ගල්කිස්සේදී දැරියක අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

ගල්කිස්සේදී දැරියක අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

*********************************************

ගල්කිස්සේදී දැරියක අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(05.07.2021 – 06:21 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් හතරදෙනකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දැරිය අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක පුද්ගලයන් දෙදෙනෙකු (2) බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම දැරියව අන්තර්ජාලය ඔස්සේ මුදලට ලබා ගත් මාලදිවයින් ජාතිකයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එමෙන්ම මෙම දැරියව ලිංගික අපයෝජනය සඳහා හෝටලයක කාමරයක් ලබාදුන් හෝටල් කළමණාකරු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ෴

++++++++

(05.07.2021 – 07:46 +0530 – sinhala.adaderana.lk)

අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ද ඇතුළුව මේ වනවිට පුද්ගලයින් 32 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (04) දිනයේදී ද පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට සිදුකර ඇති විමර්ශන අනුව එම දැරිය අලෙවි කිරීමට තවත් වෙබ් අඩවි 4 ක දැන්වීම් පළ කර ඇති බවට අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අතරින් එක් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු (2) ඊයේ අත්අඩංගුවට ගත් බවය.

මීට පෙරද එවැනි වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර මෙම දැරියව මුදලට ලබාගත් මාලදිවයින් ජාතිකයෙකු, දැරියව අපයෝජනය කිරීම සඳහා කාමර පහසුකම් සැපයූ හෝටලයේ කළමනාකරවරයා ද ඊයේ (04) අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති තවත් 12 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය‍.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 07 වනදා ගල්කිස්ස පොලීසිය විසින් ප්‍රථමයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි ෴

++++++++

15 දැරිය තවත් වෙබ් අඩවි තුනකින් (3) අලෙවි කරලා

(05.07.2021 – 14:59 +0530 – lankadeepa.lk)

පහළොස් හැවිරිදි බාලවයස්කර දැරියක් ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය අන්තර් ජාලය හරහා දැරිය අලෙවි කළ තවත් වෙබ් අඩවි 3 ක තොරතුරු හෙළිකරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අනුව මෙම වෙබ් අඩවි සමග දැනට මෙම දැරිය වෙබ් අඩවි 5 ක් හරහා අලෙවි කර ඇති බව හෙළිව ඇතැයි හෙතෙම කියා සිටියේය.

මෙයින් වෙබ් අඩවි දෙකක් හදුනාගෙන ඒවායේ හිමිකරුවන් ඇතුලූ සිව්දෙනකු දැනට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර ඇති අතර සෙසු වෙබ් අඩෙවි 3 ක පිරිස අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම පිරිසට අමතරව මෙම ලිංගික කටයුතු සදහා මෙම දැරියට කාමර හා නවාතැන් පහසුකම් ලබා දුන් පිරිස සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවද හෙතෙම කීය.

දැනට හෝටල් හ නවාතැන් පොළවල් කිහිපයක් හදුනාගෙන ඇති බවත්, ඒවායේ හිමිකරුවන් ,කළමනාකරුවන් අත්අඩංගුවට ගන්නා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් 32 ක් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර ඇති අතර එම පිරිස අතර මෙම දැරිය ගේ මව සහ ඇගේ අනියම් සැමියා, වන බවත් දැරිය අපයෝජනයට ලක් කළ පිරිස අතර මාලදිවයින් ජාතිකයකු, නැවක කපිතාන්වරයකු, කෝටිපති ව්‍යාපාරිකයකු, ප‍්‍රාදේශිය සභා උප සභාපතිවරයකු සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

මෙම දැරිය තදින් අයිස් මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව සිටින්නියක් බවත් ප‍්‍රධාන සැකකරු ඇයට අයිස් මත්ද්‍රව්‍ය ලබා දී ඇගෙන් සේවය ලබාගෙන ඇති බවට හෙළි ව ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

https://www.youtube.com/watch?v=952suKQ7rkk

******************************************

(05.07.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද (05) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදි සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම පක්ෂ නායක රැස්වීම පෙරවරු 09:30 ට පැවැත්වීමට නියමිතව ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි සමගි ජනබලවේගය ගෙන ආ, විශ්වාසභංග යෝජනාව පසුගිය මස 22 වනදා කතානායකවරයාට භාර දුන් අතර, ඊට මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සන් කර තිබුණා.

මෙම විශ්වාසභංගය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීරණයට අනුව එය, පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. අනතුරුව එය විවාද කරන දිනය සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති ෴

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජනබලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ විස්ස (20) යන දෙදින (2) තුළ විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදියි.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සන් සහිතව අමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදෙනු ලැබුවේ පසුගිය මස 16 වනදායි ෴

******************************************

උසස් පෙළට ඔන්ලයින් හරහා ඉල්ලුම්පත් කැඳවීම ඇරඹේ

(05.07.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අද (05) සිට ආරම්භ කෙරෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ ලබන ජූලි 30 වනදා දක්වා ඊට අයදුම් කළ හැකි බවයි.

Online Application Module – from Dept. of Examinations, Sri Lanka

https://www.doenets.lk/

******************************************

(05.07.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවයට අයත් වෘත්තිය සමිති 14 ක සේවක සේවිකාවන් අද (05) සිට අඛන්ඩ වර්ජනයක නිරතවනවා.

හෙද සේවයට පමණක් සුවිශේෂ වරප්‍රසාද ලබාදීම ඇතුලු ඉල්ලීම් 14 ක් මුල් කරගගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙන අතර, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ තෝරාගත් රෝහල් කිහිපයක හැර සෙසු සියලු රෝහල් වල මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

මේ අතර රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලයට බලපාන ගැටලු හා ඉල්ලීම් වලට විසඳුම් ඉල්ලා හෙට (06) සහ අනිද්දා (07) අසනීප නිවාඩු වාර්තා කරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයද නිවේදනය කළා ෴

******************************************

(05.07.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

ගෝලීය බාලදක්ෂ සංස්කෘතික ජම්බෝරිය මේ මස 16, 17 සහ 18 දිනවල වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ පිළිබඳව ජාත්‍යන්තරයට හඳුන්වාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රාත්‍රියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

එහිදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ අනුශාසක ලෙස අග්‍රාමාත්‍යවරයා, මෙම ජම්බෝරියේ ඇති වටිනාකම පැහැදිළි කළා. මෙම ජම්බෝරිය එකම බාලදක්ෂ ලෝකයක් යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතයි ෴

******************************************

හමුදා සාමාජිකයින් පිරිසක් යට කරමින් ධාවනය වූ ඉන්ධන බවුසරය

(05.07.2021 – 11:24 +0530 – sinhala.adaderana.lk)

යුද හමුදා රථයක් සහ බවුසර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (05) අලුයම සිදුවූ අනතුරකින් හමුදා සෙබලෙකු (1) ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ තවත් හමුදා සෙබලුන් 5 ක් මහව සහ කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කර ඇත.

අනතුර සිදුව තිබුණේ පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේ දීය.

යාපනය සහ විශ්වමඩු හමුදා කඳවුරුවල සිට හමුදා සාමාජිකයින් 7 දෙනෙකු රැගත් ට්‍රක් රථය අඹේපුස්ස හමුදා කඳවුර වෙත ගමන් කරන අතරතුර අඹගස්වැව ප්‍රදේශයේදී මාර්ග අයිනේ නවතා ගිමන් හැර තිබේ.

හමුදා සාමාජිකයින් රථය පිටුපස සිටියදී වේගයෙන් පැමිණි බවුසර් රථයක් හමුදා සාමාජිකයින් අනතුරට ලක් කරමින් ට්‍රක් රථයේ ගැටී ඉදිරියට ධාවනය වී ඇත.

බවුසර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුවෙන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

+++++++

@@@@@@@@@@@@@@@@

(05.07.2021 – 06:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (04) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයින් 339 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අතරින් වැඩිම පිරිස් වන 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයෙන්.

මේ අනුව නිරෝධායන නීති ක්‍රියාත්මක කෙරුණු පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 47,579 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ෴

+++++++++++++++++++++++++

(05.07.2021 – 06:36 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර – උතුර පොලිස් බල ප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර ග්‍රාම නිලධාරී වසම අද (05) පෙරවරු හයේ (06:00) සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම මෙතෙක් හුදෙකලා කර තිබූ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් බල ප්‍රදේශයේ දාපනේ ග්‍රාම නිලධාරී වසම හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා.

එමෙන්ම දැනට බලපැවැත්වෙන පළාත් අතර සංචරණ සීමා අද (05) සිට තවත් දින 14 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) නිකුත් කළා.

එම විස්තර පහතින් :

++++++++++++++++++++

(05.07.2021 – 06:52 +0530 – hirunews.lk/sinhala)

පළමු වරට ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍ර 26,000 ක් දිවයිනට ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම ෆයිසර් එන්නත් තොගය ද කඩිනමින් ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි වැඩි දුරටත් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5 ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර ජූලි මාසය තුළදී එන්නත් ලක්ෂ දෙකක (2,00,000) ප්‍රමාණයක් දිවයිනට ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

+++++++++++++++++++++++

(05.07.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදා රෝහල ඇතුලු දිවයින පුරා මධ්‍යස්ථාන කිහිපයකදී ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීමෙන් අද (05) සිට එන්නත්කරණ කටයුතු සිදු කෙරෙන බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා නාරාහේන්පිට යුද හමුදා රෝහල, පනාගොඩ බෝධිරාජාරාමය, බත්තරමුල්ල – දියත උයන සහ වේරහැර පළවන වෛද්‍ය බලකාය යන ස්ථානවලදී එන්නත්කරණ කටයුතු සිදු කෙරෙනු ඇති.

ඊට අමතරව අවුරුදු 60 වැඩි පුද්ගලයින් සඳහා ගාල්ල, මාතර, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කිලිනොච්චිය, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලදී එන්නතකරණ කටයුතු සිදු කෙරෙනවා.

මේ අතර, එනන්ත් මාත්‍රා 02 කම ලබා ගත්ත ද නිසි සෞඛ්‍ය උපදෙස් තවදුරටත් පිළිපැදිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොළඹ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා ෴

++++++++++++++++++++++

(05.07.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයන් ඊයේ (04) 1,573 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට අසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හැට පන්දහස් හයසිය තිහක් (2,65,630) දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 1,517 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තාවන අතර, 56 දෙනෙකු විදේශයන් හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වනවා.

ඒ අනුව තවදුරටත් රෝගීන් 29,122 කු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ තිස් තුන්දහස් තුන්සිය දහ තුනක් (2,33,313).

එමෙන්ම පෙරේදා (03) තහවුරු කරන ලද සෞඛ්‍ය සේවා ජනරාල්වරයා විසින් ඊයේ (04) වාර්තා කළ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 45 ක්.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3,236 ක් ලෙසයි. නව මරණවලින් 25 ක් කාන්තාවන් වන අතර, පිරිමි පුද්ගලයන් 20 දෙනෙකුද මියගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++

(05.07.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

පළාත් හරහා ගමන් කිරීමේදී සෞඛ්‍ය උපමානවල ඇති උපදෙස් පිළිපදින ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා.

ඊයේ (04) නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ලබන 19 වනදා දක්වා පළාත් අතර සංචරණය තවදුරටත් සීමා කර තිබෙනවා.

ඒ අනුව පළාත් හරහා ගමන් කිරීමට හැකියාව පවතින්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවූවන්ට සහ සමීපතම ඥාතියෙකුගේ අවමංගල කටයුතු මෙන්ම ප්‍රතිකාර ලබාගැනීම වැනි මානුෂිය හේතුන් මත පමණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++

(05.07.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව සහ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 35,661 දෙනෙකුට ඊයේ (04) ලබාදී තිබෙනවා.

ඉන් එන්නත් 20,506 ක් පළමු (1) මාත්‍රාව ලෙස ලබාදී ඇති අතර, 15,155 ක් දෙවන (2) මාත්‍රාව ලෙසයි ලබාදී ඇත්තේ.

වෙනත් කිසිදු එන්නතක් ඊයේ (04) දිනය තුළ ලබාදී නැහැ. මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 19,31,714 කට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 8,51,969 ක්.

මේ වනවිට කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 9,25,242 කට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 3,84,047 කට ලබාදී තිබෙනවා ෴

++++++++++++++++++++++

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කොවිඩ් ආසාදනයවූ ‘තෝර්’ නමැති කේසර පිරිමි සිංහයාට නිව්මෝනියාව උත්සන්න වෙයි

(05.07.2021 – 15:07 +0530 – lankadeepa.lk)

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කොවිඩ් ආසාදනයවූ ‘තෝර්’ නමැති කේසර පිරිමි සිංහයාගේ නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීම නිසා විශේෂ ප්‍රතිකාර යළි අරඹා ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

එමෙන්ම සිංහයාගේ සමෙහි තුවාල ද හටගෙන ඇති බව රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සිංහයාගේ සෞඛ්‍ය පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙන බවත් සත්වෝද්‍යාන ප්‍රධානීන් ඒ ගැන අවධානයෙන් පසුවන බවත් ඔහු පැවසුවේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *