රිෂාඩ්ගේ නිවසේ දී මිය ගිය දැරිය ගැන සොයන පොලිස් කණ්ඩායමට මාළඹෙන් හෝඩුවාවක්

රිෂාඩ්ගේ නිවසේ දී මිය ගිය දැරිය ගැන සොයන පොලිස් කණ්ඩායමට මාළඹෙන් හෝඩුවාවක්

*********************************************

රිෂාඩ්ගේ නිවසේ දී මිය ගිය දැරිය ගැන සොයන පොලිස් කණ්ඩායමට මාළඹෙන් හෝඩුවාවක්

(02.08.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසෙහි මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිද්ධියට අදාළව තවත් තොරතුරු කිහිපයක් ලැබී තිබෙනවා. ඒ අනුව අද (02) දින තවත් පොලිස් කණ්ඩායමක් මාළඹේ ප්‍රදේශයට ගොස් තිබුණේ ඊට අදාළව විමර්ශන සිදුකිරීම සඳහායි.

මේ අතර, අද (02) දිනයේදීත් දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා බගවන්තලාව, වටවල, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මේ වනවිට ප්‍රකාශ 40 ක් පමණ සටහන් කරගෙන තිබෙනවා. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 29 හැවිරිදි තවත් තරුණියක් ලිංගික හිංසනයට ලක් වී ඇති බවට මේ වනවිට අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඊට අදාළව ද චෝදනා එල්ලවී ඇත්තේ රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරාටයි. එම තරුණියද ඉෂාලිනී මෙහෙකාර සේවය සඳහා රැගෙන ආ තැරැව්කරු විසින්ම 2009 වසරේදී හිටපු අමාත්‍යවරයාගේ නිවසට රැගෙන විත් තිබෙනවා.

කෙසේ වෙතත් ඇය අවුරුද්දක පමණ කාලයක් එහි සිට ඇති අතර, සිදුවූ හිරිහැර දරාගත නොහැකි නිවසින් පිටව ගොස් ඇති බවටයි ඇය පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ.

මෙම තරුණියද ඉෂාලිනී ජූඩ් දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයේම පදිංචිකාරිනියක්. ඇය මේ වන විට කැළණිය ප්‍රදේශයේ නිවසක සේවය කරන බවයි පොලීසිය සඳහන් කළේ.

+++++++++++

02-08-2021

******************************************

(02.08.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

මැදිරිගිය ප්‍රදේශයේදී උණුකළ එළකිරි කල්දේරමකට වැටී පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තුන් (3) හැවිරිදි දරුවෙකු දින 13 කට පසු මියගොස් තිබෙනවා.

මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර යවා එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඊයේ (01) මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

(02.08.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ අදානි සමාගම සමඟ එක්ව කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කරන බව විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

වරාය අධිකාරියේ 42 වන සංවත්සරය අද (02) වරාය චෛත්‍ය පරිශ්‍රයේදී පැවති අතර අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴

******************************************

(02.08.2021 – 20:48 +0530 – hirunews.lk/sinhala)

තම රජයක් යටතේ රටේ සියලුම ධීවරයින්ගේ අනාගත සුරක්ෂිතභාවය සලසන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (02) මීගමුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකට සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළකළා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් බලපෑමට ලක් වූ ධීවරයින්ට වන්දි ලබාදීම, ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පැවැත්වුණේ මීගමුව, කාමච්චෝඩේ පොළ අසළදීයි.

******************************************

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි – හදවතින් හදවතට – කැලුම් විජේසූරිය සමග (02.08.2021)

වත්මන් ශ්‍රීලාංකීය රංගන ක්ශේත්‍රයේ කඩවසම් පෞරුෂය !
මෑත කාලයේ කලා කෙත පෝශණය කළ “හොද වැඩේ”!!
අඟුරු සිත්තමින් මතු වූ රන් සලකුණ …
බාල තරුණ මහලු සැමගේම හදවතේ පුංචිම කොටසක් සොරාගෙන එහි බලෙන් ම නවාතැන් ගත්
එඩිතර, නිර්ව්‍යාජ, මහ පොලොවේ ජීවත්වන
හිටපු යුදහමුදා උප ලුතිනන්වරයා …
L H A ඉසුරු
සමග හදවතින් හදවතට කළ සොදුරු කතාබහ …

******************************************

(03.08.2021 – 06:40 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය හා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව යාල ගල්ගේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී ගෝන්නු මරා මස් කරමින් සිටී සැකකරුවන් දෙදෙනෙකු (2) විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකරුවන් රක්ෂිතයට ඇතුළු වී වන සතුන් මරා ඔවුන්ගේ මස් අලෙවි කිරීමේ ජාවාරම කලක පටන් සිදුවන ක්‍රියාවක් බවයි.

මෙම වැටලීමෙන් ද ගෝන්නු තිදෙනෙකුගේ (3) කිලෝ ග්‍රෑම් 130 ක පමණ මස් පොලිස් භාරයට ගෙන එම මස් වන ජීවී කාර්යාලයට භාර දී තිබෙනවා ෴

******************************************

ඉෂාලිනිගේ කාමරය තුළ සටහනක්

(03.08.2021 – 06:55 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී සිරුරට ගිනි ඇවිලී මිය ගිය බව කියන 16 හැවිරිදි දැරිය නවාතැන්ගෙන සිටි කුඩා කාමරයේ බිත්තියක ලියා තිබූ වැකියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

දෙමළ අදහසක් ඇති ඉංග්‍රීසියෙන් ලියූ මෙම වැකියේ සදහන් වූයේ ‘එන් සාවුක්කු කාරනම්’ හෙවත් ‘මගේ මරණයට හේතුව’ යන්නයි. මෙම වැකිය මිය ගිය දැරිය විසින්ම ලියන ලද්දක් ද යන්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අකුරු පිළිබද විශේෂඥයින් විසින් ඊයේ (02) පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එමෙන්ම එහි ඡායාරූපයක් ගෙන එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊට අමතරව විමර්ශන නිලධාරීන්ට මෙම දැරිය පාසල් කාලයේ භාවිත කළ පොත් කිහිපයක් හමුවී තිබෙනවා.

ඒ අනුව මෙම වැකිය ඇය විසින් ලියන ලද්දක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

මේ අතර, මෙම සිද්ධියට අදාළව ඊයේ (02) මාළඹේ – පිට්ටුගල ප්‍රදේශයේ රැදී සිටි පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (02) තවත් පොලිස් කණ්ඩායමක් මාළඹේ – පිට්ටුගල ප්‍රදේශයට ගොස් අදාළ පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලීසිය සදහන් කළේ. මොහු අවන්හලක සේවය කරන බවටයි වාර්තා වන්නේ ෴

******************************************

(03.08.2021 – 07:18 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම – කොතලාවල ප්‍රදේශයේදී අයිස් ග්‍රෑම් 100 ක් සහ රුපියල් අනූ ලක්ෂයක (90,00,000) මුදලක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (02) අත්අඩංගුවට ගත් 39 හැවිරිදි මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මෙම මුදල උපයාගෙන ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

දින 7 ක රැදවුම් නියෝග ලබාගෙන මොහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතයි ෴

@@@@@@@@@@@@@@

(02.08.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)

අද (2) දිනයේ මේ දක්වා අලුතින් කොරෝනා ආසාදිතයින් 1680 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 3,13,029 ක් ලෙසයි.

මේ වනවිට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඇඳන් හයම (6) සම්පූර්ණයෙන්ම පිරී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා කියා සිටියේ කොවිඩ් නියුමෝනියාව සහ ඔක්සිජන් මත යැපෙන ආසාදිත දරුවන්ගේ වැඩිවීමක් නොමැති බවයි.

මේ අතර කොරෝනා තත්වයට අදාළව තම සෞඛ්‍ය තත්වය ස්වයංව පරීක්ෂා කිරීමේ හැකියාව ඇති නව ජංගම දුරකථන යෙදවුමක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වාදී තිබෙනවා.

ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය සහ ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය එක්ව මෙම ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

කොවිඩ්-19 ට එරෙහි ‘ස්මාට් පලිහ’ ලෙස නම් කර ඇති මෙම යෙදවුම භාවිතයෙන් තම පෙණහළුවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම මෙන්ම, තම සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂණ වාර්තා ලබාගෙන ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටද අවස්ථාව සලසා දී තිබෙනවා.

අදාළ යෙදවුම බාගත කරගැනීම සඳහා ‘සෙල්ෆ් ෂීල්ඩ්’ ලෙස ටයිප් කර යෙදවුම සොයාගැනීමෙන් අනතුරුව ගූගල් ප්ලේ ස්ටෝර් / ඇප් ස්ටෝර් හරහා ජංගම දුරකථනයට ඇතුළත් කරගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

අද (02) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 702 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතයින් 702 දෙනා සමඟ අද (02) දිනයේ මේ දක්වා හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2382 ක් වනවා ෴

++++++++++++++++++++

ලංකාවේ කොවිඩ් තත්ත්වය දරුණු වේවි – මහාචාර්ය මලික් පීරිස් අනතුරු අඟවයි

(01.08.2021 – 19:04 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්ත්වය ඉදිරි මාස දෙක (2) තුළ අත්විඳීමට සිදුවනු ඇතැයි වෛරසයවේදය පිළිබඳව ලෝක ප්‍රකට මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවයි.

ඒ, පසුගියදා ජාතික විද්‍යා පදනම කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමිනි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු හොංකොං විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය මලික් පීරිස් මහතා :

“නව ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාව තුළ මහා විනාශයක් කළා. ඒ වගේම මට කියන්න සිද්ධ වෙනවා එළඹෙන සති කිහිපයේදී එය ශ්‍රී ලංකාව තුළත් විශාල බලපෑමක් ඇතිකරනු ඇති බව. මහජන සෞඛ්‍ය වෘත්තිකයෙක් ලෙස මම මගේ රාජකාරිය පැහැරහැරියා වෙනවා මම අනතුරු මේ ඇඟවීම කළේ නැත්නම්. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේදී මෙතෙක් මුහුණ දුන් නරකම තත්ත්වය ඉදිරි මාස කිහිපයේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි. මම ආණ්ඩුවට සහ මහාචාර්ය ජයසුමනට සුබ පතනවා එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම ගැන. එය ඉතාම හොඳින් සිදුවනවා. එසේ වුණත් ඔබ දන්නා පරිදි එන්නතේ මාත්‍රා දෙකම අත්‍යාවශ්‍යයි මේ ප්‍රභේදයට එරෙහිව සැළකිය යුතු බලපෑමක් කරන්න. ඉදිරි මාසය හෝ මාස දෙක තුළදී එන්නත්කරණය නිසා අපිට ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මම හිතනවා ජනතාවට මේ ගැන හොඳින් උපදෙස් ලබාදී ඇති බව.”

මේ අතර, ශ්‍රී ලංකාවද ඇතුළුව ගෝලීය වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත කාර්යාලය නිවේදනය කරයි.

වේගයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය, සීමා ඉවත් කිරීමත් සමඟ පුද්ගල සංචරණය ඉහළ යාම, නොගැළපෙන මහජන සෞඛ්‍ය ක්‍රමවේද හා එන්නත්කරණයේ අසමානතා යන කරුණු ඊට බලපා ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

මේ නිසා අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණ අනතුරේ හෙළීමක් වී ඇති බවත් සෞඛ්‍ය පද්ධති අඩපණ වීමේ අවදානමක් ඇති බවද එමගින් පෙන්වා දී තිබේ.

+++++++++++++++++

(03.08.2021 – 06:27 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ගතවූ පැය 24 ක කාලය තුල පුද්ගලයන් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 53030 ක් වන බවයි.

එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුලුවන ස්ථාන 13 කදී සිදුකළ පරීක්ෂාවන්වලදී පුද්ගලයන් 8849 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

පුද්ගලයන් 139 ක් පළාත් සංචරණ මායිම් උල්ලංඝණය කර ගමන් කිරීමට පැමිණීමේදී පැමිණි වාහන 65 ක් ද සමග අවවාද කිරීමෙන් අනතුරුව නැවත හරවා යවා තිබෙනවා.

පොලිසිය දැනුම් දෙන්නේ මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ෴

+++++++++++++++++++

(03.08.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (02) දිනය තුළ දී කොවිඩ් මර්දනය උදෙසා දිවයින පුරා ක්‍රියාත්මක වූ එන්නත් කරන වැඩ වැඩසටහන් යටතේ එන්නත් මාත්‍රා 422,454 ලබාදුන් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඒ අනුව ඊයේ (02) දිනය තුළ දී සයිනොෆාර්ම් පලමු (1) මාත්‍රාව ලෙස එන්නත් 203,515 ක් ලබාදී ඇති අතර දෙවැනි (2) මාත්‍රාව ලෙස ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 18,483 ක්.

ඇස්ට්‍රාසෙනිකා පළමු (1) මාත්‍රාව ලෙස එන්නත් 22,981 සහ දෙවන (2) මාත්‍රාව ලෙස එන්නත් 174,985 මේ යටතේ ලබා දී තිබෙනවා.

මේ අතර ඇමරිකානු මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව ලෙස එන්නත් 2490 ද ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ඇස්ට්‍රාසෙනිකා දෙවැනි (1) මාත්‍රාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන එන්නත් මධ්‍යස්ථාන වන විහාරමහාදේවි එන්නත් මධ්‍යස්ථානය සහ දියත උයන එන්නත් මධ්‍යස්ථාන තවදුරටත් පැය 24 පුරාම ක්‍රියාත්මකයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Sajith talks from his backside: “Bahutharaya Sathyaya avabodha karagena thiyenawa”….. what a joke, Then most people in this country must be Buddhas. When did this son of a fanatic UNPer ever become a friend of common people, especially the poor. Then why did he allow his boss and their business friends to rob the Central Bank and steal the pension funds of poor people. The man talks nonsense with no comprehension of the words that he spouts.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *