ආරුගම්බේ වෙරළ තීරයේ නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා ඉඩම්

ආරුගම්බේ වෙරළ තීරයේ නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා ඉඩම්

*********************************************

ආරුගම්බේ වෙරළ තීරයේ නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා ඉඩම්

(23.06.2021 – 21:31 +0530 – hirunews.lk/sinhala)

ආරුගම්බේ වෙරළ තීරයේ ඉඩම් බහුතරයක් ව්‍යාජ බලපත්‍ර සකසා නීති විරෝධී ලෙස අත්පත් කර ගත් ඒවා බව පොතුවිල් ප්‍රාදේශීය ලේකම් සඳරුවන් අනුරුද්ධ මහතා පවසනවා.

‘හිරු සී.අයි.ඒ.’ හරහා මෙම ඉඩම් ජාවාරම් හා වන විනාශය පිළිබඳ සිදුකළ අනාවරණයෙන් පසු ඒ පිළිබද සොයාබැලීමට පැමිණි අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම්වරයා මේ අදහස් පළ කළා.

සංචරණ සීමා පනවා තිබු කාලසීමාවේදී ආරුගම්බේ වෙරළ තීරයේ කඩොලාන පරිසරය විනාශ කරමින් ඉඩම් කොල්ලකරුවන් එම භූමි අත්පත් කර ගන්නා අයුරු අප ‘හිරු සී.අයි.ඒ.’ හරහා අවස්ථා දෙකකදී (2) රට හමුවේ හෙළිදරව් කළා.

එම අනාවරණයෙන් පසු පොතුවිල් ප්‍රාදේශීය ලේකම්වරයා, වනජීවී හා වෙරළ සංරක්ෂණ නිලධාරීන් අදාල ප්‍රදේශ නිරීක්ෂණයට පැමිණියේ ඒ පිළිබදව සොයාබැලීමටයි.

එහිදී කුඩාකල්ලි ප්‍රදේශයේ ගලවා දමා තිබු පුරා විද්‍යා මායිම් කණු අතුරුදහන්වු ආකාරය ගැනත් අවධානය යොමු වුණා.

පොතුවිල් – උරණිය ප්‍රදේශයට රාජ්‍ය නිලධාරීන් යන විටත් කිසියම් පිරිසක් ඉඩම් අල්ලා ගැනීම සදහා කැලෑ ගිනි තබා තිබුණේ මෙලෙසින්.

වහාම එම ගිනි නිවාදැමීමට නිලධාරීන් පියවර ගත්තා.

මෙහිදී ඇතැම් ඉඩම් සදහා ඇති බලපත්‍ර විමර්ශනයේදී හෙළිවුයේ ඒවා බහුතරයක් කූට ලෙස සැකසු ව්‍යාජ බලපත්‍ර බවයි.

ව්‍යාජ බලපත්‍ර හරහා අයිතිවාසිකම් කියන මෙම භූමි වහා නිදහස් කර රජයට පවරා ගැනීමමෙරට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට පැවරෙන පැහැරහැරිය නොහැකි වගකීමක්.

එසේ නොවුනහොත් පුරා විද්‍යා භූමිය සේම මෙම වන සතුන්ගේ පැවැත්මට ද කණකොකා හඩන දිනය වැඩි ඈතක නොවන බව යළි යළිත් මතක් කර සිටිනවා.

******************************************

(23.06.2021 – 21:39 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන පරීක්ෂාවක් නිසා, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්නයේ මාතර දෙසට වන මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා ෴

******************************************

(23.06.2021 – 18:35 +0530 – sinhala.adaderana.lk)

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇති ‘විශේෂ ඝනයේ’ සැකකරුවන් 05 දෙනෙකුට හෙට (24) දින උදාවන පොසොන් පුර පසළොස්වක පෝය දිනයේදී සිල් සමාදන්වීම සඳහා අවසර දී ඇත.

ඔවුන් ඒ සඳහා ඉල්ලීමක් කර තිබුණි.

පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව යටතේ ඇති බුස්ස බන්ධනාගාරයේ අධිආරක්ෂිතව රඳවා සිටින සැකකරුවන් එහි අධිකාරිවරයාගෙන් මෙවැනි ඉල්ලීමක් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ දිවයිනේ සෑම බන්ධනාගාරයකම පුර පසළොස්වක පෝය දිනයන්ට සමගාමීව නේවාසිකයින් සිල් සමාදන්විමේ වැඩසටහන්වලට යොමු කරවයි ෴

******************************************

ත්‍රස්තවාදයට උදව්දෙන කුලී හේවායෙකු වෙනවාට වඩා මගේ රාජ්‍ය රැකගන්න බල්ලෙකු වෙන එක හොඳයි – පර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන්

(23.06.2021 – 17:30 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් පර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා ආනෝලනාත්මක ප්‍රකාශකයක් සිදුකළේය.

දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳව විවාදයේ දී මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කළ අදහසකට පිළිතුර දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු රාඝවන් මහතා :

“ඔව් මම සපත්තු ලෙවකන බල්ලෙක් තමයි ආණ්ඩුවේ. බෙදුම්වාදයට සහයෝගය දක්වන මිනිමරු ත්‍රස්තවාදයට උදව් දෙන කුලී හේවායෙකු වුණාට වඩා මගේ රාජ්‍ය රැකගන්න බල්ලෙක් වෙන එක මම අභිමානයක් ලෙස සලකනවා සභාපතිතුමනි”.

******************************************

(24.06.2021 – 07:06 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ක් සහ ග්‍රෑම් 21 ක් සමග 25 හැවිරිදි කාන්තාවක් ඊයේ (23) මෝදරදී අත්අඩංගුවට ගෙන තිබේනවා.

ඒ කොළඹ උතුර කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් සිදු කළ වැටලීමකදී.

මෙලස සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට (1,00,00,000) ආසන්න බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරේ ෴

******************************************

(24.06.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට ජුලි 10 දක්වා භාර ගැනෙන අතර, අයදුම්පත් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ( https://www.doenets.lk ) ලබාගෙන යොමු කළ හැකියි ෴

******************************************

(24.06.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

2020 වසරේදී බඳවාගත් අභ්‍යාසලාභී නිලධාරීන්ට ද සෙසු රාජ්‍ය සේවයේ නිලධාරීන්ට මෙන් දින 84 ක ප්‍රසූත නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර ඔවුන්ට ලබාදී තිබුණේ දින 42 ක ප්‍රසූත නිවාඩු බවයි රාජ්‍ය සේවා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

එමෙන්ම රජයේ නිලධාරීන්ට අනිවාර්ය කර තිබූ දෙමළ භාෂා විභාගයද ඉවත් කර ඒ වෙනුවට භාෂා පුහුණු පාඨමාලා හඳුන්වාදීමටයි තීරණය කර ඇත්තේ ෴

******************************************

(24.06.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

චීනයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ රුපියල් දෙකෝටි හතලිස් අට ලක්ෂයක් (2,48,00,000) වටිනා දුම්වැටි තොගයක් කොළඹ වරායේදී රේගු භාරයට ගෙන තිබෙනවා.

යන්ත්‍රෝපකරණ සහ අමතරව කොටස් තොගයක් අඩංගු බවට රේගුවට ප්‍රකාශ කර ගෙන්වූ අඩි 40 හේ බහාලුමක් තුළ තිබී ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසිනුයි මෙම නීතිවිරෝධී දුම්වැටි තොගය සොයාගෙන ඇත්තේ.

කුඩා පුටු වශයෙන් දක්වා තිබූ සැක සහිත ඇසුරුමක් කඩා පරීක්ෂා කිරිමේදී සූක්ෂම ලෙස සගවා තිබූ දුම්වැටි 2,76,000 ක් එහිදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම බහාලුම මෙරටට ආනයනය කර ඇත්තේ ගෙලිඔය ප්‍රදේශයේ පිහිටි ආයතනයකින් බව සඳහන් ෴

******************************************

(24.06.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘සුපුන් තරංග’ගේ ගෝලයෙකු ටී-56 උණ්ඩ 672 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ නිවසේ වළ දමා තිබියදීයි අදාළ උණ්ඩ තොගය සොයා ගැනුණු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. මොහු 41 හැවිරිදි බෙලිඅත්ත – සිරිපුර ගලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

******************************************

(24.06.2021 – 09:33 +0530 – hirunews.lk/sinhala)

සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (24) දිවයිනට පැමිණියා.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 650 දරණ යානයෙන් ඔහු අද (24) උදෑසන 08:30 ට කටුනායක ගුවන් තොටුපලට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය මස 12 වනදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාව බලා පිටත්ව ගිය අතර ඔහු සමඟ බිරිඳ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ ද දිවයිනට පැමිණ තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ද ගුවන් තොටුපල වෙත ගොස් තිබුණා.

******************************************

(24.06.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් නීතීඥවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කූට ලේඛන සකස් කිරීම, ආධාර අනුබලදීම හා නොතාරිස් ආඥාපනතේ ප්‍රතිපාදන යටතේ නීතිපතිවරයාගේ උපදෙස් මතයි.

කොළඹ හත සී ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේ පිහිටි රුපියල් කෝටි 50 ක් වටිනා පර්චස් විස්සක (20) ඉඩමක් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට අදාළ නීතීඥවරයා හරහා ව්‍යාජ ඔප්පු සකසා අලෙවි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ඉඩමේ විකිණුම්කරු හා ගැනුම්කරු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

******************************************

(24.06.2021 – 10:09 +0530 – hirunews.lk/sinhala)

මඤ්ඤොක්කා යොදාගනිමින් ඉක්මණින් දිරාපත්වන පරිසර හිතකාමී ලන්ච් සීට් සහ පොලිතින් කවර නිෂ්පාදනයට තරුණ ව්‍යවසායකයන් දෙදෙනෙකු (2) ඉදිරිපත්ව සිටිනවා.

එම පරිසර හිතකාමී ලන්ච්ෂීට් සහ පොලිතින් කවර ඊයේ (23) පරිසර අමාත්‍යාංශයේදී පරිසර අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම සිදු කෙරුණා.

කිසිදු රසායන ද්‍රව්‍ය භාවිතයකින් තොරව මෙම පරිසර හිතකාමී ලන්ච්ෂීට් සහ පොලිතින් කවර නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.

සුපිරි වෙළඳසැල් මගින් පමණක් වසරකට පරිසරයට මුදාහරින පොලිතින් කවර ප්‍රමාණය බිලියනය ඉක්මවන අතර, දෛනිකව ලන්ච් ෂීට් මිලියන එකහමාරක් පමණ පරිසරයට මුදාහරින බවට තහවුරු වී ඇති බව පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

ඒහේතුවෙන් මෙවැනි පරිසර හිතකාමී නිෂ්පාදන දිරිගැන්වීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා ෴

******************************************

(24.06.2021 – 10:12 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරවල රඳවා සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 16 දෙනෙකු ඇතුළු රැඳවියන් 93 දෙනෙකු පොසොන් පොහොය නිමිති කර ගනිමින් ජනාධිපති පොදු සමාව යටතේ අද (24) නිදහස් කෙරුණා.

ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ද අද (24) ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමිවුණා.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75(1) වගන්තිය ප්‍රකාරව ලබා දී ඇති බලතල මත දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියන් 93 දෙනෙකු අද ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කෙරුණා.

ඒ අදට යෙදී ඇති පොසොන් පොහොය නිමිති කර ගනිමින්.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ද අද (24) ජනාධිපති පොදු සමාව හිමිවුණා.

මීට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 16 දෙනෙකුද අද (24) නිදහස ලැබුවා.

ඉන් 15 දෙනෙකු අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවූවන් වන අතර එක් (1) රැඳවියෙකු යාපනය බන්ධනාගාරයේ රඳවා සිටියා.

මීට අමතරව දිවයින පුරා තවත් බන්ධනාගාර කිහිපයක රඳවා සිටි තවත් රැඳවියන් 76 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමිවුණා.

මෙහිදී නිදහස ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ද අදහස් පළ කළා.

මේ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියා ද අද (24) නිදහස ලැබුවා.

******************************************

(24.06.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුවට බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙඳසැල් දෙකක (2) අද (24) අලුයම ඇතිවූ ගින්නකින් එම වෙළෙඳසැල් දෙක සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි වාර්තා වන්නේ.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීම් ඒකකයේ රථ 05 ක් යොදවා තිබෙනවා.

@@@@@@@@@@@@@@@@

(24.06.2021 – 13:12 +0530 – sinhala.adaderana.lk)

හැකි ඉක්මනින් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවකයින් ට කොවිඩ් එන්නත් ලබාදීමට කටයුතු කළ යුතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා පවසා සිටියේ, ඇඟලුම් ආශ්‍රිතව වැඩිවශයෙන් කොවිඩ් රෝගීන් හඳුනාගන්නා බවය.

“මේ මොහොත වෙද්දි ඇඟලුම් කම්හල් රාශියක් ආසාදිතයෝ විශාල වශයෙන් වාර්තා වන තත්ත්වයට පත්වෙලා තියෙනවා. පාලනය කිරීමට අපහසු තරම් රෝගීන් වාර්තා වෙනවා බොහෝ කර්මාන්ත ශාලාවල. ඒ නිසා අපි මේ මොහොතෙත් ඉල්ලනවා හැකි ඉක්මනින් දැනට ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන සහෝදර සහෝදරියන්ට එන්නත් ලබාදීමට කටයුතු කරන්න. ඔවුන්ව කොවිඩ්-19 ආරක්ෂා කරගත්තේ නැතිනම්, ආරක්ෂිත මනසක් ඇති කර ගත්තේ නැතිනම් ඉදිරියේ දී මේ කර්මාන්ත කඩාවැටෙයි කියලා පැහැදිලියි.”

කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, විශේෂ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර සිටියේ, අලුත් වෛරස ප්‍රභේදයත් සමඟ බෝවීම වැඩිවී ඇති බවය.

මේ අතර අදත් (23) දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.

ඒ අනුව බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ට වැඩි ජනතාව වෙත එන්නත් ලබාදීම මෙලෙස සිදුකෙරුණි.

++++++++++++++++++++++

(24.06.2021 – 06:49 +0530 – hirunews.lk/sinhala)

අද (24) දිනයේ දිස්ත්‍රික්ක 3 ක පොලිස් බල ප්‍රදේශ පහක (5) ග්‍රාම නිලධාරී වසම් හතක් (7) හුදෙකලා කරනු ලැබුවා.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ රෙක්ලමේෂන් බටහිර – ජේ. 69 වසමත්, ගුරුනගර් බටහිර ජේ. 71 වසමත් හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මඩකලපුව – කාත්තන්කුඩි පොලිස් වසමේ මංජන් තෝඩුවායි දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජින්නා පාර සහ මන්මුනායි පොලිස් වසමේ මමන්ගම් වසම හුදෙකලා කර තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල – ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරී වසමේ විල්ගොඩගම සහ රස්නායකපුර පොලිස් බල ප්‍රදේශයේ කනුකැටිය ග්‍රාම නිලධාරි වසමේ කනුකැටියගමද හුදෙකලා කර ඇති බව සඳහන්.

+++++++++++++++++++++

(24.06.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala)

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වනවිට සංචරණ සීමා ක්‍රියාත්මකයි.

ඊයේ (23) රාත්‍රී 10:00 ට මුළු දිවයිනටම පැනවූ සංචරණ සීමා හෙට (25) අලුයම හතරට (04:00) ඉවත්වනු ඇති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මානුෂික හේතුන් මත හැරුණු කොට සංචරණ සීමා කඩකරමින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවයි. එමෙන්ම අනුරාධපුරය ආශ්‍රිතව පොලිස් ජංගම මුර සංචාර අද (24) ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා ෴

+++++++++++++++++++++

(24.06.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (23) මෙරටින් නව ආසාදිතයින් 2,196 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,46,109 ක් දක්වා ඉහළ ගියා. වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් 2,178 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන්. විදේශයන් හි සිට පැමිණි 18 දෙනෙකුද ආසාදිතයන් ලෙස හදුනාගැනුනා. ඒ අනුව තවදුරටත් රෝගීන් 32,219 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2,11,186 ක්.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (23) වාර්තා කරන ලද පෙරේදා (22) සිදුවූ බවට තහවුරු කරන ලද කොරෝනා මරණ 65 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,769 ක් දක්වා ඉහළ ගියා.

නව මරණ 65 න් 40 ක් පිරිමි පුද්ගලයන් වන අතර, කාන්තාවන් 28 දෙනෙකු ද ඒ අතර වනවා ෴

++++++++++++++++++

(24.06.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් එන්නත ළමයින්ට ලබාදීමට අදාළ කෙටුම්පත් සකස් කර වසංගත රෝග පිළිබද අනු කමිටුවට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමය විසින් ඒ සඳහා දැනටමත් කටයුතු සිදුකරමින් සිටින බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++

(24.06.2021 – 09:16 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල සත්ත්ව උද්‍යානයේ කොවිඩ් වැළඳී සිටි තෝර් නැමති සිංහයාගේ ධේනුවටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

රාගම වෛද්‍ය පීඨයට යොමුකළ සාම්පලවලින් මේ බව තහවුරු වී ඇති බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නුවන් හේවාගමගේ මහතා කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *