ඉන්ධන හිඟයක් නැහැ – අමාත්‍යාංශය කියයි – හිඟය ගැන කියූ ආනන්ද පාලිතට එරෙහිව CID යට පැමිණිල්ලක්

ඉන්ධන හිඟයක් නැහැ – අමාත්‍යාංශය කියයි – හිඟය ගැන කියූ ආනන්ද පාලිතට එරෙහිව CID යට පැමිණිල්ලක්

*********************************************

ඉන්ධන හිඟයක් නැහැ – අමාත්‍යාංශය කියයි – හිඟය ගැන කියූ ආනන්ද පාලිතට එරෙහිව CID යට පැමිණිල්ලක්

(20.08.2021 – 20:41 +0530 – hirunews.lk/sinhala)

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළා.

අද (20) දිනයේ ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් ද දක්නට ලැබුණු අතර, මාධ්‍ය හමුවක් කැදවමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ මසකට (1) ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි.

බල ශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පසුගිය දා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.

රට විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මුල් මාස 6 යේ ආනයන වියදමෙන් සියයට 18 ක්, ඉන්ධන සඳහා වැය වූ බව සඳහන් කළා.

අවසන් මාස 6 යේ එය සියයට 25 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි අදාළ ට්විටර් පණිවුඩයෙන් දැනුම් දී තිබුණේ.

එමෙන්ම, ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ද ඊයේ (19) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ රට තුළ ඉන්ධන හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බවයි.

මෙම ප්‍රකාශයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා අද (20) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

කෙසේ වෙතත්, අද (20) පැවති මාධ්‍ය හමුවකදී වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ විදේශ විනිමය හිඟවීමෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදී ගැටළු ඇති විය හැකි බවයි ෴

******************************************

(20.08.2021 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි රාජ්‍යයේ වාසය කරන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ නමැත්තාට අයත් රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක් (2,40,00,000) පමණ වටිනාකමකින් යුත් සුඛෝපභෝගි බස් රථයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මාතර මිද්දෙණිය ප්‍රදේශයේදී අද (20) අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර වැලිගම වලාන ප්‍රදේශයේ පොලිතින් උරයක බහා සඟවා තිබියදී සොයාගත් පිස්තෝල 5 සහ උණ්ඩ ‘හරක් කටා’ගේ බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මිද්දෙණිය ප්‍රදේශයේදී සොයාගනු ලැබූ සුඛෝපභෝගි බස් රථය මාතර සිට කඩුවෙල දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා යොදවා තිබූ බවත්, ‘හරක් කටා’ගේ සහෝදරයාගේ නමට ධාවන බලපත්‍රය සමඟ එය මිලදී ගෙන ඇති බවත් විමර්ශණවලදී හෙලිව තිබෙනවා.

මේ අතර, වැලිගම වලාන ප්‍රදේශයේ කැලෑබඳ ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගත් ගිනි අවි 5, පාකිස්ථානයේ සිට මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ මත්කුඩු සමඟ මෙරටට රැගෙන එන්නට ඇතැයි පොලීසිය පවසනවා.

අද (20) අළුයම කළ වැටලීමකදී පිස්තෝල වලට අමතරව මැගසින් අටක් (8) සහ පතොරොම් 10 ක් ද එහි තිබී හමුවුණා.

+++++++++++

(Photo from lankadeepa.lk)

******************************************

20-08-2021

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(20.08.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

හෙට (21) දිනයේ සිට 30 වනදා දක්වා දුම්රිය හෝ බස් රථ ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අත්‍යවශ්‍ය සේවා සඳහා ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම මත එම ආයතනයට පමණක් ලංගම බස් රථ ලබාදීමට සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ ෴

++++++++++++++++++++

(20.08.2021 – 22:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1010 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද (20) දිනයේ මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3835 ක්.

මේ දක්වා මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 381,812 ක්.

ඉන් ආසාදිතයන් 54,212 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 320,810 ක් ෴

++++++++++++++++++++

(20.08.2021 – 22:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු මෙරටින් දෛනිකව තහවුරු කෙරුණු වැඩිම මරණ සංඛ්‍යාව අද (20) වාර්තාකර තිබෙනවා. ඒ මරණ 195 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (19) තහවුරු කළ මෙම මරණ අතරට පිරිමි පුද්ගලයන් 98 ක් සහ කාන්තාවන් 97 ක් අයත්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6985 ක් ලෙසටයි.

++++++++++++++++++++

රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් සිරුරු කොරිඩෝවේ

(20.08.2021 – 19:24 +0530 – sinhala.adaderana.lk)

සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතයෙන් ශ්‍රී ලංකාව, දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානයට පත්ව තිබේ.

මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් මිලියනයකට කොපමණද යන අනුපාතය සැලකීමේදී මේ වනවිට දකුණු ආසියානු කලාපයේ රටවල් 8 අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.

ඒ, ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොවිඩ් මරණ අනුපාතය 9 ක් වැනි ඉහළ අගයක් ගැනීම හේතුවෙනි.

එම අනුපාතයට අනුව බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්තානය යන රටවල් පිළිවෙලින් එම ලැයිස්තුවේ දෙවන, තුන්වන, සිව්වන, පස්වන හා හයවන ස්ථානවල පසුවෙයි.

මාලදිවයිනෙන් අවසන් දින 19 ක කාලය තුළ කොවිඩ් මරණ වාර්තා වී නොමැති බව සඳහන් වෙයි.

භූතානයේ කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වාම සිදුව ඇත්තේ මරණ 3 ක් පමණි.

මීට පෙර ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ සිව්වන (4) ස්ථානයේ පසුවුණත් පසුගිය දින 10 ක පමණ කාලය තුළ දෛනික මරණවල සීඝ්‍ර වර්ධනයත් සමග ලැයිස්තුවේ පළමු (1) ස්ථානයට පැමිණ ඇති බව පෙනී යයි.

මේ අතර, දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළයාමත් සමග කොළඹ අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ දැඩි තදබදයක් මේ දිනවල දක්නට ලැබේ.

රාගම ශික්ෂණ රෝහලේ අංක 26 කොවිඩ් වාට්ටුවේ එළිමහන් කොරිඩෝවේ කොවිඩ් මෘතදේහ කිහිපයක් තබා ඇති අයුරු දක්නට ලැබුණි.

එමෙන්ම නිවසේදී මියගිය කොවිඩ් ආසාදිත වයෝවෘද්ධ කාන්තාවක් රාගම රෝහල වෙත රැගෙනවිත් කොරිඩෝවේ තැබීමට සේවකයින්ට සිදුවී තිබේ.

වැලිසර ප්‍රදේශයේ ඇති වැඩිහිටි නිවාසයක මියගිය තවත් වයෝවෘද්ධ කාන්තාවක්ද ජීවිතක්ෂයට පත්වී රාගම රෝහලට රැගෙනවිත් තිබුණි.

එමෙන්ම කොවිඩ් ආසාදිතව සිට මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබා අද (20) නිවසට රැගෙනගිය 86 හැවිරිදි පුද්ගලයෙකුද නිවසට පැමිණ පැයක පමණ කාලයක් තුළදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විය.

මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ ඊයේ (19) දිනය තුළ කොවිඩ් මරණ 40 ක් වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

මේ අතර, දෙහිවල, හෝමාගම, මහරගම, කොට්ටාව හා කෝට්ටේ යන ප්‍රදේශවලින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් ඊයේ (19) උදෑසන 11 සිට රාත්‍රි 11 දක්වා පැය 12 ක කාලයක් කොළඹ නගරයේ තැනින් තැනට රැගෙන ගොස් අපහසුතාවට පත්වූ සිදුවීමක් එහි සිටි ආසාදිත පුද්ගලයෙකු මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණි.

මේ අතර බගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ උත්සව ශාලාවක 100 ක පමණ පිරිසක් සහභාගි කරගනිමින් පැවැත්වීමට සූදානම් වූ විවාහ මංගල උත්සවයක් අත්හිටුවීමට බගවන්තලාව පොලිස් නිලධාරීන් හා සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

ඒ, විවාහ ලියාපදිංචිය සඳහා පමණක් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අවසර ලබාගෙන තිබූණද ඊට පටහැනිව විශාල පිරිසක් සහභාගි කරගැනීමට කටයුතු කිරීම හේතුවෙනි.

++++++++++++++++++

වැලිසර කොවිඩ් වාට්ටුව ආශ්‍රිතව සිදුකළ මිනී පෙට්ටි ජාවාරම

(20.08.2021 – 19:16 +0530 – sinhala.adaderana.lk)

මිනිසුන් අසරණ වූ වෙලාවට ඔවුන්ට පිහිටවන්නට ඉදිරිපත් වන අය මෙන්ම අසරණකමින් අනිසි වාසි ලබාගන්නට උත්සාහ දරන පිරිස් ද සමාජයේ සිටිති.

වැලිසර ළය රෝහලෙන් එවැන් පුවතක් අපට වාර්තා විය.

ඒ, රෝහලේදී මියයන කොවිඩ් රෝගීන්ට රෝහල් පරිශ්‍රයේදී ම වැඩිමිලට මිනී පෙට්ටි විකිණීමේ ජාවාරමක් ගැනය.

රෝහල් කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු ඔහුගේ හිතවත් මිනී පෙට්ටි නිෂ්පාදකයෙකු හා එක්ව එම ජාවාරම සිදුකර ඇති බව වාර්තා විය.

නිෂ්පාදකයාගෙන් රුපියල් 10,000 කට ලබාගන්නා මිනී පෙට්ටි, මෙම රෝහල් සේවකයා රුපියල් 16,000 කට අලෙවිකර ඇතැයි ‘අද දෙරණ’ට අනාවරණ වුණි.

එම ජාවාරම උපාය දූතයෙකු ලවා තහවුරු කරගැනීමට ‘අද දෙරණ’ සමත් විය.

ඔවුන්ට එම ජාවාරම නතර කිරීමට සිදුව ඇත්තේ රෝහල් අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳව තොරතුරු වාර්තාවීමත් සමගිනි.

අලෙවියට ගෙනා මිනී පෙට්ටි රෝහල් පරිශ්‍රයේ කාමරයක ඉබි යතුරු දමා තබා ඇති අයුරු ද දක්නට ලැබුණි.

ඒ සම්බන්ධයෙන් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.එල්. වනිගරත්න පැවසුවේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත්කර අදාළ සේවකයා සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කළ බවය.

++++++++++++++++++

බෝනොවන රෝග පවතින පුද්ගලයන්ට ඖෂධ ලබාගැනීමට දුරකථන අංක දෙකක්

(20.08.2021 – 18:31 +0530 – sinhala.adaderana.lk)

බෝනොවන රෝග පවතින පුද්ගලයන්ට ඖෂධ ලබාගැනීම සඳහා ඒ ඒ රෝහල් මඟින් ක්‍රමවේදයන් හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

බෝනොවන රෝග පිළිබඳ විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි මහත්මිය සඳහන් කළේ ඖෂධ ලබාගැනීම සම්බන්ධ තොරතුරු විමසීම සදහා දුරකතන අංක දෙකක් (2) හදුන්වා දී ඇති බවය.

ඒ අනුව 072 072 0720 හෝ 072 060 6060 අංකවලට ඇමතිය හැකි බව විශේෂඥවරිය සඳහන් කළාය.

බෝනොවන රෝගවලට ලක්ව සිටින තැනැත්තන් ඖෂධ ලබාගැනීම මෙන්ම යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යාමද වැදගත්වන බව අද (20) පැවැති මාධ්‍ය හමුවකදි ඇය පැවසුවාය ෴

+++++++++++++++++

ඉල්ලුවේ විද්‍යාත්මක locked down එකක් – දුන්නෙ ඔලමොට්ටල රට වැහිල්ලක්

20-08-2021

+++++++++++++++++++

අනාගතේ අපේ ජනාධිපතිතුමත් පැනලා යනවා ඇෆ්ගනිස්ථාන ජනාධිපති පැනලා ගියා වාගේ – ආචාර්ය අජන්තා පෙරේරා කිව්ව සැර කතාව (19.08.2021)

++++++++++++++++++

20-08-2021

+++++++++++++++++

20-08-2021

+++++++++++++++++++

20-08-2021

+++++++++++++++++

20-08-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *