ගින්න ඇවිලෙන්නට ඉඩ හැරියේ වන්දි ලබා ගන්නද ? නෞකා කපිතාන්ගේ නීතීඥවරයා අධිකරණයේදී හෙළි කරයි

ගින්න ඇවිලෙන්නට ඉඩ හැරියේ වන්දි ලබා ගන්නද ? නෞකා කපිතාන්ගේ නීතීඥවරයා අධිකරණයේදී හෙළි කරයි

*********************************************

ගින්න ඇවිලෙන්නට ඉඩ හැරියේ වන්දි ලබා ගන්නද ? නෞකා කපිතාන්ගේ නීතීඥවරයා අධිකරණයේදී හෙළි කරයි

(15.06.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්නක් පවතින බව තම සේවා දායකයා විසින් හාබර් මාස්ටර්වරයා දැනුවත් කළ බව මෙම නෞකාවේ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහාධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඉකුත් මැයි මස 20 වනදා පස්වරු 04:30 ට පමණ හාබර් මාස්ටර්වරයාගේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නෞකාවට ගොඩවී පැය එකහමාරක් (1½) පමණ එහි රැඳී සිටිමින් ගින්න නිරීක්ෂණය කල බව ඔහු කියා සිටියා.

එහෙත් එම නිලධාරීන් ගින්න නිවීමට අවශ්‍ය පියවර කිසිවක් නොගත් බව ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළා.

ඔවුන් එලෙස ගින්න ව්‍යාප්තවීමට ඉඩ හැරියේ අදාළ නෞකාවෙන් වන්දි ලබාගැනීමේ චේතනාවෙන් බවයි නෞකාවේ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා විවෘත අධිකරණය හමුවේ චෝදනා කළේ.

ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදාහැරුණා.

මේ අතර ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව හේතුවෙන් බලපෑමට ලක්වූ මුහුදු ජීවීන් මියයෑමේ දර්ශන තවදුරටත් දක්නට ලැබෙනවා.

ඒ අනුව කොස්ගොඩ වෙරළ තීරයට සහ වැල්ලවත්ත මුහුදු තීරයට මෙලෙස ගොඩගසා තිබූ කැස්බෑ සිරුරු කිහිපයක් අද (15) හමුවුණා.

******************************************

දන්ත ධාතුන් වහන්සේත් අනතුරේද ? ඉදිරියේ රටට වෙන්න යන දේ – සිවුරු පොරවාගත්ත මුදලාලිලා සහ සේරුවාවිල ! (15.06.2021)

දේවදත්ත නිකායේ මහා නායක කිරිබත්ගොඩ වේසිපුත්‍රයා ගෙන් බුද්ධ සාසනය බේරා ගනිමු !

******************************************

(15.06.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

ඉහළ දැමූ ඉන්ධන මිලට සහනයක් දිය නොහැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ මිල ඉහළ දැමීම නිසා පීඩාවට පත්ව සිටින ඇතැම් කණ්ඩායම්වලට සහන ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බවයි.

ඊයේ (14) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉහළ දැමූ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් සාකච්ඡා නොවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.

මේ අතර කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බහලුම් ප්‍රවාහකයන්ගේ සංගමය සඳහන් කළේ තමන්ට සහනාධාරයක් ලබා නොදුනහොත් ලබන මස 01 වනදා සිට බහලුම් ප්‍රවාහනය කිරීමේදී අය කෙරෙන ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට අපේක්ෂා කරන බවයි ෴

පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00 ත් 10.00 ත් අතර මිලකින් ඉහළ දමා තිබෙනවා ෴

******************************************

(15.06.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සමාගම් පවත්වාගෙන යෑමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 500 කට අඩු මුදලකින්වත් වැඩි කළ යුතු බවට යෝජනාවක් ගෑස් මිල සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ අමාත්‍ය කමිටුවට ඉදිරිපත්වී තිබෙනවා.

ඊයේ (14) එම කමිටුව වෙළඳ අමාත්‍යාංශයේදී රැස්වුණේ විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඇමතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු මෙන්ම ගෑස් සමාගම් දෙකේ (2) ප්‍රධානීන් ද ඊට එක්ව සිටියා.

එහිදී ඩොලරයේ අගය ඉහළ යාම සහ ලෝක වෙළඳපොලේ ගෑස් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් ගෑස් මිල ඉහළ දැමිය යුතු බවට මෙහිදී ගෑස් සමාගම්වල ප්‍රධානීන් පෙන්වා දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම අදාළ කමිටුව අද (15) පස්වරුවේදී ද යළි රැස්වීමට නියමිතව ඇති අතර, විශේෂඥයින් පිරිසක්ද ඊට සහභාගිවීමට නියමිත බව එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියා. එසේම ඉන් අනතුරුව අදාළ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති ෴

******************************************

(15.06.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

බුත්තල – යුදගනාව – අක්කර පණහ ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

60 හැවිරිදි ඔහු සිය කුඹුරට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී ඊයේ (14) පස්වරුවේ මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන්.

ඔහු නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් සිදුකළ සොයා බැලීමකදී මියගිය පුද්ගලයාගේ සිරුර වගා ළිඳේ තිබී සොයාගෙන තිබෙනවා ෴

******************************************

(15.06.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

යාපනය – ගුරුනගර් ප්‍රදේශයේදී ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් භාවිත කළ අයෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සමඟ සිටි තවත් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සංචරණ සීමා කඩකරන පුද්ගලයින් සොයා සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිසට ඉන්දීය ජාතිකයෙකුද අයත්.

පොලිස් සේවය අතහැර ගොස් සිටින පුද්ගලයෙකු මෙලෙස ව්‍යාජ පොලිස් හැඳුනුම්පත භාවිත කර ඇති අතර, ඉන්දියානු ජාතිකයා වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටින බවටයි සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් අවුරුදු 30, 32 සහ 43 යන වයස්වල පසුවන්නන් ෴

******************************************

(15.06.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඛණිජ තෙල් අර්බුදය සම්බන්ධයෙන් කෙටි කාලීන අරමුදලක් ඇතිකිරීම තුළින් ලබාගත හැක්කේ සීමිත විසඳුමක් පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අද (15) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

******************************************

(15.06.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක් තුල පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වුණා.

අද (15) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

හෝමාගම – අතුරුගිරිය දෙවන (2) පටුමගේ නිවසක් කුලීපදනම මත ලබාගෙන මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට රහසිගත තොරතුරක් සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබී තිබුනා.

එම තොරතුර අනුවයි අදාල නිවස ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් සුරා බදු දෙපාර්තමේන්තුව හා ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම එක්ව දින ගනනාවක් නිරීක්ෂණය කළේ.

සෑම විටම අදාල නිවසේ කිසිවෙකුත් නොසිටින බව පෙන්වීම සදහා නිවසේ ගේට්ටුවට පිටතින් ඉබි යතුරු දමා අගුලුළා තැබීම මත්පැන් ජාවාරම්කරුවන් විසින් සිදු උනා.

අදාල ස්ථානයේ සියළු තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (14) අදාල නිවස වැටලීමට මෙලෙස සැලසුම් සකස් කෙරුණා.

******************************************

(15.06.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක හුවමාරු ණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙනවා.

අප කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේ දෙරටේ මහබැංකු අතර අදාළ හුවමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඇති බවයි ෴

******************************************

(15.06.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑමෙන් සිදු වූ සියලු ආනයනික භාණ්ඩවල මිලද ඉහළ යනු ඇති බව බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පවසන්නේ බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 15 කින් ඉහළ දැමීමට සිදුවන බැවින් මෙලෙස භාණ්ඩ මිල ඉහළ යනු ඇති බවයි.

******************************************

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ එන්.එම් අමීන් සබඳතා පැවැත්වූ මුස්ලිම් සහෝදරත්වයේ ජේෂ්ඨයන් 12 දෙනෙකුට මරණ දඬුවම

(15.06.2021 – colombotoday.com)

2013 වසරේ රැස්වීමකදී සිදුවූ අන්තවාදී ප්‍රහාරයක් පිළිබඳව සිදුකල නඩු විභාගයකදී මුස්ලිම් සහෝදරත්වයේ (Muslim Brotherhood) ජේෂ්ඨ පුද්ගලයින් 12 දෙනෙකුට ඊජිප්තුවේ ඉහළම සිවිල් අධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදි .

ජනාධිපති අබ්දෙල් ෆට්ටා අල්-සිසිගේ අනුමැතියෙන් පසු 12 දෙනාට මරණ දණ්ඩනය නියම කල හැකි බව අභියාචනයක් ඉදිරිපත් කළ නොහැකි මෙම තීන්දුවෙන් ප්‍රකාශයට පත්ව ඇත.

ඉහළ ආගමික විශාරදයෙකු ලෙස හඳුන්වන අබ්දුල් රහ්මාන් අල්-බාර්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් එල්-බෙල්ටාගි සහ හිටපු ඇමතිවරයෙකු වන ඔසාමා යසින් ද මරණ දඬුවම තීන්දු වූ 12 දෙනාට ඇතුළත් ය.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන් (මාධ්‍යවේදී අසාම් අමීන්ගේ පියා) සහ තවත් ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු, මුස්ලිම් සහෝදරත්වයේ ආධ්‍යාත්මික නායක ලෙස සැලකෙන යුසුෆ් අල් කර්දාවි සමග සම්බන්ධතා පැවැත්වීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇත.

******************************************

නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට රෝහල් අපද්‍රව්‍ය තොගයක් ගොඩගසයි

(15.06.2021 – colombotoday.com)

යාපනය, නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා තිබේ.

එන්නත් කටු, සේලයින් බෝතල්, රුධිරය ලබාගන්නා වෛද්‍ය උපකරණ, ඖෂධ රැඳවුම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් එලෙස ගොඩගසා ඇති බවයි වාර්තාවන්නේ.

ඉන්දියාවෙන් ඉවත දැමූ අපද්‍රව්‍ය මුහුදෙන් මෙරටට ගසාගෙන එන්නට ඇති බව ප්‍රදේශවාසීන් සැක පළ කරයි.

එම සිදුවීම සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන් දැනුවත් කිරීමටද අදාළ ප්‍රදේශවල ජනතාව කටයුතු කර තිබේ ෴

******************************************

ඩොලර් 10 න් පටන් ගෙන ඩොලර් මිලියන 10 ව්‍යාපාර කරන, දේශීය දේ ලෝකයට ගෙනියපු ලංකාවේ චානක (14.06.2021)

******************************************

(15.06.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

රජය තෙල් මිල වැඩි කලේ ඒ සඳහා ජනතාවගේ ඇති ඉල්ලුම අඩු කිරීමට බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

පසුගිය වසරේ ලෝක වෙළද පොලේ තෙල් මිල අඩු වූ බවත් ඒ හරහා ඛනිජ තෙල් සංස්ථාව ලාභයක් ඉපැයූ බවත් පිළිගත් ඇමැතිවරයා කියා සිටියේ එහිදී ලැබූ ලාභය රජය විසින් ජනතාවට සහන සැලසීමට යෙදවූ බවයි.

තෙල් මිළ සූත්‍රයක් ශ්‍රී ලංකාව වැනි රටක කිසිසේත් උචිත නොවන බවත් රටට ගැලපෙන්නේ මිළ ස්ථායිකරණ ක්‍රියාවලියක් බවත් මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ තමන් එවැනි ක්‍රමවේදයක් පිලිබඳ යෝජනාවක් මේ වන විටත් රජයට ඉදිරිපත් කර ඇති බවය.

එමෙන්ම නැවත කිසිසේත් තෙල් මිළ පහත දැමීමක් බලාපොරොත්තු විය නොහැකි බවත් අමාත්‍යවරයා කියා සිටියා.

ඔහු මේ අදහස් පලකලේ ‘හිරු ඇත්ත’ සංවාදාත්මක වැඩසටහ සමග එකතු වෙමින්.

එම සම්පුර්ණ සාකච්ඡාව පහතින් :

******************************************

(15.06.2021 – 17:57 +0530 – hirunews.lk/sinhala)

කිරුළපන පූර්වාරාම – කන්දෙවත්ත මාර්ගයේ රන්මාල කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) කිරුලපන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසක් ඉදිරිපිට සිටින කාන්තාවකගේ රන් මාලයක් ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් කොල්ලකා පලායන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන අද (15) දහවල් ‘හිරු ටී වී ප්‍රවෘත්ති’ මගින් විකාශය කෙරුණු අතර, එම සිද්ධියට අදාළවයි සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීට පෙරද සංචරණ සීමා උල්ලංඝනය කර, මොවුන් නාරාහේන්පිට – විජය කුමාරණතුංග මාවතේ දී පුද්ගලයෙකුගේ රන් මාලයක් කොල්ලකා ඇති බව පොලීසිය කියා සිටියා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්කුඩු පානයට ඇබ්බැහිවූ 26 හැවිරිදි තරුණයෙකු සහ 40 හැවිරිදි පුද්ගලයෙක්.

කොල්ලකන ලද රන් මාලවල වටිනාකම රුපියල් ලක්ෂ තුන (3) ඉක්මවන අතර, ඒවා සැකකරුවන් විසින් හෙට්ටිවීථිය ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැලකට වටිනාකමෙන් අඩකටත් වඩා අඩු මුදලකට අලෙවි කර ඇති බව හෙළි වී තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@

(15.06.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ට නොමිලේ මිනී පෙට්ටි ලබාදීමේ වැඩසටහනක් බේරුවල ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ මරණයට පත්වන කොරෝනා ආසාදිත රෝගීන් සඳහා කිසිදු මුදලක් අය කිරීමකින් තොරව මෙම පෙට්ටි ලබාදීමට නියමිතයි.

අදාළ මිනී පෙට්ටි නිෂ්පාදනය බේරුවල – පාදාගොඩ පිහිටි ගබඩා සංකීර්ණයේදී අද (15) ආරම්භ කෙරුණු බවයි බේරුවල ප්‍රදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++++++++

(15.06.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය හමුවේ පාසල් දරුවන්ට අධ්‍යයන කටයුතු හැදෑරීමට සිදුව ඇත්තේ Online තාක්ෂණය භාවිතයෙන්.

නමුත්, මේ හරහා දරුවන් දුරකථන සහ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක්ද දක්නට ලැබෙනවා.

මාර්ගගත අධ්‍යාපනය අපට එතරම් හුරුනොවුණත් කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්තියත් සමඟ දරුවන්ට අධ්‍යයන කටයුතු සඳහා නව තාක්ෂණික මෙවලම් භාවිත කිරීමට සිදුව තිබෙනවා.

ඒ අනුව මේ ආගන්තුක අභියෝගය භාරගත් දරුවන් අන්තර් ජාලයේ සැරිසැරීමටත්, ඉහළ තාක්ෂණික උපාංග හා සේවා භාවිතයටත් සමාජ මාධ්‍ය හරහා දැනුම ලබා ගැනීමටත් පෙළඹ තිබෙනවා.

ඒ අනුව ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා තාක්ෂණය, අන්තර්ජාලය සහ Online අධ්‍යාපනය අතර අධි සැබැඳියාවක් මේ වනවිට නිර්මාණය වී අවසන්.

Online අධ්‍යාපනයේ සාධනීය ලක්ෂණ මෙන්ම අඳුරු පැතිකඩ රැසක් ද තිබෙන බව අප අමතක කළ යුතු නැහැ.

මේ වනවිට මෙරට දරුවන් ජංගම දුරකථන ක්‍රීඩා සහ වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවි පරිශීලනයට පෙළඹී සිටින්නේ අන්තර් ජාලයේ අඳුරු පැතිකඩ හේතුවෙන්.

++++++++++++++++++++++

(15.06.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

ලබන 21 වනදා ලිහිල් කිරීමට නියමිත සංචරණ සීමා තවත් දිගු විය හැකි බවට අද (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්චාවේදී ඉඟි පළ වුණා.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවා.

එහිදී වැඩිදුරටත් ඔහු කියාසිටියේ සංචරණ සීමා පිලිබඳ අවසන් තීරණය ගැනීම සඳහා පාර්ශව කීපයකින් සලකා බැලීම් සිදුකළ යුතු බවයි.

මීට පෙර සංචරණ සීමා පසුගිය 14 වැනි දින ලිහිල් කරණ බව හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටි අතර අවස්ථා කිහිපයකදීම ඔහු ඒ බව තහවුරු කලා.

කෙසේ වෙතත් පැවති තත්ත්වයේ අනතුරුදායක බව දිගින් දිගටම විශ්ලේෂනය කිරීමෙන් අනතුරුව පැවති සීමා තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කලා ෴

+++++++++++++++++++++

(15.06.2021 – 16:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන් 605 දෙනෙකුගේ සිරුරු මේ වන විට භූමදානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ භූමදානයට අවසර ලබාදී ඇති ඔට්ටමාවඩි ප්‍රදේශයේ මෙම සිරුරු භූමදානය කර ඇති බවයි.

මුස්ලිම් ජාතිකයන් 572 නෙකු, හින්දු පුද්ගලයින් 14 දෙනෙකු, ක්‍රිස්තියානි 12 දෙනෙකු සහ බෞද්ධ 7 දෙනෙකු එලෙස භූමදාන කර තිබෙනවා ෴

++++++++++++++++++++++++

(15.06.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,92,478 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, අද (15) දිනයේ සුවය ලැබූ 2,014 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව යාමත් සමඟයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *