පැරණි රියදුරු බලපත්‍රවල තොරතුරු පරිඝණක ගත කිරිම කඩිනමින්

පැරණි රියදුරු බලපත්‍රවල තොරතුරු පරිඝණක ගත කිරිම කඩිනමින්

*********************************************

පැරණි රියදුරු බලපත්‍රවල තොරතුරු පරිඝණක ගත කිරිම කඩිනමින්

(29.08.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

පැරණි රියදුරු බලපත්‍ර වලට අදාලව දැනට සුරක්ෂිතව පවතින ලෙජර් පොත්වල සටහන් කර ඇති තොරතුරු පරිඝණක පද්ධති වලට එක් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් අනතුරුව දැනට කාණ්ඩ කිහිපයක් යටතේ පවතින රියදුරු බලපත්‍ර සියල්ල එක් කාණ්ඩයකට අයත් වලංගු බලපත්‍ර බවට පත් කිරීමට පියවර ගන්නා බවයි.

2009 වසරේදී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිඝණක පද්ධතිය ස්ථාපිත කිරීමට පෙර නිකුත් කර ඇති රියදුරු බලපත්‍ර වල තොරතුරු එම පරිඝණක පද්ධතියේ නොමැතිවීම හේතුවෙන් ගැටලු රැසක් හටගෙන තිබෙනවා.

ඒ පැරණි රියදුරු බලපත්‍රයක් අස්ථානගත වූ ඇතැම් පුද්ගලයන්ට නැවත එය සකසා ගැනීමට අවශ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුව සතුව නොමැති වීම හේතුවෙන්.

ඊට හේතු වී ඇත්තේ 2009 ට පෙර නිකුත් කර ඇති පැරණි රියදුරු බලපත්‍රවල තොරතුරු සටහන් කර ඇති ලෙජර් පොත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරය තුලදී මීයන් සහ වේයන් විසින් විනාශ කර තිබීමයි.

ඉතා පැරණි ලෙජර් පොත් දිරාපත් වී යාම හේතුවෙන්ද පැරණි රියදුරු බලපත්‍ර වල තොරතුරු සොයා ගැනීම දුෂ්කර වී තිබෙනවා.

ඒ අනුව, එලෙස තොරතුරු සොයා ගත නොහැකි පැරණි රියදුරු බලපත්‍රයක් අස්ථානගතවූ අයෙකුට සිදුවන්නේ නැවත නව රියදුරු බලපත්‍රයක් සකසා ගැනීමයි.

කෙසේ වෙතත් පරිඝණක පද්ධතියට තොරතුරු එක් කිරීම සඳහා ලේඛනාගාරයේ තවදුරටත් සුරක්ෂිතව පවතින ලෙජර් පොත් වෙන් කර ගෙන ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

******************************************

(29.08.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය සංගුපිට්ටි පාලම අසල කලපුවේ තිබී අත් පා ගැට ගැසූ පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පුනරින් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදා කිමිදුම් නිලධාරීන් යොදවා මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ සිරුර ගොඩගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවක් අනාවරණ වී නොමැති අතර සිරුර කිලිනොච්චිය රෝහලට යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුනරින් පොලිසියයි පරීක්ෂණ සිදුකරන්නේ.

මේ අතර නුවරඑළිය බොරලන්ද ප්‍රදේශයේ පිහිටි ජල ටැංකියක තිබී ඊයේ (28) සවස පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ හාවාඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි අයෙක්.

මරණයට හේතුවක් අනාවරණ වී නොමැති අතර සිරුර නුවරඑළිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

නුවරඑළිය පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

******************************************

(29.08.2021 – 9:09 +0530 – hirunews.lk/sinhala)

පනාමුර කටුවන මාර්ගයේ ගමකන්ද ප්‍රදේශයේදී ජේ.සී.බී. යන්ත්‍රයක (බැකෝ) ගැටීමෙන් 12 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (28) සවස කටුවන දෙසට ධාවනය වූ ගල් පැටවූ ලොරියක් කන්දක් සහිත ස්ථානයකදී ජේ.සී.බී. යන්ත්‍රයකින් තල්ලු කර ඇති අතර එහිදී මෙම ළමයා ලොරියට නැගීමට උත්සාහ කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව ඔහු ජේ.සී.බී. යන්ත්‍රයේ ඉදිරිපස රෝදයේ ගැටීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.

පසුව මෙම ළමයා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

මියගොස් ඇත්තේ දඩයම්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ළමයෙක්.

අනතුරට අදාළව ජේ.සී.බී. යන්ත්‍රයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර පනාමුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

******************************************

(29.08.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදී වන අලි පහරදිමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වි තිබෙනවා.

මෙම පුද්ගලයා මත්පැන් පානය කර මාර්ගයේ යමින් සිටියදි මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (28) අලුයම් කාලයේ වන අලි ප්‍රහාරයකින් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කණ්ඩලම ප්‍රදේශයේම පදිංචි 67 හැවිරිදි අයෙක් ෴

(29.08.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – උහන ප්‍රදේශයේ ගම්මානවලට වන අලි පැමිණිම හේතුවෙන් තමන් දැඩි අවදානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් සඳහන් කළේ ගත වූ දින දෙක තුල ගම්මාන වෙත පැමිණි වන අලින් නිවාස 5 කට හානි සිදු කර ඇති බවයි.

ගෝනුගල, බණ්ඩාරදූව සහ නවගිරියාව යන ගම්මාන වල මෙලෙස වන අලින්ගේ තර්ජනයට මුහුණ දෙන්නේ එම ප්‍රදේශ වල දුෂ්කරතා රැසක් මධ්‍යයේ වගා කටයුතු සිදු කරමින් ජීවත් වන ගොවි ජනතාවයි.

නිසි ලෙස ක්‍රියා කරන විධිමත් අලි වැටක් සකසා ගැටලුව විසඳිමට කටයුතු කරන ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴

******************************************

(29.08.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉදිකිරීමට සැලසුම් කර ඇති ශරීර සුවතා මංතීරුව ඉදිකිරිම සම්බන්ධයෙන් යළි සලකා බැලීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා පවසනවා.

මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ අකමැත්ත මත ඉදිකිරීම් සිදුනොකරන බවයි පොළොන්නරුවේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ද එක්වුණා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(29.08.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන අද (29) දිනයේදී ද දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වනවා.

එසේම ආර්ථක මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් අද (29) දිනයේදී ද විවෘතව තැබීමට නියමිතයි.

මේ අතර ඊයේත් (28) කොරෝනා මරණ 212 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ අතර, ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8500 ඉක්මවුවා.

අගෝස්තු 27 වනදා සිදුවූ කොරෝනා මරණ 212 ක් ඊයේ (28) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කල අතර ඒ අනුව මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 8583 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (28) තවත් කොරෝනා ආසාදිතයින් 4596 දෙනෙකු හඳුනා ගැනුණු බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 14 දෙනෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුලු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,21,557 ක් දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා ආසාදිතයන් 2203 දෙනෙකු ඊයේ (28) සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

එමෙන්ම, කොළඹ නගරය තුල සියයට සියයක් පැතිර යන්නේ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබුණා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ද ඇල්ෆා ප්‍රභේදය අභිබවා ඩෙල්ටා ප්‍රභේදය පැතිර යමින් පවතින බව ඊට අදාළ පරීක්ෂණ වාර්තාවේ සඳහන්.

මේ අතර කොරෝනා වෛරසයේ අලුතින් නිර්මාණය වන ප්‍රභේද පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++

(29.08.2021 – 10:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 1,88,052 කට ඊයේ (28) දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 14,207 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 131,544 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 4528 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 679 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ (28) 36,261 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ෆයිසර් එන්නතේ දෙවන (2) මාත්‍රාවද 796 කට ලබාදී තිබෙනවා.

+++++++++++++++++++

(29.08.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට දිවයිනේ කොරෝනා එන්නත්කරන වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම (2) ලබා දුන් ජනගහනය මිලියන 7 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව, ඔක්තෝබර් මැද භාගය වනවිට ජනගහනයෙන් සියයට 60 කට කොරෝනා එන්නත් ලබා දිමේ ඉලක්කය කරා ළගා විමට හැකි වනු ඇති බවයි. එමගින් රට යළි විවෘත කිරිම පිළිබඳව අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.

එමෙන්ම, හික්කඩුව ප්‍රදේශයේදි කාඩ්පතෙහි එන්නත් කළ බවට සලකුණු කර එන්නත් ලබා නොදුන් බවට චෝදනා එල්ල වු සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශණයක් සිදු කළ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියා.

එහිදි එන්නත් ලබා ගැනිමට ප්‍රමුඛත්වය අපේක්ෂා කළ කණ්ඩායමක් සහ තවත් කණ්ඩායමක් අතර, උණුසුම් තත්ත්වයක් ඇති වි තිබෙන බව හෙළි වි තිබෙනවා. විශාල ගැටුමක් ඇති විම වැළැක්විමට එන්නත්කරණය තවකාලිකව අත්හිටුවිමට බළධාරින් පියවර ගත්තා.

එම තත්ත්වය හමුවේ කාඩ් පත් සලකුණු කළ ඇතැමුන්ට එන්නත් ලබා දිමට නොහැකි වි ඇති බව අනාවරණය වි ඇති කරුණක්.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 1,88,052 කට ඊයේ (28) දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 14,207 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 1,31,544 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 4528 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 679 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ (28) 36,261 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ෆයිසර් එන්නතේ දෙවන (2) මාත්‍රාවද 796 කට ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++++

(29.08.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

මෙරට පැතිර යන්නේ සුපර් ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය දැයි සොයන පරික්ෂණ වාර්තාව සතියකින් නිකුත් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පරික්ෂණ කණ්ඩායම පවසනවා.

එහි ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ සිදු කළ පරික්ෂණ වාර්තාවක් ඊයේ (28) එළි දැක්වු අතර, එහි සඳහන් වුයේ කොළඹ නගරයේ සියයට සියයක (100%) ප්‍රතිශතයක්ම පැතිර යන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවයි.

එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශ වල ඇල්ෆා ප්‍රභේදය දුර්වල කරමින් ඩෙල්ටා ප්‍රභේදය පැතිර යම්න් පවතින බව ද අදාළ පරික්ෂණ වාර්තාව අනාවරණය කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසිමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කළේ පැතිර යන සිඝ්‍රතාව නිරික්ෂණය කරන විට එය ශ්‍රී ලංකාව තුළදි වෙනස් වු ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් ද යන්න පිළිබඳ සැක මතු වන බවයි.

ඒ අනුවයි එය නිශ්චිතව හදුනා ගැනිම සඳහා ජයවර්ධන පුර සරසවිය මගින් මෙම පරික්ෂණය ආරම්භ කරනු ලැබුවේ.

මේ අතර, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වුවන් රෝහල් ගත කිරිමේ අවශ්‍යතාව, ඇල්ෆා ප්‍රභේදයට අපේක්ෂව දෙගුණයක් (2) පමණ වන බව බ්‍රිතාන්‍යයේ සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

කෙසේ නමුත්, මෙලෙස රෝහල් ගත කළ පුද්ගලයන්ගෙන් බහුතරයක් කොරෝනා එන්නත් නොලැබු අය බව සඳහන්.

(29.08.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

ගතවූ සතියක කාලය තුල කොරෝනා ආසාදිත මරණ 1,217 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව එම සතියේ වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 29,151 ක්.

ගතවූ සතියේ වාර්තා වූ එම මරණ 1217 අතරින් 928 ක්ම වයස අවුරුදු 60 ඉක්මවූවන්. එය ප්‍රතිශතයක් ලෙස 76% කට අධිකයි.

අවසන් වරට පසුගිය 27 වැනිදා සිදුවූ කොරෝනා මරණ 212 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (28) තහවුරු කළා. ඒ අතරින් ද මරණ අතරින් 173 ක්ම අවුරුදු 60 ඉක්මවූවන්.

ඊට අමතර අවුරුදු 30 ත් – 59 ත් අතර පුද්ගලයින් 37 දෙනෙකු හා අවුරුදු 30 ට අඩු දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 8,583 ක් ලෙසයි.

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 4596 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 14 ක් විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින්.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,21,557 ක් දක්වා ඉහළ ගියා.

දඹාන ආදිවාසී ගම්මානයේ ආදිවාසී නායකයාගේ පවුලේ සාමාජිකයන් ඇතුලු ගමිමානය අවට 44 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ ඊයේ (28) සිදුකළ කොරෝනා පරීක්ෂණ වලදීයි. ආදිවාසී නායකයාගේ බිරිඳ හා සහෝදරයෙකු ද ඒ අතර සිටින බව සඳහන් ෴

ඒ ඊයේ (28) සිදුකළ කොරෝනා පරීක්ෂණ වලදීයි. ආදිවාසී නායකයාගේ බිරිඳ හා සහෝදරයෙකු ද ඒ අතර සිටින බව සඳහන්.

මේ අතර නිවෙස් ගතව කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමවේදය යටතේ පුද්ගලයින් 41,826 කට ප්‍රතිකාර ලබා දී ඇති බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියා.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබුණ ද අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු සඳහා නිවසෙන් බැහැරව යන පුද්ගලයින් වඩාත් සැළකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *