පැරණි ඖෂධ අලුත්කරන ජාවාරමක් වටලයි

පැරණි ඖෂධ අලුත්කරන ජාවාරමක් වටලයි

*********************************************

පැරණි ඖෂධ අලුත්කරන ජාවාරමක් වටලයි

(14.06.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල නැදිමාලේ දෙමහල් නිවසක රහසිගතව කලක් තිස්සේ පවත්වාගෙන ගිය කල් ඉකුත් වූ ඖෂධ නැවත ඇසුරුම් කිරීමේ ජාවාරමක් වට ලන්නට දෙහිවල පොලිසිය සමත් වුනා.

මෙහිදී මෙම ජාවාරම මෙහෙයවූ වයස අවුරුදු 19 ක තරුණයෙකු ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගත් අතර කල් ඉකුත් වූ දින වෙනස් කළ ඖෂධ තොගයකුත් සොයාගැනීමට සමත් වණා.

මීට අමතරව කල් ඉකුත් වූ දින වෙනස් කර වෙළඳපොලට නිකුත් කිරීමට සූදානම් කර තිබූ බාහලුම් විශාල තොගයකුත් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය විශ්වාස කරන්නේ මෙම ජාවාරම බොහෝ කලක පටන් සිදුකරගෙන ගොස් ඇති බවයි.

******************************************

(14.06.2021 – 22:45 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අධි බලැති පුපුරන ද්‍රව්‍ය නිර්මාණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දරට ලැබුණු තොරතුරක් මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ.

මෙම පුද්ගලයාව වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයට භාර දීමට නියමිතයි.

******************************************

නෙලුම් මාවතේ Zoom සාකච්චාවක්.. Whatspp පිටපත් ලැබේ… ප‍්‍රහාරය මහින්දට.. – ගම්මන්පිල තව රහස් හෙලි කරයි..

(15.06.2021 – 00:03 +0530 – lankacnews.com)

තමනට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ලිපිය නිකුත් කිරිමට පෙර නෙළුම් මාවතේ ZOOM සාකච්චාවක් තිබූ බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ව හසුරුවන අදිසි හස්තය තමන් දන්නා බවත් එය සිදුවන්නේ විදේශයක සිට බවත් ඇමතිවරයා කියා සිටී.

මේ ප‍්‍රහාරය එල්ල වන්නේ තමනට නොව මහින්ද රාජපක්‍ෂ මහතාට යයිද පවසන ඇමතිවරයා තමන්ව ලෙහෙසියෙන් දේශපාලනයෙන් විසි කර දැමිය නොහැකි යයිද කියා සිටී.

තමනට හා ඇමති විමල් වීරවංශ මහතාට පහර ගස්සවන්නේ එකම අයෙකු විසින් බවද ඔහු තව දුරටත් සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

******************************************

විමල් වීරවංශ කියන්නේ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ අවතාරය ආයේ ඇවිල්ලා කියලද?

(14.06.2021 – 12:08 +0530 – lankaleadnews.com)

“1977 ට පෙර අපේ රටේ දේශීය නිෂ්පාදකයන්ට ඉතා ඉහළ අගයක් සහ වටිනාකමක් ලැබී තිබුණා. උපාලි විජේවර්ධන මහත්මයාගේ උපාලි ෆියට් කාර් එක, යුනික් රේඩියෝව, වෙනත් දේශීය නිෂ්පාදකයන් අතින් බිහි වූ කෘෂිකර්මාන්තයට යොදාගත් ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර සුත්‍ර ඒ වකවානුවේදී බිහිවුණා. ‘සිය රට දේ සිරි සැප දේ’ යන තේමා පාඨය ඒ වකවානුවේ ජීවත් වූ බොහෝදෙනා තුළ රැව් පිළිරැව් දුන් තේමා පාඨයක් වුණා. නමුත් ඒ ස්වදේශික නිෂ්පාදන බලගන්වමින් යන ගමන 1977දී අවාසනාවන්ත ලෙස බිඳ වැටෙනවා.

ඒ බිඳ වැටීම තේරුම් ගැනීම රටේ ස්වදේශික නිෂ්පාදන බලගැන්වීමට කල්පනා කරන අපි සියලුදෙනාගේම වැදගත් අවශ්‍යතාවක් ලෙස මා දකිනවා.

1977 දී බලයට ආපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා රටේ දේශපාලන තත්ත්වය වෙනස් කළා. ලෝකයේ බොහෝ රටවලින් ණය අරගෙන, ඒ ණය වියදම් කරලා සංවර්ධන කටයුතු කරන ගමන් ලැබෙන අමතර ප්‍රතිලාභ යටිමඩි ගහන සංස්කෘතියක් එමඟින් හැදුනා. එතෙක් බොහෝ දුරට ගරු කටයුතු තත්වයක තිබුණු රටේ දේශපාලනය සහ රාජ්‍ය අංශය මුදල පසුපස හඹා යන තරගයකට එමඟින් තල්ලු කෙරුණා. ඔබට මතක ඇති අපේ රටේ විවෘත ආර්ථිකයට දොරටු විවර කළේ කිසිදු සීමා කිරීමකින් නොවෙයි. විවෘත ආර්ථික සුළඟට එදා එන්න ඉඩ හැරියේ අපේ ඇඳිවත පවා ගලවා ගෙන යා හැකි අන්දමටයි. ජපානය වැනි රටක් පවා විවෘත ආර්ථික පිළිවෙත සමඟ යම් ආරක්ෂණවාදී පියවර ගන්නවා. අදටත් එරට කෘෂිකර්මාන්තය බිඳ නොවැටී පවත්වා ගැනීමට සහල් ආනයනයට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. නමුත් අපේ රටට විවෘත ආර්ථික සුළඟ හැමුවේ දාස මුදලාලිලා එමගින් ගහගෙන යන විදිහට, යුනික් රේඩියෝව පැත්ත පළාතක තබා ගැනීමට නොහැකි වන අන්දමට හා අවසානයේ සියලු දේශීය නිෂ්පාදන කඩා වැටෙන අන්දමටයි. විදේශ නිෂ්පාදන ගෙනැවිත් පරිභෝජනය කිරීම, අලෙවි කිරීම එකම ක්‍රමය වන විදිහට රටේ දේශපාලන කාලගුණ තත්ත්වය වෙනස් වුණා.

1977 ඒ ආර්ථික සුළි කුණාටුව ආවේ කොහොමද? 1970-77 කාලයේ තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුවක්. දේශීය නිෂ්පාදකයන් බලගන්වන ආණ්ඩුවක්; ස්වදේශිකත්වයට පණ දුන් ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ සිටියා ‘ෆීලික්ස් ඩයස්’ කියා කෙනෙක්. ඒ මහත්තයා කල්පනා කළා ‘වමේ පක්ෂ පන්නා දමලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි පාලනයක් පවත්වා ගෙන යන්න පුළුවන් වේවි’ කියා. ඒ අනුව ඔහු ලංකා සමසමාජ පක්ෂය එළියට වැට්ටුවා. ඊට පසුව කොමියුනිස්ට් පක්ෂය එළියට වැට්ටුවා. අන්තිමේ 1977 දී ‘ජූනියස් රිචඩ් ජයවර්ධන’ ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 08 ට බැස්සා. එතෙක් තිබුණු ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ ගමන වෙනුවට, ‘බල්ලො මරලා හරි සල්ලි හොයමු! පිටරටින් දේවල් ගෙනල්ලා කාලා බීලා ජීවත් වෙමු!’ කියන කෙටි චූන් ගමන ආරම්භ වුණා.

ඒ ගමන ආරම්භ වීමට හේතුවක් වුණා ෆීලික්ස් ඩයස්ගේ ‘උද්දච්ච’ මනස. එදා ෆීලික්ස් ඩයස්ගේ නොමේරූ මනස ඉවහල් වුණා ජූනියස් රිචඩ්ට මේ රටට අහිතකර විනාශකාරී පාරක් නිර්මාණය කිරීමට. එදා ෆීලික්ස් ඩයස්ට ඒ උද්දච්ච අසනීපය නොහැදුණානම්, සමගි පෙරමුණු ආණ්ඩුවේ සමගිය රැකුණානම්, ජූනියස් රිචඩ් පරිච්ඡේදයක් මේ රටේ ආරම්භ වන්නේ නැහැ. ඒ නිසා ජූනියස් රිචඩ් පරිච්චේදයට පාර කැපුවේ වෙන කවුරුවත් නොවෙයි ෆීලික්ස් ඩයස්, ඔහුගේ උද්දච්ච මනස. ඒ දේශපාලනය තමයි අවසානයේ ‘දාස මුදලාලිලාට’ හෙණයක් වුණේ. ඒ දේශපාලනය තමයි ස්වදේශික නිෂ්පාදකයා සුන්නද්ධූලි කරලා විදේශ නිෂ්පාදන මේ රටේ වෙළඳපොළ අත්පත් කර ගන්නේ. ඒ දේශපාලන වරද නිසා තමයි, කිසිදු පාලනයකින් තොර නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් මේ රටට කඩා වැදුණේ, දේශීයත්වය නැත්තටම නැති වුණේ. ‘ආත්මාර්ථකාමී, බල පෙරේතකමින්’ තොර දියුණු මනසක් ෆීලික්ස් ඩයස්ට තිබුණානම් මොන නිදහස් වෙළෙඳපොළ සුළඟ ආවත් ඔරොත්තු දෙන දේශීය නිෂ්පාදන ගස් ටිකක් මේ පොළොවේ පැල වී තිබෙනවා. එතැනට යන්න බැරි වුණේ ජූනියස් රිචඩ් ජයවර්ධන නිසා පමණක් නොවෙයි, එතැනට පාර කැපූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකලාත් නිසයි.”

විමල් වීරවංශ
2021-03-31

[‘උද්දච්ච’ : අධිමානය , මාන්නාධික සඳහා වරදවා යොදා ඇත]
[උද්ධච්චය යනු සිතෙහි නො සන්සුන් බවය. එය එක්තරා අකුශල චෛතසිකයෙකි. එයින් යුක්ත වන සිත අරමුණෙහි මනා කොට නො පිහිටයි. අරමුණෙහි සැලෙමින් පවතී.]

@@@@@@@@@@@@@@@@

(14.06.2021 – 18:23 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සෙනසුරාදා දිනයට අදාළව කොවිඩ්-19 මරණ 67 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව හෙළිකළේ අද (14) සවස පැවති මාධ්‍ය හමුවකදීයි.

කෙසේ වෙතත් ඊයේ (13) දිනයටකොවිඩ්-19 මරණ සම්බන්ධව නිකුත් කළ වාර්තාවේ දැක්වුණේ 12 වනදාට අදාලව මරණ කිසිවක් සිදුව නොමැති බවයි.

මේ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මෙම හෙළිදරව්වත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2203 ක් දක්වා ඉහළ යනු ඇති.

කෙසේ වෙතත් අද (14) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියා සිටියේ මින් ඉදිරියට කොවිඩ්-19 මරණ සම්බන්ධයෙන් වාර්තා නිකුත් කරනුයේ පැය 48 කට වරක් පමණක් බවයි.

ඒ අනුව මේ වනවිට සිදුව ඇති ලුහු ගණනයන් මගහරවා ගතහැකි බවටත් ඔහු විශ්වාසය පළකලා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 1,780 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1917 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ190,464 ක් ලෙසටයි ෴

+++++++++++++++++++++

(14.06.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගත් පුද්ගලයින් හට දෙවන (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට ඇති හැකියාව පිලිබඳ සොයා බලන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇස්ට්‍රාසෙනෙකා පළමු (1) මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් හට ෆයිසර් මාත්‍රාව දෙවනි (2) මාත්‍රාව ලෙස ලබා දිය හැකි බවට තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙවැනි ඉල්ලීමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සිදු කරන්නේ එකදු ෆයිසර් මාත්‍රාවක් හෝ මෙරට තුල නොමැති වාතාවරණයක් තුලයි ෴

+++++++++++++++++++++++

(14.06.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති මගින් අනාවරණ කළ බස්නාහිර පළාතේ සිට උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය, පොලීසියට ලබාදෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (14) නියෝග කළා.

ඒ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙතයි.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ එන්නත් සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කළේ උණවටුන ඖෂධ ගබඩාවට ලැබුණු එන්නත් ප්‍රමාණය සහ ඉතිරි වූ එන්නත් පිළිබඳව ද තොරතුරු ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලබාදෙන ලෙසයි.

අදාළ සිදුවීම සිදුවූ පසුගිය 5 වනදා සහ 7 වනදා එම ස්ථානයේ සී.සී.ටී.වී. දර්ශන ද පොලීසියට ලබාදෙන ලෙස මෙහිදී විනිසුරුවරයා නියෝග කළා.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේදී මෙලෙස කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදුන් බවට ප්‍රදේශවාසීන් චෝදනා කළ අතර, පසුව ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති තුළින් දිගින් දිගටම කරුණු අනාවරණ කළා.

අනතුරුව පරීක්ෂණයක් ආරම්භ කළ ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඒ සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු වාර්තා කළා.

ඒ අනුව, පසුගිය 11 වනදා අධිකරණය නියෝග කළේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමෙන් එම දින දෙක (2) තුල ගාල්ල දෙසට පිටවූ වාහන පිළිබඳව ද සී.සී.ටී.වී. දර්ශන ලබා දෙන ලෙසයි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 2,23,638 ක් වන අතර ඉන් 1,88,547 ක් සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසය අසාදිතව පුද්ගලයින් 32,955 ක් රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 2,136 ක් වාර්තා වී තිබෙනවා.

අද (14) මේ දක්වා වාර්තා වුණු ආසාදිතයින් සංඛ්‍යාව 1780 ක්.

මේ අතර, මතුගම – පාන්තිය ආදාහනාගාරයේ ආදාහන කුටියට ඇතුලත් කළ මතුගම -ගල්වත්ත ප්‍රදේශයේ 93 හැවිරිදි කාන්තාවකගේ කොරෝනා අසාදිත දේහයක් ඉවත් කර ආදාහනාගාරයට රැගෙන ආ වෙනත් මළ සිරුරක් අදාහනය කළ බවට වාර්තා පළ වනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඊ.ඩි. ලයනල් මහතා සඳහන් කළේ කොරෝනා අසාදිත දේහය නියමිත වේලාවට වඩා ප්‍රමාදවී, ආදාහනාගාරයට රැගෙන ඒම හේතුවෙන් මෙම ගැටලුව මතුවූ බවයි.

එක් ආදාහන කුටියක් ක්‍රියාවිරහිතව තිබෙන නිසා නියමිත වේලාවට සාමාන්‍ය මරණය ආදාහනය කර පසුව කොරෝනා ආසාදිත මෘත දේහය ආදාහනය කළ බව ද ඔහු කියා සිටියා.

මේ අතර, සුපිරි වෙළඳසැල් මගින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් මිලදී ගත හැකි බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම, කිලිනොච්චිය, පන්නකණ්ඩි ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලූ පොලීසිය 14 දෙනෙකු ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, යාපනය -කුරුනගර් ප්‍රදේශයේ නිවසක විවාහ මංගල උත්සවයකට සහභාගිවූ 16 දෙනෙකු ද එම නිවස තුලම නිරෝධායනයට ලක් කල බව යාපනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

(14.06.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

මැනිං වෙළඳපොල ඇතුළු දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන ජුනි 17 සහ 18 යන දිනවල ද විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන්නේ තොග වෙළඳාම සඳහා පමණයි ෴

+++++++++++++++++++++++

(14.06.2021 – 21:52 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 479 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (14) දිනයේ වාර්තා වූ මුලු ආසාදිතයින් ගණන 2,259 ක් ෴

ඊයේ (13) තවත් කොරෝනා මරණ 57 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු කොරෝන මරණ ගණන 2260 ක් වනවා.

++++++++++++++++++

කොරෝනා මර්ධන උපදෙස් ලබාදීමට චීනය රුසියාවට දේශීය වෛද්‍යවරුන් යවද්දී අපේ රටේ වෙන්නෙ මොකද්ද? (14.06.2021)

++++++++++++++++++++

ආයුර්වේදය විනාශ කිරිම බටහිර වෛද්‍ය කුමන්ත්‍රණයක් – ආයුර්වේදේ ඇඳන් ටික නම් ගන්නේ – වියදම් කරන්නේ ඇයි (13.06.2021)

https://www.youtube.com/watch?v=aSGKsMMG4Wk
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *