‘කතා ගොතන්න එපා’ – ඇමරිකානු තානාපතිනියගේ විවේචනයට ප්‍රතිචාර

‘කතා ගොතන්න එපා’ – ඇමරිකානු තානාපතිනියගේ විවේචනයට ප්‍රතිචාර

*********************************************

‘කතා ගොතන්න එපා’ – ඇමරිකානු තානාපතිනියගේ විවේචනයට ප්‍රතිචාර

(26.06.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරිය විසින් සිදු කළ විවේචනය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව නව සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් පවසනවා.

******************************************

(26.06.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් දෙමළ දේශපාලනඥයන් කැපවීමෙන් කටයුතු නොකරන බවට දෙමළ ඩයස්පෝරාව නියෝජනය කළ පාර්ශවයකින් චෝදනා එල්ල වනවා.

යුරෝපයේ වසර 20 ක කාලයක් පමණ රැදී සිට ඇති එහි සාමාජිකයෙකු වන නිමලන් විශ්වනාදන් ප්‍රකාශ කරන්නේ 2018 සහ 2019 වසරවලදී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, උතුරු නැගෙනහිර සංවර්ධනයට දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින්ට රුපියල් කෝටි 6300 ක් ලබාදී තිබූ බවයි.

එහෙත් එම මුදල්වලින් එකඳු කර්මාන්තශාලාවක් හෝ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉදිව නොමැතිවීම කණගාටුවට කරුණක් බව ඔහු කියා සිටියා ෴

******************************************

(26.06.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර මෙරටදීම නිෂ්පාදනය සඳහා බන්ධනාගාරගතවූවන් යොදා ගැනීමේ නියමු ව්‍යාපෘතිය මඩකලපුව බන්ධනාගාරයෙන් අද (26) ආරම්භ වුණා.

මේ අතර රට තුළ පවතින පොහොර හිඟය, ඉන්ධන මිල ඉහළයාම ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ප්‍රදේශ රැසක විරෝධතා සහ උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා.

******************************************

(26.06.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්න අක්කර 100 ක පමණ ප්‍රදේශයක පැතිර ගොස් ඇති බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඊයේ (25) රාත්‍රියේ සිට පැතිර යන ගින්න පවතින සුළං තත්ත්වය නිසා පාලනය කිරීම අපහසු වී ඇති අතර, තවදුරටත් වන සංරක්ෂණ නිලධාරින් විසින් ගින්න නිවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා ෴

******************************************

(26.06.2021 – 16:02 +0530 – hirunews.lk/sinhala)

කඩුවෙල – නවගමුව – රණාල ප්‍රදේශයේදී කැළණි ගඟේ පාවෙමින් තිබූ දෙඅත් ගැට ගැසූ සිරුර කට්ටඩියෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා. 54 හැවිරිදි මොහු හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ සිය අනියම් බිරිඳ සමගයි.

මෙම පුද්ගලයා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පරීක්ෂණ කණ්ඩායම් 2 ක් විමර්ශන සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මේ අතර, බේරුවල – රොක්ලන්ඩ් වත්තේදී යකඩ මුගුරකින් පහර දී සිය පියා ඝාතනය කල පුත්‍රයෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මියගිය පුද්ගලයා සහ ඔහුගේ පුත්‍රයා විසින් පවත්වාගෙන යන වඩු මඩුවක් තුල ඇතිවූ මත ගැටුමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි හෙළි වුණේ.

මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (27) දිනයේ සිදුකිරීමට නියමිතයි ෴

+++++++++++++

******************************************

(26.06.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් කුකුළු මස් කිලෝ 200 ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු වව්නියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාව දකුණ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ ඔහු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකරමින් සහ නිසි පරිදි ශීතාගාර පවත්වා නොගනිමින් මෙම කුකුළු මස් තොගය ප්‍රවාහනය කිරීම හේතුවෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

******************************************

(26.06.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා සිය අසුන ලබාදීමට එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුම (4) කැමැත්ත පළ කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ අතර, පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, මර්ජාන් ෆලීල්, මෙන්ම මහාචාර්ය රංජිත් බණ්ඩාර ද වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, පොදුජන පෙරමුණේ අභ්‍යන්තර සාකච්ඡාවලදී මෙම මන්ත්‍රීවරුන් අතුරින් වැඩිම අවධානයක් යොමුව ඇත්තේ මහාචාර්ය රංජිත් බණ්ඩාර වෙතයි.

මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීම වෙනුවෙන් විකල්ප තනතුරක් ලබාදීමේදී රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වඩාත් නිෂ්චිත ක්‍රමවේදයක් අනුගමනය කළ හැකිවීම ඊට හේතුවයි.

බොහෝවිට ඔහුට මහබැංකු අධිපති ධුරය පිරිනැමීමට නියමිත බව වාර්තා වනවා.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එළඹෙන 6 වනදා ඇරඹෙන පාර්ලිමේන්තු සතිය තුල හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම සිදුවනු ඇති බවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට කඩිනමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමට ආණ්ඩු පක්ෂය තීරණය කිරීමේ ආසන්නතම හේතුව වන්නේ කෙරෝනා අර්බුදයත් සමග රට තුල උද්ගතව ඇති ආර්ථික අභියෝගයයි.

කොරෝනා අර්බුදය හමුවේ උද්ගතව ඇති විදේශ ආයෝජන ගැටලුව, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙන්ම ව්‍යාපාර යළි ගොඩනැංවීම සඳහා සුදුසු යෝජනාවලියක් ක්‍රියාවට නැංවීම ඔහුට භාරදීමට අපේක්ෂා කරන ප්‍රධාන ඉලක්කයන් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

ඔහුට මුදල් අමාත්‍ය ධුරය හෝ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් පිහිටුවා එය ලබාදීම කෙරෙහි සාකච්ඡා වෙමින් පවතින බව සඳහන්.

කුමන අමාත්‍යාංශයක් ලබා දුන්න ද ආයෝජන මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරිය බැසිල් රාජපක්ෂ යටතට පැවරීමටයි මේ වනවිට සාකච්ඡා වී ඇත්තේ.

@@@@@@@@@@@@@@@@

(26.06.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ නොසලකා හැරියහොත් එය මෙරට පැතිරයාමේ භයානක තත්ත්වයක් උදාවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ජනතාව වගකීම් සහගතව කටයුතු කළ යුතු බවයි.

ගෙවුණු දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 1876 හඳුනාගනු ලැබුවා.

ඉන් 17 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර සෙසු 1,859 දෙනා දේශීයව හඳුනාගත් අලු‍ත් අවුරුදු පොකුරේ ආසාදිතයන්.

ඊයේ (25) මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබූ අතර, එම සංඛ්‍යාව 378 ක්.

එම දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් ලෙස 62 ක් වාර්තා වූයේ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ගෙවුණු දිනය තුළ ආසාදිතයන් 347 ක් වාර්තා වුණා.

බදුරලිය ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 61 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 176 දෙනෙකු ඊයේ (25) හඳුනාගෙන තිබුණා.

වත්තල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 36 ක්.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගෙවුණු දිනය තුළ ආසාදිතයන් 161 ක් වාර්තා වී තිබෙනවා.

ඊට රක්වාන ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 74 ක් අයත්.

පසුගිය 24 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 48 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) තහවුරු කළා.

ඉන් විසි දෙදෙනෙකු (22) කාන්තාවන් වන අතර, පිරිමි පුද්ගලයන් 26 දෙනෙකු ඒ අතර වනවා. එම පිරිස අතුරින් 37 ක්ම අවුරුදු 60 ඉක්මවූවන්.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 33,351 ක්.

කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව මේ වනවිට කොරෝනා එන්නතක පළමු මාත්‍රාව පුද්ගලයින් 2,543,022 දෙනෙකු ලබාගෙන තිබෙනවා.

මෙරට තුළ කොරෝනා එන්නත් දෙවන (2) මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 874,975 ක්.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 1,552,985 දෙනෙකුට ලබාදී ඇති බවයි. එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 487,893 ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 925,242 දෙනෙකු ලබාගෙන ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 372,719 දෙනෙකු ලබාගෙන තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 114,795 දෙනෙකු ලබාගෙන ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,636 ක්.

මෙරට එන්නත්කරණ වැඩසටහන අද (26) දිනයේත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ බස්නාහිර පළාතේ වයස අවුරුදු හැට (60) ඉක්ම වූ පුද්ගලයින් එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

ලබන සඳුඳා (28) සිට සෑම රජයේ ප්‍රධාන රෝහලකම එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 216,840 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ, තවත් පුද්ගලයින් 2172 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමඟයි ෴

+++++++++++++++++++++++

(26.06.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගතය ගෝලීයව මෙන්ම මෙරට ජන ජීවිතයටද කළ බලපෑම සුළුපටු නැහැ. කොවිඩි ව්‍යාප්තිය හමුවේ එදිනෙදා ජීවිතයවත් නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකිව පීඩා විඳින ගම්වාසීන් පිරිසක් පිළිබඳවයි මේ තොරතුරු.

+++++++++++++++++++++

(26.06.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (25) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 43 ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (26) තහවුරු කර තිබෙනවා.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 2905 ක් දක්වා ඉහළ ගියා.

අද (26) තහවුරු කළ මරණ අතරින් 18 ක් කාන්තා මරණ වන අතර, 25 ක් පිරිමි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මේ අතර, කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2172 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 216,840 ක්.

+++++++++++++++++++++

(26.06.2021 – 18:13 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී කිසිදු අවස්ථාවක මුළු දිවයිනටම පූර්ණ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව යුද හමුදාපතිවරයා පවසනවා.

අප කළ විමසීමකදී ඔහු අවධාරණය කළේ, කොරෝනා ආසාදිතයින් සහ මරණ වාර්තා වීම පදනම් කරගෙන ඕනෑම අවස්ථාවක දිවයින පුරා සංචරණ සීමා දැමීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, පළාත් අතර සංචරණ සීමා පෙර පරිදි ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ද සඳහන්.

එසේ ම තවදුරටත් සාද, උත්සව වැනි ජනතාව ඒකරාශී වන කිසිදු කටයුත්තක් සඳහා අවසර හිමි නොවන බවයි යුද්ධ හමුදාපතිවරයා පවසන්නේ.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද සීමිත සේවක පිරිසක් කැඳවා කළ යුතු බවත් මෙම සියලු කටයුතු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලබාදී ඇති උපදෙස්වලට අනුව කළ යුතු බව ද යුදහමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1086 ක් වාර්තාවී තිබෙනවා. මෙම ආසාදිතයන් 1086 ත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 250,000 සිමාව ඉක්මුවා.

ඒ අනුව මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 251,023 ක් හමුවී තිබෙනවා.

එමෙන්ම ඊයේ (25) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 43 ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (26) තහවුරු කර තිබෙනවා. මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 2905 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2172 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 216,840 ක් ෴

++++++++++++++++++++

(26.06.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

රට තුල පවතින වාතාවරණය අනුව පළාත් අතර පොදු ප්‍රවාහනයට අවසර ලබාදීමට තවදුටරත් හැකියාවක් නොමැති බවට කොවිඩ් මර්දන කමිටුව දන්වා ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ ඒ අනුව ලබන සතියේදීත් ප්‍රවාහන කටයුතු සිදුවන්නේ පළාත් තුල පමණක් බවයි.

එමෙන්ම සෞඛ්‍ය නිර්දේශවලට අනුගත නොවී මගී ප්‍රවාහන කටයුතුවල නිරතවන බස් රථ හිමියන්ට සහ සේවකයන්ට නීතිමය පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *