සෞදිය ඇතුළු රටවල් 6 ක සිට දිවයිනට පැමිණෙන අයට පනවා තිබූ තහනම කොන්දේසි මත ඉවත් කෙරේ

සෞදිය ඇතුළු රටවල් 6 ක සිට දිවයිනට පැමිණෙන අයට පනවා තිබූ තහනම කොන්දේසි මත ඉවත් කෙරේ

*********************************************

සෞදිය ඇතුළු රටවල් 6 ක සිට දිවයිනට පැමිණෙන අයට පනවා තිබූ තහනම කොන්දේසි මත ඉවත් කෙරේ

(30.06.2021 – 14:44 +0530 – hirunews.lk/sinhala)

සෞදි අරාබිය ඇතුළු රටවල් 06 ක සංචාරය කර ඇති මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා පනවා තිබූ තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

සෞදි අරාබියට අමතරව, මෙම තහනම ඉවත් කර ඇති සෙසු රටවල් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමාන් සහ බහරේන් යන රටවල්.

අදාළ රටවල සිට පැමිණෙන අයට ජූලි 14 වනදා දක්වා දිවයිනට ඇතුළු වීම තහනම් කර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ඊයේ (29) සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා නොපිළිගන්නා බැවින්, මෙම රටවල සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් සතුව ආසාදිතයෙකු නොවන බව තහවුරු කිරීම සදහා පී.සී.ආර්. වාර්තාවක් තිබිය යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පෙන්වා දෙනවා ෴

++++++++++++++++++++++

(30.06.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට රජය මේ දක්වා රුපියල් බිලියන 262 ක් වියදම් කර ඇති බව අද (30) පැවති මුදල් අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණ වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම අරලියගහ මන්දිරයේදී පැවති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මුදල් අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල වර්තමාන තත්ත්වය සහ පවතින ගැටලු නිරාකරණය කිරීම පිලිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ දත්ත වලට අනුව පසුගිය වසරේදී කොරෝනා පාලනය වෙනුවෙන් රජය රුපියල් බිලියන 117 ක් වැය කර ඇති අතර, 2021 වර්ෂයේ මේ දක්වා තවත් රුපියල් බිලියන 53 ක් වැය කර ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

අදාළ කාලයන් තුල එන්නත්කරණය හා අනෙකුත් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 92 ක් වැය කර ඇති බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා එහිදී පවසා තිබෙනවා.

+++++++++++++++++++++

(30.06.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,180 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

ඊයේ (29) දිනයේ සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 47 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 3077 ක් දක්වා ඉහළයනු ඇති.

මේ අතර කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 2481 ක් අද (30) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 225,952 ක් දක්වා ඉහළයනු ඇති.

++++++++++++++++++

(30.06.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 606 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අද (30) දිනය තුළ මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1786 ක්.

මේ අතර ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් සොයා බැලීම දිවයිනම ආවරණය වන පරිදි සාම්පල පරීක්ෂාවන් සිදුකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

දෙමටගොඩ ආරාමය පෙදෙසෙන් වාර්තා වූ ඩෙල්ටා වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් හැර මෙතෙක් කිසිවෙකුත් එම ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබී නොමැති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මේ අතර, මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 3,030 ක්.

මෙරටින් ප‍ළමු කොරෝනා මරණය වාර්තා 2020 වසරේ මාර්තු 09 වැනිදා වාර්තා වූ අතර, එතැන් සිට මරණ 1000 ක් සම්පූර්ණ වීම සඳහා මාස 14 ක කාලයක් ගතවුණා.

මෙරට කොරෝනා මරණ 2000 සීමාව ඉක්මවා ගියේ පසුගිය 11 වැනිදායි. ඒ අනුව මරණ 1000 සිට 2000 දක්වා මරණ 1000 ක් වාර්තා වුණේ දින 22 කින්.

මෙරට කොරෝනා මරණ 3000 සීමාව ඊයේ (29) ඉක්මවා ගියා. අවසන් කොරෝනා මරණ 1000 වාර්තා වූයේ දින 18 ක් වැනි කෙටි කාලයකින් වීම අවධානය යොමු විය යුතු කරුණක්.

ඊයේ (29) සිදුව ඇති තවත් කොරෝනා මරණ 47 ක් අද (30) තහවුරු කෙරුණු අතර ආසාදිතයින් 1180 ක් ද වාර්තා වුණා.

මේ අතර, සිය ගර්භනීභාවය සම්බන්ධයෙන් මතුවන සංකූලතාවලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැකිලීමකින් තොරව රෝහල් වෙත පැමිණෙන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්ද මහතා ගර්භණී මව්වරුන්ගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, සෞදි අරාබිය ඇතුළු රටවල් 06 ක සංචාරය කර ඇති මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා පනවා තිබූ තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

සෞදි අරාබියට අමතරව, මෙම තහනම ඉවත් කර ඇති සෙසු රටවල් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමාන් සහ බහරේන් යන රටවල්.

මේ අතර, මාණ්ඩලික සේවය අහිමි කිරීම, උසස්වීම ලබා නොදීම ඇතුළු ඉල්ලීම් මෙතෙක් ඉටු නොවීම මත හෙද සේවාවට සම්බන්ධ වෘත්ති සමිති තුනම ඒකාබද්ධව හෙට සහ අනිද්දා දිනය් ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.

@@@@@@@@@@@@@@@

(30.06.2021 – 15:40 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න හේතුවෙන් සිදුවූ පරිසර හානිය නිසා මුහුදු සත්ත්වයින් 200 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, කැස්බෑවන් 176 ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 20 ක් සහ තල්මසුන් 4 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ එම නෞකාව ගිනිගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද (30) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙම සත්ත්ව මරණ වාරකන් කාලය නිසා සිදුව ඇති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව රජයේ නියෝජ්‍ය සොලිටර් ජනරාල්වරයා පවසා තිබෙනවා.

එසේම මෙම මරණ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය නිසා සිදුවූ බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව මගින් ද නිර්දේශ කර ඇති බවයි ඔහු අධිකරණයට දැනුම් දුන්නේ.

මෙම සත්ත්ව මළ සිරුරු වල කොටස්, විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති අතර, ඒ පිළිබඳව නාරා ආයතනය ඇතුළු ආයතන ගණනාවක් හරහා පරීක්ෂණ සිදුකරන බව ද නියෝජ්‍ය සොලිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

******************************************

(30.06.2021 – 17:42 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය ජාතික උද්‍යානයේ වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර්වරයා සහ සෙසු සැකකරුවන් ඔවුන් පැමිණි වාහන ද සමග වහාම අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කර තිබෙනවා.

සිද්ධියට දින 8 ක් ගතව තිබියදී මේ වනතුරුත් සැකකරුවන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගැනීමට අපොහොසත් වීම පිළිබඳව පොලීසියට දැඩි දෝෂ දර්ශනයක් එල්ල කරමිනුයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

පසුගියදා යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙකු මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජිවි නිලධාරියෙකුට තර්ජනය කර රාජකාරියට බාධා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය ඊයේ (29) බී-වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැක්වුවා.

පොලීසිය එමගින් දක්වා තිබුණේ සැකකාර මේජර් ජනරාල්වරයාට එරෙහිව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු මෙන්ම, වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරියා හබරණ පොලීසියට පැමිණිලි දෙකක් (2) ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව මූලික විමර්ශන සිදුකළ අතර එහිදී ඇතැම් කරුණු අනාවරණ වී ඇති බව පොලීසිය සිය බී-වාර්තාව මගින් අධිකරණයට කරුණු පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට ඉදිරි දිනයක් ලබා දෙන්නැයි පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ පොලීසියේ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා විමසා ඇත්තේ සැකකරුවන් කවුරුන්ද යන්නයි.

ඔවුන් සහ ඔවුන් ගමන්ගත් වාහන පිළිබඳව තොරතුරු තිබියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්ද යන්න විනිසුරුවරයා පොලීසියෙන් ප්‍රශ්න කර තිබෙනවා.

අවම වශයෙන් සැකකරුවන්ගෙන් ප්‍රකාශයක් හෝ ලබා ගැනීමට අසමත්වීම පිළිබඳව අප්‍රසාදය පළ කර ඇති විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ නොපමාව ප්‍රකාශයක් ලබාගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

එහිදී හබරණ පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ තමා පරීක්ෂාවට ලක් කිරීම තුලින් වනජිවි නිලධාරින් සිය කීර්තිනාමයට හානිකර ඇති බවට චෝදනා කරමින් මේජර් ජනරාල්වරයා ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ වනජිවි දෙපාර්තමේන්තුවට අයත් ජාතික වනෝද්‍යානයකට අනවසරයෙන් ඇතුළු වන්නේ නම් ඔවුන් පරීක්ෂා කිරීමට වනජිවි නිලධාරින්ට අයිතියක් හෝ බලයක් නොමැති ද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් හබරණ පොලීසිය සඳහන් කළේ එසේ පරීක්ෂා කිරීමට වනජිවි නිලධාරින්ට හැකියාවක් පවතින බවයි.

පසුගිය 23 වනදා රාත්‍රියේ වනජිවි නිලධාරින් රාජකාරියේ යෙදී සිටියදී අනවසරයෙන් උද්‍යාන භූමියට ඇතුළු වූ යුද හමුදා වාහන දෙකක් (2) පරීක්ෂා කිරීමට යාමේදී මෙම සිද්ධිය ඇති වූ බවටයි වාර්තා වුණේ.

++++++++

27-06-2021

******************************************

(30.06.2021 – 18:09 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පැවති කාලය තුලදී නීතිවිරෝධී ආකාරයෙන් ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය ලබා ගත් පුද්ගලයින් 27 දෙනෙකු හඳුනා ගැනීමට ජල සම්පාදන මණ්ඩලයේ බස්නාහිර පළාත් අනවසර වැටලීම් අංශය සමත්ව තිබෙනවා.

ඒ අනුව, ඔවුන්ගෙන් මණ්ඩලයට සිදුවූ පාඩුව ලෙස රුපියල් 1,325,000 ක මුදලක් අය කරගෙන ඇති බව සඳහන්.

පසුගිය මැයි මස 15 වනදා සිට මේ දක්වා කාලය තුලදී මෙම වැටලීම් සිදුකර ඇත්තේ ලැබුණු පැමිණිලි සහ තොරතුරු වලට අනුවයි ෴

******************************************

දැහැමිගේ ලොවට හිරු පායයි – හදවත් සංවේදී වූ මොහොත මෙන්න

(30.06.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

ජීවිතය ගැටගසා ගැනීම වෙනුවෙන් සිය මව සමඟ වැලි ගොඩදැමූ පොළොන්නරුව – හිඟුරක්දමන පදිංචි දියණියගේ පුවත හිරු ප්‍රවෘත්ති හරහා වාර්තා කිරීමත් සමඟ සංවේදී හිත් ඇති මෙරට මෙන්ම විදේශගත ශ්‍රී ලාංකික බොහෝදෙනෙක් හිරුට කතා කළා.

දැඩි කම්කටොළු මැද මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත මෙම දියණියගේ දෙනෙත් අද (30) සතුටු කඳුලින් පිරී ගියේ හිරු පුවත ඔස්සේ ඇයට උපකාර කිරීමට පැමිණි සංවේදී හිත් ඇත්තවුන් නිසාවෙන්.

කුළි රැකියාවක නිරතව සිටි දැහැමි නෙත්සරා දියණියගේ පියාට මීට මාස කිහිපයකට පෙර සිදුවූ අනතුරකින් අතේ ඇඟිල්ලක් අහිමිවීවත් සමඟ අන්ථ අසරණ වූ මේ පවුලට කුසගින්න නිවා ගැනීමත් ගැටලුවක්ව තිබියදී ඇගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීම සිහිනයක් වී තිබුණා.

ඒ අනුවයි මේ පුංචි දියණිය සිය මව සමඟ මින්නේරිය ඔයේ වැලි ගොඩ දැමීම ආරම්භ කර තිබුණේ.

මේ මොහොතේ අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යවශ්‍යව පවතින තාක්ෂණික මෙවලමක ඇති අඩුව සපුරා ගැනීම ද එහි එක් අරමුණක් වී තිබුණා.

මෙම පුවත වාර්තා කිරීමත් සමඟ සංවේදී සිත් ඇති විශාල පිරිසක් නෙත්සරා දියණියගේ අනාගතය වෙනුවෙන් ඇයට ශක්තියක් වන්නට ඉදිරිපත් වුණේ පුවත විකාශය වී තත්පර කිහිපයක් ගෙවී යන්නටත් මත්තෙන්.

ඒ මිනිසත්කම රැගත් පිරිස අතරින් කිහිපදෙනෙකු ම අද (30) නෙත්සරා දියණිය හමුවුණා.

++++++

29-06-2021

******************************************

(30.06.2021 – 20:35 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර පමණක් යෙදීමෙන් වී සහ තේ වගාවන් වලින් වැඩි අස්වනු ලබා ගැනීමට නොහැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ භෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ප්‍රකාශ කළා.

මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවින් පොහොර ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ වල නිරත වුණා.

මේ අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල සහ කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක කාබනික පොහොර යොදා ගනිමින් වගා කටයුතු සිදුකරන ගොවින් පවසන්නේ සිය වගාවන් සඳහා කාබනික පොහොර යොදා ගැනිමෙන් සාර්ථක අස්වැන්නක් ලැබි ඇති බවයි ෴

******************************************

(30.06.2021 – 20:39 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයේදී විනය විරෝධී ලෙස හැසිරුණු ක්‍රිකට් ක්‍රීඩකයන් 3 දෙනා සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (30) ප්‍රකාශ කලා.

මේ අතර, එංගලන්ත සංචාරය අතරතුර ක්‍රීඩකයන්ගේ මෙම හැසිරීම හේතුවෙන් රටේ අභිමානය කෙලෙසී ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ අවස්ථාවේ ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා වන ආනා පුංචි හේවා මහතා හිරු ප්‍රවෘත්තී අංශය වෙත සඳහන් කළා.

ඔහු කියා සිටියේ වගකීමේ කොටසක් කණ්ඩායමේ කළමණාකරු වෙතද පැවරෙන බවයි.

******************************************

(30.06.2021 – 21:25 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම මහා සංඝරත්නයද විවිධ අදහස් පළ කළා.

******************************************

නීතිය රකින තැන, පාදුක්ක පොලිසියේදී සිදුවූ නොමනා දේ

(30.06.2021 – 21:32 +0530 – hirunews.lk/sinhala)

පාදුක්ක බෝපේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියකට සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය දර්ශන එවා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා.

මෙම සිදුවිම සම්බන්ධයෙන් දැරියගේ දෙමව්පියන් පාදුක්ක පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමට ගොස් තිබුණේ පසුගිය 20 වැනිදායි.

එදින පාදුක්ක පොලිසිය මගින් පැමිණිල්ල බාර නොගැනීම හේතුවෙන් ඔවුන් මිරිහාන පොලිසියට ගොස් පැමිණිලි කර තිබෙනවා.

ඊට පසුදින යළි දැරිය සහ දෙමව්පියන් පාදුක්ක පොලිසියට ගොස් තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහායි.

එහිදි කිසිදු හේතු දැක්විමකින් තොරව දැරියගේ පියා සිරගත කොට දැරියගේ මවට අතවර කළ බවට ඔවුන් චෝදනා කරනවා.

******************************************

නෙළුව පොලීසියේ කොස්තාපල් දැරියට දුන් හාදුව… (30.06.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *