හිරු සී.අයි.ඒ. : කාන්තා අපයෝජකයා කොටු කළ මෙහෙයුම

හිරු සී.අයි.ඒ. : කාන්තා අපයෝජකයා කොටු කළ මෙහෙයුම

*********************************************

හිරු සී.අයි.ඒ. : කාන්තා අපයෝජකයා කොටු කළ මෙහෙයුම

(06.07.2021 – 22:15 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ හරහා අප ඊයේ (05) අනාවරණය කලේ සැමියාගෙන් වෙන්ව ජීවත්වන කුරුණෑගල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ෆේස් බුක් හරහා හදුනාගත් 31 හැවිරිදි පුද්ගලයෙකු විවිධ බලපෑම් එල්ල කරන ආකාරයයි.

පසුගිය දිනක අදාල පුද්ගලයා මෙම කාන්තාව ලැගුම්හලකට ගෙන ගොස් එහිදී කාන්තාවට විවිධ වධහිංසා පමුනුවා ජංගම දුරකථනයෙන් එම සිද්ධිය පටිගත කර තිබුනා.

මෙම සිද්ධියෙන් අනතුරුවත් කාන්තාවට හිංසා කළ අදාල පුද්ගලයා යළි යළිත් කාන්තාවට බල කර තිබුනේ තමන් හමුවට පැමිණෙන ලෙසයි.

කාන්තාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මොහු ඇගේ සේවා ස්ථානයට ගොස් ඇගේ රැකියාව අහිමි කරන ලෙසට ද දැනුම් දී තිබුනා.

******************************************

(06.07.2021 – 22:35 +0530 – hirunews.lk/sinhala)

අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමකට ලබාදී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය යළි අහෝසි කිරීම සම්බන්ධයෙන් අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්ණ කෙරුණා.

******************************************

(06.07.2021 – 23:12 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර බලවේග මෙරට සම්පත් මංකොල්ලයක නිරතවන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ අදහස් පළකළා.

******************************************

(07.07.2021 – 06:49 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පින්වත්ත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 75 ක වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 750 ක් සමඟ 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සළිඳු’ නැමැත්තාගේ අනුදැනුම මත මොහු විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවයි ෴

******************************************

(07.07.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නම් කිරීමට අදාළව සාකච්ඡාව කිරීම සඳහා අද (07) මැතිවරණ කොමිසම රැස්වනවා.

උදෑසන 9 ට මැතිවරණ කොමිසම රැස්වන අතර එම සාකච්ඡාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂගේ නම ගැසට් කිරීමට නියමිතයි.

ඊට අදාළ ලිපි ලේඛන ඊයේ (06) මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයා වෙත භාර දෙනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් විසින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (06) පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත භාරදෙනු ලැබුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහායි.

ඒ අනුව හෙට (08), හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවයි වාර්තාවන්නේ ෴

******************************************

(07.07.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීය සමිති 14 ක් එක්ව ආරම්භ කර තිබූ වර්ජනය ඊයේ (06) අවසන් කෙරුණ ද තවත් වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට සූදානම් වනවා.

ඒ අනුව ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීමට තම සංගමය ද අපේක්ෂා කරන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කළේ ජාතික වැටුප් ප්‍රතිපත්තියට හෝ පිළිගත් ක්‍රමවේදයකට ගරු නොකරමින් සිය ඉල්ලීම් ඍජුවම කැබිනට් අනුමැතිය හරහා ලබා ගැනීමට වෘත්තීය සමිති කටයුතු කරන්නේ නම් සමස්ත රාජ්‍ය සේවයම අර්බුදකාරි තත්ත්වයකට ඇද වැටෙන බවයි.

මේ අතර, ‘සංවර්ධන නිලධාරී සේවා සංගමය’ ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ සිය ඉල්ලීම් කඩිනමින් ඉටු නොකරන්නේ නම් ඉදිරියේදී දීප ව්‍යාප්ත වර්ජනයකට අවතීර්ණ වන බවයි.

වැටුප් විෂමතා ඉවත් කර මූලික වැටුප හා දීමනා ඉහළ දැමීම, උසස්වීම් පටිපාටිය වෙනස් කිරීම, හිඟ වැටුප් ලබාදීම, අභ්‍යාසලාභී පුහුණු දීමනාව රුපියල් 30,000 ක් දක්වා ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි මොවුන් වර්ජනයකට යාමේ සූදානමක් ඇත්තේ ෴

******************************************

(07.07.2021 – 08:25 +0530 – hirunews.lk/sinhala)

ළමයින් සහ කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරනු ලබන තවත් වෙබ් අඩවි 4 ක් හඳුනාගෙන තිබෙනවා.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඊට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියත් සමඟයි මෙවැනි වෙබ් අඩවි පිළිබඳව සමාජයේ කථාබහක් ඇතිවුණේ.

ඉන් එක් වෙබ් අඩවියක නිර්මාණකරු සහ සහයක අත්අඩංගුවට ගෙන මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර අවසන්. කෙසේ වෙතත්, තවදුරටත් මෙවැනි ආකාරයේ වෙබ් අඩවි හදුනා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කළේ.

ගල්කිස්සේදී අවුරුදු 15 ක දැරියක් අපයෝජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා රෝහලට අනුයුක්ත සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා අනිද්දා (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කළා.

මෙම සිද්ධියට අදාළව දැනට මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු 32 කු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(07.07.2021 – 08:39 +0530 – hirunews.lk/sinhala)

පුරා දශක පහකට (5) අධික කාලයක් හින්දි සිනමාව ඔපවත් කළ ප්‍රවීණ නළු ‘දිලිප් කුමාර්’ අද (07) උදෑසන මිය ගොස් තිබෙනවා.

මේ බව ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිණුමේද සටහන්ව තිබුණා.

හොලිවුඩ් සිනමාවේ වැඩිම සම්මාන ගණනක් දිනා ගත් රංගන ශිල්පියා ලෙස සැලකෙන දිලිප් කුමාර් මිය යන විට 98 හැවිරිදි වියේ පසුවුණා.

ටික කලක් රෝගාතුරව සිටි දිලිප් කුමාර්ගේ රෝගී තත්ත්වය පසුගිය වසරක පමණ කාලය තුළ තරමක් උත්සන්නව තිබූ බවයි ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ වන විට ‘පාකිස්ථානයට අයත් ව තිබෙන පෙෂාවර් ප්‍රදේශයේදී’ 1922 වසරේදී උපත ලද දිලිප් කුමාර් බොලිවුඩ් සිනමාව තුළ අතිශය ජනප්‍රිය වූ දේව්දාස්, මෝගල්-ඊ-අසාම්, ගංගා යමුනා, මධුමතී, ක්‍රාන්ති, විදාතා, ශක්ති සහ මාෂාල් යන චිත්‍රපටවල සිය රංගන කුසලතාව ප්‍රකට කළා.

******************************************

(07.07.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

ප්‍රේම සම්බන්ධතාවයක් මත පොළොන්නරුව ප්‍රදේශයේ තරුණයකු සමඟ ගෙදරින් පැන ගොස් එප්පාවල ප්‍රදේශයේ නිවසක පෙම්සුව විඳිමින් සිටි සිසුවියක් එප්පාවල පොලිසිය විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම සිසුවිය පොලිස් භාරයෙන් දෙමාපියන්ට භාරදීම සඳහා රුපියල් පන්දහසක (5000) අල්ලස් මුදලක් එප්පාවල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයෙකු ඉල්ලා ඇති බව අපට වාර්තා වුණා.

වින්දිත දැරිය දෙමාපියන්ට භාරදීමට නම් රුපියල් පන්දහසක (5000) මුදලක් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියදී එම මුදල උප පොලිස් පරීක්‍ෂකවරයාට ලබාදී ඒ පිළිබඳව සිසුවියගේ දෙමාපියන් පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම්දී තිබේනවා.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එප්පාවල පොලිස් ස්ථානාධිපති සඳහන් කළේ සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා පරීක්‍ෂා කිරීමේදී ඔහුගේ කලිසම් සාක්කුවේ තිබුණ අදාළ මුදල එප්පාවල පොලිස් නිලධාරීන් විසින් සොයාගත් බවයි.

කෙසේ වෙතත් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ශාන්ත කොඩිසිංහ මහතා විසින් සැකකරුගේ සේවය තහනම් කර තිබෙනවා.

දැරියගේ දෙමාපියන් පොලොන්නරුව මොරගස්හේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පහළොස් (15) හැවිරිදි දියණිය මීට මාසයකට පමණ ඉහතදී දහඅට (18) හැවිරිදි තරුණයා සමඟ පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

(07.07.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

වාලච්චේන ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ රියදුරන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අකුරැස්ස සහ අරියාලෙයි ප්‍රදේශවලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

******************************************

(07.07.2021 – 09:17 +0530 – hirunews.lk/sinhala)

කතරගම – නාගහවීථිය – සමෘද්ධි මාවතේදී සිදුවූ වෙඩි තැබීමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (06) රාත්‍රි 07:30 ට පමණ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තවත් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු යාල කැළයට පලාගොස් ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කතරගම පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන් ෴

******************************************

(07.07.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බොරලන්ද නගරයේ විරෝධතාවක් පැවැත්වීමේ චෝදනාව මත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුලු පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔවුන් අද (07) බදුල්ල – බෝගහකුඹුර පොලීසියට භාරවීමෙන් අනතුරුවයි.

පසුගිය 01 වනදා අදාළ විරෝධතාව බොරලන්ද නගරයේ සංවිධාන කර තිබුණේ රසායනික පොහොර කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලමින් ෴

******************************************

(07.07.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

යාපනය – අරියාලේ ප්‍රදේශයේදී වැලි ජාවාරමේ නිරත පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔවුන් ඊයේ (06) අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අරියාලේ ප්‍රදේශයේම පදිංචි 29 සහ 35 වන වියේ පසුවන්නන් ෴

******************************************

(07.07.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – දිගන – තෙල්දෙණිය, මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අක්‍රමවත් ලෙස ශ්‍රී ලංගම බස් රථ ධාවනය කරන බවට පවසමිනුයි ඔවුන් මෙලෙස ධාවනයෙන් ඉවත්වී ඇත්තේ ෴

******************************************

(07.07.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

පුරප්පාඩුව පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නම ඇතුළත් ගැසට් පත්‍රය මේ වනවිට නිකුත්වී තිබෙනවා.

අද (07) පෙරවරුවේ මැතිවරණ කොමිසන් සභාව රැස්වීමෙන් අනතුරුවයි ඔහුගේ නම ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකෙරුණේ. ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෙට (08) මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

@@@@@@@@@@@@@@@@

(06.07.2021 – 23:14 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 269 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද දිනයේ මෙරටින් හමුවූ ආසාදිතයන් ගණන 919 ක් ෴

++++++++++++++++++++++++

(07.07.2021 – 06:16 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික්-වී එන්නත් මාත්‍රා 50,000 ක් අද (07) අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන එනු ලැබුවා. එමෙන්ම ශ්‍රී ලංකාව මිලදී ගත් ෆයිසර් එන්නත් තොගයෙන් දැනට ලැබී ඇති එන්නත් මාත්‍රා 26,000, කොළඹ එක (1) සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි ඇස්ට්‍රාසෙනෙකා පළමු (1) මාත්‍රාව ලබාගත් ජනතාවට දෙවන (2) මාත්‍රාව ලෙස අද (07) සිට ලබාදෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

ස්පුට්නික්-වී එන්නත් තොගය රුසියාවේ ගැමලෙයා වෛද්‍ය නිෂ්පාදනාගාරයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන විත් එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන එනු ලැබුවා.

පසුව මේවා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එහි කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 අද (07) සිට ලබාදීමේදී එන්නත්කරණ දිනය, වේලාව සහ ස්ථානය දුරකථනය ඔස්සේ කෙටි පණිවුඩ මගින් දැනුම් දෙන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර එන්නත්කරණයේදී පාසල් ගුරුවරුන්ට ද වයස් සීමාව නොසලකා ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව ලබන 12 වන දා සිට එම එන්නත්කරණ කටයුතු ආරම්භ කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියළු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ කලාප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කරමින් උපදෙස් ලබාදී ඇති බව සදහන්.

එමෙන්ම ඊයේ (06) දිනයේ නව ආසාදිතයන් 934 ක් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,67,433 ක් ලෙස ඉහළ ගියා. ඊයේ (06) හඳුනාගත් ආසාදිතයන්ගෙන් 919 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 15 දෙනෙකුද ආසාදිතයන් ලෙස වාර්තාවුණා.

ඒ අනුව රෝගීන් 27,506 ක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2,36,659 ක්. එමෙන්ම මෙරට මුළු මරණ සංඛ්‍යාව දැක්වුණේ 3,313 ක් ලෙසයි.

මේ අතර ගතවූ පැය විසි හතරේ (24) නිරෝධායන නීති උල්ලංඝනය කළ 322 කු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++

(07.07.2021 – 06:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (06) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අනුව නිරෝධායන නීති ක්‍රියාත්මක කෙරුණු පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 48,244 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

මෙයින් 41,000 කට පමණ මේ වන විටත් නඩු පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(07.07.2021 – 06:34 +0530 – hirunews.lk/sinhala)

හුදකලා කර තිබූ ප්‍රදේශ දෙකක් (2) අද (07) උදෑසන සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා.

එම ප්‍රදේශ පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *