රව්‍ය එක්රැස් කරන ස්ථානයකින් බැහැර කරන ලද තෙල් මෙලෙස ළිං ජලයට මුසුවී ඇති බවටයි.

ඒ අනුව අදාළ අබලි ද්‍රව්‍ය එක් රැස්කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන ගිය හිමිකරු මොරගහහේන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(18.09.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ලබන කන්නයේ සිට කාබනික පොහොර භාවිතයෙන් සිදු කරන වී වගාවන් සඳහා වැඩි මිලක් ලබාදීමට පියවර ගන්නා බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, කලාවැව ප්‍රදේශයේ ඊයේ (17) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(18.09.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය සුව වන බවට පවසමින් මතුගම – 04 කණුව ප්‍රදේශයේ කුළුබඩු නිෂ්පාදනය කරන ස්ථානයක නිපදවනු ලැබූ ඖෂධයක් පිළිබදව තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මුල් අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාවට සහ කොරෝනා ආසාදිත පුද්ගලයින්ට මෙය නොමිලේ ලබාදී ඇති අතර පසුව මෙම ඖෂධය රුපියල් 3750 ක මුදලකට අලෙවි කර ඇති බවටයි වාර්තා වන්නේ.

+++++++++++++++++

(18.09.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (17) පස්වරුවේ මෙන් අද (18) පෙරවරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසක මත්පැන් අලෙවිසැල් විවෘත කර තිබූ ආකාරයක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් මෙලෙස මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට විරෝධය පළ කරන බවයි වෛද්‍යවරු කියා සිටියේ.

ඊයේ (17) දිනයේ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමත් සමඟ රාත්‍රිය වනතුරුම එම අලෙවිසැල් ඉදිරිපිට නිරෝධායන නීති කිසිදු ගණනකට නොගනිමින් දිගු පෝලිම් දක්නට ලැබුණා.

සුපිරි වෙළඳසැල්වලද මත්පැන් අලෙවිසැල් විවෘත කර තිබූ අතර, ඒවායේද දක්නට ලැබුණේ දිගු පෝලිම්.

වවුනියාව ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ ඒවා වසා දැමීමට පියවර ගත්තා.

එහිදී මත්පැන් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ බවයි වාර්තා වුණේ.

මත්පැන් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවට වාර්තා වුව ද මත්පැන් අලෙවිසැල් විවෘත කළ පුද්ගලයින් හෝ ඊට අවසර ලබාදුන් පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක වූ බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

එසේම අද (18) දිනයේත් ප්‍රදේශ කිහිපයක මත්පැන් අලෙවිසැල්වලට මත්පැන් ගබඩා කිරීම සඳහා ලොරි රථ පැමිණ තිබූ ආකාරයක්ද දක්නට ලැබුණා.

කෙසේ වෙතත් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට අප කිහිපවිටක් උත්සාහ කළ අතර, එහි වගකිවයුතු නිලධාරීන් දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

කෙසේ වෙතත් ඊයේ (17) සුරා බදු දෙපාර්තමේන්තුව කියා සිටියේ අලෙවිසැල් විවෘත කිරීමට තම දෙපාර්තමේන්තුව අවසර ලබාදී නොතිබුණු බවයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ මෙලෙස මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම හරහා යළි කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ද කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් සිය විරෝධතාව පළ කළා.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය යළි දීර්ඝ කිරීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථාන පෙර පැවති ආකාරයටම පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන ඒ අනුව පොහොය දිනයේ හැර සෙසු සෑම දිනකම විවෘතව පවතින බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • illegal opening of the bars: Ask mr 20% brought into the government a few weeks ago. That is the leader of the shadow government that is working in the shadow of the legal government. We saw some gal ibbo ministers arguing in support of opening bars, and clearly they should be taken into custody and be interrogated by the police. With this guy acting like a loose cannon, Gotabhaya government would be doomed, and the expectations of the voters that supported them would be dashed..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *