පොදු ජන පෙරමුණේ ලේකම් ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක කොටස්කරුවෙක්දැයි ජාතික සංවිධානවල සැක!

පොදු ජන පෙරමුණේ ලේකම් ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක කොටස්කරුවෙක්දැයි ජාතික සංවිධානවල සැක!

*********************************************

පොදු ජන පෙරමුණේ ලේකම් ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක කොටස්කරුවෙක්දැයි ජාතික සංවිධානවල සැක!

(24.08.2021 – 11:13 +0530 – lankaleadnews.com)

ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂ 11 ක් විසින් ජනාධිපතිවරයාගෙන් කරණු ලැබූ විවෘත ඉල්ලීමකට අදාලව එම පක්ෂ නියෝජනය කරන අමාත්‍යයවරුන් කිහිප දෙනෙකුට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා විසින් චෝදනා එල්ල කිරීම සම්බන්ධව ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

ඒ අනුව ‘ජාතික සංවිධාන එකමුතුවේ’ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බන්ඩාර මහතාගේ පිළිතුර වූයේ :

“කාර්යාල කාර්ය සේවකයෙකුට පක්ෂයක තනතුරක් දී පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරකුත් ප්‍රදානය කළ විට සිදුවන්නේ ‘රත්තරං මාලය දැමූ කටුස්සාට සිදුවූ දේ’ම තමයි.

මේ රට බරපතල අනතුරු වලට මුහුණ දී රට ආරාජික වී තිබුණු කාල වකවානුවලදී ඔහොම නමක් තියෙන පුද්ගලයෙක් සිටියාද කියාවත් අප දැන සිටියේ නැහැ. මැතිවරණ වේදිකාවේ මහජනයා අමතනවා අප අසා තිබුනෙත් නැහැ; දැක තිබුනෙත් නැහැ.

ඔහු දිගින් දිගටම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ට පහර දීම මගින් මහජනයා ඉදිරියේ ආණ්ඩුව සැහැල්ලුවට ලක්වෙනවා. අභ්‍යයන්තරයේ විසඳාගත යුතු ප්‍රශ්න මෙලෙස මාධ්‍යය ඉදිරියේ විසඳා ගැනීමට යාම මගින් තමාගේ ගොන් කම ප්‍රදර්ශනය කරනවා. ගොන් කම ප්‍රදර්ශනය කරනවාට අමතරව ඔහු ආණ්ඩු විරෝධී බලවේග වල අතකොළුවක් බවටත් පෙනී යාම සාධරණයි.

අග්‍රාමත්‍යය මහින්ද රාජපක්ෂ මහතා මොහුට වෙනත් වගකීමක් ලබා නොදුනහොත් 1976 දී ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට කළ හානියම මොහු විසින් මේ ආණ්ඩුවටද කිරීමට ඉඩ තිබෙනවා.”

+++++++++++

(24.08.2021 – 20:58 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් මණ්ඩලයේදී එකඟ වන කාරණා සම්බන්ධයෙන් ඉන් පිටතදී ඇතැම් පිරිස් මාධ්‍යයට පරස්පර අදහස් පළ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා ඊයේ (23) සිදුකළ ප්‍රකාශයත් සමඟ මේ වනවිට දේශපාලන වේදිකාව උණුසුම් වී තිබෙනවා.

අදත්, අමාත්‍ය ගාමිණි ලොකුගේ එම පිරිස් වෙත චෝදනා එල්ල කළා.

******************************************

තණමල්විල සුළු භූ කම්පනයක්

(24.08.2021 – 11:58 +0530 – sinhala.adaderana.lk)

තණමල්විල ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි.

රික්ටර් මාපකයේ ඒකක 2.00 ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බවද වාර්තා වේ.

අද (24) රාත්‍රී 09:20 පමණ මෙම භූ කම්පනය සිදු වී ඇත ෴

******************************************

(24.08.2021 – 19:00 +0530 – sinhala.adaderana.lk)

මොරගහකන්ද සහ කළුගඟ ජලාශ ඉදිකිරීම සඳහා යොදාගත් වාහන සහ යන්ත්‍රසූත්‍ර නිසිපරිදි කළමනාකරණය නොකිරීම නිසා මේ වනවිට දිරාපත්වෙමින් තිබේ.

මොරගහකන්ද වැඩබිම ආශ්‍රිතව එම යන්ත්‍රසූත්‍ර සහ වාහන ගාල්කර ඇත.

බස්රථ, ගිලන්රථ, කැබ්රථ, වෑන් රථ ටිපර් රථ මෙන්ම බැකෝ යන්ත්‍ර ආදීය ද ඉදිරිකිරීම් සඳහා යොදා ගන්නා විශාල යන්ත්‍රසූත්‍ර ද එහිදී දැකගත හැකිවිය.

******************************************

ගුවන්තොටුපොලේදී හෙළිවූ රන් බිස්කට් ජාවාරම

(24.08.2021 – 14:35 +0530 – sinhala.adaderana.lk)

විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් බැංකු මාර්ගයෙන් මෙරටට ගෙන ඒම වළක්වාලීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

මැදපෙරදිග රැකියාවල නිරත ශ්‍රමිකයින් යොදා ගනිමින් මෑතක සිට මෙම ජාවාරම සිදුවන බව වාර්තා වේ.

ජාවාරම්කරුවන් විසින් විදෙස්ගත ශ්‍රමිකයින් සතු මුදල් බැංකු මාර්ගයෙන් මෙරටට එවීම වෙනුවට ඔවුන් සතුව ඇති මුදලට වඩා වැඩි වටිනාකමකින් යුත් රන් බිස්කට් ලබාදී ඒවා දිවයිනට රැගෙන ඒමෙන් පසු මිලදී ගැනීම සිදුකරන බව සඳහන්ය.

පසුගිය මාසයක පමණ කාලයක සිට සෑම දිනකම විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් සතුව තිබී රන් බිස්කට් හමුවූ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය සතිය තුළ පමණක් එලෙස රැගෙන ආ ග්‍රෑම් 100 රන් බිස්කට් 6 ක්, ග්‍රෑම් 50 රන් බිස්කට් 3 ක් සහ ග්‍රෑම් 30 රන් බිස්කට් 40 ක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණි.

ඊට අමතරව මෙම ජාවාරම්කරුවන් විසින් විශාල වටිනාකමකින් යුත් රන් ආභරණ ද සකස් කොට ඒවා ශ්‍රමිකයින්ට පලඳවා මෙරටට එවීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව වාර්තා වී තිබේ.

මෙම ජාවාරම හේතුවෙන් මෙරට බැංකු වෙත විදෙස් මුදල් පැමිණීම සීමාවන අතර එමගින් මෙරට විදේශ සංචිත ප්‍රමාණය ද අඩු වීමේ අවදානමක් මතුවී තිබේ.

******************************************

ව්‍යාජ සහතිකයක් සැකසුවැයි කරාපිටිය වෛද්‍ය පීඨ පරිගණක නිලධාරිනිය රිමාන්ඩ්

(25.08.2021 – gossiplankanews.com)

රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුවියක් විභාගය සමත් බවට ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි කරාපිටිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති කාර්යාලයේ පරිගණක නිලධාරිනිය එළඹෙන 02 දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

පොලීසියට ලැබී ඇති පැමිණිල්ල අනුව මාතර පාලටුව පදිංචි ‘අම්බලගොඩ වඩුන්ගේ නිරාෂා’ නමැති තරුණිය නාවික හමුදාවට බැඳී පසුව 2013 වසරේ වෙද සිසුවියක ලෙස කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළත්ව ඇත. මේ අතර 2015 වසරේ වෛද්‍ය පීඨය විසින් පවත්වන ලද පළමු විභාගයෙන් ඇය අසමත්ව තිබේ. එහෙත් ඇය වෛද්‍ය පීඨයේ පීඨාධිපතින්ගේ සහ නියෝජ්‍ය ලේඛකාධිකාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා විභාගය සමත් බවට ව්‍යාජ ලේඛනයක් සාදා නාවික හමුදා මූලස්ථානයට යවා ඇත. පසුව ඇයගේ නිලය උසස් කිරීමට නාවික හමුදාව වෛද්‍ය පීඨයෙන් කරුණු විමසූ අවස්ථාවේ අනාවරණය වී ඇත්තේ ඇය ව්‍යාජ ප්‍රතිඵල ලේඛනයක් සාදා නාවික හමුදා මූලස්ථානයට යවා ඇති බවයි.

එම ව්‍යාජ ලේඛනයේ පිටපතක වෛද්‍ය පීඨයේ ප්‍රතිඵල ලේඛන සටහනද ඇතුළත් කර ඇත.

පසුව මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ වෛද්‍ය පීඨයේ පාලනාධිකාරිය විසින් නියෝජ්‍ය ලේඛකාධිකාරිවරියගේ වැඩ තහනම් කර ඇත. ඉන්පසු ඇය (?) විසින් මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කර ඇති අතර සැකකාරියගේ ශිෂ්‍ය භාවයද අහෝසි කර ඇත. පොලීසිය විසින් සැකකාරිය නාවික හමුදා මූලස්ථානයට ඉදිරිපත් කරන ලද විභාග ප්‍රතිඵල ලේඛනය අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයාට යවන ලද අතර රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කර ඇත්තේ එහි අත්සන් වෛද්‍ය පීඨයේ පීඨාධිපතින්ගේ සහ නියෝජ්‍ය ලේඛකාධිකාරිවරියගේ නොවන බවය.

ඒ අනුව මෙයට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකාර තරුණිය මේ වනවිට ඇප මත මුදා හැර තිබේ. මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර කරාපිටිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති කර්යාලයේ පරිගණක නිලධාරිනිය නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ එළැඹෙන 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

(රවිඳු දියගහගේ)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(24.08.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානය අද (24) විවෘත කරනු ලැබුවා.

කෙසේ වෙතත්, තොඟ වෙළඳාම සඳහා විවෘත කළ මෙම ආර්ථික මධ්‍යස්ථාන වල මිළ ගණන් වල දක්නට ලැබුණේ පරස්පරතාවයක්.

හෙට (25) දිනයෙත් දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන ලෙසයි කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගියදා දැනුම් දුන්නේ.

කෙසේ වෙතත්, කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන ලබන සෙනසුරාදා (28) සහ ඉරිදා (29) දින ද විවෘතව තැබෙන බව දිස්ත්‍රික්ක ලේකම් ප්‍රදිප් යසරත්න මහතා කියා සිටියා.

++++++++++++++++++

(24.08.2021 – 21:32 +0530 – hirunews.lk/sinhala)

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් ආසාදනය වී මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවටයි ඔහුගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ෴

++++++++++++++++++

ජාත්‍යන්තරයට ගිය ලංකාවේ කාඩ්බෝඩ් මිනී පෙට්ටිය

(24.08.2021 – ada.lk)

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව විසින් හඳුන්වාදුන් කාඩ්බොඩ් මිනී පෙට්ටියට ජාත්‍යන්තර මාධ්‍යයේද අවධානය හිමිව තිබේ. ඒ එම මිනී පෙට්ටිය පිළිබඳව රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කිරීමත් සමගිනි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ දිගින් දිගටම වර්ධනය වීමත් සමගින් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ප්‍රියන්ත සහබන්දු මහතාගේ අදහසක් සමගින් මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටිය නිපදවීම ආරම්භ කළේය.

මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටියක් මේ වන විට රුපියල් 4500 ක මුදලකට අලෙවි කරයි. ශ්‍රී ලංකාවේ මිලෙන් අවම ලී වලින් සකසන මිනී පෙට්ටියක් රුපියල් 25,000 – 30,000 ත් අතර මිලකට අලෙවි වෙයි.

සහබන්දු මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද කාඩ්බෝඩ්වලින් නිපදවන මෙම මිනී පෙට්ටයකට කිලෝ ග්‍රෑම් 100 ක බරක් දරා ගත හැකි බෙවයි.

මුලින්ම මෙය කොවිඩ් සිරුරු වෙනුවෙන් සකස් කළ පරිසරයට ආදරය කරන බොහෝ දෙනෙක් මේ වන විට එම පෙට්ටිය පිළිබඳව අවධානය යොමුකර තිබේ.

2020 වසරේ මුල සිට කාඩ්බෝඩ් මිනී පෙට්ටි 350 ක් පමණ බෙදා හැර ඇති බව සහබන්දු මහතා පවසයි.

+++++++++++++

01-06-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *