ගුරු සංගම් සාධනීය පිළිතුරක් ලිඛිතව ඉල්ලයි

ගුරු සංගම් සාධනීය පිළිතුරක් ලිඛිතව ඉල්ලයි

*********************************************

ගුරු සංගම් සාධනීය පිළිතුරක් ලිඛිතව ඉල්ලයි

(18.08.2021 – 23:03 +0530 – hirunews.lk/sinhala)

සිය වැටුප් ගැටලුවට සාධනීය පිළිතුරක් ලිඛිතව ලබා දෙන තෙක් වර්ජනය අත් නොහරින බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයින් පවසනවා.

ඔවුන් මේ බව සදහන් කළේ සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටුව සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව මුල්කරගනිමින් ක්‍රියාත්මක ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට (18) දින 38 ක්.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ මේ පිළිබඳ සොයා බැලීමට පත්කළ කැබිනට් අනුකමිටුව අද (18) ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් පිරිසක් හමුවුණේ කොළඹ, මලලසේකර මාවතේ පිහිටි අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදීයි.

******************************************

‘හිරු සී.අයි.ඒ.’ : මහපාරේ මත් සාදය – ප්‍රධාන ලේකම්ගේ අතටම හසුවෙයි

(18.08.2021 – 21:15 +0530 – hirunews.lk/sinhala)

වයඹ පළාතේ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා හා පුර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීයෙකු ඇතුළු පිරිසක් රාජකාරී වේලාව තුල මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

ඒ රජයෙන් ඔවුන්ට ලබා දී තිබූ නිල වාහන තුළදීයි.

අද (18) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

මෙරට කුඩා දරුවන්ට සිදු වු විවිධාකාර පීඩාවන්ට මෙන්ම විවිධ අපචාරවලට දරුවන් යොමුකිරීම් පිළිබද සමාජයේ පවතින්නේ දැඩි කථාබහක්.

දරුවන් රැකගැනීම සඳහා බොහෝ ආයතන මෙරට තුල ස්ථාපිතව පවතින පසුබිමක දරුවන්ට එවන් අපරාධ සිදුවන්නේ කෙසේදැයි යන්න ගැඹුරින් සොයා බැලිය යුතු ගැටළුවක්.

2021 වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්තයක් ලෙස දරුවන් සම්බන්ධ ගැටළු 5000 කට ආසන්න සංඛ්‍යාවක් පමණ වාර්තා වී තිබෙනවා.

ඉන් සිදුවීම් 384 ක් වාර්තා වී තිබුනේ කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්.

එවන් පසුබිමක් තුල ‘හිරු සි.අයි.ඒ.’ වෙත වාර්තාවූයේ වයඹ පළාතේ දරුවන් සම්බන්ධ කටයුතු කරනා ඉහළ බළධාරීන් රාජකාරී වේලාව තුල නිරන්තරයෙන් මත්පැන් සාද පවත්වන බවයි.

එම තොරතුරු ඔස්සේ අප වයඹ පළාතේ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ හා පුර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරයේ නිලධාරීන් පිළිබඳව ඇස ගසාගෙන සිටියේ කලක සිටයි.

පෙරේදා රාජකාරී වේලාව තුල එනම්, පස්වරු 02:45 ට කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලට පැමිණෙන පුර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරියට අයත් මෙම නිල රථයෙන් බසින රියදුරා මත්පැන් රැගෙන යළි පිටත්ව යනවා.

එම රථය නතරවන්නේ කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ බඩගමුව රක්ෂිතය අසල වයඹ පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලරථය ඉදිරියේයි.

පසුව එම රථය තුලදී අදාල මත්පැන් සාදය පවත්වද්දී ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම මේ පිළිබඳ වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී.බී.එම්. සිරිසේන මහතාට දුරකථනයෙන් දැනුම් දුන්නා.

ඔහු ප්‍රකාශ කලේ වහා මේ පිළිබඳව සොයාබැලීමට නිලධාරීන් කණ්ඩායමක් අදාල ස්ථානයට යොමු කරන බවයි.

කෙසේ වෙතත්, ඒ අතරතුර මත්පැන් සාදය දැමු පිරිසගෙන් කොටසක් එම ස්ථානයෙන් පිටව ගියා.

******************************************

සිහින දකින කිරිකිත්තේ බට්ටි – අස්වැසිල්ලක් වූ පදක්කම් ගොන්න

+++++++++

වැලිවේරිය කිරිකිත්ත ප්‍රදේශයේ වෙසෙන ශානිකා කිරිකිත්ත කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 8 වැනි ශ්‍රේණියේ දී ගම්පහ සිරිකුරුස විද්‍යාලයට ඇතුළත් වන්නේ ඇයගේ පුහුණුකරුවන මදුර පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේයි.

සිව්දෙනෙකු (4) ගෙන් යුත් පවුලේ බාලයා වන ශානිකාගේ පවුලේ වැඩිමහල් සහෝදරිය හා සහෝදරයාද සමස්ථ ලංකා මට්ටම දක්වා මීටර් 800 හා මීටර් 1500 ඉසව්වලින් තරග කර ඇතත්, පවුලේ අගහිඟම් හේතුවෙන්ම ක්‍රීඩාව අතහැර ඇත.

ceylonathletics.com

******************************************

පදික මාරුවකදී හිමිනමක් අනතුරට ලක්වූ හැටි CCTV කැමරාවේ සටහන් වෙයි (18.08.2021)

https://www.youtube.com/watch?v=xoBi2OK7_SE#t=6

******************************************

එකම දිනක කඩ 4 ක් කැඩු හොරෙක්… (18.08.2021)

******************************************

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර… (18.08.2021)

******************************************

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් ‘ප්‍රමුඛ TV’ වෙත හෙළි කළ අපූරු කථාව (17-08-2021)

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(18.08.2021 – 21:46 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වයිරස් ආසාදිතයන් 1232 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (18) මෙරටින් වාර්තාවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3660 ක්. ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වයිරස් ආසාදිතයන් 369,343 ක් හඳුනාගෙන තිබෙනවා ෴

++++++++++++++++++++++

මොකක්ද මේ රටට වෙන්න යන්නේ – ඇති වන භායානක තත්වය ගැන දෙවියන්ගෙන ලැබුණු පණිවිඩය (17.08.2021)

https://www.youtube.com/watch?v=bPsGFMTu1qE

******************************************

05-08-2021
18-08-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *