නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ : සැප්තැම්බර් 06 අලුයම 4 දක්වා
*********************************************
නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ : සැප්තැම්බර් 06 අලුයම 4 දක්වා
(27.08.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් අද (27) උදෑසන පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේ දී දැනට පවතින නිරෝධායනඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 අලුයම 4 දක්වා තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටින්නේ නිරෝධායන ඇඳිරි නීති රෙගුලාසි ජනතාව හදවතින් නො පිළිපදින බවයි ෴
++++++++++++++++++
කොරෝනා වයිරසය තුළ සැඟවුනු බිල් ගේට්ස්ගේ කුමන්ත්‍රණ කථාව..
(27.08.2021 – 14:12 +0530 – lankaleadnews.com)
මේ වන විට ලෝකය පුරා කොවිඩ් වසංගතය සම්බන්ධ කතාව අළුත් තලයකට පැමිණ තිබේ. බිල් ගේට්ස් විසින් හිතා මතා නිර්මාණය කළ කෘත්‍රීම වයිරසයක් ලෙස මෙම කොරෝනා වයිරසය ලෝකයේ බොහෝ විද්වතුන් විසින් සලකන්නට පටන් ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළවෙන වීඩියෝවක් ‘ලංකා ලීඩ්’ පාඨකයන් වෙනුවෙන් මෙසේ පළ කරමු.
++++++++
කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක් බව හෙළිවේ – මහ මොලකරු බිල් ගේට්ස් ලු !
(27.11.2020 – aruna.lk)
++++++++++++++++++++++
කොවිඩ් ආසාදිතව සුව වූ තවත් පාසල් සිසුවෙකු නිදි පැදුරේම මිය යයි
(27.08.2021 – 09:02 +0530 – lankaleadnews.com)
කොවිඩ් ආසාදිතව සිට නිරෝධායන අවසන් කළ තවත් 18 හැවිරිදි පාසල් සිසුවෙක් අද (26) අලුයම ඉතා අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත පදිංචි, ජාපාලවත්ත ජනාධිපති විද්‍යාලයේ මෙවර අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දුමිඳු දේශාන්ත නම් සිසුවෙකි.
මියගිය සිසුවා ඇතුළු පවුලේ සියලුම දෙනා කොවිඩ් ආසාදිතව සිට ඇති අතර ඔවුන්ගේ නිරෝධායනය අවසන්ව සිට තිබේ.
අද (26) අළුයම 2 ට පමණ පියා අවදි වී තම ඇඳේ නිදා සිටින දරුවා අතගා ඇති අතර එහිදී ඔහු නින්දේ දීම මිය ගොස් ඇති බව දැනගෙන ඇත.
මෙම තරුණ සිසුවාගේ අවසන් කටයුතු අද (27) නිරෝධායන ක්‍රමවේදයට අනුව සිදුකිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴
++++++++++++++++++++++
කොතලාවල පනතට උද්ඝෝෂණ කළ සිසු නායකයන් තිදෙනකුට (3) කොරෝනා
(27.08.2021 – 08:53 +0530 – lankadeepa.lk)
කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප කෝවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම මෙම තිදෙනා (3) බදුල්ල තල්දෙන රැදවුම් මධ්‍යස්ථානයේ දී කළ පිසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ ෴
++++++++++++++++++
මං බටහිර වෛද්‍යවරයෙක් කියලා සංස්කෘතියට පිටුපාන්න අවශ්‍ය නෑ..
(24.08.2021 – facebook.com/webnews.lkofficial)
අපි පරණ බත් පිඟානට යමු.. එය අත්හදා බලලා අපිව විවේචනය කරන්න.
+++++++++++++++++++
සෞඛ්‍ය පද්ධතිය දැඩි කඩා වැටීමක.. තවත් සති 03 ක් රට වසන්නැයි විශේෂඥ වෛද්‍යවරුන් දන්වති…
(28.08.2021 – 00:02 +0530 – lankacnews.com)
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :
= මාධ්‍ය නිවේදනය =
රට වැසීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබීමට නම් ….
කොරෝනා වසංගතය පාලනය කිරීමේ ප්‍රධානම අවිය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට එය පැතිරීම වැළැක්වීම බව මුළු ලොව ම හොඳින් දන්නා කරුණකි. මේ සඳහා ප්‍රධාන වන්නේ පුද්ගලයන් එක්වීම සහ එකිනෙකා මුණ ගැසීම අවම කිරීමයි. මේ වසංගතයේ පාලනය සම්බන්ධයෙන් දැනට රජය ගෙන ඇති පියවර අප ඉතා අගය කරන අතර මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක වන සීඝ්‍රගාමී ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලද ඒ සඳහා මහඟු කාර්යයක් කරනු ඇත.
කෙසේ වුවද දැනට භාවිතා වන සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව ඉතා ලිහිල් සහ නොසැලකිලිමත් ලෙස හැසිරෙන ආකාරය දැකීම, රෝගය පැතිරීම උච්චතම වී ඇති මෙම අවස්ථාවේදී අප ඉතා දැඩි කනස්සල්ලට පත් කරන්නකි. රෝගය දැඩිව පැතිරීම වැලැක්වීම, දැඩි ලෙස රෝගාතුර වූ අයගේ සංඛ්‍යා අඩු කිරීම සහ මරණ සංඛ්‍යාව අඩු කිරීම යන අපගේ ඉලක්ක කරා යෑමට හා ආර්ථිකය නැංවීම යන බලාපොරොත්තු මෙවැනි ලිහිල් සංචරණ සීමා මගින් කෙසේවත් බලාපොරොත්තු විය නොහැක. මේ සඳහා අපගේ කාරුණික ආයාචනය නම් මීට වඩා දැඩි සංචරණ සීමා මගින් භෞතික ලෙස පුද්ගලයින් එකිනෙකා මුණ ගැසීම වැළැක්වීම සඳහා මහජනතාව ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවීමේ වැඩපිළිවෙලක් සඳහා ඔවුන් දැනුවත් කිරීම සහ පෙළඹවීම කළ යුතු බවයි. අප විසින් මින් පෙර ද පෙන්වා දුන් පරිදි ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේ ඉලක්ක කරා ළඟා වනතුරු මහජනතාව විසින් මෙය ට ඉතා දැඩි ලෙස අනුගත වීම අත්‍යවශ්‍යම කරුණකි.
දෛනික රෝගීන් ගණන මෙන්ම මරණ සංඛ්‍යාව අතින්ද අප රට ලෝකයේ ඉතාමත්ම ඉහළ සංඛ්‍යාවක් පෙන්නුම් කරන රටක් බවට පත්වීම ඉතාමත් අවාසනාවන්ත තත්වයක් ලෙස අපි දකිමු. අපගේ සෞඛ්‍ය පද්ධතිය ඉතාමත් දැඩි කඩාවැටීමකට පත්වෙමින් ඇති අතර ඔක්සිජන් අවශ්‍ය කරන රෝගීන් වැඩි වීම සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සැලකිය යුතු කොටසක් මෙම රෝගයේ ම ගොදුරක් බවට පත් වීම මෙයට ප්‍රධාන හේතු වේ.
අප රටේ දැනට පවතින තත්ත්වය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පත්කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් 26/08/2021 දින ඉදිරිපත් කරන ලද සවිස්තරාත්මක වාර්තාව අප අනුමත කරන අතර, අප තව දුරටත් අනෙකුත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් මෙන්ම ආර්ථික විශේෂඥයින් සමග ලෝකයේ අනිත් රටවල් හා සංසන්දනාත්මකව අපගේ වර්තමාන තත්ත්වය සාකච්ඡා කරන අතර, රටක් වශයෙන් අප රටේ සුවිශේෂිත ලක්ෂණ ගැනද මෙම සාකච්ඡාවලදී ප්‍රමුඛත්වය දීමට අප අමතක නොකරමු. මෙම සියල්ලන් යෝජනා කරන ප්‍රධාන කරුණක් නම් දැනට අප තාවකාලිකව මුහුණ දී සිටින ආර්ථික අපහසුතා වලින් මිදී රට නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමේ කර්තව්‍යයේදී මනුෂ්‍ය ජීවිත බේරාගැනීම සඳහා ප්‍රමුඛතාව දීම ඉතා වැදගත් වන බවයි.
මෙවැනි පසුබිමක් යටතේ අපගේ ප්‍රධාන ඉල්ලීම් වශයෙන් අප යෝජනා කරන්නේ –
- රෝගීන් සංඛ්‍යාව අඩු කිරීම මගින් සෞඛ්‍ය අංශ මත ඇති දැඩි බලපෑම් අඩුකිරීම.
- දිගුකාලීන වැඩපිළිවෙළක් මගින් රටේ ආර්ථිකය නැංවීමට කටයුතු කිරීම අවශ්‍ය බව සහ මේ සඳහා කෙටිකාලීන මාර්ග ගැන බලාපොරොත්තු නොතැබිය යුතු බව.
- අන්තර්ජාතික ප්‍රජාවේ පිළිගැනීම සහ අනුමැතිය අනුව රට නැවත විවෘත කිරීමට කටයුතු කිරීමේ වැදගත් බව.
ඒ සඳහා අපගේ කාරුණික ආයාචනය නම් රට තුළ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා, ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේ ඉලක්ක සපුරා ගන්නා තුරු තවදුරටත් ඉතා දැඩිව ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු අතර මෙමගින් අප බලාපොරොත්තු වන්නේ –
- කොරෝනා මරණ අඩු කිරීම මගින් ආර්ථිකයට වන පාඩු අවම කිරීම සහ එමගින් රට නැවත යථා තත්ත්වයට පත් කිරීමෙන් ආර්ථිකය නැවත ඉහළ නැංවීම
- ඉතා දැඩි අර්බුදයකට ලක් වී ඇති සෞඛ්‍ය සේවා, කොරෝනා රෝගීන් ට මෙන්ම අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යථා තත්වයට පත් කිරීම.
- අන්තර්ජාතික ප්‍රජාව මගින් සංචරණය සදහා ලබාදෙන ‘කොළ’ තත්ත්වය මෙම වසර අවසානයේදී හෝ ලබාගැනීමෙන් ආර්ථික සංවර්ධනය සඳහා ඇති හැකියාව මුදුන්පත් කර ගැනීම.
මෙයට අමතරව , ජනාධිපතිතුමා මෙන්ම රජයද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම අනෙකුත් විශේෂඥ සංවිධාන සමග නිරන්තරව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීම මෙහිදී ඉතා වැදගත් වන බව ද අපගේ හැඟීමයි.
අවසාන වශයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප මෙහිදී යලිත් ඉල්ලා සිටින්නේ දැනට රට මුහුණ පා ඇති මෙම දැඩි වසංගත අවස්ථාවේ දැනට පවත්නා සංචරණ සීමා ලිහිල් නොකර අඩු වශයෙන් තව සති තුනකට (3) හෝ එම සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත්, එයින් පසු රටේ වාතාවරණය සමාලෝචනය කිරීමෙන් පසු ආරක්ෂිත ලෙස රට විවෘත කිරීමට ඉදිරි පියවර ගත යුතු බවත්ය ෴
@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@
‘ලක්සල’ ප්‍රදර්ශනාගාරයක් ඇමෙරිකාවට
(27.08.2021 – 12:10 +0530 – lankadeepa.lk)
ඉතිහාසයේ ප්‍රථම වරට ‘ලක්සල’ අළෙවි ප්‍රදර්ශනාගාරයක් ඇමරිකා එක්සත් ජනපදයේ විවෘත කිරීම සඳහා වූ ව්‍යාපාරික ගිවිසුමකට අත්සන් තැබීම ‘ලක්සල’ ආයතනය හා ‘බූම් ලංකා බතික් ඇන්ඩ් ගිෆ්ට්ස් එල්.එල්.සී (සිලෝන් ගැලරි)’ වරලත් නියෝජිත ආයතනය අතර සිදුකෙරිණි.
මෙම ගිවිසුම අත්සන් තැබීම තුම්මුල්ල ‘ලක්සල’ ආයතනයේදී සිදුකෙරිණි.
කොවිඩ් වසංගත තත්වය සමඟ විදේශීය සංචාරකයින් මෙරටට නොපැමිණීම නිසා සියයට 90 කින් පමණ පහත වැටුණු ලක්සල අලෙවි ආදායම නව ව්‍යාපාරික සැලැස්මක් යටතේ පූර්ණය කර ගැනීම හා දේශීය නිෂ්පාදකයන්ට ශක්තිය සැපයීම මෙහි මූලික අරමුණ බව මෙම අවස්ථාවට එක්වෙමින් බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඇමරිකා එක්සත් ජනපදයේ ‘ෆ්ලොරිඩා’ ප්‍රාන්තයේ ආරම්භ කරනු ලබන එම වරලත් අලෙවිසැල මගින් ‘ලක්සල’ සන්නාමය යටතේ මෙරට පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ භාණ්ඩ බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි හා ශ්‍රී ලාංකීය තේ, කෝපි, කුළුබඩු, ආයුර්වේද නිෂ්පාදන, කාබනික ආහාර වර්ග හා දේශීය රූපලාවන්‍ය භාණ්ඩ ආදිය ප්‍රවර්ධනය කිරීමට නියමිතය.
මෙවැනි ‘ලක්සල’ අලෙවි ප්‍රදර්ශනාගාර 50 ක් ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත තුලද ස්ථාපිත කිරීමට සියළු කටයුතු සූදානම් කර අවසන් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව 2023 වසර අවසන් වීමට ප්‍රථම මෙවැනි වරලත් අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාර ජපානය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, කැනඩාව හා මැදපෙරදිග රටවල් තුළද විවෘත කිරීමට සැලසුම් කරමින් සිටින බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති, ලක්සල ආයතන සභාපති නීතීඳ ලක්මල් වික්‍රමආරච්චි යන මහත්වරුන් සහ සිලෝන් ගැලරි වරලත් නියෝජිත ආයතන සභාපති සුදර්මා වර්ණකුලසූරිය මෙනෙවිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
******************************************
ලොව විශාලතම මැණික ස්විට්සර්ලන්තයට
(27.08.2021 – 11:40 +0530 – lankadeepa.lk)
රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික බවට සැලකෙන ආරුනූල් මැණික (ආරුනූල් සමූහය) ස්විට්සර්ලන්තයට ආරක්ෂිතව රැගෙන ගිය බව මැණික් හා පතල් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.
මෙම ආරුනූල් මැණික සම්බන්ධයෙන් සහතිකයක් ලබාගැනීම සඳහා එය ස්විට්සර්ලන්තයට මෙසේ රැගෙන ගිය බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මැණික ස්විට්සර්ලන්තයේ මැණික් සම්බන්ධ පර්යේෂණාගාරයකදී පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් තත්ත්ව සහතිකයක් නිකුත් කෙරෙනු ඇත.
මැණික විදේශීය මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට කටයුතු සූදානම් කෙරෙන්නේ ඉන් පසුවය.
මැණික ස්විට්සර්ලන්තයට රැගෙන ගොස් ඇත්තේ කුරියර් භාණ්ඩ ප්‍රවාහන ක්‍රමය මාර්ගයෙනි.
මෙම මැණික චීන මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවත් මැණික සම්බන්ධයෙන් රටවල් ගණනාවකින් දැනටමත් විමසීම් කර ඇති බවත් ලොහාන් රත්වත්තේ මහතා කීවේය ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴