කොරෝනා මර්දන එන්නත අද ලබාගත හැකි ස්ථාන මෙන්න

කොරෝනා මර්දන එන්නත අද ලබාගත හැකි ස්ථාන මෙන්න

*********************************************

කොරෝනා මර්දන එන්නත අද ලබාගත හැකි ස්ථාන මෙන්න

(20.07.2021 – 10:44 +0530 – hirunews.lk/sinhala)

අද (20) දිනයේත් කොරෝනා මර්දන එන්නත ලබාදීමේ වැඩ පිළිවෙළ යටතේ දිස්ත්‍රික් කිහිපයක එන්නත්කරණය වැඩසටහන ක්‍රියාත්මකයි.

ඒ අනුව අද (20) දිනයේ එන්නත්කරණය වැඩසටහන ක්‍රියාත්මක වන ස්ථාන පහතින් දැක්වෙනවා.

මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලබාගත් මෙරට අයගෙන් සියයට 95 කගේ සිරුරු තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා.

එසේම ඩෙල්ටා ප්‍රභේදයට ද සයිනොෆාම් එන්නත ඉහළ ප්‍රතිචාර දක්වන බවට ද එම පර්යේෂණයෙන් තහවුරු වී ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ.

@@@@@@@@@@@@@@@@

(20.07.2021 – 10:50 +0530 – hirunews.lk/sinhala)

මාර්ගයක ගමන්කරමින් සිටි කාන්තාවකගේ අත පිහියකින් කපා තුවාල සිදුකර ඇයගේ අත් බෑගය කොල්කෑමේ පුවතක් කොහුවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොහුවල, පීරිස් මාර්ගයේ ගමන්කරමින් සිටි කාන්තාවක් මෙම සිද්ධියට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු පැවැසුවේ.

කොල්ල කෑ අත් බෑගය තුල අදාල කාන්තාවගේ ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථනය, බැංකු පොත්, ක්‍රෙඩිට් කාඩ්පත් හා රුපියල් දසදහස මුදලක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපක් තිබී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කොල්ල කෑම සිදුකළ සැකකරු මං කොල්ලය සඳහා යොදාගත් උල් පිහියත් සමඟ ගල්කිස්ස පොලිස් දූෂණ මර්ධන ඒකකය මඟින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු බොරලැස්ගමුව, වේරහැරවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 53 ක පුද්ගලයෙකු වන අතර, ඔහු දැඩිලෙස මත්කුඩු පානයට ඇබ්බැහිවූවෙකු බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව කොල්ල කෑ අත්බෑගය වේරහැර, වැලිපාර ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබියදී සොයා ගෙන තිබෙනවා ෴

******************************************

(20.07.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 17 සහ 18 යන දෙදින තුළ දිවයින පුරා සිදුකළ අපරාධ හා රථ වාහන අනතුරු නිවාරණය කිරීමේ විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ගිනි අවි 16 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් 30,219 දෙනෙකු සහ පොලිස් නිළ සුනඛයින් 92 නෙකු එම මෙහෙයුමට එක්ව ඇති අතර, එම දෙදින තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 5548 ක්.

එහිදී වරෙන්තුකරුවන් 1283 ක් සහ සැකකරුවන් 815 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ෴

******************************************

අධ්‍යාපන ඇමති සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අතර සාකච්ඡාව අසාර්ථකයි

(20.07.2021 – 11:16 +0530 – hirunews.lk/sinhala)

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවන් ඉවත්කරන ලෙස ඉල්ලා වර්ජනයේ නිරත ගුරු විදුහල්පති වෘත්තිය සමිති සහ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අතර අද (20) පැවති සියලු සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි එම වෘත්තිය සමිති නියෝජිතයින් පැවසුවේ.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු විදුහල්පති සංගම් රැසක් දියත්කර තිබූ ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (20) 9 වැනි දිනටත් ක්‍රියාත්මක වුණා.

ගැටලුවලට විසඳුමක් අපේක්ෂාවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර අද (20) පෙරවරුවේ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූ නමුත් එම සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ගුරු සංගම් ප්‍රකාශ කළේ.

******************************************

(20.07.2021 – 11:24 +0530 – hirunews.lk/sinhala)

කළුතර, නාගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් බිඳ රුපියල් ලක්ෂ 03 කට අධික වටිනාකමකින් යුත් කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු (2) මොරටුව, එගොඩ උයන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) කළුතර, නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 38 හා 34 වයස් කාණ්ඩවල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් දෙදෙනාම තදබල ලෙස මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් බව ද පොලිසිය පවසනවා.

පොහොර උර කිහිපයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු මොරටුව, කටුකුරුන්ද ප්‍රදේශයේ රැඳී සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේ දී මෙම භාණ්ඩ සොයාගැනීමට හැකිව තිබෙනවා.

******************************************

(20.07.2021 – 12:01 +0530 – hirunews.lk/sinhala)

තෙදින (3) සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීජ් අද (20) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

මොහු සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 15 දෙනෙකු ද දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

******************************************

(20.07.2021 – 12:07 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය දෙවන (2) දිනට ආරම්භ වී තිබෙනවා.

විශ්වාසභංග යෝජනාවට අදාල ඡන්ද විමසීම අද (20) පස්වරු 05:30 ට පැවැත්වීමට නියමතයි.

විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පෙරේදා (18) රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළා.

විශ්වාසභංග යෝජනාව ගෙන ආ සමගි ජනබලවේගය සමගින් දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ද ඊට පක්ෂව ඡන්දය ලබාදීමට මේ වන විටත් තීරණය කර අවසන් ෴

******************************************

(20.07.2021 – 12:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට පුරවැසින්ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේම මුස්ලිම් ප්‍රජාවට අයත් පුද්ගලයින්ගේ ද විවාහ සහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවන් ලබාදීමට අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඉස්ලාම් ආගම අදහන තැනැත්තන් විවාහ ලියාපදිංචි කිරීමේ අඥාපනත යටතේ විවාහ වීමට අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ට එකී අඥාපනත යටතේ පාලනය වීමට හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සහ සිවිල් නඩු කටයුතු සම්බන්ධ කාර්යය පටිපාටිය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හමුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ෴

******************************************

(20.07.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලබන මත්ද්‍රව්‍ය තොගනැවත ජාවාරම් කළ චෝදනාවට අත්අඩංගුවේ පසුවන නාකොටික් නිලධාරීන් එම මත්ද්‍රව්‍ය තෙල්වත්ත, මිණුවන්ගොඩ සහ දැඩි ආරක්ෂක කලාපයක් වන පාර්ලිමේන්තුව අසලදී බෙදා හැර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නාකොටික් නිලධාරින්ගේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව කරුණු දක්වමින්.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට චෝදනා ලද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය අද (20) අධිකරණයට ඉදිරිපත් කෙරුණේ එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ නිලධාරීන් 19 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් සහ සිවිල් පුද්ගලයන් 10 දෙනෙකුද ඇතුළුව සැකකරුවන් 30 දෙනෙකු මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

2020 වසරේ අප්‍රේල් මස මත්ද්‍රව්‍ය තොගයක් මාතර සිට කොළඹ දක්වා වාහන 2 කින් ප්‍රවාහනය කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලෙස සේවය කළ මෙම සැකකරුවන් සම්බන්ධ වී ඇති බවත් එමගින් ඔවුන් රුපියල් කෝටි ගණනක මුදල් උපයා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත්නි යෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරුවන් එම මත්ද්‍රව්‍ය තොගය තෙල්වත්ත මිණුවන්ගොඩ සහ දැඩි ආරක්ෂක කලාපයක්වන පාර්ලිමේන්තුව අසලදී බෙදා හැර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඔහු අධිකරණයට කරුණු දක්වමින් සදහන් කළේ ඩුබායි හි ජීවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්වන ‘ගිහාන් ෆොන්සේකා’ නැමති පුද්ගලයෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට එවා ඇති බවයි.

එහිදී අදාළ මත්ද්‍රව්‍ය තොග බෙදාහැරීමේ කටයුත්ත සම්බන්ධීකරණය කිරීම දැනට බන්ධනාගාරගතව සිටින ‘ජනිත් මධුසංක’ හෙවත් ‘පොඩි ලැසී’ විසින් සිදුකර ඇතැයි විමර්ශනවලදි අනාවරණය වූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති නියෝමාල් රංගජීව මහතාට වෙඩි තැබීම, ‘මාකඳුරේ මධුෂ්’ගේ කණ්ඩායමක් විසින් සිදුකර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇත්තේ ඩුබායි හි සිටින ‘ගිහාන් ෆොන්සේනා’ නමැත්තා විසින් බැවින් වෙඩි තැබීමේ සිද්ධිය හා මෙම සැකකරුවන් අතර සම්බන්ධයක් ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.

ඔහු අධිකරණය හමුවේ වැඩිදුරටත් සදහන් කළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සම්බන්ධ සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව නිති විරෝධී අවි ආයුධ ප්‍රවාහනය සහ ජාවාරම් ද කර ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි 14 ක් හමු වූ බවයි.

මෙම ජාවාරමේ මහ මොළකරු ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ‘පොලිස් පරීක්ෂක පේමසිරි’ කටයුතු කර ඇති බවත් ඔහුගේ ගණකාධිකාරිවරයා ලෙස ‘පොලිස් කොස්තාපල් රත්නායක’ නමැත්තා ක්‍රියාකර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියා.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ ‘රත්නායක’ නැමති පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව රුපියල් ලක්ෂ 300 කට අධික මුදලක් තිබූ බවයි.

******************************************

(20.07.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

නව ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් හා වායු ගවේෂණ මෙන්ම නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය විධි විධාන ඇතුළත් නව ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතක් සම්පාදනයට පසුගිය ජනවාරි 25 වන දා පැවති අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමි වුණා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද නව කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *