කොරෝනා නිසා අකාරුණික වූ සහෝදර ප්‍රේමය

කොරෝනා නිසා අකාරුණික වූ සහෝදර ප්‍රේමය

*********************************************

කොරෝනා නිසා අකාරුණික වූ සහෝදර ප්‍රේමය

(05.09.2021 – 22:44 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වැලදී රෝහල්ගතව සිට නැවත නිවසට පැමිණි තම සහෝදරියට අඩම්තේට්ටම් කළ සහෝදරයෙකු පිළිබද පුවතක් අප මීට පෙර හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය කළා.

සහෝදරයාගේ ආසාධාරණයන් පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට ගිය අදාල කාන්තාවට ඇගේ නිදි පැදුර ද අහිමි කළ බව අද (05) වාර්තා වුණා.

මේ වේයන්ගොඩ – නුංගමුව ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි අධිකාරීගේ විමලාවතී මහත්මිය යි.

කලකට ඉහත මව්පිය උරුමයෙන් ඇයටත් අයිතිවාසිකම් කීමට තිබු මහගෙදර ඇය සිය බාල සහෝදරයාට ලබාදීමට තරම් කාරුණික වී තිබුනා.

මහගෙදර අයිතිය හිටපු ගුරු උපදේශකවරයෙකු වූ තම සහෝදරයාට ලබාදී විමලාවතී මහත්මිය ද ජීවත්වුණේ මෙම නිවසේමයි.

අවිවාහක දියණියක් ද සිටින විමලාවතී මහත්මියට පසුගිය දිනක කොවිඩ් වෛරසය ආසාධයන වී තිබුනා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන පැමිණි ඇයව යළි නිවසට ගැනීමට ගුරු උපදේශක සහෝදරයා කැමැත්ත පළ කර තිබුනේ නැහැ.

ඒ පිළිබදව අප පසුගිය දා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය කළ අතර අද (05) එම සිද්ධිය පිළිබද විමර්ශනය කිරීමට විමලාවතී මහත්මිය හා ඇගේ සොයුරා වේයන්ගොඩ පොලිසිය වෙත කැදවා තිබුනා.

++++++++++++++++

‘සල්ලි එපා.. කොරෝනා දෙදිනෙන් සුවයි.. මගේ වට්ටෝරුව ඇමති ඉල්ලුවා..’ විලච්චිය වෙද මහතා

(05.09.2021 – 22:06 +0530 – lankacnews.com)

කොරෝනා වෛරසය දින දෙකක් ඇතුළත සුව කල හැකි ඖෂධ වට්ටෝරුවක් තමන් සතු බව අනුරාධපුරේ රංජිත් විලච්චිය වෙද මහතා සඳහන් කරයි.

ඖෂධය සඳහා තමනට කිසිදු මුදලක් අවශ්‍ය නැති බවත්, කොරෝනා යනු ලෙඩක් නොවන බවත් ඔහු පවසයි.

ආයුර්වේද ඇමති තමන්ව හෝටලයකට කැඳවා අදාළ පුස්කොළ පොතේ වට්ටෝරුය ඉල්ලා සිටි බවත් තමන් බොරු පොත් ටිකක් දී මගහැරී බවත් ඔහු කියා සිටියේය.

ඉන් පසු නැවත දුරකථනයෙන් තමනට අමතා එම වට්ටෝරුව ඉල්ලා සිටි බවත් ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක දී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

https://www.youtube.com/watch?v=R73iBksBEGQ

+++++++++++++++

දේශීය වෛද්‍ය ක්‍රමෝපායන් ගෙන් කෙරෝනාව තුරන්කල හැකිද? – ‘ආරෝග්‍යා පරමා ලබා’ පලමු සාකච්ඡාව (03.09.2021)

++++++++++++++++++

ආයුර්වේද වෛද්‍ය විශේෂඥයාගේ ලොව පුරා කොවිඩ් නසන ප්‍රතිශක්ති වර්ධක ඔසුව (03.09.2021)

https://www.youtube.com/watch?v=hxp4KNGZtQI

Consultant Surgeon (Ayu) Ahamed Shahan Ajmeer
Signature Ayurveda Research Institute
No. 12, Gangadara Mawatha,
Templers Road,
Mount Lavinia,
Sri Lanka

Contact no : 011 273 7777
Email : info@xtrimune.com

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(05.09.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ හෙට (06) පැවැත්වෙන විවාදයේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව ජාතික ජනබලවේගය පවසනවා.

හෙට (06) උදෑසන 10:30 සිට පස්වරු 04:30 දක්වා මෙම විවාදය පැවැත්වෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ තමන් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි.

******************************************

(05.09.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සුපිරි වෙළඳසැලක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයින් 09 දෙනෙකුට තුවාල සිදුකළ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් නවසීලන්ත රජය තවත් තොරතුරු අනාවරණය කර තිබෙනවා.

මෙම පුද්ගලයා 2011 වසරේදී නවසීලන්තයට පැමිණ ඇත්තේ ශිෂ්‍ය වීසා මත බවටයි එරට රජය ප්‍රකාශ කළේ.

‘මොහොමඩ් සම්සුදීන් ආදිල්’ නමැති මෙම පුද්ගලයා වංචනික ලෙස නවසීලන්තයට පැමිණ ඇති බැවින් මොහු පිටුවහල් කිරීමට එරට බලධාරීන් කටයුතු කරමින් සිට තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වංචාව සම්බන්ධයෙන් මොහු සිරදඬුවම් පවා විඳ ඇති අතර මේ හේතුවෙන් මොහු පිටුවහල් කිරීමේ ක්‍රියාවලියට ද බාධා එල්ල වී තිබූ බවයි නවසීලන්ත රජය ප්‍රකාශ කළේ.

නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි නිව් ලින් ප්‍රදේශයේ පිහිටි ලින් මෝල් නැමති සුපිරි වෙළඳ සංකීර්ණය ඇතුලු වූ මොහු තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් 9 දෙනෙකුට තුවාල සිදුකර තිබුණේ පෙරේදා (03) දිනයේයි.

මෙම සිද්ධියෙන් පසුව ප්‍රහාරය එල්ල කළ ශ්‍රී ලාංකිකයා පොලිස් වෙඩි පහරින් මිය ගියා.

කෙසේ වෙතත් සිද්ධියෙන් තුවාල ලැබු දෙදෙනෙකු (2) මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත සංශෝධනය කිරීම සහ සංක්‍රමණ නීති තවදුරටත් දැඩි කිරීමට තීරණය කර ඇති අතර, හෙට (06) පැවැත්වෙන නවසිලන්ත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති.

මේ අතර මෙම සිද්ධියෙන් පසු නවසීලන්තයේ සුපිරි වෙළඳසැල් තුළ තියුණු ආයුධ අලෙවියට සීමා පැනවීමට තීරණය කර තිබෙනවා.

සිද්ධිය සිදුවූ කවුන්ට් ඩවුන් නමැති සුපිරි වෙළඳසැල් ජාලය ප්‍රකාශ කළේ සිය වෙළඳසැල් වලින් පිහි සහ කතුරු ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

දැනටමත් ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල් ජාල කිහිපයක්ම මෙලෙස තියුණු ආයුධ එම වෙළඳසැල් තුළින් ඉවත් කර ඇති බව දැනුම් දී ඇති බවද ඔවුන් කියා සිටියා.

අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් විමසා ඒවා ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා ෴

******************************************

(05.09.2021 – 22:08 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිල භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ ‘වේලුපිල්ලේ කුමාර් පංචරත්නම්’ හෙවත් ‘ජෝර්ජ් මාස්ටර්’ කිලිනොච්චියේ පිහිටි සිය නිවසේ දී මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 85 වන වියේ පසු වුණා.

******************************************

මිලින්ද මොරගොඩගේ බලතල පිලිගන්න ඉන්දියාව බෑ කියලා..?

(05.09.2021 – 22:22 +0530 – lankacnews.com)

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා පත්කරන ලද මිලින්ද මොරගොඩ ගේ විශේෂ බලතල පිළිගැනීම ඉන්දීය මධ්‍යම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කරයි.

මිලින්ද මොරගොඩ ඉන්දීය මහ කොමසාරිස් ධූරයට පත්කර ඇත්තේ ‘අමාත්‍ය වරයෙකු සතු බලතල සහිතව’ බව ද එම වාර්තාවන්හි සඳහන් වේ.

මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මිලින්ද මොරගොඩගේ එකී බලතල පිළිගන්නා ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා තිබුණද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය එය ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තාවල දැක්වෙයි.

ඒ අනුව අදාළ වගන්ති ඉවත් කර නව ලිපිගොනුවක් එවන ලෙසත් එය ඉන්දීය රජය වෙත යොමු කළ හැකි බව ද දැනුම් දී ඇතැයිද සඳහන්ය.

මෙම තත්ත්වය මත මහ මහකොමසාරිස් ධුරයේ අක්ත පත‍්‍ර මිලින්ද මොරගොඩ මෙතෙක් භාර දී නැති බවත් වාර්තාවන් තව දුරටත් කියා සිටී.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කරන ලද මිලින්ද මොරගොඩ සිය රාජකාරි ආරම්භ කිරීම නව දිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දී පසුගිය 30 වැනිදා සිදු කර තිබිණි ෴

******************************************

අපනයන කරුවන් ඩොලර් දී රුපියල් නොගනිති.. ඩොලර් බිලියන 02 ක් එම ගිණුම්වල.. විනිමය අර්බුදය උඩුදුවයි…

(05.09.2021 – 13:20 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සඳහා අපනයනකරුවන් විසින් උපයා ගන්නා ලද ඩොලර් බිලියන 2 ක පමණ ආදායමක් රුපියල් බවට පරිවර්තනය නොකිරීමෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ එම මුදල රුපියල් බවට පරිවර්තනය නොකිරීම නිසා පවතින ආර්ථික අර්බුදයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

එම ඩොලර් ආදායම අපනයනකරුවන්ගේ ගිණුම්වලට ලැබී ඇති බවට තහවුරු වී ඇති අතර ඒවා රුපියල් බවට පත් නොකිරීම බරපතළ ගැටලුවක් බවද අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබඳව ආණ්ඩුවේ මූල්‍ය අංශ බලධාරීන් නිහඬව සිටීම විමතියට කරුණක් බවත් ඔහු කියා සිටියේය.

අපනයනකරුවන් දිරිගැන්වීම සඳහා දැනටමත් රජය විසින් විශාල බදු සහන පිරිනමා ඇති බවත් ලාභය මත අය කරන 28% ක් වූ බද්ද අපනයනකරුවන් ගෙන් අය කරන්නේ 14% ක් බවත් ඔහු පෙන්ව දෙයි.

එවන් සහන ලබා දෙමින් තිබියදී රටට ලැබිය යුතු මුදල් නිසි ලෙස සම්පාදනය නොකිරීම ගැන දැඩි පියවරක් ගැනීමට සිදුවනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය ෴

******************************************

වරාය අධිකාරිය සතු රුපියල් කෝටි සිය ගණනක් වටිනා ඉඩම් අක්කර 13 ක් චීනයට..

(05.09.2021 – 11:20 +0530 – lankacnews.com)

වරාය අධිකාරිය සතු රුපියල් කෝටි සිය ගණනක් වටිනා ඉඩම් අක්කර 13 ක් සේවා සැපයුම් මධ්‍යස්ථානයක් (ගුදම් සංකීර්ණයක්) පිහිටුවීම සඳහා විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව චීන සමාගමකට පැවරීමට තීන්දු කිරීම බරපතළ වංචා සහගත කටයුත්තක් බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා කීය.

කොළඹ පෝට්සිටි ඉඩම් සංකීර්ණයටත් වඩා වාණිජ වටිනාකමක් ඇති මෙම ඉඩම අදාළ චීන සමාගමට පැවරීමට යන්නේ අක්කරයක් වසරකට රුපියල් අට ලක්ෂ පනස් දහසක් වැනි සොච්චම් මුදලකටය. තමන්ගේ දැනීමේ හැටියට මෙම ප්‍රදේශයේ පර්චසයක වටිනාකම රුපියල් කෝටි 30 ඉක්මවා ඇතැයිද ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

වසර 2005 දී ටෝකියෝ සිමෙන්ති සමාගමට මේ ආකාරයටම වරායේ ඉඩමක් පවරා දී ඇති අතර එහි අක්කර 1 යි පර්චස් 11 ක් වෙනුවෙන් අදාළ සමාගම එදා ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 30 කි. එය රුපියල් අට ලක්ෂ පනස් දහස දක්වා අද වන විට අඩුවීම මෙම වංචනික ගනුදෙනුවේ ස්වභාවය පෙන්වා දෙන බවද නිරෝෂන් ගොරකානගේ මහතා සඳහන් කළේය.

මෙලෙස වරාය සතු ඉඩමක් කුණුකොල්ලයට විදේශ සමාගමකට පැවරීමෙන් වරාය සේවකයන් 650 කගේ පමණ රැකියා අවදානමට ලක්වන බව ඔහු කීය.

රජයේ ප්‍රධාන තක්සේරුකරුගෙන් විධිමත් තක්සේරු වාර්තාවක් පවා ලබා නොගෙන අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වා මෙම ව්‍යාපෘතිය අනුමත කරගෙන ඇති බව ප්‍රකාශ කළ හෙතෙම තිස් පස් (35) වසරක් සඳහා මෙම ඉඩම බදු දීමෙන් ලැබෙන රුපියල් කෝටි 280 ක මුදල එම පරිශ්‍රයේ දැනට කෙරෙන සේවාවලින් වසරක් තුළ උපයන බවද පැවසුවේය. ඒ නිසා මෙම වංචනික ගනුදෙනුව වැළැක්වීම පිණිස ඉදිරියේදී වරායේ සියලු වෘත්තීය සංගම් එක්ව දැඩි සටනක් දියත් කරන බවද ඔහු අවසන් වශයෙන් අවධාරණය කළේය.

දේශය පුවත්පතෙන්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *