තවත් කිලෝ 80 ක නිල් මැණික් පොකුරක් රක්වානෙන්

තවත් කිලෝ 80 ක නිල් මැණික් පොකුරක් රක්වානෙන්

*********************************************

තවත් කිලෝ 80 ක නිල් මැණික් පොකුරක් රක්වානෙන්

(30.07.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – රක්වාන ප්‍රදේශයෙන් හමුවූ තවත් විශාල නිල් මැණික් පොකුරක් පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබෙනවා.

කිලෝග්‍රෑම් 80 ක් බරැති මෙම නිල් මැණික් පොකුර, එහි හිමිකරුවන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන අර්ල් ගුණසේකර මහතා විසින් වෙන්දේසි කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී ඇති බව සඳහන්.

ඒ අනුව එම මැණික් පොකුර ලබන නොවැම්බරයේ චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙන්දේසියකදී වෙන්දේසි කිරීමට නියමිත බව සඳහන්.

මැණික් පොකුරේ හිමිකරු වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර මහතා සඳහන් කළේ ඒ සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මිලක් අපේක්ෂා කරන බවයි.

++++++++++

******************************************

(30.07.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

වකුගඩු රෝග වලට හේතු වන රසායනික පොහොර භාවිතයට එරෙහිව පොල්පිතිගම රෝහල අසල අද (30) පෙරවරුවේ විරෝධතාවයක් පැවැත්වුණා.

එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ වකුගඩු රෝගීන්ගේ පවුල් වල ඥාතීන් පිරිසක් විසින්.

ඊට ප්‍රදේශයේ ආගමික නායකයින්, ප්‍රාදේශීය දේශපාලඥයින් සහ ගොවි ජනතාවද එක්ව සිටියා.

විරෝධතාවයට එක්වෙමින් ඔවුන් ඉල්ලා සිටියේ, රසායනික පොහොර භාවිතය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය කිසිසේත් වෙනස් නොකරන ලෙසටයි.

මේ අතර කාබනික පොහොර භාවිතය සහ ඒවා නිෂ්පාදනය පිළිබඳ දිවයින පුරා ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය සහ මහවැලි අධිකාරිය මගින් ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ කෘෂිකර්ම විශේෂඥයන් විසින් ප්‍රාදේශීය මට්ටමින් ගොවීන් දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව, කාබනික පොහොර සම්බන්ධයෙන් පොළොන්නරුව – මැදිරිගිරිය – මහවැලි ඩී කලාපයේ ගොවීන් සහ සූරියගම ප්‍රදේශයේ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඊයේ (29) පැවැත්වුණේ මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත්, රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය සමග පොහොර නොමැති වීමෙන් වගාවන් සිදු කර ගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගොවීන් තවදුරටත් විරෝධතා වල නිරත වනවා.

එසේම, පොළොන්නරුව – මීගස්වැව වඩිගවැව ප්‍රදේශයේ ගොවීන් සඳහන් කලේ වී සඳහා නිසි මිලක් නොමැතිවීමෙන් ද තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවටයි.

******************************************

(30.07.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් සිදුව තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ඩෙංගු වෛරස් කාණ්ඩ 4 ක් මේ වනවිට දිවයින තුළ සංසරණය වන බවයි.

******************************************

(30.07.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ටැබ් පරිගණක ගෙන්වූ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව යහපාලන රජය සමයේ අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ‘හිරු ටී.වී. සලකුණ’ සජීව දේශපාලන සංවාදයට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

++++++++++++

******************************************

(30.07.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

කුමන ආණ්ඩුවක් පැවතියද 2030 දක්වා වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 5 බැගින් වාර්ෂිකව විදෙස් ණය ගෙවීමට සිදුව ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඊයේ පැවැති ‘හිරු ටී.වී. බලය’ සංවාදාත්මක වැඩසටහනේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

+++++++++++

******************************************

(30.07.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදුවූ පරිසර හානිය හේතුවෙන් කැස්බෑවුන් 417 ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 48 ක් සහ තල්මසුන් 08 දෙනෙකු මියගොස් ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (30) අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

ඒ අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවේ අද (30) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් කියා සිටියේ නෞකාවේ ගින්න හේතුවෙන් විෂ රසායනික ද්‍රව්‍ය හා ඉන්ධන, මුහුදු ජලයට මුසුවී ඇතැයි ද රජයේ රස පරීක්ෂක වාර්තාවලින් අනාවරණ වී ඇති බවයි.

අදාළ නඩුව ලබන 18 වනදා යළි කැඳවීමට නියමිතයි.

මේ අතර, කොළඹ වරායට සේන්දු වූ සීස් පාම් ලාහෝර් නෞකාවේ වූ බහාලුමක රසායනික කාන්දුවක් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය අද (30) සඳහන් කළා ෴

******************************************

ගොඩගත් ඉෂාලිනීගේ දේහය පේරාදෙණිය රෝහලට – දෙවන (2) මරණ පරීක්ෂණය හෙට (31)

(30.07.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය, මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා.

හැටන් – ඩයගම වත්තේ බටහිර කොටසේ පිහිටි පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ දේහය අධිකරණ නියෝග මත අද (30) පෙරවරුවේ ගොඩගැනුණේ දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේයි.

හිරු වාර්තාකරු කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උපදෙස් වලට අනුකූළව ගොඩගත් මෙම සිරුර විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ පේරාදෙණිය රෝහල වෙත රැගෙන ආවේ පස්වරු 5 ට පමණයි.

ඇයගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (31) සිදුකෙරෙනවා.

නුවරඑළිය මහේස්ත්‍රාත් ලූෂාකා කුමාරි ධර්මකීර්ති ඉදිරියේ මළ සිරුර ගොඩගන්නා අවස්ථාවේදී විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහ කොළඹ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ තිබුණා.

දැරියගේ දේහය හඳුනා ගැනීම සඳහා දෙමව්පියන්ට අවස්ථාව ලබාදීමෙන් පසු එය මුද්‍රා තබා එම ස්ථානයෙන් රැගෙන ගිය බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු පැවසුවේ.

දැරිය මියයාමේ සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

මේ අතර ළමා අපයෝජන සහ ළමා මෙහෙකාර සේවයේ යෙදවීම පදනම් කර ගනිමින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් සමග සාකච්ඡාවට එක්වෙමින් පසු, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අද (30) එම අධිකාරිය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

එමෙන්ම, හිෂාලිනී දැරියගේ මරණයට සම්බන්ධ වරදකරුවන්ට දැඩි දඩුවම් පනවන ලෙස ඉල්ලා පහතරට වතු කම්කරුවන්ගේ සංගමය ද අද (30) ඇල්පිටියේදී දේව කන්නලව්වක නිරතවී තිබෙනවා.

++++++++++++

******************************************

ව්‍යාජ ලේඛන සකසා කළ වංචාව

(30.07.2021 – 08:15 +0530 – sinhala.adaderana.lk)

තෙල්දෙණිය විශේෂ අපරාධ ඒකකය විසින් මොටර් රථයක් මිලදි ගැනීම සඳහා මුල්‍ය ආයතනයක් වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, දිගන ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක රුපියල් ලක්ෂ 28 ක මුදලක් ඇති බවට බැංකු කළමනාකරුගේ අත්සනින් යුතුව එම ව්‍යාජ ලේඛන සකසා තිබු බවය.

පසුව සැකකරු විසින් රුපියල් ලක්ෂ 24 ක් වටිනා මෝටර් රථයක් ලීසිං ක්‍රමයට මිලදී ගැනීම සඳහා එම ව්‍යාජ ලේඛන අදාළ මුල්‍ය ආයතනය වෙත ලබාදී ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක් බවට හඳුනා ගෙන තිබේ.

සැකකරු අද (30) දින තෙල්දෙණිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

@@@@@@@@@@@@@@@

රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

(30.07.2021 – 14:51 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අගෝස්තු මස 02 වන දින සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සඳහා කැඳවා තිබෙනවා.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරිට ඒ බව දැනුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත්කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා එහිදී දැනුම් දී තිබෙනවා ෴

++++++++++++++++++

(30.07.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1,716 දෙනෙකු සුවය ලබා අද (30) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 275,212 ක් ලෙසයි ෴

+++++++++++++++++++

(30.07.2021 – 16:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා එන්නත්කරණයේ නව වාර්තාවක් පිහිටුවමින් ඊයේ (29) දිනයේදී පුද්ගලයන් 515,830 දෙනෙකුට කොරෝනා එන්නත් ලබාදීම පිළිබඳව ප්‍රසාදය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එමගින් ජනාධිපතිවරයා ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවල කැපවීම අගය කළ යුතු බවයි ප්‍රකාශ කළේ.

සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිශක්තිකරණය සහතික කිරීම සඳහා එක්ව කටයුතු කරන බවත් සියල්ලන් සඳහාම එන්නත් සූදානම් බවත්, ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩය මගින් අවධාරණය කළා.

පන්ලක්ෂයකට වැඩි පිරිසක් එන්නත් කරමින් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලක් රජය දිරිගන්වන සුළු සන්ධිස්ථානයකට පැමිණ ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව මගින් ද සුබ පැතුම් එක් කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

+++++++++++++++++++

(30.07.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

පළමු (1) කොරෝනා රැල්ලේ සිට මේ දක්වා කාලය තුල ගර්භනී මව්වරුන් 2404 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 1635 ක් අද (30) දිනයේ මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 305,837 ක් දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++

(30.07.2021 – 18:27 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 1635 ක් අද (30) දිනයේ මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 305,837 ක් දක්වා ඉහළ ගියා.

++++++++++++++++++

කොවිඩ් එන්නත් ලබානොගත් පිරිස් පිළිබඳ සංගණනයක්

(30.07.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, කොවිඩ් ප්‍රතිශක්තිකරන එන්නත ලබානොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කඩිනම් සංගණනයක් සිදුකර, දින කිහිපයක් ඇතුළත එන්නත ලබානොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කිරීමත්, ඔවුන් එන්නත ලබාගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිතුමා විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95% කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණය වී තිබෙනවා.

(30.07.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝග ලක්ෂණ සහිත රෝගීන් රෝහල් ගත වීම ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන්ට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළා.

පූර්ණ එන්නත්කරණය සිදුකළ පුද්ගලයින් තවදුරටත් මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අවශ්‍ය බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියා.

අද (30) දිනයේත් කොරෝනා ආසාදිතයන් 1716 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 275,212 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

අද (30) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 1635 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

අද (30) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 820 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

මෙම ආසාදිතයින් 820 දෙනා සමඟ අද (30) දිනයේ මේ දක්වා හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2455 ක් වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *