ලොව විශාලතම ‘තාරකා නිල් මැණික් පොකුර’ රත්නපුරයෙන් සොයා ගැනේ

ලොව විශාලතම ‘තාරකා නිල් මැණික් පොකුර’ රත්නපුරයෙන් සොයා ගැනේ

*********************************************

ලොව විශාලතම ‘තාරකා නිල් මැණික් පොකුර’ රත්නපුරයෙන් සොයා ගැනේ

(27.07.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා ගත් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පවසනවා.

එම මැණික් පොකුර කැරට් මිලියන 2.5 ක් නැතිනම්, කිලෝග්‍රෑම් 510 ක බරකින් යුක්ත බවටයි සැලකෙන්නේ.

එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

සිය නිවස පිටුපස ළිඳක් කැපීමේදී මෙම අසාමාන්‍ය මැණික් පොකුර හමුවී ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුටයි.

එය ඔහු ‘සෙරන්ඩිපිටි සෆායර්’ ලෙස නම් කර ඇති බව සඳහන්.

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%BB+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

++++++++++

රත්නපුර මැණික් පොකුර ඕනෑම කෙනෙකුට මිලදී ගන්න අවස්ථාව

(27.07.2021 – 21:54 +0530 – hirunews.lk/sinhala)

රත්නදීපය ලෙස විරුදාවලිය ලබා ඇති ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් මැණික් ඇතුළු ස්වභාවික ඛනිජ සම්පත්වලට ලොව පුරා සුවිශේෂී කීර්තියක් උසුලනවා.

මෙතෙක් ලොව හමුවූ විශාලතම ස්වභාවික මැණික් පොකුර රත්නපුර – කහවත්ත ප්‍රදේශයෙන් හමුවන්නේ එවන් පසුබිමකයි.

රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ මෙම මැණික් පොකුර මීට මාස 8 කට පෙර සොයාගන්නා ලද එකක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පවසනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම මාධ්‍යයෙන් වසන්කරගෙන සිටීමට හේතුවූයේ මෙම මැණිකෙහි වටිනාකම අධික වීම නිසා බවත් සභාපතිවරයා කියා සිටියා.

******************************************

(27.07.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

කිරුළපන සහ වැල්ලවත්ත රෙදිමෝල ප්‍රදේශය අතර හයිලෙවල් මාර්ගයේදී මෝටර් රථයක් හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහනගර සභාවේ ගිනිනිවන රථ දෙකක් (2) යොදවා ඇති අතර ගින්නෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබුනා.

ගින්න ඇතිවූ අවස්ථාවේ සජීවී දර්ශන පහතින් :

++++++++++

******************************************

(27.07.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (27) අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ද, විසඳුමක් නොලැබීම හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.

එම වෘත්තීය සමිති නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළේ අදාල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, අදාළ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු – විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා (02) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබා දෙන බවයි.

වැටප් කොමිසම සමග සාකච්ඡා කර වැටුප් ගෙවීම පිළිබද තීරණයකට එළඹිය යුතු බව අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම, තමා කැබිනට් මණ්ඩලයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙනුවෙන් පෙනී සිටින බවත්, අදාල ගැටලුව නිරාකරණය කිරීමට තමා සූදානම් බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කල බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

සිය ගැටලුව පිළිබඳ දැනුවත් කිරීම සඳහා වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් අද (27) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවුණා.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කල ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (27) ක්‍රියාත්මක වූයේ 16 වන දිනටයි.

මේ අතර, යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් හෙට (28) දිනයේදී ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ද තීරණය කර තිබෙනවා ෴

******************************************

(27.07.2021 – 15:58 +0530 – hirunews.lk/sinhala)

මෙරටට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීමට ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ අගෝස්තු මස පළමුවනදා (01) සිට සංචාරක හෝටල්, ගුවන් සමාගම් හා සංචාරක සංවිධායකයනට ලබාදිය හැකි සහන පැකේජ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් පිලිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කරන බවයි.

එමෙන්ම, කොරෝනා වසංගතය හේතුවෙන් රටවල් 21 ක් ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට තහනම් කර ඇති අතර එම සීමාවන් ඉවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා අවධාරණය කළා ෴

@@@@@@@@@@@@@@@

(27.07.2021 – 16:01 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා එන්නත මගින් කොරෝනා වෛරසයට එරෙහිව ගොඩනගන ප්‍රතිශක්තිය මාස 6 කින් පමණ දුර්වල වන බව පර්යේෂණාගාර අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

චීන පර්යේෂකයන් මේ සඳහා අවුරුදු 18 ත් 59 ත් අතර, වයස් කාණ්ඩයේ පිරිසක් යොදා ගෙන ඇති අතර, දෙවන (2) මාත්‍රාව ලබාදී මාස 6 කින් ඔවුන් අතුරෙන් ප්‍රතිදේහ ඉතිරිව ඇත්තේ සියය 35 කට අඩු ප්‍රතිශතයකින්.

කෙසේ නමුත් ඔවුන්ට ප්‍රවර්ධක මාත්‍රාවක් ලබාදීමෙන් ප්‍රතිශක්තිය යළි ගොඩනැංවිය හැකි බව චීන පර්යේෂකයන් අනාවරණ කරගෙන තිබෙනවා.

තායිලන්තය සහ ඉන්දුනීසියාව එලෙස සිනොවැක් එන්නත ලබාදුන් පුද්ගලයින්ට 3 වන මාත්‍රාවක් ලෙස ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

තුර්කිය එලෙස සිනොවැක් එන්නත් ලබාදුන් පුද්ගලයින්ට ෆයිසර් එන්නත 3 වන මාත්‍රාවක් ලෙස ලබාදීමට දැනටමත් ආරම්භ කර ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයේ අවදානම සැලකිල්ලට ගනිමින් ෴

තවත් කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 1349 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 270,356 ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *