දින හතක් (7) පුරා නිවසින් අතුරුදන්ව සිටි පාසැල් සිසුවා කුරුණෑගලයින් හමුවෙයි

දින හතක් (7) පුරා නිවසින් අතුරුදන්ව සිටි පාසැල් සිසුවා කුරුණෑගලයින් හමුවෙයි

*********************************************

දින හතක් (7) පුරා නිවසින් අතුරුදන්ව සිටි පාසැල් සිසුවා කුරුණෑගලයින් හමුවෙයි

(01.08.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

දින හතක් (7) පුරා නිවසින් අතුරුදන්ව සිටි රත්නපුර, බටුහේන ප්‍රදේශයේ 14 හැවිරිදි දරුවා මීට ටික වේලාවකට පෙරදී කුරුණෑගල රිදීගම පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.‍

පසුගියදා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රත්නපුර – බටුහේන ප්‍රදේශයේ පදිංචි නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

ඔහු පොලිස් සැරයන්වරයෙකුගේ පුත්‍රයෙකු බවද සඳහන්.

අදාල සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගොස් ඇති බවටයි පසුගියදා පොලිස් විමර්ශන වලදී අනාවරණය වුණේ.

නිවසින් පිටව ගිය අදාල සිසුවා ශ්‍රී පාදයට ගොස් එහි මුරකරුවෙකු සමග සිදුකල සංවාදයකදී පැවසූ බව කියන කරුණු පදනම් කර ගනිමින් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකළා.

අදාළ සිසුවා පසුගිය දිනක නල්ලතන්නි ප්‍රදේශයෙන් ශ්‍රී පාදය දෙසට ගමන් කර ඇති අතර එය දුටු ශ්‍රී පාදයේ මුරකරුවකු සිසුවාගෙන් තොරතුරු විමසා තිබෙනවා.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් මහරගම ප්‍රදේශයේ මිතුරෙකු හමුවීමට යන බවටයි.

ඔහු නිවසින් බැහැරව යනවිට රුපියල් 20,000 ක මුදලක් රැගෙන ගොස් තිබු බවටයි, ඔහුගේ දෙමාපියන් කියා සිටියේ.

******************************************

(01.08.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

සෑම වසරකම සුළු වර්ෂාවකදී වුව ද කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශ ගංවතුරට ලක්වීම හේතුවෙන් රජයට හා මහජනතාවට රුපියල් මිලියන 2000 කට වැඩි පාඩුවක් සිදුවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ නගරය ආශ්‍රිතව ගංවතුර පාලනය සඳහා කොළඹ මහනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු කොළඹ ශාන්ත සෙබස්තියන් ඇල මාර්ග දොරටුව සහ පොම්පාගාර මධ්‍යස්ථානය නිරීක්ෂණයට අද (01) පෙරවරුවේ එක්වෙමින්.

කොළඹ නාගලගංවීථිය, තොටලග සහ කොලොන්නාව වැනි ප්‍රදේශ ආශ්‍රිතව වැසි සහිත කාලසීමාවන්හිදී ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය සඳහා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවා ෴

******************************************

(01.08.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මිය ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඇය අද (01) පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඒ අනුව, රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත ඇය මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර ඇගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද නියෝග කළා.

රාජගිරිය ගුවන් පාලම අසල වැලිකඩ මංසන්ධියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනුයි උමාරියා සිංහවංශ මහත්මිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (31) පස්වරුවේදී මෙම අනතුර සිදුවුනේ උමාරියා සිංහවංශ මහත්මිය ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය, ත්‍රීරෝද රථයක ගැටීමෙන්.

ඉන් 38 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරා බරපතල තුවාල ලැබූ අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුලත් කර තිබෙනවා.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු වලින් ගතවූ පැය 24 තුල මරණ 9 ක් වාර්තා වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය සතිය තුල බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් වලින් වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

ඉන් බොහෝමයක් සවස 4 ත් රාත්‍රී 8 ත් අතර කාලය තුල සිදුව ඇති බව ඔහු කියා සිටියා.

******************************************

(01.08.2021 – 14:21 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 32 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) යාපනය, තොණ්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කේරළ ගංජා කිලෝ 109 යි ග්‍රෑම් 150 ක් සහ ඒවා ප්‍රවාහනයට යොදා ගත් ඩිංගි යාත්‍රාවක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ උතුරු නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රාවක් මගින්.

ඩිංගි යාත්‍රාවේ තිබී පළමුව කේරළ ගංජා කොටසක් පමණක් සොයා ගෙන ඇති අතර, පසුව ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවේදී අනෙකුත් කේරළ ගංජා තොගය සොයා ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක සහ 28 ක තරුණයින් දෙදෙනෙකු (2) නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසියට භාරදීමට නියමිතයි ෴

******************************************

(01.08.2021 – 14:39 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිළිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා.

******************************************

(01.08.2021 – 14:42 +0530 – hirunews.lk/sinhala)

රසායනික සහ කාබනික පොහොර සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

එවැනි පසුබිමක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සඳහන් කළේ කාබනික පොහොර පසට යෙදීම තුළින් පමණක් අවශ්‍ය කරන ආහාර සුරක්ෂිතතාව කරා යා නොහැකි බවයි.

******************************************

(01.08.2021 – 14:48 +0530 – hirunews.lk/sinhala)

අස්වනු සඳහා නිසි මිලක් නොමැතිකමින් ප්‍රදේශ රැසක වී ගොවීන් මේ වනවිට දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

මේ අතර ඌව පරණගම මස්පන්න ප්‍රදේශයේ බඩඉරිඟු වගාවට සේනා දළඹු උවදුරෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.

ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ කර ඇතත් වී සඳහා නිසි මිලක් නොමැතිවීමෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවයි.

පවතින තත්ත්වය හමුවේ ගොයම් නෙලීමේ යන්ත්‍ර සඳහා මුදල් ගෙවීම අපහසු බැවින් එම කටයුතු තමන් විසින්ම සිදුකර ගැනීමට ගොවීන්ට සිදුව තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ගොවිජනපද ව්‍යාපාරයේ පිහිටි අත්තනකඩවල ප්‍රදේශයේ මෙවර යල කන්නය යටතේ වගා කළ කුඹුරු අක්කර 775 ක අස්වනු නෙලීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඌවපරණගම මස්පන්න ප්‍රදේශයේ අක්කර සිය ගණනක බඩඉරිඟු වගාවෙහි සේනා දළඹු උවදුරට ලක්වීමෙන් විනාශ වී තිබෙනවා.

මෙම උවදුරින් වගාව බේරා ගැනීමට කෘෂි රසායන වර්ග ද නොමැති බවයි ගොවීන් පවසන්නේ.

අනුරාධපුර තිරප්පනේ ඇතුල්ගම ගොවිපලේ කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීම ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

******************************************

(01.08.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

විශාල මුදලක් වැයකර පාලමක් ඉදිකළ ද ඊට සම්බන්ධ වන මාර්ගය නිසි ලෙස සංවර්ධනය නොකිරීමෙන් අපහසුතාවට පත්ව සිටින ගම්වැසියන් පිරිසක් පිළිබඳව පනාමුර – ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ගම්වාසියන් චෝදනා කරන්නේ ජනතා මුදලින් ඉදි වූ මෙම පාලමෙන් කිසිදු ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි තත්ත්වයක් මේ හේතුවෙන් උද්ගතව ඇති බවයි.

පනාමුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයට පිවිසිමට ඇති කිතුළුබොකු ඔය හරහා ඉදි වූ පාලම යොවුන් ගම්මානය, බණ්ඩොක්කේයාය, හීන්දළුහින්න ඇතුළු ගම්මාන 10 ක ගම් වැසියන්ට ප්‍රධාන මාර්ගයට පිවිසිමට ඇති කෙටිම මාර්ගයයි.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ පසුගිය රජය සමයේ රුපියල් ලක්ෂ 285 ක වියදමින් මෙම පාලම ඉදිකළ බවයි.

එහෙත් පාලමට සම්බන්ධ වන මාර්ගය නිසි ලෙස සංවර්ධනය නොකිරීම හේතුවෙන් වසර 5 කාලයක් තිස්සේ මෙම පාලම නිසි ප්‍රයෝජනයක් ගත නොහැකිව අභාවයට යමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

පාලමට සම්බන්ධ වන මාර්ගය නිසි ලෙස සාදා නොමැතිවිම හේතුවෙන් පාසල් දරුවන්ට අත්ව ඇත්තේ මෙවන් ඉරණමක්.

මෙවන් අසීරුතා හමුවේ ජිවත්වන මිනිසුන්ට සහනයක් සැලසීම බලධාරින් සතු වගකීවක් නොවේ ද ?

******************************************

(01.08.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුල ඛනිජ තෙල් නිෂ්පාදන කටයුතු වේගවත් කිරීම සඳහා වන ඛනිජ තෙල් පනත් කෙටුම්පත ලබන 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 18 වනදා උපදේශක කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පත සැප්තැම්බර් මස මුලදී පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත බවයි.

ශ්‍රී ලංකාව තුල ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම, ඛනිජ තෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, නවීන ගවේෂණ, සංවර්ධන, නිෂ්පාදන සහ කළමනාකරණ පරිචයන් තුලින් ඛනිජ තෙල් සම්පත් වලින් උපරිම ආර්ථික වටිනාකමක් ලබා ගැනීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන් පසු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය අධිකාරියක් බවට පත්වන අතර, ඛනිජ තෙල් සම්පත් උපදේශක සභාව මෙන්ම, ජාතික තෙල් සහ ගෑස් සමාගම ද බිහිවනු ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ෴

******************************************

(01.08.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම සිරිතොප්පු හන්දියේ දී අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් කෝටි තුනකට (3,00,00,000) අධික වටිනා කමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 195 ක් පොලිසිය භාරයට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ ෴

******************************************

(01.08.2021 – 017:46 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල, කපුහේන්වල වෙරළ තීරයේ මව සහ පියා සමඟ රළ පාගමින් සිටි කුඩා දැරියක් රළ පහරට හසුව මුහුදට ගසාගෙන ගොස් තිබේනවා.

පසුව තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දැරිය බේරා ගැනීමට කටයුතු කළත්, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි අප කළ විමසීමකදී තංගල්ල පොලිසිය සඳහන් කළේ.

පානදුර, කළුදෑවල ප්‍රදේශයේ පදිංචි යුවලකගේ 7 හැවිරිදි සෙනාලි ගිහන්සා පීරිස් නැමති දියණිය මේලෙස ජීවිතක්ෂයට පත්ව තිබේනවා ෴

@@@@@@@@@@@@@@@

(01.08.2021 – 17:54 +0530 – hirunews.lk/sinhala)

අද (01) දිනය තුළ, ඊයේ (31) වාර්තා වූ කොවිඩ් මරණ 67 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙම මරණ 67 අතර පිරිමි පුද්ගලයින් 36 ක් සහ කාන්තාවන් 31 දෙනෙකු වනවා.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වන මුළු මරණ ගණන 4,508 ක් ෴

+++++++++++++++++

(01.08.2021 – 18:01 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1655 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 310,494 ක් ලෙසටයි.

එමෙන්ම අද (01) දිනයේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1,792 දෙනෙකු සුවය ලබා අද (01) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 278,910 ක් ලෙස ද ඉහල ගියා.

එමෙන්ම අද (01) දිනයේ (01) දිනය තුළ කොවිඩ් මරණ 67 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 4508 ක් දක්වා ඉහළ ගියා.

අද (01) දිනයේ වාර්තාවන මෙම මරණ 67 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (31) දින තහවුරු කරන ලද ඒවා වනවා.

ඉන් 36 ක් පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 31 ක් වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *