හෙට (16) සිට දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා ඇඳිරි නීතිය

හෙට (16) සිට දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා ඇඳිරි නීතිය

*********************************************

හෙට (16) සිට දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා ඇඳිරි නීතිය

(15.08.2021 – 20:10 +0530 – hirunews.lk/sinhala)

හෙට (16) සිට සෑම දිනකම රාත්‍රී 10 සිට පසුදින අලුයම 4 දක්වා නැවත දැනුම්දෙන තුරු දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා මෙය බලනොපාන බවයි ඔහු කියාසිටියේ.

++++++++++++++++++++++

(15.08.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala)

පළාත් අතර ගමනාගමන සීමා පැනවීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන සහ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන ජනතාවගේ 50% කට වඩා අඩුවක් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසනවා.

විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වලින් ලැබෙන එළවළු ප්‍රමාණය අද (15) දිනයේ 70% කටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙනත් දිනවල අළුයම් කාලයේ විශාල වශයෙන් එළවළු තොග ලැබෙන අතර එළවළු මිලදී ගැනීම සඳහා ද දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ජනතාව පැමිණෙන බව ඔවුන් සඳහන් කළා.

කෙසේවෙතත් අද (15) 50% කටත් වඩා අඩු ප්‍රමාණයකින් එළවළු ලැබීම මෙන්ම තොග මිලදී ගැනීම් ද සිදු වන බවයි වෙළඳුන් කියාසිටියේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් තිබූ එළවළු තොග අලෙවි නොවීම හේතුවෙන් බරපතල ගැටළු රැසකට තමන් මුහුණ පා ඇතැයි ද ගොවීන් ද ප්‍රකාශ කළා.

තමන් රැගෙන ආ අස්වැන්න මිලදී ගැනීම්ට සඳහා ව්‍යාපාරිකයන් නොපැමිණීම නිසා විශාල කාලයක් රැඳී සිටීමට සිදුව ඇතැයි ගොවීන් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් දඹුල්ල්ල ආර්ථික මධ්‍යස්ථානය තුල එළවළු මිලෙහි කිසිදු අඩුවක් නොලැබෙන අතර එළවළු මිල මධ්‍යස්ථ මට්ටමේ පවතින බවද ව්‍යාපාරිකයන් පෙන්වා දෙනවා.

ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල්වල ව්‍යාපාරික ප්‍රජාව වෙළඳපලට පැමිණීමෙන් තොරව සේවකයන් සහ කම්කරුවන් යොදා ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැල් පවත්වාගෙන යන බව අප වාර්තාකරු සඳහන් කළා ෴

+++++++++++++++++++

(15.08.2021 – 18:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2576 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 354,109 ක් ලෙසටයි ෴

+++++++++++++++++++

(15.08.2021 – 19:04 +0530 – hirunews.lk/sinhala)

නිල වශයෙන් සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීමක් සිදුකළහොත් රට වසා දැමීම සඳහා රජය සුදානම් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

රජය විසින් සියලු තීන්දු ගනු ලබන්නේ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව බව ද රාජ්‍ය අමාත්‍යවරයා අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා.

කොරෝනා වෛරසයට සමාජය අනවශ්‍ය ලෙස නිරාවරණය විම තුළින් ජනතාව අතර ප්‍රතිශක්තිය ගොඩනැගිම සිදුකළ නොහැකි බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛළ ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ එමගින් සිදු වන්නේ අනවශ්‍ය රෝගින් බිහිවීම සහ මරණ අනුපාතය වැඩිවීම පමණක් බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලනය කළ බොහෝ රටවල් එම ඉලක්කයට ළගා වී ඇත්තේ එන්නත්කරණය අවසන් කර ප්‍රතිශක්තිකරණ සඳහා අවස්ථාව උදාකර ගැනීමෙන් බව පැහැදිලි කරුණක්.

කෙසේ වෙතත්, ශ්‍රි ලංකාවේ මේ වනවිටත්, කුමන හෝ එන්නතක දෙවන (2) මාත්‍රාව ලබාදීමෙන් පුර්ණ ප්‍රතිශක්තිකරණයක් සඳහා අවස්ථාව පවතින්නේ එන්නත් කළ යුතු ජනගහනයෙන් සියයට 25 කටත් අඩු පිරිසක්.

මෙවැනි තත්ත්වයක් යටතේ ජනතාව වෛරසයෙන් නිරාවරණය වීමෙන් සමූහ ප්‍රතිශක්තියක් ගොඩනැගේ යැයි අපේක්ෂා කළ නොහැකි අතර, එය විද්‍යාත්මකව සිදු කළ නොහැකි බව ඔහුගේ අදහසයි.

මේ හේතුවෙන් සමාජයේ උපරිම පිරිසකට හැකි ඉක්මනින් එන්නත් මාත්‍රා දෙකම (2) ලබාදීමත්, ඒ වනතෙක් ජනතාව වෛරසයට අනවශ්‍ය ලෙස නිරාවරණය වීම සීමා කිරිමත්, ඉතා වැදගත් බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, වයස අවුරුදු 12 ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැළසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනුයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ.

මේ අතර, නිවෙස් නිරෝධානයේදි මිය යන පුද්ගලයන්ගේ දේහ පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කර යළිත් ඥාතින්ට භාරදීමේදී ප්‍රමාදයක් සිදු වන බව ශ්‍රි ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ලේකම් දික්ඔය මුලික රෝහලේ හදිසි මරණ පරික්ෂක මොහොමඩ් ෆසිර් මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය ජුනි 19 වනදා නිකුත් කරන ලද චක්‍රලේඛය අනුව එම ප්‍රමාදය සිදු බව බවයි.

එසේම, හල්දුම්මුල්ල දඩයම්පොළ ප්‍රදේශයේ නිවසක පැවැති කිරි අම්මාවරුන්ගේ දානයකට සහභාගි වු පුද්ගලයින් 14 දෙනෙකුට කොරෝනා ආසාදිනය වි ඇති බවට තහවුරු වි තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රදේශයේ 190 දෙනෙකු කොරෝනා පරික්ෂණ සඳහා යොමු කර ඇති බව සඳහන්.

+++++++++++++++++

(15.08.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද (15) දිනයේ තවත් මරණ 161 ක් වාර්තාවීමත් සමගයි. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 6096 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තහවුරු කළ මරණ 161 ට කාන්තාවන් 78 ක් සහ පිරිමි පුද්ගලයන් 83 ක් අයත්.

අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් (1) කාන්තාවක් මියගිය පිරිසට අයත්. අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 22 ක් සහ කාන්තාවන් 16 දෙනෙකු මියගොස් තිබෙනවා. අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 61 ක් සහ කාන්තාවන් 61 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (14) තහවුරු කළ මරණ 161 අතර වනවා.

+++++++++++++++++

(15.08.2021 – 21:03 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් අද (15) දිනයේ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 859 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (15) දිනයේ හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 3435 ක්.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 354,968 ක් හමුවී ඇති අතර ඉන් 39301 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 309,732 ක් ෴

++++++++++++++++++

(15.08.2021 – 22:06 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් අවදානම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ කොතෙක් දැනුවත් කළත් එම උපදෙස් පිළිනොපඳින පිරිස් තවමත් දැකිය හැකියි.

එවැනි උපදෙස් ලබා දෙමින් කොවිඩ් සටනේ අසීරු කාර්යයක නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිරු සමඟ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගත්තා.

පවතින කොවිඩ් අවදානම සමඟ මේ වනවිට වෙද හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ තවත් බොහෝ දෙනා කොවිඩ් මර්දන සටනේ නිරත වන්නේ දැඩි අපහසුතා මධ්‍යයේයී.

එම කාර්ය මණ්ඩල සිය අත්දැකීම් සමාජ මාධ්‍යයට හා මාධ්‍යය වෙත මේ දිනවල එක්කරමින් සිටින අතර අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

+++++++++++++++++++

පිස්සො ජීවත්වන රටක කොවිඩ් රජකරයි – ආඩි හත්දෙනා කැඳහැලිය ජනතාවට පොවයිද? – හෝමාගම වික්‍රමආරච්චි වෙදමහතා (15.08.2021)

15-08-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *