පොළොන්නරුව – මැදිරිගිරිය විනාශ වෙමින් පවතින ව්‍යාපෘතිය

පොළොන්නරුව – මැදිරිගිරිය විනාශ වෙමින් පවතින ව්‍යාපෘතිය

*********************************************

පොළොන්නරුව – මැදිරිගිරිය විනාශ වෙමින් පවතින ව්‍යාපෘතිය

(28.08.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – මැදිරිගිරිය – බිසෝපුර ප්‍රදේශයේ පිහිටි මහවැලි අත්සලු පියස, මහවැලි විසිතුරු මත්ස්‍ය අලෙවිසල සහ මහවැලි මල් හා පැළ තවාන විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

2019 වසරේ දී එවකට පැවති යහපාලන රජය මඟින් මෙම ව්‍යාපෘතීන් ආරම්භ කරනු ලැබුවේ බිසෝපුර නව සංවර්ධන කලාපයේ ජනපද වාසීන්ගේ ව්‍යවසායකත්ව නංවාලීමේ අරමුණින්.

ඒ සඳහා වැය කළ මුදල රුපියල් 2,73,00,000.

ඉන් රුපියල් 1,23,00,000 වැය කරමින් ඉඳිකළ විසිතුරු මත්ස්‍ය අලෙවිසැලේ ජල ටැංකි සියල්ල පාසී බැදී විනාශ වෙමින් පවතින අතර එහි සෙවිලි කර තිබූ ආවරණය ද මේ වනවිට කැඩී ගොස් තිබෙනවා.

එමෙන්ම, පසුගිය වසරේ දී සෝමාවතී මහ සෑ රජුන් අබියස පැවති කඨින පිංකම සඳහා කඨින චීවරය නිර්මාණය කරන ලද මෙහි ඇති මහවැලි අත්සලු පියස ද වසරකට ආසන්න කාලයක් වැසී පවතින අතර, ඒ හේතුවෙන් එහි ඇති වටිනා භාණ්ඩ රැසක් මේ වනවිට විනාශ වී ඇති බවට යි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මහවැලි මල් හා පැළ තවාන ද නිසි නඩත්තුවක් නොමැති වීමෙන් මේ වනවිට වල් පැළවලින් පිරී තිබෙනවා.

වවා තිබූ මල්පැළ ද අධික උෂ්ණත්වය හේතුවෙන් මියගොස් ඇති බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කළා.

++++++++++++

******************************************

(28.08.2021 – 20:27 +0530 – hirunews.lk/sinhala)

කිසියම් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව අතිරේක දත්ත සංචිතයක් ගබඩා කර නොමැති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

එම අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවෙන්, දත්ත ගොනු මැකී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවේ දත්ත ගොනු මැකී යාමේ සිදුවීම පිළිබද හිරු ප්‍රවෘත්ති තුළින් අප පසුගියදා අනාවරණ කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවෙන් මේ වනවිට සම්පූර්ණයෙන් අතුරුදන්ව ඇත්තේ, ඖෂධ නියෝජිත ආයතන පිළිබඳ දත්ත, ඖෂධයක් ලියාපදිංචි කිරීමේ දත්ත, ඖෂධ නිෂ්පාදනාගාර පිළිබඳ දත්ත සහ ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර පිළිබඳ තොරතුරු ඇතුළත් ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11 ක පමණ ප්‍රමාණයක්.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවෙන් දත්ත අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාල දත්ත පද්ධතිය මෙහෙයවු පෞද්ගලික සමාගමට එරෙහිව නඩු පැවරිමට එම අධිකාරිය තීරණය කර තිබෙනවා.

+++++++++++++

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යයි – Epic Technology Group සමාගම නිසා ආයතන ගණනාවක දත්ත අනාරක්ෂිතයි

(28.08.2021 – colombotoday.com)

ඖෂධ ලියාපදිංචියට සහ බලපත්‍ර ලබා ගැනීමට ඖෂධ සමාගම් විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) ඉදිරිපත් කළ අයදුම්පත් වලට අදාළ තොරතුරු Lanka Government Cloud (LGC) වෙතින් මැකී ගොස් ඇති බව වාර්තා වෙනවා.

මෑතකදී ඖෂධ නියාමන අධිකාරියට (NMRA) විසින් හඳුන්වා දුන් ඩිජිටල් පද්ධතියක් හරහා ඖෂධ සමාගම් නව ලියාපදිංචි කිරීම හෝ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීම සිදුකෙරිණි. ඒ අනුව සමාගම් අයදුම්පත් සහ අයදුම්පත්වලට අදාළ අනෙකුත් ලියකියවිලි වල ලිපි ගොනු ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් මේ වනවිට එම සියලු තොරතුරු කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මකා දමා හෝ මකීගොස් ඇත.

සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව දැනගන්න ඇති අතර මෙම තත්වය නිරාකරණය නොකළහොත් මාස කිහිපයකින් ඖෂධ හිඟයක් ඇති වේ යැයි ඖෂධ සමාගම් අනුමාන කර සිටියි.

මෙම සිද්ධිය සිදු වූයේ කෙසේද යන්න තවමත් පැහැදිලි වී නැති අතර ඒ පිළිබඳව සඳහන් කරමින් ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) නිලධාරීන් දැන් ඩිජිටල් අයදුම්පත් භාර ගැනීම සිදු නොකරන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනතාවගේ මුදල් ගෙවා තිබියදී වගකීම පැහැර හැරී Epic Technology Group ?

ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ඩිජිටල්කරණ ව්‍යාපෘතිය පසුගිය රජය යටතේ ක්‍රියාත්මක කරන ලද්දේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (Information and Communication Technology Agency – ICTA) සමඟ සහයෝගයෙන් පෞද්ගලික අංශයේ සමාගමක් වන එපික් ටෙක්නොලොජි සමූහය (Epic Technology Group) යි. සේවා සපයන්නා වශයෙන් Epic Technology Group තෝරා ගෙන ඇත්තේ ටෙන්ඩර් පටිපාටියකින් පසුව බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

තොරතුරු සංරක්ෂණය (backup) මෙම කොන්ත්‍රාත්තුවේම කොටසක් වන නමුත් Epic Technology Group සමාගම එය සිදුකර ඇති බවට තවමත් සඳහන් වන්නේ නැත.

ඖෂධ සමාගම්වල රහස් තොරතුරු පිටවීමේ අවධානමක්

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කරන සමාගම් විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු වෙනත් පාර්ශවයක් අතට ගැනීමේ අරමුණක් මේ සිද්ධිය පිටුපස තිබේනම් සමාගම් ගණනාවකට අනතුරුදායක තත්වයකට මුහුණ දීමට සිදුවෙනු ඇත. දේශීය ඖෂධ සමාගම් ඔවුන්ගේ විදේශීය ඖෂධ සමාගම් සමඟ ඇති ව්‍යාපාරික සබඳතා පිටස්තර පුද්ගලයන් අතට පත්වීමෙන් ව්‍යාපාරික රහස් පිටවීමේ අවධානම මේ වන විට දැඩි වී ඇත.

ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කර තිබූ ලියකියවිලි අතර නිෂ්පාදකයා විසින් ඖෂධ සකස් කරන ආකාරය ඇතුලත් ඉතා රහසිගත ලිපි ගොනු ද තිබී ඇත. එම දත්ත වැරදි පුද්ගලයන් අතට පත් වුවහොත් විදේශීය නිෂ්පාදකයින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සමාගම් වෙත ලිපි ගොනු ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ හැකි අතර ඒ හේතුව මත සෞඛ්‍ය සේවා සඳහා ඖෂධ අපට නොලැබෙනු ඇත.

කෙසේ වෙතත් තවමත් ලිපිගොනු සොරා ගත් බවට කිසිදු හෝඩුවාවක් නොමැත.

Epic Technology Group සමාගමට චෝදානා

මේ සිදුවීම සම්බන්ධයෙන් සම්පුර්ණ වගකීම Epic Technology Group සමාගම සතු බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. ජනතා මුදල් වැයකර, කරන්නට යෙදුන ඖෂධ ලියාපදිංචිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව ඖෂධ නියාමන අධිකාරිය (NMRA) වෙතින් ලබා ගත් සමාගම ලෙස අදාළ කොන්ත්‍රාත්තුවට අනුව තොරතුරු බැකප් කිරීම සහ පවත්වාගෙන යාමේ වගකීම ඇත්තේ Epic සමාගමට බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“NMRA සහ එපික් ලංකා සමාගම අතර ඇති ගිවිසුමට අනුව, තාක්ෂණික සේවා සැපයීමට සමාගම ගිවිසුම්ගතව බැඳී සිටී. ආපදාවකදී, අනතුරකදී දත්ත ආරක්ෂා වීම සඳහා ප්‍රාථමික සිට ද්විතීයික ස්ථානයකට පිටපත් කිරීම කලයුතුය.” විතානගේ මහතා පැවසීය.

“සිදු වී ඇත්තේ ඉතා බරපතල තත්වයකි, මෙම දත්ත හිතාමතාම මකා දැමූ බවට බරපතල සැකයක් සමාජය තුල ඇත. තාක්‍ෂණ සේවා සැපයුම්කරු ලෙස Epic Technology Group මෙහි සම්පුර්ණ වගකීම බාරගත යුතුය.” විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Epic Technology Group ආයතනයෙන් සේවා ලබා ගත් බැංකු ඇතුළු රාජ්‍ය, පෞද්ගලික ආයතන අනතුරේ..

මෙම තත්වය සලකා බැලීමේදී Epic Technology Group සමාගමෙන් සේවා ලබාගෙන ඇති අනෙකුත් රාජ්‍ය ආයතනයන්හී දත්ත පද්ධතිවලටද මෙම තත්වය උදවිය හැකි බැවින් දත්ත ආරක්ෂා කිරීම සඳහා පියවර ගන්නා ලෙසත් වහා මෙම සමාගමට ලබා දී ඇති කොන්ත්‍රාත් අවලංගු කර විශ්වසනීය ලෙස සේවා සපයන ආයතනයකින් සේවා ලබා ගැනීම සඳහා තෝරා ගන්නා ලෙසත් විතානගේ මහතා ඉල්ලා සිටියි.

Epic Technology Group ආයතනය

Epic Technology Group සමාගමේ සභාපති වන්නේ නයන දෙහිගම මහතා වන අතර විරාජ් මුදලිගේ මහතා Epic Technology Group කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබයි.

මෙම සමාගම මගින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විශාල සංඛ්‍යාවකට සේවා සපයනු ලබයි ෴

******************************************

(28.08.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයට නිර්මාණය කර සමාජ මාධ්‍යයට යොමුකරන බවට තර්ජනය කරමින් කප්පම් ලබා ගැනීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි යි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අවුරුදු 20 ත් 23 ත් අතර වයස්වල පසුවන ඔවුන් පොළොන්නරුව සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මොවුන් ෆේස්බුක් ඔස්සේ කාන්තාවන්ට තර්ජනය කර මෙලෙස මුදල් ලබා ගැනීම් සිදුකරන බව මූලික පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(28.08.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් (1,00,000) අද හිමි වූ බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ජූලි මස 16 වනදා පරිත්‍යාග කළ මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.5 ට අමතර ව, මෙම ෆයිසර් එන්නත් මෙරටට පරිත්‍යාග කළ බවයි.

කොවැක්ස් පහසුකම යටතේ මේ වනවිට රටවල් 138 කට එන්නත් මිලියන 209 ක් ඇමෙරිකාව විසින් පරිත්‍යාග කර තිබෙනවා.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිලින්ජර් මිලියන 2 ක් ශ්‍රී ලංකාවට අදියර දෙකක් (2) යටතේ පරිත්‍යාග කර තිබෙනවා.

එහි අවසන් කොටස ඊයේ (27) පස්වරුවේ මෙරටට ලබාදුන් බව මෙරට පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා ෴

නිර්දේශ ලැබී ඇති බැවින් නොවැම්බර් හා දෙසැම්බර් වනවිට බරපතල රෝගී තත්වයේ පසු වන්නන්ට කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාවක් ලබා දීමට නියමිත යි ෴

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් රෝහල්ගත වීමේ අවශ්‍යතාව ඇල්ෆා ප්‍රභේදය ආසාදනය වූවන්ට සාපේක්ෂ ව දෙගුණයකින් (2) වැඩි බව එංගලන්තයේ නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

මේ බව හඳුනාගෙන ඇත්තේ, එරට කොරෝනා ආසාදිතයින් 14,338 දෙනෙකු යොදා ගෙන සිදුකළ පර්යේෂණයකින් අනතුරුව යි.

එහි දී අනාවරණ වී ඇත්තේ, කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නො ගත් පුද්ගලයින් වැඩි වශයෙන් ආසාදනයට ලක් වී ඇති බවයි.

ඒ අනුව, එන්නත් මාත්‍රා දෙක (2) ම ලබා ගැනීමෙන් කොරෝනා ආසාදිතයින්ගේ සංකූලතා අවම වන බව ද මෙහි දී තහවුරු වී තිබෙනවා ෴

කොරෝනා ආසාදිත වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 2,203 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 3,55,394 ක් ෴

++++++++++++++++++++

විදෙස්ගත වන පුද්ගලයින් හට එන්නතට අදාළ ‘විද්‍යුත් සහතිකයක්’

(28.08.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවීමට ජනතාව ලබා ගන්නා එන්නතට අදාළ විද්‍යුත් සහතිකයක් ලබාදීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත්, එම විද්‍යුත් සහතිකය ලබා දෙන්නේ විදෙස්ගත වන පුද්ගලයින් සඳහා පමණයි.

කොවිඩ්-19 වසංගතය ලොවපුරා ව්‍යාප්තවීමත් සමඟ ඉන් ආරක්ෂාවීම සඳහා පිළියම් සෙවීමට ලොවපුරා පර්යේෂකයින් දැඩි වෙහෙසක් දැරුවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ දමන එන්නත් ක්‍රියාවලියක් බිහිවූ අතර, මොඩර්නා , ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ෆයිසර් ආදී එන්නත් වර්ග රැසක් නිර්මාණය වූයේ ඒ අනුවයි.

කොවිඩ් වසංගතයට ගොදුරුවීමෙන් වැළකීම උදෙසා ජනතාව එන්නත්කරණයට ලක් කිරීම මේ වනවිට ගෝලීයව සිදුකෙරෙනවා.

කෙසේවෙතත්, බොහෝ රටවල් එන්නත් වර්ග කිහිපයකට පමණක් අනුමැතිය දීම හේතුවෙන් එම රටවල්වලට සංක්‍රමණය වන පිරිස් තමා ලබාගත් එන්නත පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට අවශ්‍ය තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වෙනත් රටවලට සංක්‍රමණය වන පුද්ගලයින්ට මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවනවා.

මෙරට දැනට සිදු කෙරෙන්නේ එන්නත් ලබාදීමේදී එම තොරතුරු සඳහන් කාඩ් පතක් නිකුත් කිරීමයි.

කෙසේවෙතත්, එන්නත්කරණයට අදාළ තොරතුරු සඳහන් විද්‍යුත් සහතිකයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට කටයුතු කර තිබෙනවා.

+++++++++++

+++++++++++++++++

(28.08.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

ලබන මස මුල් සතියේ තවත් එන්නත් මාත්‍රා මිලියන 4 ක් දිවයිනට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නිතීගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

++++++++++++++++++

වීසා ගාස්තු සහ දඩ මුදල් සංශෝධනය කෙරේ

(28.08.2021 – 16:21 +0530 – hirunews.lk/sinhala)

නව ආගමන හා විගමන රෙගුලාසි අනුව වීසා ගාස්තු සහ දඩ මුදල් සංශෝධනය කර ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව තුල වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටීමට වීසා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 500 ක් අය කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මාධ්‍ය නිවේදනය : පිටුව [ 01 ][ 02 ][ 03 ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *