ඔන්ලයින් මත්පැන් අලෙවියට අවසර නැහැ

ඔන්ලයින් මත්පැන් අලෙවියට අවසර නැහැ

*********************************************

ඔන්ලයින් මත්පැන් අලෙවියට අවසර නැහැ

(17.06.2021 – 11:38 +0530 – hirunews.lk/sinhala)

ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් අලෙවි කිරීමට මුදල් අමාත්‍යංශය ගෙන තිබු ප්‍රතිපත්තිමය නිර්දේශයට අවසර ලබානොදීමට ‘කොවිඩ් මර්ධන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය’ තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාර්ගගත ක්‍රමයට මත්පැන් අළෙවි කිරීම සඳහා ජාලගත සුපිරි වෙළඳ සැල් සහ තෝරා ගත් මත්පැන් අළෙවි සැල් වෙත අවසර ලබා දීමට ගෙන තිබු තීරණය තව දුරටත් ක්‍රියාත්මක වන්නේ නැහැ.

මේ අතර මීට පෙර මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථාන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් විකිණීමට ගත් තීරණයට විරෝධය පළ කර සිටියා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොළඹ දී ඊයේ (16) මාධ්‍ය හමුවකදී කියා සිටියේ මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 63 දෙනෙකු පමණ මිය යන අතර කොරෝනා ආසාදිතව මේ වන විට පුද්ගලයින් 60ක් පමණ මිය යන බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති මොහොතක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හෝ ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා නිසි ක්‍රමවේදයක් රට පුරා තවමත් ක්‍රියාත්මක නොවන මොහොතක මත්පැන් අලෙවිය සඳහා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම ලැජ්ජාසහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ප්‍රකාශ කර සිටියේ.

++++++++++++++++++++

(17.06.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ‘B.1.617.2 ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් පස් දෙනෙකු (5) කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශල්‍ය ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එම පණිවුඩයේ දැක්වෙන්නේ මෙම ප්‍රභේදය දැනට මෙරට තුළ ව්‍යාප්තව ඇති B 117 ප්‍රභේදයට වඩා අතිශය බරපතළ හානි ගෙනදෙන බවත් එය දෙගුණයක වේගයකින් ව්‍යාප්ත වන බවයි.

මේ වන විට ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන ඉන්දීය කොරෝනා ප්‍රභේදය වන ඩෙල්ටා (B.1.6.617.2) ප්‍රභේදයේ නව විකෘති ප්‍රභේදයක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යන බව පැවසෙන මෙම ප්‍රභේදය නම් කර ඇත්තේ AY.1 හෙවත් ‘ඩෙල්ටා ප්ලස්’ නමින්.

දැනට මෙම ප්‍රභේදයේ රෝගීන් 63 දෙනෙකු ලොව පුරා හඳුනාගෙන ඇති අතර ජුනි 11 වැනි දින ඉන්දියාව විසින් නිකුත් කල කොවිඩ් වාර්තාවේ මෙම නව ප්‍රභේදය ආසාධනය වූ රෝගීන් 6 දෙනෙකු එරටින් වාර්ථා වී තිබුනා.

මෙයට අමතරව කැනඩාව, ජර්මනිය, රුසියාව යන රටවලින් වාර්තා වී තිබුනේ මෙම ප්‍රභේදයේ එක (1) රෝගියෙකු බැගිනුයි.

එමෙන්ම නේපාලයෙන් රෝගීන් 2 ක්, ස්විස්ටර්ලන්තයෙන් 4 ක්, පෝලන්තයෙන් 9 ක්, පෘතුගාලයෙන් 12 ක්, ජපානයෙන් 13 ක් සහ අමෙරිකාවෙන් 14 ක් ලෙසින් ගෝලීයව රෝගීන් වාර්ථා වී තිබුනා.

කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් බිය පල කරන්නේ මෙම ප්‍රභේදය පවතින කොවිඩ් මර්ධන එන්නත් කෙරෙහි යහපත් ප්‍රතිචාර නොදක්වනු ඇති බවටයි ෴

++++++++++++++++++++++

(17.06.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ වරායෙන් බහාලුම් නිදහස් කර ගැනීමේ ප්‍රායෝගික ගැටලු මතුවී ඇතත් ඒ සඳහා විසදුමක් ලබා දී නොමැති බව ට්‍රයිකෝ ජාත්‍යන්තර සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක ගාමිණී කන්නන්ගර මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ බහාලුම් නිදහස් කරගැනීම සඳහා සහන කාලයක් ලබා නොදුනහොත් එම වියදම්ද ආනයනික භාණ්ඩ මිලට එකතු කිරීමට සිදුවන බවයි.

++++++++++++++++++++++

(17.06.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ඇති බවට තහවුරු කෙරුණු දෙමටගොඩ ආරාමය පාරේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ලද සාම්පල 5 ක් පිළිබඳ සිදුකළ දීර්ඝ පරීක්ෂණවලින් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යායතනය තහවුරු කර ගත්තේ අදාළ පරීක්ෂාවට යොදාගත් සාම්පල 5 ම ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය හෙවත් (B.1.617.2) ආසාදිතයින් බවයි.

මීට අමතරව වැඩිදුර පරීක්ෂණ සඳහා කරාපිටිය මඩකලපුව සහ කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ 6, 8 සහ 10 යන ප්‍රදේශවලින් තවත් සාම්පල ලබාගෙන තිබුණා.

කෙසේවෙතත් එම සාම්පල පරීක්ෂාවේදී විශේෂ තත්වයක් වාර්තාවී නැහැ.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ පරීක්ෂාවට ලක්කෙරුණු එකම තැනින් ලබාගත් සාම්පල 100% ක් එකම ප්‍රභේදයක් වාර්තා කිරීම බරපතල තත්වයක් බවයි.

එය සීඝ්‍රයෙන් පැතිර යන බරපතල රෝගාබාධ තත්වයන් මතු කරන ඉන්දීය ප්‍රභේදය හෙවත් ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය වීම තත්වය තවත් සංකීර්ණ කරන්නක් බව ඔහු පෙන්වා දෙනවා.

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය මීට පෙර අවස්ථා දෙකකදී (2) මෙරටින් වාර්තාවූ අතර එම පී.සී.ආර්. සාම්පල ලබාගෙන තිබුණේ නිරෝධායන මධ්‍යස්ථාන හරහායි. මේ අනුව මෙම ප්‍රභේදය මෙරට සමාජයෙන් වාර්තා වන්නේ පළමු වරටයි.

ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් පස් දෙනෙකු (5) කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බවයි වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එම පණිවුඩයේ දැක්වුණේ මෙම ප්‍රභේදය දැනට මෙරට තුළ ව්‍යාප්තව ඇති B.117 ප්‍රභේදයට වඩා අතිශය බරපතළ හානි ගෙනදෙන බවත් එය දෙගුණයක (2) වේගයකින් ව්‍යාප්ත වන බවයි.

මේ වන විට ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන ඉන්දීය කොරෝනා ප්‍රභේදය වන ඩෙල්ටා (B.1.6.617.2) ප්‍රභේදයේ නව විකෘති ප්‍රභේදයක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යන බව පැවසෙන මෙම ප්‍රභේදය නම් කර ඇත්තේ AY.1 හෙවත් ඩෙල්ටා ප්ලස් නමින්.

දැනට මෙම ප්‍රභේදයේ රෝගීන් 63 දෙනෙකු ලොව පුරා හඳුනාගෙන ඇති අතර ජුනි 11 වැනි දින ඉන්දියාව විසින් නිකුත් කල කොවිඩ් වාර්තාවේ මෙම නව ප්‍රභේදය ආසාධනය වූ රෝගීන් 6 දෙනෙකු එරටින් වාර්ථා වී තිබුනා.

මෙයට අමතරව කැනඩාව, ජර්මනිය,රුසියාව යන රටවලින් වාර්තා වී තිබුනේ මෙම ප්‍රභේදයේ එක රෝගියෙකු බැගිනුයි.

එමෙන්ම නේපාලයෙන් රෝගීන් 2 ක්, ස්විස්ටර්ලන්තයෙන් 4 ක්, පෝලන්තයෙන් 9 ක්, පෘතුගාලයෙන් 12 ක්, ජපානයෙන් 13 ක් සහ අමෙරිකාවෙන් 14 ක් ලෙසින් ගෝලීයව රෝගීන් වාර්ථා වී තිබුනා.

කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් බිය පල කරන්නේ මෙම ප්‍රභේදය පවතින කොවිඩ් මර්ධන එන්නත් කෙරෙහි යහපත් ප්‍රතිචාර නොදක්වනු ඇති බවටයි ෴

++++++++++++++++++++++

(17.06.2021 – 16:52 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1289 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 195,434 ක් ලෙසටයි ෴

@@@@@@@@@@@@@@

(17.06.2021 – 11:51 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගි වාහන 227 ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ විසිනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, ආනයන අපනයන පාලන අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුලු 31 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටියේ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගි වාහන 227 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.

ඊට එරෙහිව විවිධ විරෝධතා මතුවීමෙන් පසුව එම වාහන ආනයනය අත්හිටුවීමට ඉකුත් මැයි මස 24 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් ගනු ලැබු බව ප්‍රකාශ කළද එම වාහන ගෙන්වීමට අදාළ ණයවර ලිපි දැනටමත් ලංකා බැංකුව හරහා නිකුත් කර ඇති බැවින් එය අත්හිටුවීමට හැකියාවක් නොමැති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයිද පෙත්සම්කරු සඳහන් කළා.

ජනතාව දැඩි ව්‍යසනයකට මුහුණ දී සිටින මෙම වකවානුවේ මහජන මුදල් වැය කරමින් මේ අකාරයෙන් සුඛෝපභෝගි වාහන ආනයනය කිරීම නීති විරේධී බවට තීන්දු කොට ඒ තුලින් ජනතාවගේ මූලික අයිතවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම අදාළ වාහන ආනයනය කිරීම සම්බන්ධව සියලු ලේඛන අධිකරණය හමුවට කැදවා විමර්ශණයක් පවත්වන ලෙසද පෙත්සමෙන් ඉල්ලා සිටියා.

ඊට අමතරව අදාළ වාහන ආනයනය කිරිම සඳහා ලංකා බැංකුව මගින් නිකුත් කර ඇති ණයවර ලිපි සහ එම වාහන ආනයනය වෙනුවෙන් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බදු සහන සියල්ල නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සමේ සඳහන් වන්නේ.

මෙසේ ආනයනය කරනු ලබන වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් රජයට අය කර ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා ෴

******************************************

(17.06.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

කරදියනාරු – කොස්ගොල්ල ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වැලි කැනීමේ යෙදුණු පුද්ගලයන් පස්දෙනෙකු (5) පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් කොස්ගොල්ල – මුන්දේනිආරු ඇළේ වැලි කැණීම් කර බෝට්ටුවකට පටවමින් සිටියදියි එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් වයස අවුරුදු 29, 34, 41, 46 සහ 57 වන වියේ පසුවන මහියංගණ සහ කුඹුක්ගොල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

(17.06.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදුවූ හානිය ගණනය කිරීම සඳහා ජගත් සංවිධානයේ සාමාජිකයින් තුන්දෙනෙකු (3) මේ වනවිට දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් අද (17) පස්වරුවේ වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍යාංශ බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි ෴

******************************************

(17.06.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලේ තිබූ මුදල් වෙනත් කටයුතු වෙනුවෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් විමර්ශනයක් සිදුකළ යුතු බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

2020 වසරේ මාර්තු මාසයේදී රජය මෙම අරමුදල පිහිටවනු ලැබුවේ අසාමාන්‍ය ලෙස ජාත්‍යන්තර වෙළඳපොලේ පහළ ගිය ඉන්ධන මිලෙහි ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදාහැරීම සහතික කිරීම සඳහායි.

ඒ අනුව 2020 වසරේදී රුපියල් බිලියන 69.2 ක මුදලක් මෙම ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලට එක්රැස්වී තිබුණා.

එහෙත් ඉන් රුපියල් බිලියන 48 ක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ලැබිය යුතු හිඟ මුදල් පියවීම සඳහා යොදාගෙන ඇති අතර, රුපියල් බිලියන 21 ක් මහ බැංකුව වෙත නිකුත් කෙරුණු භාණ්ඩාගාර බිල්පත් පියවීම සඳහා යොදාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මිල ස්ථායිකරණ අරමුදලේ මුදල් වෙනත් කටයුතු වෙනුවෙන් වියදම් නොකර, ඉන්ධන මිල ස්ථායිකරණ අරමුණ වෙනුවෙන්ම යොදාගත්තේ නම් ඉන්ධන මිල මෙලෙස වැඩි නොකිරීමට ඉඩ තිබූ බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා සඳහන් කළේ එලෙස අරමුදලේ මුදල් වෙනත් කටයුතුවලට යෙදවීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විමර්ශනය සිදුකර පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කළ යුතු බවයි ෴

******************************************

(17.06.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

මීරිගම නගරයේ පෞද්ගලික ගබඩාවක තිබී පොහොර කිලෝග්‍රෑම් 50,000 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (16) සිදුකළ පරීක්ෂාවකදියි අදාළ පොහොර තොගය සොයාගෙන ඇත්තේ. ඒවා කිලෝ 50 හේ ඇසුරුම් වූ අතර, එවැනි ඇසුරුම් දහසක් (1000) පමණ ගබඩාවේ තිබී සොයා ගැනුණා.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ගබඩා හිමිකරුගේ නිවසට ගොස් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කළේ වගාවට යොදා ගැනීමට අවශ්‍ය පොහොර මිටි කිහිපයක් පමණක් තමන් සතුව පවතින බවයි.

පසුව අදාළ නිවස ආසන්නයේ තිබූ ගබඩාවක් පරීක්ෂා කළ අතර එහි තිබී පොහොර ඇසුරුම් 6 ක් පමණ සොයා ගැනුණා.

අනතුරුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අදාළ පුද්ගලයාගේ නිවසේ සිට කිලෝමීටර් 7 ක් පමණ දුරින් පිහිටි තවත් ගබඩාවක් පරීක්ෂා කළ අතර, පොහොර ඇසුරුම් දහසක් (1000) පමණ සොයා ගත් අතර ඒවායේ පොහොර කිලෝග්‍රෑම් 50,000 ක් පමණ අන්තර්ගතව තිබුණා.

එම ස්ථානයේ කාන්තාවක්ද සිටි අතර, පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වැටලීමට පැමිණි අවස්ථාවේදී ඇතිවූයේ උණුසුම් තත්වයක්.

මේ අතර, දකුණු පළාතේ තේ වගාකරුවන් ප්‍රකාශ කර සිටියේ පොහොර නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව මෙලෙස පොහොර නොමැතිවීම හේතුවෙන් ගැටළු සහගත තත්ත්වයකට මුහුණ දී ඇති අතර කාබනික පොහොර භාවිතා කරන ගොවියෙකු පිළිබදව ද වැලිමඩ ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වුණා.

වසර ගණනාවක සිට සිය වගාවන් සඳහා කාබනික පොහොර භාවිත කරන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ ෴

******************************************

(17.06.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ගිනිගත්හේන නගරයේදී සමගි ජනබලවේගයේ නියෝජිතයින් පිරිසක් අද වීරෝධතාවයක නිරත වුනා.

පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ කඩිනමින් ජනතාවට ඉන්ධන සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

******************************************

(17.06.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිනී වීරසුරිය මහත්මිය පොලිස් මූලස්ථානයේ සුබසාධක කොට්ඨාශයට මාරු කර යවා තිබෙනවා.

ඇයගෙන් හිස්වූ එම ධුරය සඳහා නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.එච්. නුවන් අසංග මහතා පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

සුබ සාධක කොට්ඨාශයේ කටයුතු කළ නිලධාරියා පොලිස් මූලස්ථානය වෙත යොමු කර ඇති බව ද සදහන් ෴

******************************************

(17.06.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

විදේශගතව සිටියදී මිය ගිය මැද පෙරදිග ගෘහ සේවක සේවිකාවන්ගේ පවුල්වල සාමාජිකයින්ට රුපියල් මිලියන 30 ක වන්දි ප්‍රදානය කිරීමේ උත්සවයක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

ඊයේ (16) විදේශ අමාත්‍යාංශයේ පැවති මෙම උත්සවයේදී මැදපෙරදිග රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා ලැබී තිබූ මුදල් මෙසේ පිරිනැමුණු බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

එහිදී අදහස් දක්වමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයින්ගේ ජීවිත අහිමි වීම පියවාගත නොහැකි වුවද බලපෑමට ලක්වූ පවුලේ සාමාජිකයින්ට සහනයක් ලබාදීම මෙලෙස වන්දි ගෙවීමේ අරමුණ බවයි ෴

******************************************

(17.06.2021 – 15:34 +0530 – hirunews.lk/sinhala)

තමන්ට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන ඒමට කටයුතු කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (17) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

******************************************

(17.06.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

නාවලපිටිය, තංගල්ල හා වැලිගම නගර සභාවල සභාපතිවරුන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම අවසන් කර ඇති නිසා එම සභාවේ සභික ධුරය ඔවුන් විසින්ම අතහැර ඇති බව සදහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙලෙස සභික ධුරය අතහැරි බවට දක්වා ඇත්තේ නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව, තංගල්ල නගර සභාවේ සභාපති රවිදු දිල්ශාන් වෙදආරච්චි සහ වැලිගම නගර සභාවේ ධනුෂ්ක විජේරත්න ජයවික්‍රමගේ යන අයගේයි ෴

******************************************

(17.06.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

යාල රක්ෂිතයේ කැබිලිත්ත – දිග්ගල ප්‍රදේශයේදී සතුන් දඩයමේ යෙදුණු පුද්ගලයන් 12 දෙනෙකු මොණරාගල වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ගිනි අවි 7 ක්, විදුලි පන්දම් 5 ක් ද සොයාගෙන ඇති අතර, සැකකරුවන් සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

******************************************

(17.06.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

කළුතර බන්ධනාගාරය තුළට විසි කිරීමට රැගෙන ආ පාර්සලයක් බන්ධනාගාර පිටත ප්‍රදේශයේ තිබියදී අද (17) සොයා ගැනුණා. හෙරොයින් ග්‍රෑම් 130 ක්, අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 19 ක් හා ජංගම දුරකතන චාජර් 2 ක් එහි තිබී ඇති බව සඳහන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *