විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

*********************************************

විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

(31.07.2021 – 22:41 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය වාසි ලබා ගැනීමට උත්සාහ කරන පිරිස් නිසා මෙරට පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව සඳහන් කළා.

******************************************

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට

(31.07.2021 – 21:40 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රාජගිරිය ගුවන්පාලම අසල සිදුවූ රිය අනතුරකට අදාළවයි.

අද (31) පස්වරු 05:30 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථය සහ තවත් ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන්.

අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ඔහුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව අනතුර සම්බන්ධයෙන් උමාරිය සිංහවංශ මහත්මිය පොලිස් අත්අඩංගුවට ගැනුණා. ඇය හෙට (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැලිකඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.

+++++++++

UMARIA – Nim Him Sewwa (Pandith Amaradeva) – Live Cover by Umaria (15 Sep 2016)

******************************************

අධිවේගී මාර්ගයේ වාහනයක් තුළ තිබී හමුවු ව්‍යාපාරිකයාගේ මළ සිරුර

(31.07.2021 – 19:02 +0530 – sinhala.adaderana.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේ නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් තුළ පුද්ගලයකු අභිරහස් ලෙස මියගොස් සිටියදී අද (31)හමුවූ බව වැලිපැන්න පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු දෙදරු පියෙක් බව ද වාර්තා වේ.

ඊයේ (30) දවල් 01:06 ට පමණ සුඛෝපභෝගී ජීප් රථය සේවා ප්‍රදේශයට ඇතුළු වන අයුරු එහි සවිකර ඇති CCTV කැමරාවක සටහන්ව තිබු බව පොලීසිය පවසයි.

පෙරේදා (29) දහවල් සිට ජීප්රථය එම ස්ථානයේ නවතා තිබූ අයුරු දුටු සේවා ප්‍රදේශයේ සේවකයන් විසින් ඒ පිළිබඳ සොයා බැලීමේදී පුද්ගලයකු පිටුපස අසුනේ සිටින දැක කතා කළත් අවදි නොවූ හෙයින් ජීප් රථයේ ඉදිරි වම්පස පැති වීදුරුව කඩා පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් සිටින අයුරු දැක ඒ බව පොලීසියට දැනුම් දී තිබේ.

මියගොස් ඇති පුද්ගලයා ජීප්රථයේ අයිතිකරු වන අතර ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී ඇත්තේ එහි පිටුපස අසුනේ තිබී බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිපැන්න පොලීසිය පරීක්ෂණ පවත්වයි ෴

******************************************

රිෂාඩ් නිවෙසේදී පිච්චුවා ගැහුවා

(31.07.2021 – 10:01 +0530 – deshaya.lk)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේදී තමන්ගේ ශරීරය පුළුස්සා දැමීම, පහරදීම ඇතුළු වධ හිංසා රැසකට මුහුණ දීමට සිදුවූ බව අපයෝජනයට ලක්වූවා යැයි සැක කෙරෙන දැරියන් 11 දෙනාගෙන් 09 දෙනකුම විමර්ශන භාර පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙම නිවෙස තුළ හිටපු අමාත්‍යවරයාගේ කාලයේ ළමා අපචාර සිදුවූ බවට චෝදනා නගමින් රහස් පොලීසිය දැනටමත් එහි කාමර කිහිපයක් සීල් තබා තිබේ.

වත්මන් රජය පත්වූ දා සිටම වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට මෙම නිල නිවෙස ලබා දී තිබුණත් ඔහුට කොළඹ අවට නිවෙසක් ඇති නිසා එහි කොටසක් කොරෝනාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන ආහාර පාර්සල් සැකසීමේ මධ්‍යස්ථානයක් ලෙස ටික දිනක් භාවිත කෙරිණි.

කෙසේ වෙතත් ළමා අපචාර සිදුවූ බවට සැක කරන මෙම නිල නිවෙස ප්‍රතික්ෂේප කර ඒ බව අදාළ බලධාරීන්ට දැනුම් දීමටද අමාත්‍ය ගුණවර්ධන මහතා මේ වන විටත් පියවර ගෙන ඇත.

ගයාන් ගාල්ලගේ

+++++++++++++

දිවිනසා ගැනීමකින් මිනීමැරුමක් දෙසට ඇදෙන රිෂාඩ් නිවසේ ගින්න

(31.07.2021 – 10:00 +0530 – deshaya.lk)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී දැරියක් ලිංගික අපයෝජනයට ලක්ව අභිරහස් ලෙස පිළිස්සී මියයාම සම්බන්ධයෙන් මේ වනවිටත් පරික්ෂණ සිදුකරමින් පවතින්නේ එය ඝාතනයක් යන සැකයෙනි. එම අභිරහස් සිද්ධියත් ඒ සිද්ධියට අදාළව සාක්ෂිකරුවන් ලබාදුන් පරස්පර ප්‍රකාශත් හේතුවෙන් මෙය සියදිවි නසා ගැනීමකටත් වඩා ඝාතනයක් බවට සැකකළ හැකි බව මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශකයන්ගේ මතය වී ඇත.

එයට හේතුව වන්නේ කාරණා කීපයක් නිසාය. අභිරහස් ලෙස මියගිය ඉෂාලනිගේ දැවුණු සිරුර උදෑසන 06:45 සිට 08:20 වෙනතෙක් නිවසේ තබාගෙන ඇත්තේ ඒ අවස්ථාවේ හැකි අවම කාලයක් තුළ ලබාදිය යුතු ප්‍රතිකාර වලට පවා යොමු නොකරමිනි. කොළඹ හතේ පිහිටි නිවෙසක් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකුගේ නිවෙසේ වාහනයක් නැතිද යන්න අමුතුවෙන් ප්‍රශ්න ඇසිය යුතු නැත. විශේෂයෙන් රිෂාඩ්ගෙන් එය ඇසිය යුතුද යන්නවත් අඩුම තරමින් අප සිතන්නේ නැත. කෙසේ වෙතත් ඉෂාලිනිගේ සිරුර ඉක්මන් ප්‍රතිකාර වෙත යොමුනොකර 1990 ගිලන් රථයක් පැමිණෙන තෙක් තබා ගැනීම කෙතරම් විශ්වාස කළ හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. රිෂාඩ්ගේගේ දියණියගේ වයසද අවුරුදු 16 කි. ඉෂාලිනිගේ වයසද අවුරුදු 16 කි. රිෂාඩ්ගේ නිවැසියන් සමවයසේ දරුවන් දෙදෙනකු කෙරෙහි යොමුකළ අවධානය මේ සිදුවු අවස්ථාවේ සිට හොඳ හැටි පැහැදිලිය.

කෙසේ වෙතත් ඊටත් වඩා මෙහි සැකය වන්නේ ඉෂාලිනි රෝහල් ගතකළ පසු ලබාදුන් තොරතුරුය. ඇය දෙමළ තරුණියක් වුවත් රිෂාඩ්ගේ මාමණ්ඩිය විසින් රෝහලට ලබාදී ඇත්තේ සිංහල නමකි.ඒ ‘ඉෂානි’ යන නමින්ය. ඊටත් වඩා ඇයගේ වයස සඟවා අවුරුදු 18 ක තරුණියක බව ඔවුන් දන්වා තිබේ. එසේම ඉෂාලිනිගේ සොහොයුරා රෝහලට පැමිණි පසුව එහි සිටි පොලිස් ඇඳුමෙන් සැරසුණු පුද්ගලයෙක් දන්වා ඇත්තේ මෙය ගෙදර අය විසින් සිදුකළ සිදුවීමක් නොවන බවත් ඒ නිසා මෙය වැඩිදුර රැගෙන යාමට හෝ පොලීසිය වෙත යාමට අවශ්‍ය නොවන බවත්ය. මෙතරම් අභිරහස් දෙයක් සිදුව ඇතත් එය මේ ආකාරයෙන් සඟවන්නට උත්සාහ ගැනීමම මෙය සියදිවි නසාගැනීමකට වඩා ඝාතනයක් බවට සැකකළ හැකි සාධකය.

මෙම සිදුවීමේදී ඇය ශරීරයට භූමිතෙල් වක්කර සියදිවි නසාගත් බව පොලීසිය පවා මුලසිට සැකකළ දෙයකි. ඇගේ කාමරයෙන් භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක් හමුවීම ඒ සම්බන්ධයෙන් සැකය තහවුරු කිරීමේ එකම සාක්ෂි වී තිබිණි. එහෙත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමේදී මීට පෙර මෙම නිවෙසේ මෙහෙකාර සේවය කළ ‘වෙල්ලසාමි වල්ලිඅම්මා’ නැමැති කාන්තාව පවසා ඇත්තේ කිසිම දිනෙක එම නිවෙසට භූමිතෙල් රැගෙන ආවේ නැති බවය. එසේ නම් ඉෂාලිනිට නිවසින් බැහැරට පවා යා නොහැකි මොහොතක මේ ආකාරයෙන් භූමිතෙල් බෝතලයක් ආවේ කෙසේද යන්න බරපතළ සැකයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

විශේෂයෙන් මෙම දැරියට සිදුවන පහරදීම් සහ හිරිහැර සම්බන්ධයෙන් ඇගේ මව දැන සිටි නිසා මව ජූලි 06 වැනිදා ඇයව රැගෙන යාමට පැමිණෙන බව දන්වා තිබේ. එහෙත් ඇය ගිනිතබා ගත් බවට පවසන්නේ ජූලි 05 වැනිදාය. හෙට දිනයේ තමන් රැගෙන යාමට තම මව පැමිණෙන බව දැන දැනත් ඇය මේ ආකාරයෙන් ගිනිතබා ගනීද යන්න දහස් වාරයක් සිතියයුතු ප්‍රශ්නයකි. එපමණක් නොව දැරිය පස් වැනිදා (05) සිට මිය යන දිනය දක්වාම ඇගේ මවට හමුවීමට අවස්ථාවක් ලබානොදීමම ගැටලුවකි. එසේම ඉෂාලිනිගේ පියාට බදියුදීන්ගේ බිරිඳගේ මව විසින් දන්වා ඇත්තේ ඉෂාලිනි නූලක් පුච්චන්න ගිය අවස්ථාවේ මෙය සිදු වූ බවය. එහෙත් ඇය බොරුල්ල පොලීසියට පවසා ඇත්තේ ඉෂාලිනි ගිනිගෙන කෑගසන අයුරු තමන්ට ඇසුණු බව කියාය.

ඒනිසා මේ එකිනෙක පරස්පර ප්‍රකාශත් සිද්ධිත් බැලූ කල මෙය මිනීමැරුමක් බවට සැකකළ හැකි සාධක ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණයට දන්වා සිටියේය. විශේෂයෙන් විදුලි ආලෝකයක් නැති, විදුලි පංකාවක් නැති කුඩාකාමරයක ඉෂාලිනිව සිරකිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් නැමැති ගෘහමුලිකයා වගකිවයුතු බව ඔහු අධිකරණයේදී කියා සිටියේය. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩාමක් පත්කර නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළයුතු බවට ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව අධිකරණයේ නියෝගය වුණේ ජ්‍යේෂ්ඨ අධිකරණ වෛද්‍යවරු හතර දෙනෙකු (4) ගෙන් යුත් කණ්ඩායමක් පත්කර මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදුකළයුතු බවත් ඒ සඳහා මළසිරුර ගොඩගතයුතු බවත්ය. ඒ අනුව ඉෂාලිනිගේ මළසිරුර අභිරහස් රැසකට පිළිතුරු සොයාදීම සඳහා පසුගිය සිකුරාදා නැවත ගොඩගනු ලැබීය.

මේ ආකාරයට ඉෂානිලිනිට සිදුවු අභිරහස් මරණය ගැන පරීක්ෂණ එක්පැත්තකින් එලෙස ආරම්භ කරන විට තවත් විමර්ශකයන් පිරිසක් නිවෙසේ මෙහෙකාරියන්ගේ අතීතය සොයගෙන යන්නට විය. එහිදී තහවුරු වුණේ මෙම නිවෙසේ මෙහෙකාරියන් 11 දෙනෙකු මීට පෙර සේවය කර ඇති බවය. එම මෙහෙකාරියන්ගෙන් එක් අයකු සොයාගොස් ප්‍රශ්න කරන විට ඇය බාලවයස්කාර මෙහෙකාරියක් ලෙස පැමිණි අවස්ථාවේ රිෂාඩ්ගේ මස්සිනා විසින් දෙවතාවක් ලිංගික අපයෝජනය කළ බව තහවුරු වී තිබිණි. ඇය මේ වන විට වයස අවුරුදු 22 වන අතර ඇයවද සම්බන්ධ කර ඇත්තේ රිෂාඩ්ගේ නිවෙසට ළමා මෙහෙකාරියන් සැපයු ශංකර් විසිනි. මෙහි මූලිකම දෙය වන්නේ ශංකර් විසින් දරුවන් මෙහෙකාර සේවයට යොමුකළා පමණක් නොව ඒ දරුවන්ගේ වැටුප් ශංකර්ගේ ගිණුමට ලබාගෙන ඉන්පසුව ඉන් කොටසක් ඔහු තබාගෙන ඉතිරිය ඒ දරුවන්ගේ දෙමාපියන්ට ලබාදීමය. මෙය සැබවින්ම ළමා මෙහෙකාර මිනිස් ජාවාරමක් වන අතර නීති සම්පාදන ආයතනය වන ව්‍යවස්ථායකය නියෝජනය කරන අයකු වන රිෂාඩ්ගේ නිවසේ මෙවැනි දෙයක් සිදුකිරීම තුළ ඔහු වැනි අයගෙන් මේ රටේ නීතියට ලැබෙන සෙත කුමක්දැයි ප්‍රශ්නයක් ඇත.

කෙසේ වෙතත් ළමුන් 11 දෙනාගෙන් තවත් දෙදෙනකු (2) ගෙන් ප්‍රශ්න කර විට ඔවුන් පවසා ඇත්තේ රිෂාඩ්ගේ මස්සිනා කිහිපවතාවක් තමන්ට ලිංගික හිංසන සිදුකිරීමට උත්සාහ ගත් බවත් ඒ සෑම අවස්ථාවකින්ම බේරීගිය බවත්ය. එසේම තවත් හයදෙනෙකු (6) ගේ ප්‍රකාශවලට අනුව රිෂාඩ්ගේ බිරිඳ විසින් තමන්ට දැඩිලෙස පහරදුන් බවත් ඇතැම් අවස්ථාවල තමන්ව පුළුස්සා දැමු බවත් ඔවුන් සඳහන් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. විශේෂයෙන් මේ පරීක්ෂණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවේ එක් අවස්ථාවක එක් තරුණියකගේ හිස කොමොඩ් කටේ එබූ බවය. ඒ තරම් කෲර ලෙස තරුණියන්ට සලකා ඇති බව පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.

එකී ළමුන් 11 ස් දෙනාගෙන් නව (9) දෙනෙකුගේ ප්‍රකාශ ලබාගත්තත් ඇතැම් තරුණියන් ගැන කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වී ඇත. ඒ ඔවුන් ඉන්නා තැන තවමත් නිශ්චිතව සොයාගැනීමට නොහැකි වී ඇති නිසාය. එහෙත් පොලිස් කණ්ඩායම් කිහිපයක් හැටන්, නුවරඑළිය ප්‍රදේශවලට ගොස් පරීක්ෂණ සිදුකරන්නේ ඔවුන්ගේද තොරතුරු ලබාගැනීමේ අරමුණෙනි.

කෙසේ වෙතත් ඉෂාලිනිගේ මරණයත් සමඟ මෙරට ළමා මෙහෙකාර සේවය ගැන නැවතත් බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත. එලෙස යොමු වී ඇත්තේ ඉෂාලිනි මරණයට පත්වු නිසාය. එසේ නොමැතිව ඉෂාලිනි ප්‍රතිකාර ලබාගෙන සුව වූවා නම් අද මේ සම්බන්ධයෙන් කතාබහක් ඇතිවන්නේ නැත. අඩුම තරමින් පරීක්ෂණයක්ද සිදුවන්නේ නැත. එයට හොඳම උදාහරණය ඉෂාලිනි රෝහල් ගතකළ මොහොතේ පටන් ඇයගේ ඥාතීන්ට වක්‍රාකාරයෙන් එල්ල කළ බලපෑම්ය. එපමණක් නොව ඉෂාලිනි මිය නොගියා නම් ශංකර් තවත් තරුණියක් ගෙනවිත් රිෂාඩ්ගේ නිවසට බර දෙනු ඇත. ඇයත් මේ ආකාරයෙන් වද හිංසාවට ලක්වානු ඇත. එසේ නම් එම සිද්ධියද යට යනු ඇත. ඒ නිසා සැබවින්ම ඉෂාලිනිගේ මරණය සමස්ත ළමා ශ්‍රමිකයන්ගේ ජීවිතය බේරාගැනීමක් හා සමානය. එසේම රිෂාඩ්ගේ වධකාගාරය හෙළිදරව් කිරීමක් හා සමානය. ඒ නිසා තව දුරටත් මෙවැනි සිදුවීම් සිදුවීමට ඉඩ දෙනවාද? ඉෂාලිනි වැනි තරුණියන් තවත් මිය යන්නට ඉඩ දෙනවාද? යන්න මේ රටේ රජයත් වගකිවයුතු ආයතනත් තීරණය කළයුතු මොහොතකි. මේ අවස්ථාව තවත් මග හරිමින් යන්නේ නම් ඉෂාලිනි වැනි දරුවන් දරිද්‍රතාවය හේතුවෙන් කොළඹ හතේ ගෙවල් වල අභිරහස් ලෙස මිය යනු ඇත.

******************************************

ගයාන් ගාල්ලගේ

හුටපට්ටම – 2021-07-03 – G TV

@@@@@@@@@@@@@@@@

Dear friends,

If you have not got vaccinated please do!! This is a plea. Please read my personal experience as our neighbour Nalika passed away today. All what I write is what Nalika told me and I spoke to her last on 30th July as she was too sick to talk to me yesterday. We live down Pothuarawa road in Malabe.

Heights of the story :

  1. Please get vaccinated and practice all health guidelines. Avoid parties and get togethers.
  2. If you fall sick there are no hospitals as all are full to capacity. No admission till there is a vacancy. As I understand most private hospitals are also full to capacity.
  3. All Colombo Govt hospitals and peripheral hospitals are full.
  4. Treating Covid patients at home is deadly as people are ignorant.
  5. There is no help. You are your own saviour.

Our neighbour Nalika’s father died 3 days back of Covid. He had returned from General hospital after a minor surgery and 7 days later complained of difficulty in breathing and admitted to hospital. Within few hours he passed away and was Covid positive. He was cremated the next day by the Govt without the presence of any family member. He lived with his daughter and next day (27th July) Nalika’s whole family developed symptoms. They were told to stay home by the PHI as PCRs will be done only on 30th. They were very disturbed. A kind gent in the neighbourhood had got the tests organised. All 3 were positive and they were told to stay home as there were no hospitals. I as a neighbour kept calling twice a day and I with the neighbourhood provided food taking all precautions. Today 1st July around 10 am I get a call from Nalika’s crying husband saying Nalika is very ill and she can’t talk. They had called the ambulance a few hours before and they hadn’t come. He was pleading in desperation asking for Nalika to be taken to a hospital.

I called all my friends in desperation and some were doctors. What I heard was shocking . All hospitals were full and Covid patients are on floors under beds. Until there is a vacancy hospitals don’t admit new patients. I learnt all Colombo hospitals were full to capacity including the peripheral hospitals. With all my influence finally an ambulance arrived around 11 am and whilst they were preparing the patient she had passed away!!

She had not taken the vaccine.

Her husband from the workplace had taken the first dose of AZ in Feb. Daughter is in her early 20’s. We as neighbours are helpless. We can’t visit them when they are in need. It’s 2.30 pm. and the husband and daughter are alone in the house with the dead body awaiting the PHI. Just imagine their plight and trauma!!

Look at our plight? We are all human beings with emotions. How do we help each other? if people can’t enter a hospital when they are sick what’s the use of living in a country like this? We open the country tomorrow 2nd August 2021 when hospitals are full to capacity and knowing very well the Delta variant is about to storm the country!! Are we this inhuman? If we are opening the country shouldn’t we have more hospitals opening and prepared for the worst? As I know our health system is exhausted and healthcare workers themselves are sick. It’s not opening a building but do we have enough medical teams?

Lockdown is not an answer but a proper strategy to treat patients should be in place before relaxing Covid regulations.

I am writing this to inform you of reality. Please avoid unnecessary travel, parties, visits and practice all health guidelines. Take the vaccine please. Don’t ever think anybody will rescue you. You are your own saviour.

FB

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *